Followers

Wednesday, July 11, 2012

බ්ලොග් කරුවන්ටත් ජනපතිගෙන් ඇරයුම්?





බ්ලොග් කරුවන්ටත් ජනපතිගෙන් ඇරයුම් ලැබෙයි වගේ?
ම'හිතන විදියට චෑන්ස් එක ලඟයි.
ඊයෙ පෙරේද කාටූන් ශිල්පීන්ට ආරාධනා ලැබී ඔවුන් මැදුරට ගොස් ජනපති හමු වී තිබුනා.
ම'හිතේ බඩ පිරෙන්න කෑම
හැබැයි හිත පිරෙන්න බීම නෑ.  අමධ්‍යප නිසා . මතට තිත. අපේ අයියල දෙකක් දාගෙන නොගත්ත වගේ ඉන්නෙ නැතුව කට අරින්න ගත්තම ඔහොම තමයි.

අපිටමයි වෙන්නෙ.....

හිතමින් ඉන්නේ එසේ ආරාධනවක් ලැබ මැදුරට යන්න අවශ්තාවක් ලැබී ඔබට තිබෙන ප්‍රශ්න මොනවාද කියා ඇසුවොත්, අහන ප්‍රශ්න මොනවාද කියලායි..

මේං මේ වගේ දේවල් හිතට ආවා...


1.  බ්ලොග් මාතෘකා සපයාගැනීම සහ හිට්ස් ලබා ගැනීමේ විධික්‍රම, මහජන සම්බන්දතා අමාත්යාංශයෙන් උදව්වක් ලබාගැනීමට පුලුවන් වේවිද?

2.  රජය විවේචනය කල යුතු සීමාවන් මොනවාද, විවේචනය නොකල යුතු දේ හා පුද්ගලයන් කවරේද?

3.  නොමිනේශන් ලබා ගැනීමට බ්ලොග් කරුවෙක් වීම අවාසි දායකද?

4.  ක්‍රිකට්, සිනමා, ටෙලිනාට්‍ය, ව්‍යාපාරික, ආදීන්ට පාර්ලිමේන්තුවේ නියමවූ අසුන් තිබෙනවා මෙන් බ්ලොග්  ලියන්නන්ටත් අසුනක් දෙකක් වෙන් කර දිය නොහැකිද? එසේ දෙන්නේ නම් පදනම කුම්ක්ද, වැඩිම හිට්ස් ගනනක් ලැබූ තැනැත්තා, වැඩිම පෝස්ට් ගණනක් යවපු තැනැත්තා ආදී වශයෙන්...ජ්‍යොතිශය ගැන ලියන අයට නැත්නම් දේශපාලනය ගැන ලියන අයට ආදී වශයෙන්

5. විරුද්ධපක්ශේ වගේ හැම එකකටම පක්ශ නොවී විරුද්ධව ලියන්නද?

6.  එතකොට සුදු වෑන් එකකින් ඔසවා ගෙන නොයයි යන්නට සහතිකය කුමක්ද?

7. ඇනෝෆිලස් ගෙන් බේරුනත් ඇනොනිමස් නැමති බ්ලොග් කරුවාගෙන් බේරීමට නොහැකි නිසා එයට උදව්වක් දෙන්න පුලුවන්ද?  (ඒ කියන්නෙ සුදූ  වෑන් එක එවන්න පුලුවන්ද?)

8.  රජය විවේචනය කලොත් නැත්නම් ඒ වගේ පෙන්නුවොත් කාට හරි බලවතෙකුට බ්ලොග් එක විකුණගන්න බැරිවේවිද?


24 comments:

  1. ලේකම්ව හමුවුනා නේ කට්ටියක් ගිහින් ලඟදී දවසක.

    ReplyDelete
    Replies
    1. කට්ටියක් කීවෙ?

      Delete
  2. උඹ එතන ගිහින් ඔව්වා ඇහුවොත් ගිය අනෙක් උන්ට අහන්න ඉතුරුවෙන්නේ එක පුරස්නයයි . .

    "අර පුරස්න අහපු දයාල් බතී කොලුවා කෝ?"

    ReplyDelete
    Replies
    1. මං නරක් දෙයක් ඇහුවේ නැහැනේ

      Delete
  3. හික් හික් හික්..
    මතට තිතද,තිතට මතද මංද..
    අනේ නිකං දවල් හීන නොබල හිටින්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් කමක් නෑ මං හිතුවෙ ඇත්තටම තිත කියලා.

      Delete
  4. Replies
    1. ශහ් මටත් විහිලු කරන්න පුලුවන්නෙ

      Delete
  5. හැබැයි හිත පිරෙන්න බීම නෑ. අමධ්‍යප නිසා// කව්ද අමධ්‍යප,,?? ජනාධිපතිතුමාද?? එතුමාගේ මල්ලීද?? අයියාද?? අපිද??? එතුමාත් අපි වගේ තමා, මධ්‍යපයි මධ්‍යපයි.

    ReplyDelete
    Replies
    1. ඔබත් සුරමේරය මජ්ජ පමා ද, අගනේය සහෘදයෙනි.

      Delete
  6. බ්ලොග්කරුවෙක් වීමේ වරප්‍රසාද :)

    ReplyDelete
  7. මහින්දට දෙන්න ඕන කියවන්න අර මීවනපලානේ ජයරත්නගේ බ්ලොග් එක

    ReplyDelete
  8. අපොයි ඉවරයි. මෙච්චරයි කියවන්න දෙයක් තිබ්බේ. ඉවරයි.... දැන ඉඳහිටවත් මොනවා කියවන්නද. මේකත් සිළුමිණ වගේ දිවයින වගේ වෙයිද?පුවත්පත් කතුවරුන්සමඟ ගන්න උදේට තේ මේසෙට යන්නේ කවුද එතකොට?

    ReplyDelete
  9. වෙදගෙදර මහ වෙදනා, ඔබ තුමා දැම්මම භය වෙන්න කාරි නෑ, තවම අපි ගියේ නෑ. යනව නම් යන්නෙ අපේ අයිතිවාසිකම් දිනාගෙන, ඩියුටි ෆී කාර් පර්මිට්, කොලඹ 7, බ්ලොගර්ස් ගාර්ඩන්ස් එකේ අඩු මිලට නිවාස හා ඉඩම්, වසරකට වරක් පැවැත්වෙන බ්ලොගර්ස් තරඟයට අමෙරිකාවට යන්නට ස්‍රි ලන්කන් එයාර් ලයින් එකෙන් ටිකට්, හිල්ටන් වැනි තරු පහේ හෝටල වල කෑම බීම වලට 90%ක් ඩිස්කෞන්ට්, පාර්ලිමේන්තුවේ අඩුම තරමින් ජාතික ලැයිස්තුවෙන් ආසන දෙකක්, බ්ලොග් මතෘකා සැපයීම ම්හජන සම්බන්දතා අමාත්‍යාංශයෙන් අපි ආණ්ඩු විරෝධී ලෙස ලියනා බ්ලොග් රජයෙන් සහතික මිලක් ගෙවිය යුතුයි නැත්නම් ආණ්ඩු විරෝධී බ්ලොග් ලියන්නේ නැත ආදී දේ ආරම්ඹයක් ලෙස ලබා නොදෙන්නේ නම් අපි මීටින් එකකටවත් යන්නේ නැත.

    ReplyDelete
  10. අපේ කතෲ තුමාලයි ශ්‍රේෂ්ඨ කලාකරුවොයි ඉඩ දෙයි කියලද කස්ටිය හිතන්නේ :-)

    ReplyDelete
  11. ඒක මොනවහරි කර ගත්තෑකි, අපේ ඩීල් එක තියෙන්නෙ ජනාධිපතිතුමා එක්ක, ඒගොල්ලො බ්‍රෙක්ෆස්ට් එකට යනව නම් අපි යන්ව ලන්ච් එකට

    ReplyDelete
  12. ෂහ්... චෑන්ස් එකක් ආවොත් මාත් නං යනවා. ගිහින් ආපු ගමං පෝස්ටෙකක් දානවා 'එන්ඩ කිව්ව හින්ද ගියාට අපි ලියන්නෙ අපිට ඕනෙ එව්ව හරිය?' කියල. අර කාටූන් කාරයො වගේ :)

    ReplyDelete
  13. බත් කාල ඇවිල්ල හොඳ නෑනෙ එහෙම කරන එක?

    ReplyDelete
  14. බොන්ඩ දෙන් නැත්තං මම යන් නැ

    ReplyDelete
  15. අටර්‍මපහුර
    කට වරද්ද නොගත්තොත් හොඳයි

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්