Followers

Sunday, July 8, 2012

මොන මගුලක්වත් රහසක් ලෙස තියාගන්න විදියක් නෑ


           SMS

මොන මගුලක්වත් රහසක් ලෙස තියාගන්න විදියක් නෑ කිව්වේ මගේ හිතවතෙකුට උන සිද්දියක් නිසා. මගේ හිතවතාගෙ පියාණන්ට අසනීපයි කියල කෝල් එකක් ආවා දුර බැහැර නිවසෙන්. ඉතින් ඔහු, ඔක්කොම වැඩ නවත්තල ගෙදර යන්න ලෑස්ති උනා. මිනිහ ලෑස්තිවෙල මගට බහින කොට මෙන්න බොලේ වැල නොකැඩී එස් එම් එස් එනව; ඒවා බල බල ඉන්න වෙලාවක් නෑ. ලෑස්තිවෙලා දුවල දුවල පැනල සල්ලි ටිකකුත් හොයාගෙන, සුමානයක් නිවාඩු දාලා, චුටි පැටියට කිව්වෙ චුටි ගැනු ලමයට කියල එයාගෙන් සමු අරගෙන,  ඔහුගෙ හෘදය රෝගයට ඔසුහලෙන් වැඩිපුර බේත් වර්ග ටිකත් අරගෙන, 3-වීල් එකක් අරගෙන පිටකොටුවට ගිහිල්ල නැග්ග නුවර බස් එකේ.


තවත් එස් එම් එස් එනව සද්දෙට.. කික් කික්,

 ඒව බල බල ඉන්න වෙලාවක් නෑ.  මගෙ හිතවතාට කල්පනා කරන්න වෙනත් දේවල් ගොඩක් තිබුනා. අප්පච්චි ගැන, අසනීපෙන් හිටිය අම්ම ගැන. අප්පච්චිව කොළඹට අරන් එන්න වේවිද?, එතකොට අම්මව කවුද බලාගන්නේ. ඔහුගෙ එකම අයිය පදිංචිය කැලිෆෝනියාවල.
විශ්ව විද්‍යාලයේ උගන්වන මගෙ හිතවතා කල්පනා කරනව 'මට පේපරස් හදන්න තියෙනව ළඟ එන විභාගෙට, මේ සතිය ඇතුලත ඒව මං ඩීන් ට ලැබෙන්න සලස්වන්න පොරොන්දු උනා, කොහොමද ඒක කරගන්නේ..ඒ අස්සෙ කට්ටිය ස්ට්‍රයික් කරන්නත් ලෑස්තිවෙලා.

'මේ දවස්වල ඩෙංගු රෝගීන්ගෙන් ඉස්පිරිතාල පිරිල,  භාරගන්න බෑ කීවොත් ප්‍රයිවට් හොස්පිටල් එකකවත් නවත්තන්න කීවොත් මා ලඟ සල්ලි කෝ, එහෙම උනොත් අයියටවත් කියල බලනව'


ඒ අතර කෝල් එකක් ආවා, අතේ තිබුනු මෝබයිල් එකට.
'මචං මම රංග, නිව් යෝක් ඉඳල'


'හලෝ මචං කාලෙකට පස්සෙ, මං මේ ගෙදර යන ගමන් හදිස්සියකට'

'ඔව් මට ආරංචි උනා'

'මොකද්ද මචං ඒ?'

'තාත්ත නැති උන විත්තිය'

'මොනව! උඹ කොහොමද දන්නෙ?'

'ඇයි මචං උඹගේ ෆේස් බුක් එකේ කවුද දාල තියෙන්නෙ,දැක්කෙ නැද්ද?'

'අනේ මචං, තවම මංවත් දන්නේ නෑනෙ. මට ගෙදරින් කිව්වෙ තාත්තට හොඳටම අමාරුයි  ඉක්මනට එන්න කියල!'



16 comments:

  1. මේ ගිය සුමානේත් ඔහොම කතාවක් ඇහුවා. බ්ලොග් ලියන හිතවතෙකුයි වුනේ. එයා ලියාවි කියා හිතෙනවා පස්සේ ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. තවත් කෙනෙකුටත් එහෙම වෙලාද?

      Delete
  2. :D දියුණු ලෝකේ දියුණු ලෝකේ.

    ReplyDelete
    Replies
    1. සන්නිවේදනය නම් හරි දියුනුයි, ඔව් අපිත් සන්නියක් හැදිල වගේ එක්කො කොම්පීටරේ, නැත්නම් ෆෝන් එකේ, ටී වී එකේ,... සන්නි.... වේදනය
      අපේ මනසට නිතරම කුමක හරි යෙදවෙන්න අවශ්‍යයයි, හැබැයි ඔක්කොම වියදම් යන වැඩ තමයි..

      Delete
  3. අනිවා ඕකට LIKE කරලත් ඇති වැල නොකැඩී.
    henryblogwalker the Dude

    ReplyDelete
  4. හ්ම්..අඬන්නද හිනාවෙන්නද කියල හිතාගන්ඩ බෑ සෑර්.

    ReplyDelete
    Replies
    1. ගුණේ, ආණ්ඩුවට, බනින්නෙ, හිනාවෙන්නෙ නැතුව ඕන දෙයක්?

      Delete
  5. තාක්ෂණයේ අරුමය

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවකට හිතෙනව මේක කරුමය කියල

      Delete
  6. මූනු පොතක් නැති ජීවිත තියනවද? ඊලඟට මොන පොත් එයිද දන්නේ නෑ.:)

    ReplyDelete
    Replies
    1. ඔලුවට චිප් එකක් ඉන්ප්ලාන්ට් කරන එක,

      අපට හිතන්න විතරයි තියෙන්නෙ, පාර්ලිමේන්තුවෙ ඉන්න පරචිත්තවිජානන ඇමතිගේ කාර්යමන්ඩලය විසින් එය ඉශ්ට කර දෙනු ඇත.

      එයට කියන්නේ චිප් බුක් කියලයි

      Delete
  7. අනේ මන්දා මෙව්වා!

    ReplyDelete
    Replies
    1. සබිත් මොකද මේක එච්චරම ප්‍රශනයක්ද?

      Delete
  8. තාක්ෂණය නැති කාලේ ඔහොම දෙයක් උනානම් අරුමයක් නෑ... තාක්ෂණය දියුණු කාලේ ඊටත් අන්තයි...
    කපුටු තට්ටේ කතාව අහල ඇතිනෙ.

    ReplyDelete
  9. මේ කතාවට බොහොම සමාන කතාවක් මම මේ ඊයෙ පෙරේද ඇහුව අයියෙ.... සමහර විට මේ එකම කතාව වෙන්ඩත් පුලුවන් අපි දෙන්නම කතා කරන්නෙ...
    මට හිතෙන්නෙ නං කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ට සම්බන්ධ දේවල් මේ විදියට ප්රලසිද්ධ කිරීමෙදි ඒකෙ බලපෑම් ගැන දෙවරක් හිතන්ඩ ඕනෙ කියලයි...
    අපි දන්නවද ඇත්තටම ඒ සිද්ධියට මුහුණ පාල ඉන්න මිනිස්සු ඉන්න මානසික තත්වය. ගැන?? අපි වගකීමක් ගන්නවද ඒ වගේ දෙයක් කලාම ඒ අයට සිද්ධ වෙන්ඩ පුලුවන් දේවල??..
    එහෙම හිතද්දි මිනිස්සු ඉන්නෙ තොරතුරු බෙදාහැරීම පිලිබඳ අනවශ්යය තරගයක කියල මට හිතෙනව...

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්