Followers

Saturday, August 4, 2012

ආදරයේ වල් තේරුම - මේක ඇත්තටම ටැබූ Taboo කතාවක්

ආදරය

මානසිකද?

 කායිකද ?

 මේ දෙජාතියෙම අඩු වැඩි එකතුවක්ද ?

නැත්නම් තවත් දේවල් එකතු වෙනවාද ?

ගණිතය හා ආදරය පටලවා ගත්ත කෙනෙකුට ආදරය යනු කුඩා එකතු කිරීමේ ගණිත ගැටලුවක් පමණි.
 තුනෙන් දෙකක් පැත්තකට කර එය 'එකට' එකතු කිරීමයි, 
ඒ අනුව ආදරයේ උත්තරය එකයි තුනෙන් එකයි. 

'සම' කට්ටිය කියන්න ඉඩ තියෙනව,
 සම්පූර්ණයෙන්ම උත්තරය වැරදියි කියල. 
මොකද 3න් එක නම් හරි,
 ඒත් එය එකතු කළ යුත්තේ දෙකෙන් එකටය කියල...

සමහර අයට එය එකට එක එකතු කිරීමකි. ඒ අනුව උත්තරය 2යි.

 ඒ අනුවත් ආදරයට උත්තර කීපයක් තිබේ.

නමුත් ආදරය ආදරය ලෙස දකින්නයි මගේ මේ ට්‍රයි එක.
ඒක ටිකක් වල් ....
නොවෙයි හොඳටම වල්.

ඉතීන් මේ ආදරය වෙනස් විදියට දකිනව,
 විවිද මති මතාන්තර විවිද චාරිත්‍රවාරිත්‍ර වලට හැඩ ගැහුනු අය,
 ආර්ථික සමාජ උවමනා එපාකම් අනුව. 
විවාහයට පෙර තම දරුවාගේ පවිත්‍රත්වය කෙලෙසෙයි කියා මූත්‍රා මාර්ගය ඉතිරි කර අනෙක් කොටස් මසා දමන සංස්කෘතිද ලොව තිබේ.

සමහර අයට ආදරයට දිගක් තිබේ.  
දිග වැඩිවන තරමට ආදරය වැඩි යයි කියා දික් කිරීමට සෑහෙන මුදලක් අය කරයි.

සමහර අය ආදරය මනින්නේ වේලාවෙනි. 
වේලාව වැඩි වු තරමට ආදරය වැඩි යයි කියා වයගාරා ආදිය විකුනාගැනීමට බලයි.


ආදරය... හරි ශෝක් .....කරන්න කරන්න ආසයි.

සැහැල්ලුයි.
වචන..
පොරොන්දු ..
අහසේ මාලිගා...

ඒත්   සැබෑ ආදරේ කියන්නෙ මොකද්ද?

ආදරය කිරීමෙන් එන ප්‍රතිපල වලටත්,  අතුරු පලවලටත් කරගහන එක. 

මං හිතන්නෙ සැබෑ ආදරේ තියෙන්නෙ එතන.
 පරාර්ථකාමීත්වය මතයි ඒ ආදරය රැඳී තිබෙන්නේ.


ඒත් මලවදේ මොකද්ද ඔය කියන වල් ආදරේ.......?

ඒක වැඩිහිටියන්ට පමනයි.

පොඩි හිටියන්ට මෙව්ව කොච්චර කියෙව්වත් තේරෙන්න නෑ. 
ඒ නිසා කියවල මහන්සි වෙන්නත් එපා.

සමහර අයට ආදරයේ ප්‍රමානයක් තිබේ.

විටෙක ප්‍රමානය කියන්න සාගර ජලයත් මදි.

විටෙක එය මනින්නෙ අනෙකාගේ බැංකුවේ තිබෙන මුදල් ප්‍රමාණය අනුවය.

ඇත්තටම මට හිතෙන විදියට, අපි සැබෑ ආදරය කරන්නට පටන් ගන්නේ අනෙකාගෙන් තමාගේ ආදරයට හිලව්වට කිසියම්ම දෙයක් නොලැබෙන විටදීය.

බලන්නකො, කොහොමද, මගේ දාර්ශනික කියමන.

ඒත් මොකද්ද හලෝ මේ වල් ආදරේ.

අගේ කළා මදෑ, මෙන්න මේකයි!

 සූර වූ ද මිහිරි වූද අන්තයට එළඹීමට අනෙකාට උදව් කිරීම  ආදරයයි.

මොකද ඒක නැති උන දාට ඔය කියන ආදරේ පස්ස දොරෙන් එළියට බහිනව.

හැබැයි 'සැබෑ ආදරේ' ආදරේට වැඩිය වෙනස්, 

එය උතුම්, 
මහර්ඝයි
නිරපේක්ශයි, 
සෞම්‍ය‍යි,
 සුරම්‍යයි, 
නිරාමිසයි,
මෝඩයි,
ගනු දෙනුවක් නොවෙයි


මේ කොහෙ තියෙන ආදරයක්ද?
තමුසෙ නම් ආදරේ කරපු පොරක් නෙවෙයි
 ඒවයි මේවයි පටලවගෙන.!




17 comments:

  1. ප්‍රේමය ලොව හැම තැනම ඇති
    හැමදෙනටම හමු වෙලා ඇති
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනා ගත් කිසිවෙකුත් නැති

    ටර රර ටර රර ටරරර ටරරර ටිටින් ටිටින්

    ReplyDelete
    Replies
    1. තාම කොල්ලෙක් අහු උනේ නැතෙයි?

      Delete
    2. ෴සොඳුරු සිත෴
      කලා කරුවන්, ආගම් හා දාර්ශනිකයන් බිහිවෙන්නෙත් ඔය ඔබ කියන කාරණාව නිසාම නේද කියල හිතුන.

      Delete
  2. මං දන්න, විශ්වාස කරන විදිහට ආදරේ කියන්නෙ සරලවම ගනුදෙනුවක්...

    ReplyDelete
    Replies
    1. ඒ අනුව

      දැන කලොත් ගොඩ
      නැති නම් අංගොඩ

      Delete
  3. සෑහෙන්න බොන්න වෙයි වගේ ආදරය කරන්නත්

    ReplyDelete
    Replies
    1. පටන් ගන්නත් බොන්න වෙනව නම් ඒක නොකලට කම් නැත
      ඊට කලකට පසුවනම් නොසෑහෙන්න කොහොමත් බොන්න වෙත

      Delete
  4. හපුච්චියේ....අපිටනම් ඉති ඕව තේරෙන්නෙ නෑ.....අපි තාම පොඩි එව්වොනේ...

    ReplyDelete
    Replies
    1. මා කිවූ කතාවෙ බර තේරෙන්න අඩුම තරමින් 40 වත් පනින්න ඕනෙ

      Delete
  5. රටේ තියෙන මඤ්ඤං මදිවට.. මේ ලිපියත් ඊට මඤ්ඤං.. ආදරේ කියන්නේ බොරුවක්.. අවංකව හදවතින් අහන්න.. එතකොට කියාවී..

    ReplyDelete
    Replies
    1. ඔබ කියනවනම්
      කෙසේ අහක දමම්

      Delete
  6. නැත ලොවේ අන් රසඳුනා
    ආදරේ සේ සුව දෙනා!

    ReplyDelete
    Replies
    1. ආදරේ කරන්න පටන් ගත්ත ගමන්ම වෙනත් වචන වලින් කියනව නම් මුල්ම කාලෙ වෙන්න වෙන්න ඕන

      Delete
  7. ආදරේ ....ඔය මගූල තමා මාව කෑවේ

    ReplyDelete
    Replies
    1. බූට් කේස් එකක්ද බං??

      Delete
    2. මාත් ලිව්වා බං ඒ කාලේ ඕක ගැන! ඒත් මට හිතා ගන්න බෑ!

      http://m7vidu.blogspot.com/2012/03/blog-post_05.html

      http://m7vidu.blogspot.com/2012/03/blog-post_22.html

      මේවා තමයි මං ලිව්වේ බං! අනේ මංදා! උඹ ලියලා තියන දේවලුත් බලද්දි ආදරේ නම්...............

      Delete
  8. මං මේ කියන්නේ ඇත්තමයි , "තුවාලේ තියෙන මිනිහටයි වේදනාව" කියන කතාව 100%ක් ම නිවැරදියි. මට ඒ බව ප්‍රත්‍යක්ෂ වුනේ මේ ළඟදි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්