Followers

Monday, June 4, 2012

රැජිනටයි යුරෝපෙටයි අපිටයි දෙයියන්ගෙම පිහිටයි God Save European Union, England and Sri Lankans too

Prince Charles paid a tribute to 'Mummy' ons tage at Buckingham Palace after a momentous concert featuring some of the world's leading musicians - such as Paul McCartney, Sir Tom Jones and Elton John - in the background


බ්‍රිතාන්‍ය මහ රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් එංගලන්තයේ ලන්ඩනයේ බකිංහැම් මාලිගයේ පැවති මහ සංගීත ප්‍රසංගය අවසන් වූවා පමණයි. Paul Mcartney, Kylie Minogue, Goefrey Gurrumul Yunipingu, Tom Jones, Cheryl Cole, Elton John, ..ආදී ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවන් සහභාගී උනා. ලක්ශ සංඛ‍යාත ජනකායක් පැමිණ සිටියා. ලෝකය පුරා කෝටිසාංඛ්‍යාත ජනකායක් නරඹන්න ඇති.
චාර්ල්ස් Your Majestyමහ රැජිනියනි, Mummy, (අම්මේ,) කියල අමතන විට රැජිනගේ මුහුනේ සිනාවක් ගියා.
ජනතාව ඔල්වරසන් දුන්න චාල්ස් 'අම්මේ' කියපු වෙලාවේ. ලඟ හිටිය දෙවන ලේලියට මොනවද කිව්ව. ඩයන හිටිය නම් එහෙම කියයිද? අනූ විය පසු කල සැමියා පිලිප් කුමාරය ඉස්පිරිතාලේ. චාල්ස් කිව්ව මේ අසල ප්‍රතිකාර ලබන සිය පියාට ඇහෙන්න ඔල්වරසන් දෙන්න කියල, සිය පියාට එවිට සුවය ලැබේවි කියල. ජනතාව ඔල්වරසන් දුන්න නැවතත්. පිලිප්... පිලිප්.... කියල

මෙය ලෝකයට පෙන්වන්න කරපු ශෝ එකක් වුවත් සාමාන්‍ය ජනයා විශාල වශයෙන් සහභාගී වීම හොඳ ලක්ශනයක්.  (ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනපති මහින්දත් සහභාගීවීමට නියමිතව තිබුනා.
රැජිනගේ ආරාධනය, ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයෙන් දාපු කෝචොක් එකට කණේ පාරක්ද? කොහොමත් පොදු රාජ්‍ය මණඩලයේ ඉන්න නිසා නොකර බැරි උනාද?  එංගලන්තෙ දමිල ප්‍රජාව සද්දයක් දැම්ම ජනපති මහින්ද එන එක වලක්වන්න. හරි ගියෙ නෑ. )

ඒත් ඇත්ත කතාව නම් එංගලන්තය ප්‍රමුඛ යුරෝපය ආර්ථික වශයෙන් පහලට ඇදෙමින් සිටින බවය. දැන් මාස කීපයකට පමණ පෙර ලන්ඩනයේ ඇති වූ කලබල එයට හොඳ සාක්ශියක්.

ඉතිහාසයේ සරදම නම්
එංගලන්ත අධිරාජ්‍යය යුරෝපය පහලට යන අතර එහි යකඩ සපත්තුවට පෑගී සිටි ඉන්දියාව ප්‍රමුඛ රටවල් ඉහලට යමින් සිටිනවා. ගංජා අබිං වලින් පාලනය කළ චීනය මහ බලවතෙක් බවට පත් වී තිබෙනවා.
මහරැජින මේ අදිරාජ්‍යයේ ස්වර්ණම යුගයත් එහි සර්ව පිත්තල යුගයත් අත් දකිමින් සිටිනවා ඇති. මේ පම්පෝරි උත්සවයත් ලඟ එන ඔලිම්පික් උලෙලත් සැබෑ ආර්ථික අහේනිය නොහැකියාව අලු යට සැඟවීමට ගත් උත්සහයන්ද? ඉච්චාබංගත්වයට පත්ව ඇති ජනයාට යම් කික් එකක් දීමට ගත් උත්සහයක්ද?
තාම ලංකාවේ ප්‍රදාන අපනයන මාර්ගය රැජිනගේ ආණ්ඩුව හොයල දීපු තේ සහ අප විසින් සොයා ගත් ගෘහ සේවිකා අපනයනය. එනිසා ජනපති එංගලන්තයෙන් එන අතර මැද පෙරදිගත් හරහා  ඇවිත් අපේ අම්මලා, අක්කලා,  නංගිලා විඳින දහදුක් බලා ආවොත් වටිනව.

-------------------------------------

Above photo was taken from

http://www.dailymail.co.uk/tvshowbiz/article-2154539/Queens-Diamond-Jubilee-2012-concert-Cheryl-Cole-dazzles-elegant-strapless-gown-dramatic-fishtail-takes-stage-Gary-Barlow-Buckingham-Palace.html

------------------------
ගෘහ සේවයට යන ලඳුන් සංඛ්යාව අඩුවෙලාලු...Daily News-7/6/12
http://www.dailynews.lk/2012/06/07/news11.asp

----------------------------

ගෘහ සේවිකාවනට ලොකු ඉල්ලුමක්Lankan housemaids in demand - Wimal


http://www.dailynews.lk/2012/06/11/news50.asp

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් සෞදි අරාබියේ රියාද් නුවර නිවසක සිරකර ඇති බවට, එරට ‍පොලීසිය වෙත තොරතුරු වාර්තා වී ඇත.මේ 18/6/12

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=4699:2012-06-17-18-11-16&catid=81:europe&Itemid=457

7 comments:

  1. //එංගලන්ත අධිරාජ්‍යය යුරෝපය පහලට යන අතර එහි යකඩ සපත්තුවට පෑගී සිටි ඉන්දියාව ප්‍රමුඛ රටවල් ඉහලට යමින් සිටිනවා. ගංජා අබිං වලින් පාලනය කළ චීනය මහ බලවතෙක් බවට පත් වී තිබෙනවා.//

    මේ ඉතින් ලෝක ස්වාභාවය නේද? :)

    ReplyDelete
    Replies
    1. ඒත් අපි...... එංගලන්ත යකඩ සපත්තුවෙන් මිදී අපේම අයගේ යකඩ සපත්තුවට පෑගී සිටිමු.

      Delete
    2. කොහොම හරි පොඩි මිනිහාම තමා කවදත් තැලෙන්නේ

      Delete
    3. ඕක අපලෙකට වෙච්ච් දෙයක්, පොඩි දේව පූජාවක් තියල බලමු, නවග්‍රහ යන්ත්‍රයක්, කහ නූලක් දාල බලමු.
      ස්තූතියි,පොඩි කුමාරි හාමිනේ, ජයශ්‍රී, හසිත

      Delete
  2. කාලෙකට උඩදි මිනිස්සු විරෝධතාත් ගෙනාවනේ ආණ්ඬුවෙන් රජ පවුල වෙනුවෙන් කරන වියදම් අඩු කරන්න කියලත්..

    ReplyDelete
    Replies
    1. මිනිසුන් දැන් ඕන මගුලක් කියල ඔහේ ඉන්නව ඇති.
      ඩයනට වෙච්ච් හදිය මදැයි.
      ස්තූතියි දිනේශ්

      Delete
  3. God save the Queeeeeeeeeeeeeeeeeeeen !!!!!!!!!!
    henryblogwalker the Dude

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්