Followers

Friday, May 4, 2012

නිදන් රකින බහිරවයාගේ ස්විච් එක ඕෆ් කිරීම


Taller Buddha in 1963 and in 2008 after destruction


බාමියන් බුදු පිලිම දෙකක්, එනම් ලෝකයේම විශාලතම ශෛලමය බුදු පිලිම ගල් බෝර දමා කුඩු පට්ටම් කළාට පසුව දිනම තමයි අමෙරිකාව ඇෆ්ගනිස්තානයට පහර දෙන්න තියා ගත්තේ, රම්පෙට බෝම්බ පොකුරු පොකුරු හලන්න ගත්තේ ,  2001 මාර්තු. අවුරුදු එකොලහකට පමන පෙර. කරුමෙ පසු දිනම පලදුන්න කියල මට හිතුන. ඒත් එය නොමනා සතුටක්, අහිංසකයින් තවමත් මැරෙනව.
ගල් පෙරලපු දේවදත්තටත් ප්‍රේමකළ සාශ්තෲවරයෙක් වන බුදු පියානෝ අද හිටිය නම් දෙසාවි 'පිලිම වන්දනාව මාත් අනුමත කරන්නේ නෑ. ඒත් ලෝක උරුමයක් වන කලා කෘතියක් වැනසීම ලෝකයාගේ වෛරයට පාත්‍ර වන වැඩක් නිසා කරන්න එපා'ය කියල


බලාගෙන ගියාම තලේබාන් පොරවල් හොඳයි; මොකද එය වස්තු තන්හාවෙන් කල දෙයක් නොවෙයි. 400ක් පමණ මුස්ලිම් පූජකයින් එකතු වී ගත්ත තීරණයක ප්‍රතිපලයක්. පිලිම වන්දනාව ඉස්ලාම් විරෝදී නිසා මේ පිලිම කඩා බිඳ දැමිය යුතුයි කියා ඒ සභාවෙන් තීරණය උනා. ඒ අනුව අවුරුදු දෙදහක් පැරණි ලෝක උරුමයන්, ලෝකයාගේ මහත්වූ විරෝදය නොතකා දින කීපයකින්  හිත් පිත් නැති ලෙස විනාශ කර දැමුවා.


ඇත්ත මහ නිධානෙ එනම් දියවන්නා ඔය මැද්දෑවේ තිබෙන නිධානෙ දැන් හාරන්නෙ සීමිත සංඛායාවක් නෙ. අනෙක ඔය ටී පනස් හයක් තුවක්කුවක් ඔහෙක් කරගන්න විස්කි බෝතලයක් දෙකක් එහාට මෙහාට විසිකරගන්න පුලුවන් උන්දලටත් මොකක් හරි නිදානයක් තියෙන්න එපායෑ. ආන්ඩුවට දවසක් තල්ලු කරගන්න උදව්වක් වෙන නිසාත් ඒ පැත්තෙනුත් ප්‍රගතිශීලී කාර්‍ය්භාරයක් ඉශ්ඨ කරනව


මෙහෙම ගියොත් පුරාවිද්‍යා අධ්‍යක්ශකට රකින්න කෞතුක වස්තු, පුරා වස්තු, ස්මාරක ඉතුරු නොවෙන සේයාවක් පේන නිසා අචාර්‍ය සෙනරත් දිසානායක මහත්තය පුරා විද්‍යා අද්‍යක්ශක තුමාත් වීදි බහින්න තීරණය කරල. (වීදි සටනේ පියාවන වාසුටත් තැනක් නැති
වෙන වැඩක් මේක)


මං මේ වගේ භයානක කතාවක් අහල තියෙනව. නිදානයක් රකින්න බහිරවයෙක් හදන විදිය. ඒක මෙහෙමයි.  පොලොව යට, නිදානය තැන්පත් කරල යාග හෝම පවත්වල, පිරිමියෙකු  ඒ අසලට ගෙනැවිත් හිස ගසා මරා දමනව, ඒ පිරිමියා නැවත බහිරවයෙකු ලෙස ඉපදී ඒ නිදානය රකිනව.
දැන් එහෙම කරන්න ඕන නෑ. කැමර එකක් හයි කොරපුවහම හරි..



2 comments:

  1. වැටත් නියරත් ගොයම් කා නම්????????

    ReplyDelete
  2. මොන කැමරා හයි කලත් හොරකමට කලින් දවසේ ඉඳන් ඒක වැඩකරන්නේ නෑ...

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්