Followers

Monday, April 9, 2012

සිහිය විකල් වූ ඔබගේ ආදර සැමරුම්


IMG 9842
අංගොඩ මානසික රෝහල

මට බොහෝ විට දුම්-රියේදී මුණ ගැසෙන සිහිය විකල් වූ නොතරුණ පුරුෂයා මුමුණන විකාර වදන් කන් වැටෙන විට මට මා ගැන බයක් උපදී.
බැරි වෙලාවත් මට මෙහෙම උනොත්? ......

අහස දිහා බලාගෙන ඔහු සමහර විටෙක මෙහෙම කියනව ඇයි සොඳුර ඔබ මට මෙහෙම කලේ. මට මතකයි අපි දෙන්නා එකම ඇඳක නිදා ගත්ත කාලෙ.. .......
ඔහු කියන ඒව මට මෙතන ලියන්න බෑ.
 'මාත් මේ හාදය වගේ කියවන්න ගත්තොත්, ඒ කාලෙ කරපු දේවල්'
සුරා සූදුවෙන්... .... ... තොර කෙනෙක් කියලනෙ කපුව කියන්න ඇත්තේ,,,
(මළ කෙලියකි වන්නේ..)

(මට අහන් ඉන්න සිදු උනා මිසක් උවමනාවෙන් අහන් හිටියා නොවේ.)



බොහෝ ලේඛකයන්ට මේ දේ වෙලා තියෙනව. ඒ කියන්නෙ සිහිය විකල් වීම
එඩ්ගාර් ඇලන් පෝ  එවැනි කෙනෙකුට උදාහරණයක්. අපේ සයිමන් නවගත්තේගමත් ඔහේ ඉබා ගාතේ ඇවිදිමින් සිටි කෙනෙක් කියල අහල තියෙනව.
එ වගේ නිදහසක් අපිට නැති නිසා අපිට වෙන වෙන දේවල් ගැන ඕනවට වඩා හිතන්න විවේකයක් නැති එකත් එක අතකින් හොඳයි.


හිතන්න ඔබට මෙහෙම උනොත් කුමන රහසක් එලි වෙයි කියාද ඔබට බය හිතෙන්නෙ?

10 comments:

  1. අවුලක් නෑ පොඩි කාළේ ඉඳන්ම මට පිස්සු කියලා හැමෝම කියන්නේ..

    ReplyDelete
    Replies
    1. කාලයක් ගියාට පසුව කාටද පිස්සු කියල දැන් පේනව ඇතිනේ

      Delete
  2. පිස්සු හැදෙයි. කෙලින්ම වැලිකඩ තමයි එහෙනං. ඊට කලින් වටේ පිටේ මිනිස්සුන්ගෙන් ගුටිකාල මැරෙන්නත් බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙම නෑ. හොඳ පැත්තක් බලල පාර්ල්මේන්තු නියෝජනය කරන්න යොදවන්න ලොකු ඉඩක් තියෙන්නත් පුලුවන්

      Delete
  3. දැන් රටේ වෙන දේවල් අනුව සිහිවිකලෙන් ඉන්න ලැබෙනවනම් හොඳයි වගේ.හිතේ හැටියට විවේචනය කරන්නවත් ලැබේවිනේ

    ReplyDelete
    Replies
    1. සිහිය වෙනතක හරවන්න තමයි බලවතුන්ගේ ඔක්කොම උපා..පොඩියක් සිහියෙන් ඉන්න එක වටිනවා, ඒත් කට පරිස්සමෙන්..

      Delete
  4. ඔබ තරුණද, නොතරුණද?
    නොතරුණ නම් බියවෙන්න. දැඩිව බියවෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔබත් ඒ අත් දැකීම ලබා ඇද්ද, මට මෙපමණ තදින්ම කියන්නෙ?
      ( විහිලුවක් කළා)
      වයසට යාම ගැන තදයො දෙන්නෙක් මෙහෙම ලියල තියෙනව;
      ඔබත් අහල ඇති.

      Leon Trotsky-

      Old age is the most unexpected of all things that happen to a man


      Victor Hugo-

      Forty is old age of youth
      Fifty is the youth of the old age

      Delete
  5. පෙට්ටගම් අස්සෙ ඇට සැකිලි හංගං ඉන්න අයනම් ඕකට සෑහෙන්න බය වෙයි. අපිට නම් එහෙම දෙබිඩි ජීවිත නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දෙබිඩි ජීවිත කතාව සැර වැඩිද මන්ද?
      කෙසේ වුවත් සරල ජීවිතය කෙතරම් සැහැල්ලුද.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්