Followers

Friday, June 22, 2012

කාන්තා හා පිරිමින්ගෙ මාල හෙවත් කර පලඳනා, Xක්කු කතාවකුත් තියෙනව


ලංකාවේ අපිට කර පලඳනා නැත්නම් මාල අමුතු දේවල් නොවෙයි. ඒව වඩාම ජනප්‍රිය කාන්තා පක්ශය අතරෙ බව කියන්න ඕනෙ නෑනේ. අම්මල කියනව කර පාලු කරන්න එපා කියල. ඒ උනාට මොකෝ, අපේ අම්මගේ කරේ බොහෝ වෙලාවට කරේ පාලු ඇරියෙ රත්ත්‍රන් 'වගේ' මාල. ඒ කිව්වෙ අම්මගෙ භාශාවෙන් කියනව නම් ඉමිටේශන්; තබක්ක කියලත් සමහරු කියනව. අම්මගේ ඇත්ත රත්තරන් මාල බොහෝ වෙලාවට තිබුනෙ ඊ ඒ පී එදිරිසිංහ ල වගේ අය ලඟ.  මුවන් පැලැස්සෙ කදිර බැන්දෙ හෙනරාජ තෛලය අඩංගු සුරයක් වන අතර ප්‍රභාකරන්ගෙ කර වටේ තිබුනේ සයනයිඩ් කරලක්. 
ගිනිතියපු ටයර් කරට පලඳන කාලෙකුත් තිබුන. 
ලෙඩ දානවටත් කියනව, මාල දානව කියල. 
පෙදරේරුවන්ගෙ පරිභාශික වාග් මාලාවෙත් තියෙනව මාලය කියන වචනෙ.
ජනක රත්නායක ඇන්ද සුසීමා කතාවේ සුමේද බැන්දෙ කොටි දතක්. මේ හැත්තෑ ගනන්වල කතාවක්. මාත් කොටි දතට සමාන කරූ අයියගේ කම්මලේ තැනූ සුදු යකඩ කොඩි දතක් කලු ලේස් පටියක අමුණල කරේ පැලඳුව. කොඩි දතට ඉහලින් දයාල් කියල ඉංග්‍රීසි අකුරෙන් කොටා ගත්තා. මං හිතුව , කාලෙට ගැලපෙන කොල්ලෙක්. 
මාත් එතකොට ඒ කාලෙ ට්‍රෙන්ඩි කොල්ලෙක්. ඒ දවස්වල භාශාවෙන් මොඩ් පොරක්. බෙල් බොටම් මිසක් කක්ක පැත්ත පේන ලෝ රයිඩර් ඒ කාලේ තිබුනෙ නෑ. පොඩ්ඩක් ලන්කට් එක පේන්න සරම උස්සන පොරවල් හිටිය. එකක් චන්ඩි කමට. අනෙක ඩෝප් මර ගාතෙට.

මාත් බොහොම අගේ කරන සාටකයත් කර පලඳනාවක් ලෙස ගන්න පුලුවන් ම'හිතේ.
අවුරුදු 12000 කට පෙර සිදු වූ ලෝකයේ පලමු තඹ හා යකඩ භාවිතයට සාක්ශි හමුවන්නේ  ලංකාවේ මාදුරු ඔය ප්‍රදේශයෙනි. ඉතින් ලෝහ කර පලඳනා ඕන තරම් තිබෙන්න ඇති ලෝකයේ පලමු වතාවටත්. 

ඊයෙ පෙරේද දවසක, අපේ ජනපති මහින්ද බ්‍රසීලයේ ගොහිල්ල 20+ රැස්වීමෙදි කිව්ව අපි අපේ ප්‍රශ්නවලට අපේම විසඳුම් දෙනව කියල.  ඉතිහාසෙ බැලුවහම එහෙම බැරි කට්ටියකුත් නොවේ අපේ පොරවල්. ලෝක දේශපාලනයේ රෙකොර්ඩ් තියපු කට්ටිය ලංකාවේ ඉන්නෙ, පලමු කාන්තා අගමැති, කාන්තා ජනපති...
ඇත්ත, පරිසර නීති රීතිවලින් සංවර්දනය වන රටවල වර්දනයට අකුල් නොවැටිය යුතුයි. මැලේසියාව සිංගප්පූරුව වැනි රටවල් සිය ජාතික සමගිය රැකගන්නේ කොහොමද ආදියත් එතුමාගේ අපේම කියන විසඳුමට අඩංගුයි කියල මට හිතෙනව. පරිසරය රැකගන්න අපේම වර්ගයේ විසඳුමට ලෝක උරුමයක් වන නකල්ස් කඳුවැටියෙ වැනි තැන්වල හෝටල බලහත්කාරයෙන් ගොඩනැගීම වැනි දේ අයත් නැතිව ඇති.

නැවතත් මගේ මංගල්ලෙට දිහාවට හැරෙමු..

පසුව මා විවාහ උන කාලේ අහේනිය මග ඇරිල තිබුන නිසා මංගල්ලෙ ටිකක් සරුවට ගත්ත. මංගල ආභරන හදන්න ගිය වියදම මතක් උනා. ස්වර්ණ මහල් එකෙන් අපේ මිත්‍රයෙකුගෙ ඩිසයින් එකකට හදව ගනු ලැබුවේ. 
මං හිතන්නෙ රත්තරන් පවුමක් පන්දාහක් විතර ඇති ඒ දවස්වල. දැන් නම් දහගුනයක් වැඩිවෙලා. දැන් හිතෙනව අනේ රත්තරන් ටිකක් අරගෙන දාල තුබුන නම්. ගොඩේ ගොඩ.  පවුමක් කියන්නෙ ග්‍රෑම් අටක් විතරනේ. 

මල් මාල, පොල් කටු මාල කියල ජාතිත් තියෙනව. රාජ උදහසට ලක්වී හිස ගැසීමට ලක් කරන්න ගෙනියන විට වද මල් පලඳවා වීදි සංචාරය කෙරිල තියෙනව.  ඒ වගේම ලෝකයේ නොවූ විරූ මාල පලඳන ලද කට්ටිය ලංකාවේ හිටිය.
 අනාගතේටත් ඉඳීවි.

මේ සේරම මගේ මතකයට එන්න ගත්තේ අමා ටෙලි නාට්‍යයේ වීරයා වන හිරුගේ කර පලඳනාව දැක්කම.

-------------------------------


ලංකාවේ ඉතිහාසයෙන් බිඳක්
http://www.scenicsrilanka.com/history-of-sri-lanka-483BC.html

19 comments:

  1. මාල කතා ටික නම් ලස්සනයි.

    ඔයාට අංගුලිමාලගේ බෙල්ලේ තිබුනු මාලේ ගැන කියන්ට අමතක වෙලානේ.:)

    ReplyDelete
    Replies
    1. හැබෑ නොවෙන්නම්, ඒක අමතක උනා.
      අහිංසකයන්ව ගොනාට අන්දන අය කවදත් හිටිය. අනේ ඔයාගේ වෙන්ඩ ඉන්න හබියට නම් එහෙම කරන්න එපා.

      Delete
  2. හොඳයි. ඒත් මොකක්දෝ පොඩි කලබල ගතියක් තියේ :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ලකී මාත් එකඟයි, ඒ ගතිය නිවැරදි කරගන්න බලන්නම්

      Delete
  3. ගීදමෝපසාං ගේ දියමන්ති මාලය කියවල තියෙනව ද?

    මධ්‍යම පාංතිකයන් ඉමිටේෂන් වලට රැවටීම ඒකේ මනාව චිත්‍රනය කරල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ජයශ්‍රී, මතක නෑ. නැවත කියවන්නම්, ඔබ මතුකල කාරණාව දිගටම සාකච්ඡාවට දමමු.

      Delete
  4. දායාගේ ලිපිය කියවන කොට මම හිතින් අතීතයට ගියා. අපි දෙන්න ඉන්ටර්න් ෆිප් කරපු සල්ලි එකතු කරලා මාලයක් ගත්තා බදිනදාට කරට දාන්න. ඒ කාලේ මට ගියා ඒකට පනස්දාහක් විතර දැන් ලක්ෂ ගානක් මයේ අම්මේ ගෙඩි රුපියල්ම ලක්ෂ ගානක්.
    මම මේ ලඟදි මගේ මිත්‍ර හොදම හොද ඉකොනොමිස්ට් කෙනෙක් එක්ක 1977 සහ අද අතර ඩොලරයට වුනු දේ ගැන සොයා බැලුවා. 1977 රුපියල් 8 වුනු ඩොලරය අද 132. ඒ ගානට සාපෙක්ෂව බැලුවම රත්තරන් වල වටිනාකම එදා වගේමයි වෙලා තියන්නේ රුපියල බාල්දු වීම විතරයි.

    ReplyDelete
    Replies
    1. වෙද ගෙදර මහ වෙදනා,
      තම මුදල් අවප්‍රමාණ කිරීම ආර්ථික න්‍යායක් අනුව කෙරෙන නේද?
      මට මතකයි ජපාන් යෙන් නැතනම් ඉතාලි ලීරා ඉස්සර ලංකා රුපියල් සත ගනනට තිබුනෙ. ?

      Delete
  5. මැවිල පේනවා දයාල් බතී සරම උස්ස ගෙන යන හැටි රීඩ් ඇවනියු එකේ.

    ReplyDelete
    Replies
    1. කකාට හිතෙන ඒවා?

      Delete
  6. දැන් ඉතින් පළඳනා වලට ගෑනු පිරිමි බේදයක් නැහැ නෙව. මාල වලලු කරාබු..මුදු.... ගැහැණු අයට වඩා දැන් ඒව දාන්නෙ පිරිමි උදවිය. දවසක් මම බස් එකේ දි දැක්කා වයස 17ක විතර පිරිමි දරුවෙක් අත පිරෙන්න වලලු දාලා. රබර් වගේ ජාතියක් හීනියට පාට පාට වලලු ගොඩාරියයි.

    මම කොල්ලා දිහා බලල හිනා වුනා.ඒකාත් මාත් එක්ක හොඳට හිනා වුනා.

    අනික...ඉස්සර රජ කතා වල උනත් පිරිමි ඈයෝ සෑහෙන පළදනා පලදල තියෙනවනේ.

    රත්තරන් මාල ගැන කියනව නම් , ගිය සතියෙත් අපෙ ඔෆිස් එකේ ගැහැණු කෙනෙක්ගෙ මාලයක් “සුටුස් “ ගාලා කඩාන ගිහින් තිබ්බා මෝටර් බයික්කාරයෙක්....

    ReplyDelete
    Replies
    1. අවුරුදු දාහතේ පිරිමි දරුවා කාටත් කරදරයක්, නෑනේ, වයස වැරැද්ද විතරයි. ඒත් අර හොර ගෙඩියා, ඔෆිස් එකේ නංගි පව්.

      Delete
  7. මතක කරන්න බැරි මාලයක් තමා "බෙලි කටු මාලෙ" ....... ගමේ ගොඩේ නිතර කියන කියමනක් තමා "අන්න අරකි අදත් ඒකිගෙ බෙලිකටු මාලෙ හොල්ලනවා" .......

    කොටි දත කොටි නිය එල්ලගන්න එක ආවේ හුලවාලි ෆිල්ම් එකෙන් පස්සේ වගේ මතක. කොටි නිය වෙනුවට බලු නිය විකුණපු ඇන්ටික් ශොප් එකක් නුවර තිබුනා ඔය කියන කාලේ....

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. බෙලි කටු මාලේ.. උහ්.. අපේ ගෙදරත් ඔය ජාතියෙ එකක් තියේ ?

    ReplyDelete
  10. මතකද දයාල් ඒ කාලෙ බ්ලැක් පවර් කියලත් පෙන්ඩන්ට් කෑල්ලක් තිබ්බා. මිට මොලවා උඩට ඔසවා ලෙල දෙන කලු අතක්?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කතන්දරට වගේ ඔබටත් තිබෙන්නේ මාරම මාර මතකයක්?

      Delete
  11. දයාල්. ඔය සුමේධ කියන චරිතෙ හිටියෙ 'සුසීමා' කතාවෙ නෙවෙයි. ඒකෙ හිරියෙ රංග, අසේල සහ ප්‍රදීප්. සුමේධ හිටියෙ 'පාට පාට හීනයක්' කතාවෙ නේද?
    henryblogwalker the Dude

    ReplyDelete
  12. ඇත්ත නේන්නම්, දැනුයි සිහිය සැපත් උනේ, ස්තූතියි dude

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්