Followers

Monday, April 16, 2012

ඉංග්‍රීසි -ලොකු බණ්ඩාර, ආර්ථික විද්‍යාව බන්දුල- ගුණවර්ධන නවතම පංති ඇරඹේ, ස්ටැෆර්ඩ් හිදී




ENGLISH ECONOMICS PHYSICS at STAFFORD COLLEGE.

උපෙ විභාගෙ අවසන මගේ පාසල් මිත්‍රයගෙ හැම කුනුගොඩට වගේම මේ වැඩේටත් සම්මාදන් වෙන්න සිද්ධ උනා. ඔහුට ගෙදරින් බල කලා කඩ්ඩ ටිකක් පොලිශ් කර ගනින් කියල. ඉතින් අනේ මාත් ගෙදරට කරදර කරල ලොකු බණ්ඩාර සර් ගෙ ඉන්ග්‍රීසි පන්තියට ගියා. එය තිබුනෙ ටොරින්ටන් හරියෙ කුරුඳු වත්ත පොලිසිය ඉස්සරහ ගිල්ෆර්ඩ් චන්ද්‍රවංකය මුල තිබෙන ස්ටැෆර්ඩ් විද්යාලයෙ. ගිල්ෆර්ඩ් චන්ද්‍රවංකය දිගේ මඳක් ඉදිරියට ගිය පසු හමුවෙනව  ලයනල් වෙන්ඩ්ට් කලාගාරය.

ඉතින් මං ආසම කෑල්ල තමයි ඒ හරියෙ තේ එකක් බොන්න තැනක් නැති නිසා කුරුඳු වත්ත පොලිසියෙ කැන්ටිමෙන් වඩේ එකක් කා ප්ලේන්ටියක් බොන එක.


ඉතින් අපේ ලොකු බණ්ඩාර සර් හොඳ ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඒ මහත්තයට හොඳ භාශා සාහිත්‍ය දැනුමක් තිබුන, පන්තියට ගියෙ බොහෝම ආශාවෙන්. මට මතකයි පසු ගිය කාලෙ ජනප්‍රිය ව හිටි ගායිකාවකුත් ඒ කල ඒ පන්තියෙ හිටිය. හිටපු ගමන් ස්ටේජ් එකට කතා කරන එක තමයි කාල ඉන්න බැරි. ඒත් ඉන්ග්‍රීසියට තිබ්බ බය ඇරියෙ ලොකු බන්ඩාර සර් කිව්වොත් වරදක් නෑ. පන්තිය අවසානය කිට්ටුව බුලත් විටක් කාල එහෙම, අතින් කට මුවා කරගෙන සින්ක් එකට කෙළ පාරකුත් විදිනව.

එයාගෙ ලව් එක තමයි නන්ද, කටේම තියෙන්නෙ නන්ද ගැන.

නන්ද... බැන්ද... රස කරල කියනව.

මං තාමත් හිතනව කවුද මේ නන්ද?

ලෝකෙම ඉන්න පිලිවෙලක් නැති කට්ටිය කවුද දන්නවද?

මං එයාගෙන් තමයි මුලවරට ඉගෙන ගත්තෙ.

උත්තරය .....

ගෑනු.............


ලොකු බණ්ඩාර සර්ගෙ පංතියෙ 30ක් ඉන්න කොට බන්දුල ගුණවර්දනගේ පංතියෙ ඉන්නව පන්සීයක්,
බන්දුල සර්ගෙ පංතිය එකම හිස් ගොඩක්. 1980 හරියේ මේ මහත්තයා 2500 න් පවුලක් රන් කරන හැටි කියා දෙනවා එහෙන් මෙහෙන් ඇහිලා තියෙනවා. මෙයා තවම කියවන්නේ අසූ ගනන්වල ලියා ගත්ත නෝට්ස් වගේය.

ඒ දවස්වලම බන්දුල මහත්තය සයිමන් නවගත්තේගම ගේ කෘතිය ඇසුරෙන් නිශ්පාදනය කල සුද්දීලගෙ කතාවේ මුදලාලි සුද්දීව රන් කරන විදියෙන් නම්  පවුල් රන් කරන්න ඒ දවස්වලම 2500ක් මදි.

අද පරණ ස්ටැෆර්ඩ් එක නවීකරනය වෙලා අන්තර් ජාතික පාසලක්. හෙඩිමෙ තිබෙන ඇඩ් එක අවුරුදු 32ක් පැරණියි. බන්දුලගෙ ගනන් මිමිත් අර හේඩිම වගේම පරණයි.

7 comments:

  1. මමත් ඔය සෑර් ළඟට ගියෙමි. ඔය බයිලා කීම ඇරඹුනේ ටියුෂන් පන්තියෙන්ය. ඒ කාළේ කීවේ ජනාධිපති වී වමේ රටක් කොරන බවය. ඔයින් නැවතුනා ඇතිය. සතුටට කාරණය නම් ජනාධිපති වන බවක් පේන්න නැති නිසාය. ඔය බයිලා වලට ෂූ පාර දාපු නිසා මගේ පන්ති තහනම් කොලේය..

    ReplyDelete
  2. යස වැඩේ මුගෙ පංති තහනම් කරල තියෙන එක නං..ඒක ඒ උන්ද ආත්මෙටම කල එකම හොද වැඩේ වෙන්න ඇති..

    ReplyDelete
  3. ලොකු බණ්ඩාර සර් කිව්වේ වි.ජ.මු.ලොකුබණ්ඩාර ද?

    ReplyDelete
  4. මාතලන්
    කැපීගෙන යන කැලනියෙ ජෝකර්ගෙ තැන ගන්න මෙතුමා ලොකු ෆයිට් එකක් දෙනව වගේ.

    ReplyDelete
  5. අමිල
    ඇමති තුමාට ආචර්‍ය පදවියක් වගේ දෙයක් දෙන්න වටිනවා ඒ කල වැඩේට

    ReplyDelete
  6. ජශ්‍රී, විජමු නොවෙයි, මා ඔහුගේ නම්වල මුලකුරු දන්නේ නැත

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්