Followers

Tuesday, June 12, 2012

බීෆ් ෆ්ලේවර් එක දාල හදන චිකන් කරි එකක් වගේ, විමල් ඇමති තුමාගේ අනාගත දැක්ම, නිදහස් අද්‍යාපනයේ අස්වනු නෙලමු


Coconut chicken curry

අද මගෙ කතාව මිශ්‍ර එකක්....

ඉඳල හිටල කන කුකුලු මස් කෑල්ලත් දැන් කිසිම කුකුලු මස් රහක් නෑ. අනේ සමාවෙන්න ඕන මගේ පරිනාමයෙන් උරුම වෙච්ච වනචාරී රස නීරස ගැන කීවට. එලවලු  පමනක් භක්ශක පින්වතුන්,  (නිකං අනෙක් අයට පෙනෙන්න හෝ වියදම් අඩු කරගන්න කරන අය ) මා සමග උරණ වූවත් මක්ක කරන්නද?
කෙසේ වෙතත් කුකුලු මස් රස ගන්න කුකුලු මස් ව්‍යංඤ්ජණයටත් කුකුලු මස් රස සුප් කැට දාල උයන්න වේවිද යන්න සැකයක්? නොකිව්වට ගොඩක් අය දැනටමත් දානව.

ලංකාවේ විරුද්ධ පක්ශත් නිකං ඒ වගේ කියල මට හිතුන. මෙලෝ රහක් නෑ. එක එක වෙලාවට එක එක ෆ්ලේවර්, ජනාදිපති මහින්දටත් එපා වෙලා. දැන් එයාට කියා දෙන්න වෙලා විරුද්ධ පක්ශෙටත් මොනවද කරන්න ඕන කියල.
සරත් ෆ්ලේවර් එක දාල ජාම බේරගත්ත, සජිත් ෆ්ලේවර් එක දාල බැලුව , කරු ෆ්ලේවර් එක දාල බැලුව ම්හ් ම්හ්. මොන මොන ෆ්ලේවර් දැම්මත් රනිල් ෆ්ලේවර් එක තමයි මතු වෙන්නෙ, කාගෙ කරුමෙද? කාගෙ පිනද? මේ බැම්ම බිඳ ගෙන යන්නෙ කොහොමද? ගිහින් මොනවද කරන්නෙ?

හැබැයි විපක්ශෙ ගෝසාවක් දැම්ම මෙන්න මේකට..

විපක්ශෙ කලින් කෑ ගහන කොට මහ බැංකුවෙ රත්තරන් වික්ක කියල නෑ කිව්ව් කට්ටිය දැන් කියනව මෙට්‍රික් ටොන් පනස් ගනනක් වික්ක අමෙරිකන් ඩොලර් කෝටි 196කට කියල. කමක් නෑ රත්තරන් තියෙන්නෙ හදිසියකදී පාවිච්චි කරන්න. හැබැයි කියන්න ඕන මේව ආයි ගන්නෙ කවද්ද කියල.?

විමල් ඇමති තුමා

විමල් ඇමති තුමා කියල තියනව කඩුවෙලදී මේ ලඟදී නිදහස් අද්‍යාපනය හා දහම් පාසල් අද්‍යාපනයෙන් පෝශනය වූ අපේ ගෘහ සේවිකාවන් ඉතාම උසස් ලෙස තම සේවාව කරන බව. 
එතුමා ඒ කලේ දහම් පාසල් අධ්‍යාපනය හා ලෝක ආර්තිකය බද්ධ කිරීමයි. එනම් ලෝක වෙලඳ පලේ ගෘහ සේවිකාවන්ගේ ඉල්ලුමට තිබෙන තරඟයේදී අපේ සහෝදරියන් ඉස්සරහින් ඉන්නේ දහම් අද්‍යාපනය නිසා. බුද්ධාගමටත් ලෝක වෙලඳපලේ අගයක් ලැබෙන හැටි විශ්ලේශනය කල එතුමා මං හිතන්නේ නිවාස ගොඩනැගීම් වැඩිකිරීමෙන් ලංකාවේ වෙලඳ පල ක්‍රියාකාරීත්වය වර්දනය කිරීම පැත්තෙන් හිතල වෙන්න ඕන ඒවැනි වටිනා අදහස් ඉඳ හිට එලියට දමන්නේ. මොකද බොහෝ වෙලාවට ගෘහ  සේවිකාවන් එවන සල්ලිවලින් වෙන්නේ පොඩියට ගෙයක් හැදෙන එක. බලන්න එතුමා බුද්ධාගම, දහම් පාසල, ලෝක වෙලඳපල හා එතුමාගේ අමත්‍යාංශයේ අනාගත දැක්ම. House Maid ------- made house -(ඇනස්ලි බර්ටිලගෙ පරණ විහිලු කෑල්ලකුත් තියෙනව මේ ගැන)

ඔය ඇනයක් දෙකක් ඔලුවට වදිනව, දෙන්නෙක් තුන් දෙනෙක් මරනව පුච්ච්නව, සමහරෙක්ව පාර්සල් කරල ගෙදර එවනව, ඒ වැනි අවස්තාවලදී අප මහ බෝසතාණෝ සාරාසංඛෙයිය කල්ප ලක්ශයක් පෙරුම් පුරද්දී කොපමණ ගැගැට විඳ තිබේ දැයි සිතා චිත්ත ප්‍රීතිය උපදවා ගන්නටත් පුහුණුවක් දහම් පාසල්වලින් පුහුණුවක් ලබා දීම මැනවි.

10 comments:

  1. Replies
    1. ඔව් ඒ ගොල්ලන්ගෙ වාසනාව!

      Delete
  2. රස මුසු කරන්න ගියාම ඕක තමයි වෙන්නෙ, ඔරිජිනල් රස මොනවා ද කියල මිනිස්සුන්ට අමතක වෙලා ගිහින්. කාගෙවත් ෆ්ලේවර්ස් ඕන නැහැ තිතට හරි යන සිස්ටම් එක මොකක් ද කියල හොදි හදන මිනිස්සු තේරුම් ගත්තොත්. ඒත් හැමදාම ෆ්ලේවර්ස් දම දමා හොදි හදපු අය දන්නෙ කොහොම ද කුකුල් රසය නම් කුමක් දැයි කියා, හුරුව ඇත්තෙ ෆ්ලෙවරේ රසේටනේ.

    ReplyDelete
  3. මහ එක්කෙනා එක එක රසකාරකවල් දාල හදල තියෙන හොද්දේ බැහැල ඉන්න ආණ්ඩුවේ 160 ගානට සහ විපක්ෂයේ සමහරකට ජනතාවගේ දැවෙන රසයට දෙන්නේ මෙලෝ රසයක් නැති උත්තර. ජනතාවත් මෙලෝ රසයක් නැති හොද්දේ කරනම් ගිලිලා කතිරය ගගහ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලන්ගෙ නම් හොද්ද බොරයි!

      Delete
  4. මං හිතන්නේ හැම දේකම දැන් දැන් තියෙන එකම රස තමයි භීබත්‍යය (පිලිකුල්) රස

    ReplyDelete
  5. මොනවාහරි කරලා රසේ ගන්න පුලුවන්නම් ඒකත් හොදයි නැත්තම් මෙලෝ රහක් නැහැනේ :)

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්