Followers

Saturday, August 11, 2012

දිය කැට පහණයි අඳුරු වූ පහන් කණුවයි



දිය කැට පහන අශෝක හඳගමගේ ටෙලිනාට්‍ය නිර්මාණයක්. එය පොතක් ලෙස මුද්‍රණය වී තිබෙන නිසා දිය කැට පහන කියවීමෙන් විඳින්නත් පුලුවන්. අශෝක හඳගම සිංහල නාට්‍ය හා සිනමා කලාවට අලුත් තේමාවන් හඳුන්වා දුන් නාට්‍ය කරුවෙක්,     සිනමා කරුවෙක්. හෙණ, මාඝාත, අක්ශර, විදූ, ඉනි අවන් ඔහුගෙ නමට විශේශත්වයක් දුන්න නිර්මාණ.
දිය කැට පහන වියළි කලාපයේ ඈත ගමක කතාවක් උනත් ටිකක් අමුතුයි.


මගේ මතකයට එනව ඒ කෘතියෙ සඳහන් වන එක් චරිතයක්.  මං හිතන්නෙ ඔහු නගරයේ ඉගෙනීමට ගොස් නැවත ගමට ඇවිත් ගහක් උඩ ගෙයක් හදාගෙන ඒකෙ ජීව්ත් වෙන, ඔහුගෙ මුල් සොයන ග්‍රාම සේවකගෙ පුත්‍රය.

ඔහු කියනව එහි ජීවිතය කියන්නෙ වැස්ස කියල.

නමුත් ඒ ප්‍රකාශය දැන් මුලු දිවයිනමට පොදු දෙයක් වෙලා වගේ. ජල විදුලිය නිපදන බලා ගාර ඇණ හිටල, විදුලි බලය කපා දැමීම්, සීම කිරීම්, ඒ මදිවට තාප බලාගාරත් කොට උඩ. වැස්ස නැති නිසා ජලාශවල ජල මට්ටම් ඉතාම අඩු මට්ටමකට වැටිලා. ගොවිතැනට ජලය හිඟ වීම නිසා ගොවියන් වැව් බැමි කඩා ජලය ගන්න තැනට පත්වෙලා. පහල බැහැපු වතුර සමග මාලු ත් ගහ ගෙන ගිහිල්ල. මාලු අල්ලා ජීවත් වෙන වෙන අය ගොවියො එක්ක ආරවුල්, ඇයි නුඹල බැමි කඩල ජලය ගත්තෙ කියල.

මේ ඔක්කොම බලපුවහම ඈත වියලි කලාපෙ පමණක් නොවේ මුලු රටේම ජීවිතය කියන්නෙ වැස්ස බවට පත්වෙලා.

කාලෝගෙ අභියෝගෙ කොනිත්තන්නත් මේක අවස්තාවක්. ජලය යනු පංච මහ භූතයන්ගෙන් කෙනෙකි. ඒ අනුව භූතයන්ද ජීවමානය.
කෝ මගේ දශ ලක්ශෙ?

5 comments:

  1. කාලෝගේ අභියෝගේ දාපූ පත්තරේම, පෙරේතියෙක්ගේ පින්තුර දාලා, වීඩියෝ එකත් වෙබ් සයිට් එකේ තියෙනවලු. වෙනදනම් නුවර පෙරහරට පස්සේ පලු පැලෙන්න වහිනවා. මේ පාරවත් වැව් හාරන නිසා වතුර ටිකක් වැඩිපුර එකතු කර ගන්න පුළුවන් වෙයි. ඒක නෙමෙයි ලස්සන දේ. දැන් වහින්නේ නැති නිසා ගංවතුර නිසා ඇතිවෙන ප්‍රශ්න ගැන මෙළෝ වගතුවක් නෑ. ඔය පාර පලු පැලෙන්න වැස්සම ඒ ගැන පිලියම් යොදයි. හඳයා නිර්මාණ වලින් කියන දේ එයාගේ ජීවිතෙත් තියෙනවනම් ලස්සනයි නේද.

    වතුර තමයි ජීවීතේ අහන්නත් දෙයක්ද. ඔය වතුර හුවමාරුව නිසානේ ජීවය පවතින්නේත්. ඇත්ත වතුර තමයි ජීවිතේ..

    ReplyDelete
    Replies
    1. ම්හ්, වතුර හුවමාරුව..ඒක වැදගත්.
      ගං වතුර ගැන සිහි වෙන්නත් දියවන්නා බොරු හිල වතුරට යට වෙන්න ඕනෙ.

      Delete
  2. වැස්ස කෙසේවෙතත් අපේ රටට ඉර පායනවා කියන එකත් ලොකු දෙයක්.මම හිතන විදිහට එහෙම වෙනවා ඇත්තෙත් කාටවත් වරදක් නැති තිරිසන් සතුන් නිසා වෙන්න ඇති.

    ReplyDelete
  3. //ජලය යනු පංච මහ භූතයන්ගෙන් කෙනෙකි. ඒ අනුව භූතයන්ද ජීවමානය. කෝ මගේ දශ ලක්ශෙ?//

    නියමයි!!!

    ReplyDelete
  4. මට ඔය ටෙලිය මගහැරුණා! පොත තියෙන එකෙක්ගෙන් ඉල්ලගෙන හරි සැප්තැම්බරයේ දී අරගෙන හරි බලන්න ඕනෑ.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්