Followers

Thursday, April 19, 2012

'අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඬ හඬා ඔහේ යනවා '-සංහිඳ





http://cdn.itn.lk/Discussion/sanhinda/sanhinda_20120415.wmv



කාලෙක සිටන් බලන් හිටිය මා ආස කරන ඔබත් ආස කරන රූපවාහිනි වැඩ සටහනක් ගැන ලියන්න. වේලාව ආවා.  සුනිල් ශාන්ත නිර්මානය කළ අයිවෝ ඩෙනිස් ගායනා කළ අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඬ හඬා ඔහේ යනවා ගීතය ප්‍රචාරය වෙද්දී මගේ මතකය කොළඹ විශ්ව විද්‍යාලයට ඉගිලුනා.  කාගෙත් දොස් අහන රූපවාහිනි ආණ්ඩුවාහිනී වල ප්‍රචාරය වන වැඩ සටහන් අතරේ අයි ටී එන් නාලිකාවේ ප්‍රචාරය වන සංහිඳ  මැණිකක්. ඒ මැණික කපා ඔප දමන පිරිසේ අපට පෙනෙන මුහුණුවර ඉන්ද්‍රසිරි සුරවීර. ඔහු කියන පරිද්දෙන්ම මෙය විශ්ව කෝශයක්. ලංකාවේ කලාකරුවන් ගැන ප්‍රාමාණික අධ්‍යනයක අවශ්‍යතාවය ගැන බ්ලොග් ලිපියක් මා පල කලා ....Oct 19, 2010..
http://dayal-bathee.blogspot.com.au/search/label/%E0%B7%86%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%A9%E0%B7%93%20%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%20Freddie%20Silva

 සංහිඳ මේ කරන කර්තව්‍ය ඉතා ශ්‍රේෂ්ටයි.  ඒත් ඒ අධ්‍යයනය කටයුතු, සංරක්ශන කටයුතු සංහිඳෙන් ලැබූ මේ මහඟු ජීවයත් එකතු කරගෙන ඉදිරියට යා යුතුයි. අපේ කලාකරුවන් අනුන්ගේ ගරාජවල පිලිසරණක් නැතිව මිය යාමට, අරක්කු වීදුරුවට පාච්චල් වීමට ඉඩ නොතැබිය යුතුයි.

කලාකරුවන් යනු අපේ සංස්කෘතිය නැමති ගංගාවේ  රිද්මයයි.


අප සමඟ එකට ඉගෙන ගත් රෝහණ(ඇත්ත නම නොවේ) මීගමුවේ හරිස්චන්ද්‍ර විද්‍යාලයෙ තමයි පාසල් අධ්‍යාපනය ලැබුවේ. එහි සංගීත ගුරුවරයෙක් ලෙස වැඩ කල අයිවෝ ඩෙනිස් ශූරීන් ගැන රෝහණ දැන සිටිය. වතාවක් දෙකක් අයිවෝ ගැන රෝහණ මතක් කලා මට මතකයි.


ඉතින් අපි කෙමෙන් කෙමෙන් ලං උනා ඒ මග නොහැරිය හැකි සෝබර අවසානයට. එනම් අවසන් වසරට. අපේ කෙලි ලොල් සෙල්ලක්කාර දිවියේ අවසන් භාගය. ඉතින් ඒ දවස්වල කියමනක් තිබුන අන්තිම වෙන කොට නිකං ඇඟේ හැපුනත් කෙල්ලො "හා" කියනව කියල. ඒ කියමනට සමාන එකක් හෝ තාමත් ඇති මං හිතන්නේ. මොකද සර්ව කාලීන දෙයක් නිසා. 'අපිට කැමති කෙල්ලන්ට අපි කැමති නෑ-අපි කැමති කෙල්ලො අපිට කැමති නෑ' වර්ගයේ සෙට් එකක තමයි මායි රෝහණයි හිටියෙ. ඒ දවස්වල 'නානව' කියන්නෙ දැන් මල් කඩනව කියන එකට. ඉතින් නාන්න කැමති ගෑනු ළමෙක් දෙන්නෙක් හිටිය අපේ සර්කල් එකේ. රෝහන මේ අයට කියන්නේ අර අයිවෝ ඩෙනිස් ගෙ සිංදුව....හෙමින්..ගෑනු ළමයින්ට නෑහෙන්න..

'අනේ මගෙන් වැඩ ගනිව් හඬ හඬා යනවා'

දැන් අර කෙල්ලො හොඳ හැන්ඩ්සම් පොරවල් බැඳල හොඳ පවුල් ජීවිත ගෙනියනව.

ඒ ගීතයෙ මුල් පද ටික              ( ගී තනුව - සුනිල් ශාන්ත, ගී පද - අරිසෙන් අහුබුදු)


වලාකුලින් බැස
සමන් කුලත් වැඳ එලෝ බල යනවා
අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඬ හඬා ඔහේ යනවා


14 comments:

  1. අපි කිව්වේ (පේරාදෙනියේ) හෝදනවා කියලයි.

    සම්පුර්ණ යෙදුම ජංගි හේදීම!

    ReplyDelete
  2. //දැන් අර කෙල්ලො හොඳ හැන්ඩ්සම් පොරවල් බැඳල හොඳ පවුල් ජීවිත ගෙනියනව.//
    කෙල්ලොන්ගේ වෙලාව :D:D:D

    ReplyDelete
  3. කතන්දර, ඉකේයිය..

    ReplyDelete
  4. පොඩි කුමාරිහාමිනේ..
    නනා ඉන්න තිබුනා

    ReplyDelete
  5. තේරුනේ නැද්ද මන්දා...කමක් නෑ ඕං ඔහේ. :-)

    ReplyDelete
  6. අඩවි රජා,
    මගේ ලිවීමේ දොසක්ද, නැත්නම් මෙහි පසුබිම ගැන ප්‍රමානවත් සඳහනක් නැති වීමද.

    කෙලින්ම කියනව නම් වි වි අවසාන වසරෙදී බොහෝ අය ඇඟේ හැප්පෙන අයත් කමක් නෑ ඔහේ යාලු වෙමු කියල යාලු වෙන තත්වයක් තියෙනවා.

    ඒ ගැන තමයි මගේ මිත්‍රය අර සිංදුව කියන්නේ

    'අනේ මගෙන් වැඩක් ගන්නකෝ'

    ReplyDelete
  7. වළාකුලින් බැස මගේ ප්‍රියතම ගීයක්. අහන්න අහන්න එපා නොවෙන ගීයක්. ඔබගේ මතකය හාබැදි අත්දැකීමක් සමග එක්කළ මිහිර අනභිබවණීයයි.

    ReplyDelete
  8. Every song has a story!!

    henryblogwalker the Dude

    ReplyDelete
  9. මහ වෙදනා,
    කාලෙකට පස්සෙ. ආයුබොවන් කියල පිලිගන්නව.
    ඔබතුමා ටී වී බලන්නෙ නැති නිසා සංහිඳ ගැන දන්නෙ නැතුව ඇති?

    ReplyDelete
  10. අද තමා මේ පැත්තට ගොඩ වැදුනේ, අමුතු නමක්..., කියවන්න ආස හිතෙන ලිපි තියෙනවා, හෙමින් සැරේ කියවන්නම්.

    ReplyDelete
  11. සුනිල් ශාන්ත -අයිවෝ ඩෙනිස්, මාත් කැමතිම දෙන්නෙක්. //කලාකරුවන් යනු අපේ සංස්කෘතිය නැමති ගංගාවේ රිද්මයයි.// ඔබ කියන දේ හරි. සුනිල් ශාන්ත " තමන්ගේ දරුවන් කලාකාරයන් කරවන්න එපා" යැයි පැවසුවේ අපේ කලාකරුවන් පත්වෙලා ඉන්න මේ ශෝචනීය තත්ත්වය නිසා වෙන්න ඇති.

    //රෝහන මේ අයට කියන්නේ ......'අනේ මගෙන් වැඩ ගනිව් හඬ හඬා යනවා'//
    හෙහ්, හෙහ් ලස්සන කතාව.

    කකාට නං කියන්න තියෙන්නේ ඔය සමහරු කීවාට "පිලිකුල් රසය" කියල එක්කුත් තියනවා කියලා , තැන නොතැන නොබලා ඒක පාවිච්චි කිරීම කිරි මුට්ටියට ගොම එක් කිරීමට සමානයි කියල තමා :)

    ReplyDelete
  12. Hey dude, මෙහෙම කීවොත් ඒකත් හරි යයිද?

    Every story can be sung?

    ReplyDelete
  13. සුදු මුවා
    ස්තූතියි ආවාට. කිව්ව වගේ පුලුවන් වේලාවට කියවල කොමෙන්ට් දැම්මොත් ලොකු දෙයක්

    ReplyDelete
  14. ස්තූතියි ටොමියා, කොමෙන්ට් එකට, සුනිලුන් අද ජීවත්ව සිටියා නම් ඒ කතාව ඉල්ලා අස්කර ගනීවිද?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්