Followers

Wednesday, May 2, 2012

මගියගේ girl friend එක්ක නිදාගත්ත නැවියා හොඳ උනේ කොහොමද?





මේ කතාවත් කලින් ලිපියෙ  සඳහන් කළ වර්ක් ශොප් එක හා සම්බන්දයි.
වැඩ මුලු ඇදී ඇදී යනකොට සහභාගී වන අයට නින්ද යන එක වලක්වන්න මෙහෙයවන උදවිය, එදා නම් හිටියේ බොහෝම ප්‍රිය මනාප රූමත් තරුන ලඳක්, රසවත් දෙයක් ඉදිරිපත් කරනව. දැන් ඔය දයාසිරි ජයසේකර සින්දු කියන්නේ, පාර්ලිමේන්තුවෙ ඉස්සර ඉඳල තියෙනව, හිටිය, තාමත් ඉන්නව කවියො, හොඳ කවියො; කැස්බෑව නියෝජනය කරමින් හිටිය දක්ශ කවියෙක්..විජමුත් හොඳ කවියෙක් නේද?
ලඟදී දියතලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ කුසලතා දියුනු කරන්නට පවත්වපු වැඩ මුලුවේදී, මාලිනීයි තවත්  ඇමති කෙනෙකුයි නැටුව කියල පුවත් පත්වල පලවෙලා තිබුන.

කියවල බලමු මේ කතාව
කියවල ඔබගේ අදහස් දක්වන්න. මේ වගේ දේවලට හරි උත්තර වැරදි උත්තර කියල දෙයක් නෑ. එකම දේ ඔබගේ උත්තරේ දුන්නේ ඇයි කියල පැහැදිලි කිරීමක් කලොත් වටිනවා. මන් දක්වපු අදහස පසුව ලියන්නම්


මේකයි කතාව

ඈත දියඹේ ගමන් කරමින් තිබුන කුඩා මගී යත්‍රාවක් සිදුරු වී ගිලෙන්නට පටන් ගත්තා. නැවේ හිටිය පස් දෙනෙක්. නැවියා, වයස් ගත පුද්ගලයක්, තරුන ජෝඩුවක්( a girl  and her fiance ), නැවියාගේ මිත්‍රයා.
මේ යත්‍රාවේ තිබුන පිම්ඹිය හැකි රබර්/ප්ලස්ටික් inflatables යත්‍රා දෙකක්, as the commander on the site,  the sailer, නිල බලයෙන් මේ අවස්තාවේ අණ දෙන නිලධාරියා නැවියාය. ඔහු තීරනය කලා මෙහෙම.

 එක රබර් බෝට්ටුවකට නගිනව මෙහෙම, නැවියා, වයස්ගත පුද්ගලයා, හා ජෝඩුවේ පෙම්වතිය


 අනෙක් රබර් බෝට්ටුවට නග්ගනවා  ජෝඩුවෙ පෙම්වතා, නැවියාගේ මිත්‍රයා.


ඔවුන් ගොඩ බිමක් කරා යන්න පටන් ගෙන වැඩි වේලාවක් ගියෙ නෑ මහා කුණාටුවක් හමන්න ගත්තා. (මාල දිවයින් වල වැඩ කරන කාලෙ මුහුද මැද්දෙදී කුණාටුවලට මං අහුවෙලා තියෙනව. මාල දීපෙ භාශාවෙන් බෝට්ටුවට කියන්නෙ දෝනිය, ඉතින් මේ දෝනිය උඩ ගිල්ල බිම වැටෙනව, සී සෝ පදිනව වගේ. රැල්ල ඇතුලටම ඇවිත් අපව දියබත් වෙනව. අපි අපේ ලෝකෙ ඉන්න සියලු දෙවි දේවතාවුන් මතක් කරගන්නව. අනේ ඒ නැවියන්ට ගානක් වත් නෑ.  හිනා වෙවී කකුලෙන් සුක්කානම හසුරුවනව.)

කතාවට එමු නැවතත්.

අනේ ඉතින් මේ කුණටුවට අහු උන රබර් බෝට්ටු දෙක එක් එක් අතට ගසා ගෙන ගියා.
නැවියාගේ රබර් බෝට්ටුව වාසනාවකට වගේ ගොඩ බිමකට ලඟා උනා. බලාපොරොත්තු සුන් නොකර ගත් පෙම්ව්තිය  දුපතේ උස්ම ස්ථානයට ගොස් ඈත බලාගෙන ඉන්නව හැමදාම. දවස් කීපයක් ගත උනා. අවසානයේ එක් සවසක ඇය දුටුවා ඈතින් වනන අත්, අපිව බේරගන්න කියලා.

ඇය දිව ගියා නැවියා ලඟට, ගිහිල්ල කීව අනේ මගේ පෙම්වතාව බේරල දෙන්න කියල.
ඒ පාර නැවියා කියනව, නුඹ මා සමග අද රත්‍රියේ නිදා ගත්තොත් මම ඒක කරල දෙන්නම් කියල.
එයට අකමැතිව පෙම්වතිය ඉවතට ගොස් වෙනතක් බලන්න හිතුවා.
මුහුදු වෙරලේ යෝගී භාවනා කරන වයස් ගත පුද්ගලයා කරා එලඹ ඇයගේ ඉල්ලීම ඉදිරිපත් කලා.
ඔහු කීවේ එය මගේ ප්‍රශ්නයක් නොවන බවයි.
බලාපොරොත්තු සුන් වූ පෙම්වතියට නැවියාගේ ඉල්ලීමට එකඟ වෙන්න සිදු උනා.

ඒ අනුව පසුවදා ගොසින් ඒ අයව බේරාගනු ලැබුවා.

පෙමව්තිය සිය වරදකාරී හැඟීමෙන් මිදීමට සිදුවී දෙය නොවලහා සිය පෙම්වතාට එලි කරනු ලැබුවා.  පෙමව්තා අමනාපයට පත් උනා. මේ කතාව අසා සිටි මිත්‍රයා කීව පෙම්වතියට භයවෙන්න එපා මං එයාව අස්වසන්නම් කියලා.

ප්‍රශ්නය මෙයයි.

සදාචාරත්මක අතින් එනම් හොඳ ගති ගුණ අතින් පලමුවන ස්තානයේ සිට අඩුම මට්ටම දක්වා අනු පිලිවෙලින් මේ කතාවේ එන පුද්ගලයින්ව නම් කරන්න.

1.
2.
3.
4.
5.

Above picture was taken from following resource

http://www.csmonitor.com/var/ezflow_site/storage/images/media/content/2012/0119-costa-concordia-italians-sinking-leadership/11506156-1-eng-US/0119-costa-Concordia-italians-sinking-leadership_full_600.jpg

36 comments:

  1. 1.නැවියා ගේ මිත්‍රයා
    2.මගියා ගේ පෙම්වතිය
    3.මගියා
    4.මහල්ලා
    5.නැවියා

    ReplyDelete
  2. 1.මගියා ගේ යාලුවා
    2.මගියා ගේ පෙම්වතිය
    3.මගියා
    4.මහල්ලා
    5.නැවියා

    ReplyDelete
  3. ජයශ්‍රී ජයවේවා පොඩියක් බලාඉමු

    ReplyDelete
  4. සජීව ධනුද්ධරMarch 16, 2012 at 10:10 PM

    මමනම් හිතන්නේ මෙහෙමයි..
    1.නැවියා ගේ මිත්‍රයා
    2.මගියා ගේ පෙම්වතිය
    3.නැවියා
    4.මගියා
    5.මහල්ලා

    ReplyDelete
    Replies
    1. සජීව, ස්තුතියි ඔබටත්, හේතු දක්වා නැතිවීමෙන් ලකුනු අඩුවේ

      Delete
  5. 1.නැවියා
    2.මගියා ගේ පෙම්වතිය
    3.නැවියා ගේ මිත්‍රයා
    4.මහල්ලා
    5.මගියා
    සදාචාරත්මක නොවන ක්‍රියා අමතක කර හොඳ ගති ගුණ අනුව පෙළගස්වන ලදි.



    5.නැ (සදාචාරත්මක නොවන ක්‍රියා 1පෙවතිය සහා පෙම්වතා එක බෝට්ටුවක නොයැවීම II. .)
    5.මගියා -පෙවතිය නැතිව අ‍ෙ

    ReplyDelete
    Replies
    1. සියත්, මගේ තේරීමත් ඔබට සමානයි, ඒ සමගම ස්තූතියි

      Delete
  6. මෙතැනදී උපකල්පන කිහිපයක් කිරීමට සිද්ධ වෙනවා. ඒවා සමඟ මා හිතන හැටි මෙහෙම කියන්නම්.

    ඇයි නැවියා එක රබර් බෝට්ටුවක් නැතුව දෙකක් භාවිතා කළේ? හිතන්න පුළුවන් හේතුව එකක් මදි නිසා. එකක උපරිමය තුනක් හෝ හතරක් වෙන්න ඇති. (පහකට අඩුයි.) ඉතින් ඔහු කණ්ඩායම දෙකට බෙදුවා. ඒ එක්කම වැඩිම පළපුරුද්දක් ඇති තමන්ගේ කණ්ඩායමට දුබලයින් දෙදෙනා තෝරා ගත්තා. සාපේක්ෂව ප්‍රබලයින් දෙදෙනෙක් ඉතිරි කණ්ඩායමට යෙදුවා. එය සාදාචාරාත්මකයි.

    එසේම තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නා දුර්වලයකු පමණක් ඉන්නා දූපතක ඔහුට අවශ්‍ය නම් මගියාගේ පෙම්වතිය සමඟ සැතපෙන්න ඕනැ තරම් ඉඩ තිබුණා. ඔහු එසේ නොකර යම් උදව්වකට රිටර්න් එකක් විදියට ඇගේ කැමැත්ත පරිදි එය ලබා ගත්තා. අනෙක් දෙදෙනාගේ ජීවිතය බේරා ගැනීමට ඔහු තමන්ගේ ජීවිතය අවදානමේ හෙළිය යුතුයි. එනිසා මේ ඉල්ලීමේ වරදක් නෑ. (එය ප්‍රතික්ෂේප කරන්නට ඇයට ඉඩ තිබුණු නිසා.) ඒක ඩීල් එකක්.

    මට පෙනෙන විදියට කවුරුත් මෙතැනදී සදාචාර සම්පන්න බවින් අනෙක් අයට අඩු හෝ වැඩි නැහැ. හැමදෙනාම අවස්ථාවට ගැළපෙන ලෙස තමන්ගේ භූමිකාව රඟපා තියෙනවා. මම මාව මේ චරිත වලට ආදේශ කරගෙන මා ඒ අවස්ථා වල කුමක් කරද්දැයි සිතා බැලුවා. වෙනසක් නෑ. මේ එක් එක් චරිත වල මා සිටියා නම් මාත් කරන්නේ ඕවාම තමයි.

    මට පෙනෙනෙ විශියට මෙය ඒ පස්දෙනාගේ සදාචාරය නොව උත්තර දෙන අපේ සදාචාරය මනින ප්‍රශ්නයක්. හරිද?

    ReplyDelete
    Replies
    1. ඔබගෙ විස්තරය කියවීමෙන් මගෙ අදහස් ටිකක් වෙනස් උනා... මුලින්ම නෑවියා පෙම්වතාව සහ පෙම්වතියව වෙනම බෝට්ටු වලට යොමු කිරීම පෑනයක්. එහෙත් පෙම්වතිය පෙම්වතා බේර නොගෙන නෑවියා ගේ සහය පතන්නේ ඈයි???

      එය දිවි පරදුවට තබා යා යුතු ගමනක් නම්, නෑවියා ඔහුගේ අවසන් ඉල්ලීමයි පෙම්වතියගෙන් ඉල්ලන්නේ.

      අවසානයට ඈයි පෙම්වතාට සිදුවූ දේ පෙම්වතිය පවසන්නෙ? ඈය බලාපොරොත්තු වන්නේ කුමක්ද?? එය නොකළ යුතුව තිබු දෙයක්.

      මගේ සිOහල ගෑන සමා වෙන්න.

      Delete
    2. මගේ තේරීම වූයෙත් ඔබගේ පදනම මයි, ඔබ වඩා හොඳින් එය පැහැදිලි කර තිබෙනවා, එතැනදීත් කතා වුයේ ඔබ කිවූ දෙයමයි. වටිනාකම් වීරකම් වල මිනුම් දඬු එකිනෙකාට වෙනස්. එය එකිනෙකාගේ සදාචාරය මනින මිම්මක් ලෙස ත් සැලකිය හැකියි.

      ඇත්තටම එතැන නැවියාව පලමු තැන ලා සිටියේ මා විතරයි. මා කීවේ ඔහු ඔහු වෙච්ච් පොරොන්දුව ඉශ්ට කල නිසාත් අවසානව ඔහු සැමගේ ජීවිත බේරූ නිසාත් ඔහුගේ ස්තානය පලමු තැන විය යුතුයි කියලා

      හරි හෝ වැරදි උත්තර නොමැති නිසා දී ඇති තොරතුරු අනුව වඩා හොඳ පැහැදිලි කිරීමයි වටින්නෙ.

      කෙසේ හෝ මේ කතාව නැතිනම් අභ්‍යාසයේ තව තේරුමක් තිබුන. එනම් මතු පිටින් පෙනෙන දෙයට වඩා දේවල් මේ කතන්දරය පසුබිමේ තිබෙන්නට ඇති බව දැන සිටීම.

      තව දුරටත් විස්තර කරන්නේ නම්
      උදාහරනයක් ලෙස Ice Berg එකක එහි මතු පිට තිබෙන්නේ 10%ක් පමණි. 90%ක්ම තිබෙන්නේ දිය යටය. ඒ නිසා තීරණ ගැනීමේදී පරිස්සම වන්න

      පසුව අපේ වැඩ සටහන මෙහෙයවපු තරුනිය මෙහෙම කියනව.

      ඒ තරුනිය අතින් අතට හුවමාරු උන කෙනෙක් විදියට නම ප්‍රසිද්ධයි කියල පසුව දැනගන්න ලැබුනා.

      දැන් බලන්න ඔබ හිතපු විදිය හරිද කියලා.
      සභාවේ හිටපු බොහෝ අය ආහ් කියල කෑ ගැහැව්ව

      Delete
  7. 1.පෙම්වතිය
    2.නැවියා ගේ මිත්‍රයා
    3.නැවියා
    4.මහල්ලා
    5.පෙම්වතා

    ReplyDelete
    Replies
    1. ශානක ස්තුතියි
      ඔබගේ පදනම පැහැදිලි කරන්නේ නම් තුති

      Delete
  8. 1. Naviyage Mithura
    2. Pemwathiya
    3. Neviya
    4. Pemwatha
    5. mahalla

    ReplyDelete
    Replies
    1. nu1 ස්තුතියි
      ඔබගේ පදනම පැහැදිලි කරන්නේ නම් තුති

      Delete
  9. 1.මගියා ගේ පෙම්වතිය
    2.නැවියා ගේ මිත්‍රයා
    3.මහල්ලා
    4.නැවියා
    5.මගියා

    ReplyDelete
    Replies
    1. සැන්ඩි මගේ පලමුම ෆොලොවර්ස්ලගෙන් කෙනෙක්, සතුටුයි කාලෙකට පසුව අහන්නට ලැබීම ගැන.

      ඔබගේ උත්තරය ගැන පැහැදිලි කිරීමක් කලොත් වටී

      Delete
    2. @ දයාල් බතී නැවත හමුවීම සතුටක් මට කාලයක් බ්ලොග් කියවන එක ඇතෑරිල තිබුනේ,දැන් ආයිත් පටන් ගත්තා
      මෙහෙමයි මගේ විග්‍රහය
      1 .විවාදයක් නැතුවම. පෙම්වතිය... තමන්ගෙ ආදරය වෙනුවෙන් අකමැත්තෙන් හරි ලොකු පරිත්‍යාගයක් කරේ.
      2 නැවියගේ මිත්‍රයව වෙන තැනකට දාන්න දත්ත මදි
      3 මහල්ලා ටත් අවස්තාවෙ හැටියට වෙන කරන්න දෙයක් නැ(ඔහු සාදාරනයි )
      4 වගකීමෙන් තමාගෙ රාජකාරිය කරාට අවස්ථාවාදියෙක්.
      5 ලොකු කැපකෙරීමක් කරල තමාගෙ ජීවිතය බේරගත්ත පෙම්වතියව ප්‍රතික්ශේප නොකල නම් මේ ලයිස්තුවේ දෙවෙනිතැනට එන පුද්ගලයා

      Delete
  10. මේ ප්‍රශ්නේ ගැන මගෙ ප්‍රශ්න
    1."සදාචාරය" කියන්නේ පට්ටම සබ්ජෙක්ටිව් දෙයක් නේද?
    2.ඒක හින්දා වාද කරලා තේරුමක් නෑ නේද ඔව්වා ගැන?
    3.දැන්මේ ප්‍රස්නෙට අදාල "සදාචාරය" ඩිෆයින් කරලා තියෙන්නේ කොහෙද?
    4.කොහොමත් මේ වගේ ප්‍රශ්න වලට "හරියටම හරි" ජාතියේ උත්තර නෑනේද?

    ReplyDelete
    Replies
    1. කස්සා ඔබ හරි. ස්තුතියි එකතු කිරීමට.

      උදා; කෙනෙකුට පගා ගැනීම ගැන ඇත්තේ උදාසීන මතයක්, වෙනත් රටක කෙනෙකුට එය නීතියෙන් දඬුවම් දිය යුතු බරපතල වරදක්.

      කරුණාකර ඇනෝට දී ඇති පිලිතුරත් බලන්න, 'ice burg' න්‍යාය පිලිබඳව

      Delete
  11. ජයශ්‍රී ස්තූතියි ප්‍රතිචාර ත්‍රිත්වයටම, ඒත් ඔබ ඒ පිලිවෙලවල්වලට හේතු දක්වා නැතිවීම අඩුවක්?

    ReplyDelete
  12. මගේ අදහස නම් කෙනෙකුට උපකාරයක් කොට ප්‍රති උපකාර බලාපොරොත්තු වීම වරදක් බවයි.අනෙක තරැණියක ගේ අභිමානය ඉල්ලා සිටීම, අතිශයින් අවස්ථාවාදී ක්‍රියාවක්.(හරියට අපේ ‍වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තතිකයන් රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන ඉල්ලීම් දිනා ගන්නවා වගේ)

    ReplyDelete
  13. ජයශ්‍රී
    //කෙසේ හෝ මේ කතාව නැතිනම් අභ්‍යාසයේ තව තේරුමක් තිබුන. එනම් මතු පිටින් පෙනෙන දෙයට වඩා දේවල් මේ කතන්දරය පසුබිමේ තිබෙන්නට ඇති බව දැන සිටීම.

    තව දුරටත් විස්තර කරන්නේ නම්
    උදාහරනයක් ලෙස Ice Berg එකක එහි මතු පිට තිබෙන්නේ 10%ක් පමණි. 90%ක්ම තිබෙන්නේ දිය යටය. ඒ නිසා තීරණ ගැනීමේදී පරිස්සම වන්න


    පසුව අපේ වැඩ සටහන මෙහෙයවපු තරුනිය මෙහෙම කියනව.

    ඒ තරුනිය අතින් අතට හුවමාරු උන කෙනෙක් විදියට නම ප්‍රසිද්ධයි කියල පසුව දැනගන්න ලැබුනා.

    දැන් බලන්න ඔබ හිතපු විදිය හරිද කියලා.
    සභාවේ හිටපු බොහෝ අය ආහ් කියල කෑ ගැහැව්ව//

    ReplyDelete
    Replies
    1. "ඒ තරුනිය අතින් අතට හුවමාරු උන කෙනෙක් විදියට නම ප්‍රසිද්ධයි කියල පසුව දැනගන්න ලැබුනා." - මේ දත්තය කතාව මුලදී දී තිබුණේ නෑ.අනික එවන් කරුණියකට උනත් අයිතියක් තියෙනවා තමන් අකමැති නම් නැවියාට එකඟ නොවී සිටීමට.(කතාවේ හැටියට ඇය නැවියාට එකඟ වන්නේ මහල්ලාගෙන් ද උපකාරයක් නැතිව අසරණව බිත්තියටම හේත්තු වන්නට සිදු වූ විටයි).එනිසා මගේ ස්ථාවරයේ වෙසක් නෑ.නැවියා ආත්මාරථකාමී අවස්ථාවාදියෙක්.

      Delete
  14. මම නම් හිතන්නේ එක්, එක් අය සදාචාරය විග්‍රහ කරන අන්දමට මේ කතාවේ එන අයව ලැයිස්තු ගත කරනවා කියලයි. මේ වගේ ජපන් කතාවක් කියවලා තියනවා. අන්තිමට හොඳ , නරක කෙනෙක් මනින්ට බෑ. ඒක මිනිස්සු පිලිගන්නා හැටියට සිදුවන දෙයක්. මෙතනදිත් එහෙම වෙනබවයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක එතැනින් අමතක කරල දැම්ම නම්, පෙම්වතිය ඔය සිද්ධිය සිය පෙවතාට නොකිය හිටිය නම් ඉවරයි කියල හිතෙනව,

      Delete
  15. 1.) පෙම්වතිය
    2.) මිතුරා
    3.) මහල්ලා
    4.) නැවියා
    5.) පෙම්වතා

    පෙම්වතිය මුලින් තේරුවේ, එකක් අකමැත්තෙන් හරි තමන්ගේ පෙම්වතා වෙනුවෙන් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කිරීම. ඇය නැවියා එක්ක හිටියේ කැමත්තෙන් නොවන බවත්, ඇය ඒ සඳහා විකල්ප හෙවු බවත් (මහල්ලාගේ උදව් පැතීම) කතාවේ සඳහන් වෙනවා. අනිත් එක, ඈට තිබුන පසුව පෙම්වතාට එය නොකිය ඉන්න. නමුත් එය හෙළිකිරීමෙන් පෙන්නේ ඇයගේ සත්‍යවාදී බව. පෙම්වතීගෙ කොන්ද කෙලින්.

    මිතුරා - පෙම්වතී 'බඩුවක්' හැටියට නොදමා උදව් කිරීමට එකඟ වීම.

    මහල්ලා - විශේෂ ප්‍රසාදයක් හෝ අප්‍රසාදයක් නැහැ.

    නැවියා - කෙනකුගේ ජීවිතයක් වෙනුවෙන් තවත් කෙනෙකුගේ ආත්මයක් ඉල්ලීම. බලු වැඩකි.

    පෙම්වතා - තමන්ගේ ජීවිතේ බේරා ගැනීමට අච්චර කැප කිරීමක් කල පෙම්වතිය තමන්ගේ 'ඉගෝ' එක නිසා අහක් කිරීම. අන්තිම බලු වැඩකි.

    මෙතෙන්දි පෙම්වති කලින් අතින් අතට මාරු උනාද නැද්ද කියන එක අදාළ නැහැ. ඒක එයා පෙම්වතා මුණ ගැහෙන්ට කලින් එයාගේ කැමැත්ත. මෙතන උනේ තමන්ගේ කැමැත්තට එරෙහිව දෙයක්.
    එහෙම අයිස් බර්ග් න්‍යායක් මටත් දාන්ට ඇහැකි හෙනම් ; පෙම්වතාට පෙම්වති ගැන නියම ආදරයක් තිබුනේ නැහැ මුල ඉදලම. එයා නැවියා එක්ක කලින් කතා කරගෙනයි තිබුනේ පෙම්වති පාවා දීල පස්සේ නිදහස් වෙන්ට. කුණාටුව නිසා එයාගේ වැඩේ තව ලේසි උනා. නැවියා එයාට වෙන බෝට්ටුවකට යන්න කියද්දී එයා කිසිම විරුද්ධත්වයක් නොපෑවේ ඒ නිසයි. හික්z

    ඔන්න මගේ අදහස් කීවේ :)සදාචාරේ මම දන්නේ නැහැ. හොඳ නරක මට තේරෙන හැටියට දැම්මේ.

    ReplyDelete
    Replies
    1. අමා
      සදාචාරෙ කියන්නෙ හොඳ නරක මිසක්ක වෙන මොකක්ද හැබෑවටම? ස්තූතියි ඔබගේ එකතුකිරීමට.
      ඔබගේ අනුපිලිවෙලට මට විරුද්ධ වෙන්න බෑ. ඒත් තව කෙනෙකු වෙනුවෙන් නැවියා ජීවිතය පරදුවට තැබීමට ලකුනක් නැවියාට හිමිවිය යුතුයි. එමෙන්ම ඔහු වූ පොරොන්දුව කඩ කලේ නෑ. කෙනෙකුගේ ජීවිතයක් බේරූවා.
      සත්‍යවාදී බව යනු තමන්ගේ හිත නිදහස් කරගැනීමද, නැතිනම් අවසාන ප්‍රතිපලය මොකක් වේ යයි සිතා බලා කීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු වෙලාවක් එනතෙක් ඉවසා සිටීමද

      අයිස් බර්ග් න්‍යායට ඔබගේ එකතු කිරීමට අනුව එහෙනම් නැවියාගේ ඉල්ලීම වරදක් නෑ

      Delete
  16. සමාවෙන්න දයාල් බතී මම නම් මේ පුද්ගලයින් පිළිබඳව මොනම නිර්නායකයින්වත් කිසිම විනිශ්චයකට එන්න කැමති නැහැ. මා, මා විනිශ්චය කිරීමේ කාර්යබහුලත්වයෙ යෙදිලා ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. Weni
      හරිම දාර්ශනික උත්තරයක්නෙ දීල තියෙන්නෙ, ඔච්චර සිරාවට ගන්න එපා. මේක කතාවක් පමනයි

      Delete
  17. Koken kohoma unat ,man hithanne ne naviya jeewithaya beraganda nikan idiripath un ne ne.GF req karana kamma unna.Eka kohomat sadachara ne.Mokada naviya awasthawadiyek.mage dakma nam naviyawa oya kisima thanakata danna bari tharam pahat minihek.E pahat kama wahanna ba eyage talent eken.Aththatama me ape samajaet henayak wela tiyana deyak oka.loku loku post wal inna aya, karanne balu wada.anna e nisa naviyata kisima sthanayak yuthu ne.GF athin atha yana eka eyage kamaththane.eyage jeewithe eyage kamaththa.eth naviya indirect Rape ekak kare..anit aya gana man kiyan ne.mokada e aya sadaranai e e sthana walata.thnkx

    ReplyDelete
  18. Anith eka Ice burg kiyanne ajeewi deyak,Ganna jeewi deyan example walata.Nogalapena udaharana walin manussakama maninna kawadawat ba.Ganna example ekakata tharuna mawak, ganikawak weema.aya eka karanne age daruwawa anagathayak hadanna.nethuwa walaththa kamata neme.wena karakiyaganna deyak nathiwa.e wage kenek godak uthum kiyna ekai mage hangeema.man ganikawa uthum kiyanawa neme eth ethana e kanthawa e pahath wade karala , uthsaha karanne thamunge kusen wadapu Manussa daruwa honda samajekata yawanda.anit eka amma kenek thamunge daruwa andaddi thana nothana balan ne,onama deyak karanawa, anna ekai uthum gathigune... nathuwa awasthawen paryojana ganna eka neme. thnx

    ReplyDelete
  19. 1.පෙම්වතිය- තමාගේ පෙම්වතා වෙනුවෙන් ආත්ම ගෞරවය පාවාදෙන්න තරම් පෙම්වතාට ආදරය කලා.

    2. මිත්‍රයා- පෙම්වතාගේ තීරනය වැරදිබව ඔහු වටහා ගත්තා.

    3.මහල්ලා - ඔහුට කල හැකි කිසිවක්ම නැහැ.

    4. නැවියා - අවස්තාවදී අයෙක් උනත් දුන්න පොරොන්දුව ඉටුකලා.

    5. මෙලෝ රහක් නැති , වැදකට නැති මිනිහෙක් ( පෙම්වතා කියන වචනයවත් ඔහුට සුදුසු නැහැ )

    මේ කතාවෙන් තේරුම් ගන්න ඕනේ ඕනෑම කෙනෙක් ඕනෑවට වඩා අවංක නොවී සිටීම වඩාත් සුදුසු බවයි.

    ReplyDelete
  20. 1.මගියා ගේ පෙම්වතිය
    2.මිත්‍රයා
    3.මහල්ලා
    4.තාපසයා
    5.නැවියා
    පෙම්වතා ඇතුල් කිරීම පිළිබඳව ගැටළුවක් තියෙනවා

    ReplyDelete
  21. ඇනෝ, නීතා, මධූ, කෝර්ලේ මහත්තයා, ස්තූතියි

    ReplyDelete
  22. 1. පෙම්වතිය..- ලොකු කැපකීරීමක් කරන්නේ.. කලින් සිද්ධි අදාල නෑ..

    2. මිතුරා - යාලුවගේ පැත්ත ගත්තෙ නෑ.

    3. පෙම්වතා - තමන්ගේ පෙම්වතියගෙන් ඔය වගේ දෙයක් ඇහුවම කවුරු උනත් චුට්ටක් අමනාප වෙන එක සාදාරණයි. මේ කතාවේ කියල නෑ ඔහු පෙම්වතියව හැර ගියා කියලා. අමනාප උනා විතරයි.

    4. මහල්ලා - බේරා ගන්න තරම් ශක්තියත් නැත්තම් මීට වඩා උඩට යන්න පුලුවන්. ඒත් කතාවේ හැටියට ..එය මගේ ප්‍රශ්නයක් නොවන බවයි.. කීමෙන් එයා පෙන්නන්නේ ආත්මාර්තකාමී බව.

    5. නැවියා - අවස්ථාවාදියෙක්. ( ඒත් බොට්ටුවලට පිරිස බෙදීම සම්බන්ධයෙන් නම් ඔබ Ice Berg පිළිතුර දී ඇති ඇනෝ සමග එකගයි )

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්