Followers

Saturday, April 28, 2012

කිරිල්ලියක් මැරිල



නෑ මං හිත වෙනස් කර ගත්ත.

ඇත්තටම මැරිල තියෙන්නෙ කුරුල්ලෙක්

මං එහෙම කියන්නේ හේතුවක් ඇතුව.


මහ පාරෙ වාහනේකට අහු වෙච්ච් කුරුලු පෝතකයගෙ කැඩී බිඳී ගිය අත්තටු සිරුරෙ කැබලි දැක්කම

මට හිතුන මෙහෙම.

සාමාන්‍යයෙන් කුරුල්ලො වාහනවලට අසුවී මැරෙන්නෙ නෑ.

අපට උවමනා උවත් උන්ව යට කරන්න බෑ.

වහාම ඉගිලී යනව

අවදානම risk සාමාන්‍යයෙන් ගන්නේ කුරුල්ලො.

කිරිල්ලියො අවදානම් ගන්නේ නෑ.

ඒත් අද හරි ගියෙ නෑ.

හිතපු විදියට පරන පුරුදු විදියට ටක් ගාල ඉගිලී යන්න බැරි උනා.

අත් තටු පැටලුනාද. ?

ටිකක් වයස් ගත් කුරුල්ලෙක් ද?

තවම තරුණයි කියල හිතල අවදානම ගන්න හිතුවද?


පියා කෑම ගේන කම් පැටව් කටවල් ඇරගෙන මග බලාගෙන අහස දිහා බලාගෙන ඉන්නව ඇති.

මේ මිනිහ කොහේ ගිහිල්ල ද තාම නැත්තෙ  කියල කිරිල්ලි දොස් කියනව ඇත්ද?


14 comments:

  1. මිනිස්සුන්ට මිනිස්සුගැන අගයක්නැතිව සතුන්ගැන..?

    ReplyDelete
    Replies
    1. සත්තු ගැන අගයක් නැති තැන මිනිස්සුන්ටත් අගයක් නෑ!

      Delete
  2. ඒත් සමහර කිරිල්ලියො ඉන්නවා කුරුල්ලන්ට එහා..වැඩ කිඩ..

    ReplyDelete
  3. TimmBlog

    කින්ඩියට නෙමේ නේද

    ReplyDelete
  4. Weni
    ඒ ගොල්ලො කවදත් හිටිය,
    හුහ්.. කුරුල්ලන්ට පුලුවන් නම් ඇයි....

    ReplyDelete
  5. කිරිල්ලියෝ හැම තිස්සෙම හැප්පිලා මැරෙන්නේ ඇයි? එයාලා කූඩුවේ ඉන්න දරුවන් ගැන කල්පනාවක් නැද්ද? එයාලා ජීවිතේ සුන්දරයි කියලා පියාඹමින් විතරක් ඉන්න කොටසක්ද ?

    Galah කියන Australian birds ලා නම් මාර මෝඩයි. එයාලා කාර් එන කොට පාරෙන් අයින් වෙන්නේ නෑ. ඉතින් හැප්පිලා මැරෙනකල් දන්නෙත් නෑ. ඒ හන්දා වෙන්ට ඇති ඔස්ට්‍රේලියාවේ 'fool' 'idiot' කියන වචනවලට Galah කියලා පාවිච්චි කරන්නේ. ඔය කියන කුරුල්ලා ඒ ජාතියේ එක්කෙනෙක් වෙන්ට බැරිද? :D

    ReplyDelete
  6. කතාව නං සෙර්ටිෆිකේට් ඇත්ත..

    ReplyDelete
  7. මේකම තමයි අපි කාටත් පොදුයි. අපි ගෙදරින් ගියහම ගෙදර මිනිස්සු කොයිතරම් බලා ඉන්නව ඇත්දැ? අපි ඒ ගැන සිතනවද? මගේ දුව මම එනකන් කවදාවත් ඇදේ නිදියන්නේ නැහැ. සැටියේ තමයි. මම ආවම නැගිට්ටවලා ඇදේ තියන්න ඕනෙ. සියලුම සත්වයන්ට මේක පොදුයි නේද? හරිම සංවේදී කතාවක් මට හොදටම වැදුනා. ස්තුතියි ලිව්වට.

    ReplyDelete
  8. පොඩි කුමාරි හාමිනේ,
    පලමුවෙනි පරිච්චේදයට එකඟ නෑ.
    දෙවන පරිච්චේදයට එකඟයි

    ReplyDelete
  9. අඩවි රජා
    සර්ටිෆිකේට් ඇත්ත මං අවුට් ඔෆ් ඩේට්, මට අලුත් දෙයක්?

    ReplyDelete
  10. වෙද ගෙදර මහ වෙදනා

    ඇත්ත,
    අපි එලියට බැස්ස වෙලේ ඉඳන් ගෙදර එනකම් බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා.

    ReplyDelete
  11. හපොයි!
    ඔය සමහර කූරුලු රංචු වලට ගුවන් යානාවක් බිම දාන්න පුලුවන්ලු විශෙෂයෙන්ම ගුවන් තො‍ටුපොල අසල. සමහර රටවල කුරුල්ලො එලවන්න එක එක සෙල්ලම් දාන්න ඕනෙලු ගුවන් අනතුරු වලක්වන්න.

    henryblogwalker the Dude

    ReplyDelete
  12. Dude
    ඔව් ඔව් මාත් අහල තියෙනව

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්