Followers

Thursday, August 2, 2012

ඒබ්‍රහම් ටී කොවුර් නැවත ඇවිත්-කාලෝගෙන් ලක්ශ දහයක චැලෙන්ජ් එකක්


අඬන්න ඕනෙලු කිරි එරෙන්න. මාත් කාලෙකට පෙර බ්ලොග් පෝස්ට් එකක් ලීව ඒබ්‍රහම් ටී කොවුර්ට නැවත එන්න කියල. අනේ එතුමට එය ඇහිලද කොහෙද? 

යමෙකු තමාට ගුප්ත ශක්තියක් ඇති බව ඔප්පු කළහොත් ඒ පුද්ගලයාට රුපියල් දශ ලක්ෂයක් පිරිනැමීමට තමන් සූදානම් බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

මේ සඳහා තමන් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය හා එක්ව අභියෝග 12ක් ඉදිරිපත් කරන අතර ඉන් එක් කරුණක් හෝ ඔප්පු කර පෙන්වීම මෙම මුදල ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් බව හෙතෙම පවසයි.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කාලාම සූත්‍රය මත පදනම්ව විද්‍යාත්මක චින්තනයක පිහිටා තමන් විසින් මෙම අභියෝග ඉදිරිපත් කරන බව ඒ මහතා පවසයි.
මෙය ශ්‍රී ලංකා හේතුවාදී සංගමය හා එක්ව 1964දී ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියෝග මාලාව නැවත සමාජගත කිරීමක් බව පවසන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ආචාර්ය කොවුර්ගේ අභියෝග 21 අද දවසේ 12 දක්වා අඩු කර ඇති බවද පැවැසීය.
ආචාර්ය කොවුර් විසින් මෙම අභියෝග 21 ඉදිරිපත් කරන ලද්දේ ඒවායින් එකක් හෝ ජය ගන්නා අයෙකුට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරන බව පවසමිනි. 
ගුප්ත විද්‍යාවන් ගැන පුළුල් කතිකාවතක් සමාජගතවී ඇති වර්තමානයේ එවැනි හැකියාවක් ඇත්තවුනට ඒවා ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීමට මෙම අභියෝග කදිම වේදිකාවක් වනු ඇතැයි මහාචාර්ය ෆොන්සේකා පවසයි. ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාවන් පසක් කර ගැනීමට මින් ඉඩ සැලසෙන බවද මහාචාර්යවරයාගේ අදහසයි. 
අභියෝග ජය ගැනීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයින් ඒ සඳහා රුපියල් 10,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතුව ඇති අතර, ශ්‍රී ලංකා හේතුවාදි සංගමයේ ‍ලේකම් තාරක වරාපිටිය, සභාපති සූරපාල රණතුංග සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ සාමාජික අමුණුගොඩ තිලකරත්න යන මහත්වරු විසින් මෙම කටයුතු සංවිධානය කරනු ලැබේ.
මෙම අභියෝග ජය ගන්නා පුද්ගලයා සඳහා පිරිනැමීමට නියමිත රුපියල් දශ ලක්ෂයක මුදල දැනට සණස බැංකුවේ ස්ථාවර ගිණුමක තැන්පත් කර ඇති අතර, එම බැංකු තැන්පතු සහතිකය පසුගියදා “ලක්බිම ඉරිදා සංග්‍රහයේ” ප්‍රධාන කර්තෘ සුන්දර නිහතමානි ද මැල් මහතාට බාරදෙන ලදී.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ, ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ගරු ‍ලේකම් තාරක වරාපිටිය මහතාගෙත් අත්සනින් යුතුව නිකුත් කර අප වෙත ලබා දී ඇති එම අභියෝග මාලාව මෙසේය.
1. දැවෙන ගිනි අඟුරු මත යටිපතුල් නොපිලිස්සී තත්පර 30ක් හිටගෙන සිටීම. 
2. ලියුම් කවරයක බහා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම.
3. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන ලංකාවේ වලංගු මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම. 
4. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන කෙනෙකු විසින් පදවනු ලබන වාහනයක් “ගුප්ත බලයකින්” නතර කිරීම.
5. ආධ්‍යාත්මික හෝ වෙනත් ගුප්ත බලයක් හෝ උපයෝගී කරගෙන විනිශ්චය මණ්ඩලය විසින් නියම කරනු ලබන වස්තුවක් අතුරුදන් කිරීම. 
6. විනිශ්චය මණ්ඩලය  විසින් දෙන ද්‍රව්‍යයක බර යටත් පිරිසෙන් 10කින් වැඩි කිරීම හෝ අඩු කිරීම.
7. විනිශ්චය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යයක් ගුප්ත බලයකින් ගොඩගැනීම. (උදා: තරගකරු විසින්ම පිළියෙළ කළ “හූනියමක් වුව” කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩදිය නොහැක්කේ එහිදී ඉලෙක්ටේ‍රානික උපාංග භාවිතා කළහොත් එය තරගකරුගේ හාස්කමකින් නොවන නිසාය.)
8. වතුර වයින් බවට හෝ පෙට්‍රල් ජලය බවට හෝ වයින් රුධිරය බවට හෝ පත් කිරීම. 
9. හුදෙක්, විශ්ව ශක්ති බලයක් හෝ වෙනත් ගුප්ත බලයක් උපයෝගී කරගෙන හෝ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිටදී විනාඩි පහකට ලංකාව පුරා ඉන්ට(ර්)නෙට් (අන්තර්ජාල) අත්හිටුවීම.
10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබා දුන් විට ඔවුන් සම්බන්ධව පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබා දීම.
(අ)  ස්ත්‍රී පුරුෂ භාවය (ආ) ජීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ) ජීවතුන් අතර සිටීනම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද (ඉ) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ෂයේදීද (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ සමාජ තත්ත්වය, වෘත්තිය, රැකියාව 
11. ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් දසදෙනෙකුගෙන් පස් දෙනෙකු තෝරාගෙන (අප විසින් දස දෙනාට අදාළ ලග්නය, උපන් දිනය, උපන් වෙලාව, ජීවත්වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත.) කිසියම් නිශ්චිත කාලසීමාවක් තුළදී ගුප්ත බලයක්, විශ්වශක්ති බලයක් දේවාශීර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මගින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.
12. සම්පූර්ණ වශයෙන් දෑස් නොපෙනෙන හෝ ඇවිදීමට නොහැකි දස දෙනෙකු ඉදිරිපත් කළ විට (විනිශ්චය මණ්ඩලය විසින් දස දෙනාට අදාළ ලග්නය, උපන් දිනය උපන් වෙලාව, ජීවත් වන ප්‍රදේශ ආදි විස්තර ලබාදෙනු ඇත.) ඒ අතුරින් තරගයෙන් තෝරා ගත් පස් දෙනකු ගුප්ත බලයක්, විශ්ව ශක්ති බලයක් දේවාශීර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මගින් කිසියම් නිශ්චිත කාලසීමාවක් තුළදී සම්පූර්ණයෙන් සුවපත් කිරීම.
(10,11 හා 12 සම්බන්ධව තරගකරුවන්ට ‍ජ්‍යෝතිෂ්‍ය ‍පොත්පත්, ලිත්, කැලැන්ඩර් හෝ පරිගණකයක් භාවිත කළ හැක.)
අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් වන්නන් පිළිබඳව විශ්වාසය තහවුරු කර ගැනීමේ මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර අනතුරුව (අභියෝග ජය ගැනීමට විනිශ්චය මණ්ඩලය ඉදිරිපිට) විනිශ්චයට භාජනය වීමට පූර්වයෙන් රුපියල් දසදහසක තැන්පතුවක් අවශ්‍ය වන්නේ හුදු ප්‍රචාරක වාසියක් බලා‍පොරොත්තුවෙන් පමණක් ඉදිරිපත් වන්නන් වළක්වාලීමට බවත් සංගමය පවසයි.
මෙම අභියෝග පිළිබඳව යම් කෙනෙකුට විමසීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා හේතුවාදි සංගමය, 226 සයිමන් දියෙස් මාවත, මාදුපිටිය, පානදුර යන ලිපිනයේ  තාරක ( 0727449599), අමුණුගොඩ ( 0773119398), සූරපාල ( 0777295200) යන මහත්වරුන්ට ඇමතිය හැකිය.
විනිශ්චය මණ්ඩලය සඳහා හේතුවාදී සංගමයේ නියෝජිතයකු, මාධ්‍යවේදියකු සහ විශ්‍රාමික විනිසුරුවරයකු පත්කෙරෙන බව ශ්‍රී ලංකා හේතුවාදී සංගමය පවසයි.
තිස්ස ප්‍රේමසිරි


Comments  

0#4 chaminda 2012-08-01 15:14
anduwata puluwan ganna petral wathura karanna e ayata puluwan
Quote
+1#3 ජගත් චන්දන 2012-08-01 15:07
ඒබ්‍රහම් ටී.කොවූර් මහතා ඉටුකළ සමාජ මෙහෙවර ප්‍රමාද වී හෝ ඉටුකරන විද්‍යා කුලපති මහතාට සහ කාලෝ ‍ෆොන්සේකා මහතාට අපගේ උත්තමාචාරය !
Quote
+1#2 saman 2012-08-01 14:53
Eka aththa. Okkoma boru karayangen pirila.
Quote
+3#1 lakshmi dissanayake 2012-08-01 14:39
කාලීන අවශ්‍යතාවයක් ඉටු කිරීමක්. උගත් පුද්ගලයන් පවා සත්‍ය අසත්‍යතාවය අතර අතරමංවෙලා!
Quote

20 comments:

  1. අද කොහේ දි හරි මම දැක්කා පෙරේතියෙක් ‍පිදේන්නක් ලගට ආව කියල තිබ්බා. මටත් ඒ වෙලාවෙ මතක් වුනේ කොවුර් මහත්තයා. හවස නිදහසේ බ්ලොග් බලන්න ගියහමත් දැක්ක දෙයින් පුදුමත් හිතුනා....

    දැන් ලංකාවෙ කොහොමත් අද්භුත දේ සිදුවෙනවා හරියට... ඒ මදිවට ඒ දේවල් පතුරනවා හරි වේගයෙන්. විශේෂම දේ කියන්නේ ඒ දේවල් පතුරවන්න භාවිත කරන්නේ නවීන තාක්ෂණය.

    ReplyDelete
  2. හිත දියුණු කල කිසි කෙනෙක් මේ වගේ මෝඩ අභියෝග බාර ගන්න එකක් නෑ. පොඩ්ඩිත් මේ ලඟින් යන පෝස්ට් එකක් දැම්මනේ....:D

    ReplyDelete
    Replies
    1. මොඩ අභියෝග? .... O.o

      Delete
    2. හිත දියුණු කරපු අයට පේන්නේ නැද්ද දන්නේ නෑ ඔය ගුප්ත බල කාරයෝ ලංකාවේ අහිසංක දුප්පත් මිනිස්සුන්ට කරන වින කැටීම..ඉතින් උන්ට බැරිද ඒ අහිංසක මිනිස්සුන් ගැනවත හිතල පොඩ්ඩක් පෙනී ඉදලා රටේ ගුප්තබල ගුප්ත විද්‍යාව ඉහලට ඔසවල නියමිත ප්‍රමිතියක් දෙන්න.. මම පොඩි කුමාරිහාමිට කියන්නේ ඔය වගේ මෝඩ කමෙන්ට්ස් දාන්න එපා.. පරිකල්පන ශක්තිය තාර්කික භාවය නැති මෝඩ මිනිස්සු තමා ඔහොම කතා කරන්නේ.. අනික ඔය මිත්‍යා මත තව දුරටත් පැතිරෙන්න ඔය වගේ කතා හේතුවෙනවා..ඕකම තමා ඒවා පැතිරවන අය ගේන තර්කයත්..(ගුප්ත විද්‍යාව ලංකාවේ ඉහලට ආපුවහම අපිට බැරියැ ‍රජයේ රෝහල් වල අධ්‍යක්ෂකට කට්ටඩියෙක්පත්කරන්න.. උදේ රෝගීන් බලන්න කපු‍රාල වෙස් බැදගෙන බෙර කාරයෝ පිරිවරන් යනකොට ලස්සනට තියෙයි නේද??

      Delete
  3. මේක නම් ගොඩක් හොද වැඩක්. බොරු කාරයන්ගේ රෙදි ගැලවීමට මෙන්ම දක්ෂයෙක් වේ නම් ඔහුට යම් තැනකට ඒමටත්.

    ReplyDelete
  4. අනිවාරෙන්..මමත් ගිනි කුරුල්ලට එකඟ වෙමි.

    ReplyDelete
  5. ඔන්න ඕක කොහෙදෝ තිබිලා මාත් කියෙව්වා. අර කිව්වත් වගේ තමන්ගේ හිත දියුණු නම් ඔය අද්භුත දේවල් වලට මිනිස්සු රැවටෙන්නෙ නෑ. පුදුමය කියන්නෙ මෙච්චර දුයුණු ලෝකයක ඉදන් තාමත් මිනිස්සු මිත්‍යා මත කරට ගන්න එකනෙ. කවුරු බාර ගනීවිද කාලෝ මහත්තයාගේ අභියෝගය ??

    ReplyDelete
  6. දොලහා දහයට බැහැලා ඒත් තාම කවුරුත් නෑ වගේ....

    ReplyDelete
  7. 10 වැන්න කරන්න නම් පුළුවන් වෙයි වැඩි කලක් නොගිහින් කොම්පියුටරේ පාවිච්චියට දෙනවා කියන නිසා :D

    ReplyDelete
  8. ඔව්වායේ පුංචි ඇත්තක්වත් නෑ කියලා මම කියන් නෑ.(අත්විද තිබෙන නිසා)
    ඒත් මිනිස්සුන්ව රවට්ටගන සල්ලි ගරාගන්න උන්ට කෙලවන්ඩ හොද වැඩක්
    දැන් සති අන්ත පත්තර වලිනුත් මෙව්වා පතුරවන්න පටන් අරගන
    ඇත්තට එහෙම හැකියාවක් තියන මිනිස්සු හිටියත් සල්ලි හොයන්ඩ ඒවා යොදාගන් නැ
    ඒ අය මිනිසුන්ව හූරාගන කන්නෙත් නෑ,කාලෝ මහත්තයගේ අභියෝගය බාරගන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. කවුද ඔය අය.. ඔච්චර දන්නවනම් එළි කරන්නකෝ..ඔයා ඒ කව්ද කියල දන්නව වගේ මයෙ හිතේ..

      Delete
  9. අනිව කොවුර්ට ජය වේවා!

    ReplyDelete
  10. මම දන්න පොරක් ඉන්නවා පේරාදෙණිය කැම්පස් එකෙන් ඉංජිනේරු උපාධියක් ගත්තු. මිනිහා වි.කො.ස. කාරයෙක්. එයා එහෙම මිනිස්සු එක්ක වාද කරනවා ගුප්ත දේවල් නැහැ කියලා. හැබැයි මේ ලඟදි මිනිහා අනුමත වෙලා හිටපු වෙලාවක කිව්වා එයා පේරාදෙණියේ ඉගෙන ගන්න කොට හොල්මන්ක දැක්ක හැටි. ඒ වගේම එයා කිවා "කඩවර" දෙවියන්ව දෙපරක්ම දැක්කා කියලා. එක පාරක් මොකක්ද ප්‍රොජෙක්ට් එකකට පිදුරුතලාගල හිය ගමනකදි. තවත් වෙලාවක පිටරටකදී කාර් එකක් එලෙවගෙන යද්දී. හැබැයි එයා හැසිරෙන්නේ කෞවුර්ටත් වඩා හේතු බූත වාදියෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. කඩවර දෙවියා පිටරට ටුවර් එහෙමත් යනවා වාගේ..එයා පේන්නේ සිංහල උන්ටද දන්නේ නෑ නේද?

      Delete
    2. කඩවර දෙවියා අන්තර්ජාතික‍ වෙලා.. පිටරට වලටත් සේවය කිරීම දක්වා දියුණු වෙලා.. හැබැයි පොර රට ගිය වෙලාවට ලංකාවෙ මිනිහා වෙනුවට පෙනී ඉන්නේ කවුද දන්නේ නෑ නේද?

      Delete
  11. කොමෙන්ට් දැමූ සැමටම තුති, වෙන වෙනම පිලිතුරු දීමට නොහැකි වීම ගැන කමා කරන්න.

    පරක්කු වෙලා හරි මේ අභියෝග ඉදිරිපත් කල එක කොවුර් මහතාට කල හැකි ලොකුම ගෞරවයයි. මිනිසුන් මේ මහා බොරුවෙන් රැවටීමෙන් ගලවා ගැනීමට මෙය සුලු උපකාරයක් හෝ වේවි. දුප්පත් කම නොහැකියාව තුරන් කරන තුරු අමාරුයි මිනිසුන් මේ අඳුරෙන් ගලවගන්න
    ඒත් යම් උදව්වක් වේවි.

    ReplyDelete
  12. කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි

    කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි
    මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න.
    පහත Facebook පේජ් එකට යන්න.

    https://www.facebook.com/JyotishLanka

    ReplyDelete
  13. මෝඩයෙකුගේ මෝඩ අභියෝග

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්