Followers

Saturday, September 1, 2012

77 ආණ්ඩුවේ පුනර්භවය ද ?



ප්‍රවෘත්තියක්? 
බැතිබර හරසර මැද කපිල වස්‌තු ශ්‍රී සර්වඥ ධාතු
ශ්‍රී ලංකාවට වැඩම කෙරෙති.


 මෙය කලින් සිදු වෙලා තියෙන්නෙ 1978.
අවු 37ට පසුවයි නැවතත් පොදු බොදු මහ ජනයාට මේ අවස්තාව උදා වී තිබෙන්නේ.
අපේ සිත පැහැදෙන මේ දේ කොහොමත් හොඳයි. 

ඒත්..


බැලුවම  ටිකක් අතීතයට ගිහිල්ල..



අද,

උදාගම් නෑ, 
මහපොල නෑ, 
'සමෘද්ධිය' නෑ. ආදී සංකල්ප ඇත්තෙම නෑ වගේ.
20-20, ක්‍රිකට් බලන්න සාමාන්‍ය ජනයා එන්නේ නෑ
12/12/12 ලෝක විනාශ මුසාව තව දුරටත් වලංගු නෑ
පොදු රාජ්‍ය මණ්ඩලේ ක්‍රීඩා තරඟ පැවත්වීමේ අවස්තාව උදාවූයේ නෑ.
ආයි යුද්ධ නෑ.
චන්දයක් කට ළඟ.

සර්වඥ ධාතු වඩම්මවලත් බලමු.......

ඉතින්
මගෙ පුංචි මොලේට මෙහෙම හිතෙනව, 77 ආණ්ඩුව වර්ගයේ එකක් නැවතත් චක්‍රයේ මුලට ඇවිල්ලද?

මහ වර්ජන පරාජයක්, (1980 මට අපේ එලියට වැටිච්ච ගුරු දෙවි වරුන් මතක් වෙනව අතුල, ජයසේකර, ඒ වගේම ලිප්ටන් එකේ සේන අයියා)


ජූලි කලබොලයක්/මහ විනාශයක්.



    නෑ එහෙම වෙන්න විදියක් නෑ. මට අනෙක් පැත්තට හිතෙනව.

හේතුව, 78 තිබුන විනාශ වෙච්ච විපක්ශය නොවෙයි අද තිබෙන්නේ.

    ආයිත් මට සැකයක් ඇතිවෙනව;
 නෑ එහෙමත්ම  හොඳ තත්වයක් නෑ. එක් විපක්ශ නායකයෙකුගෙ ප්‍රජා අයිතිය එදා සිරිමා මැතිණියගෙ වගේම අහෝසි වෙලා, වාමාංශය දුර්වලයි, ඔනෑ වෙලාවක උසි ගන්නවන් පුලුවන් ජාතිවාදී මූලධර්මවාදී බලවේග 77ට වඩා ශක්තියෙන් වැඩියි කිව්වත් වරදක් නෑ. මුස්ලිම් ජනයා සමගත් ආරවුල් හැදිල....ආර්ථිකේ දුර්වලයි. හොඳ රැකියා මවන පැහැදිලි වැඩ පිලිවෙලක් නෑ. ගුප්ත විශ්වාසවල මිනිස්සු එල්ලිලා, ජීවිතේ එතරම්ම අස්තාවරයි! මොකක් හෝ ප්‍රෝඩා වැඩකින් දවස ගෙවාගන්න එක තමයි ප්‍රතිපත්තිය කියල තමයි මේවායින් පෙනෙන්නේ.


සර්වඥ ධාතු වන්දනා කිරීමට ලැබීම මෙන්ම විශේසඥයනට අනුව ලංකාවේ ජනතාවගේ නිශ්පාදනයට දායක විය   හැකි වයස මට්ටමේ තරුන ජන අනුපාතය ප්‍රශස්ත මට්ටමේ ඇති අවස්තාවත් අප ලංකාවට ලැබී ඇති  සවර්ණමය අවස්තාවක්. එය ප්‍රයෝජනයට ගෙන රට මීලඟ සංවර්දන අවධියට ගෙන යාම බලවතුන් කල යුතු දෙයක්.

ඉහල පින්තූර  80 ජූලි වර්ජකයින් මේ ලඟදී කල විරෝධයක්, මෙය මෙහෙය වූ සමහර නායකයින් පාර්ලිමේන්තුවේ වාඩි වී සිටිද්දී එදා පාරට වැටී කරවල විකුනමින් ජීවිතය ගැට ගසා ගත් වර්ජකයින් තවම මහ පාරේ. ඛෙදනීය ලජ්ජා සහගත දර්ශනයක්


9 comments:

  1. 77 ආණ්ඩුව පෙරලන්න ජේ.ආර්.ජයවර්ධන මහතා තුල හොඳ දැක්මක් තිබුනා. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, වැනි උගත් තරුණ ජවයත් එක්සත් ජාතික පක්ෂයේ පැරණි පතාක යෝධයෝත් එකම වේදිකාවට ගොඩවුනා. එල්.ටී.ටී.ඊයෙන් වැඩිම විනාශය සිදුවුනේ එජාපය ටයි. එහි දෙවැනි පෙළ මුළුමනින්ම වැනසුනා. (පලිගැනීම් නිසාත් සමහරු මැරුණා) තුන්වැනි පෙලෙන්ද සෑහෙන කොටසක් යුද්ධයටත් වඩා දරුණු බල තන්හාව සහ ජරා පක්ෂ දේසපාලනය නිසා කඩා වැටුනා. එජාපයේ චින්තනය බිඳ වැටුනා. 2000 වර්ෂයේදී පමණ කරලියේ ප්‍රධාන භූමිකාවක් රඟන්නට සිටි රනිල්ට කිරිබොන අවධියේදීම ප්‍රධාන නළුවා වෙන්නට සිදුවුනා.

    අද බොහෝදෙනා ජීවිත සටනේ යෙදෙන නිසා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නේ නැහැ. රුපවාහිනියේ කුණු නාට්‍ය බලා නින්දට යන බහුතරයක් තුල විචාර බුද්ධිය ඇත්තෙම නැති තරම්. ශාස්ත්‍රීය කරුණු පරිශීලනය, සමාජ කතිකාවතක යෙදීම, කාලීන තත්වය පිළිබඳව විග්‍රහයක යෙදීම එදා ගමේ කෝපිකඩේදීත් අඩු වැඩි වශයෙන් දකින්නට ලැබුනා. අද විශ්ව විද්‍යාල සිසුන් කියන්නෙත් ඒ කටයුතු අත්හල ටියුෂන් ළමයි පිරිසක්.

    මේ රජය පෙරලන්නට දැනට පහළවී ඇති නිමිති හොඳටම ඇති. නමුත් ඒ සඳහා මහජන විශ්වාසය දිනාගත් නායකත්වයක් සහ සංවිධානයක් සිතිජයේ ඈත කොනේවත් නැහැ. ඒ නිසා මිනිස්සු පඩි වැඩි කරයි, බැංකු නය දෙයි, බඩු මිල අඩුවෙයි, රස්සා ලැබෙයි, කියන කප්පරක් බලාපොරොත්තු නමැති මහා බඩගින්නට දික්කරන පොරොන්දු නමැති මස්කට්ට ලොවිමින් තවමත් කතිරය ගසනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  2. වර්ථමාන ලාංකීය සමාජ තත්ත්වයට වැඩිම බලපෑමක්ම් කළේ යුද්ධයයි. මිනිස්සු යුද්ධය කියන සාධකය නිසා වර්ථමාන රජයට තවම කැමතියි.
    නමුත් අධ්‍යාපනය, විදේශ ප්‍රතිපත්ති, ආර්ථික කළමණාකරනය, විශේෂයෙන්ම නීතිය, අධිකරණය, මානව හිමිකම්, වැනි අතිශයින් රටකට වැදගත්වන වීෂයයන් කඩා වැටිලා. රටේම පැතිරිය යුතු ව්‍යාපාර අවස්ථා කීපදෙනෙක්ගේ යටතට පත්වෙල. මේවායේ අනිවාර්‍යය ප්‍රතිඵ්ලය විය යුත්තේ රජය කඩා වැටීම.
    විපක්ෂය තේරුම ගත යුතු යමක් තිබෙනවා. මේ රජයට රටේ වැඩිහිටියන්ගේ යම් කැමැත්තක් තිබෙනවා. නමුත් සමස්ථ නාගරික ජනයාත්, රටේම බහුතර තරුණ පරම්පරාවත් උගතුනුත් කිසිම කැමැත්තක් නැහැ.
    ඒත් රජය තව අල්ලා හිටින්න හේතු වෙලා තියෙන්නේ මංගල සමර වීර ඇතුළු නඩය රනිල් කියන චරිතයට කළ හානිය. ඒ අතරම සජිත් ඇතුළු නඩයත් මේකට වගකියන්න ඕනෙ. කළ යුත්තේ පක්ෂය ඇතුලේ ගහමරාගෙන හරි නියම දර්ශනයක් ඇතුව ජනතාව ඉදිරියට ඒම. නමුත් වෙන්නේ බොරු සෝභන වැඩ. පනස්දාහක් පංසලකට දීල අඩුගානේ ඒ හාමුදුරුවන්ගේවත් ඡන්දේ ගන්න පුළුවන්ද සජිත්ට.
    ජේ. ආර් වගේ නියම සැලසුමකින් ආවොත් වට්ටන්න බැරි ආණ්ඩුවක් නෙමෙයි මේක.

    ReplyDelete
  3. ඵ.ජා.ප ආණ්ඩුවක් යටතේ මේ තියන ප්‍රශ්න වලට විසදුමක් ලෑබෙයි කියලා හිතනඵක විහිලුවක්.ඈත්තටම මේ තියන ගොඩක් දහජරාවෑඩ ඵ.ජා.ප පාලනතන්ත්‍රය විසින් හදුන්වාදීපුවා.අනික වර්තමාන පාලනතන්ත්‍රය ගත්තත් බහුතරය ඵ.ජා.ප යෙන් ආපු උන්නෑහේලා තමයි.හෙට අනිද්දා ඵ.ජා.ප ආණ්ඩුවක් ආවොත් දෑන් රනිල්ට කුනුහරුපෙන් බනින මෑතිඈමති උන්නෑහේලා ඔක්කොම ටික රනිල්ගේ දෑත ශක්තිමත්කරන්න් කියාගෙන ඵ.ජා.ප ආණ්ඩුවට පනිනවා සිකුරුයි.රනිල් මහත්තයා උනත් කිසිම සෑකයක් නෑතුව උන්නෑහේලව ඉබලා බාරගනී.ඊටපස්සේ තවත් වටයකින් ජනතාවට තෑලෙන්නපොඩිවෙන්න රෑවටෙන්න ගුටිකන්න වගේම ආයේත් සන්දාන ආණ්ඩුවක් පත්කරන්න ඔන කියලා හිතෙන්න් පුලුවන්.
    ලoකාවේ යූ.ඈන්.පී සහ ශ්‍රී oලකා කියලා දෙකොටසක් නෑ.ඉන්නේ මහපක්ශ දෙකේ බෝඩ්ලෑලි ඵල්ලගත්ත නිත්‍ය සාමාජිකයො ටිකකුයි ආණ්ඩුව තියන කලෙට අදාල පාලක පක්ශයට සoක්‍රමනය වෙන දේසපාලන අහිගුණ්ටිකයො ටිකකුයි විතරයි.කොටින්ම මහ ආණ්ඩුවෙත් ප්‍රාදේශියවත් ඉන්න ගමරට කන දේසපාලන ඉහදපනුවො ඔක්කොමටික ප්‍රේමදාසගෙ කලෙ යු.ඈන්.පී චන්ද්‍රිකාගෙකාලේ පොදු පෙරමුනු දෙන් ඵ.ජ.නි.ස .
    මහපක්ස දෙකෙන් කොයික ආවත් උන් හෑමදාම අණ්ඩුවේ ......අන්තිමට චන්දෙ දුන්න ජනතාව මහපාරේ.
    සමස්ත ක්‍රමයේ වෙනසක් ඈරෙන්න පෑලෑස්තර විසදුම් දෑන් හරියන්නෑ.

    -තාරක

    ReplyDelete
  4. නැවත ලියමි. ඇනෝගේ කමෙන්ටුව නිසා මෙය ලියන්නට සිත් විය. බතී, ඇනෝ හරි. ඔහු සමාජය දෙස නියම නෙතකින් බලන පුද්ගලයෙක්. මේ ජරා ජීර්ණ සමාජ ක්‍රමයම දේශපාලන ක්‍රමයත් සමගම වෙනස් විය යුතුයි. ඒ වගේම පොදු ජනතාවගේ ආකල්පත් වෙනස් විය යුතුයි. ඒ සදහා අධ්‍යාපනයේ යම් වෙනසක් විය යුතුමයි. ඒත් කවුද ඒ කරන්නේ???????

    ReplyDelete
    Replies
    1. අපි කොච්චර අලියට බුලත් කොලේට ලවු කරත් උන් අපිට ආදරේ නෑත.හරියට අපි කොච්චර ට මදුරි ඩික්සිත් අයිශ් ට ප්‍රියoකාට ට ලවු කලත් උන් අපිව පඩේකට ගනන්ගන්නේ නෑ වගේය.දෑන් ඉති හොටු පෙරපෙරා මදුරිලා අයිශ්ලා පස්සෙන් ගිහින් පලක් නෑත.අපිට හෑමදාමට අත්තටම ආදරේ ගෙදර ඉන්න කලු කෙට්ටු මායියා ය.
      ඉතින් පෙරටුගාමීන් රටේ තහවුරු වෙන හෑටියට,ජවිපෙ තමුන්ගේ ඉදිරිගමන සකස්කරගන්නා ආකාරය අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ බලවේග දෙක සමග ගොඩනගාගන්නා සම්බන්දතාවය රටේ දේසපාලන ගමන්මගට ලොකු බලපෑමක් කරාවි.ඉහලින් ඔය මොනවා උනත් ජනතාව බුද්දිමත් වියයුතුයි.
      ඵහෙම නොවුනොත් රටට ආදරයකරන රට ඈතුලෙ ඉන්න ටිකදෙනත් ගේම අත ඈරලා යාවි.

      Delete
  5. මට නං පැහැදිලි නෑ තර්කය සහ එහි ගොඩ නැගුම.

    මුලින්ම උඩ පින්තුරේ මොන අවස්ථාවක ගත්තු එකක්ද කියලා දාලා පටන් ගන්න. මං මුලින් හිතුවේ වර්ජකයනින්ට පහර දෙන අවස්ථාවක් කියලයි.

    ReplyDelete
  6. කොමෙන්ටු දැමූ හැමටම,

    හිතවතුනි,

    තර්කයකට වඩා, මගේ නිරීක්ශණය මා දැම්මේ ආණ්ඩුව පෙරලනවද නොපෙරලනවද කියන එක මත නොවෙයි.
    ආණ්ඩුව කුමක් වුවත් පවතින ආණ්ඩුව 78ට- නැවත අතීතයට ගිහින් වගේ පෙනුනා.
    එදා ධර්මිශ්ඨ යන සටන් පාඨයට මුවා වී 1978 දී ධාතු ගෙනැවිත් පටන් ගත්ත ආණ්ඩුව නැවතුනේ 80 වර්ජනය කුඩු පට්ටම කර, 83 ජූලි මහ විනාශයකට, කල අවුරුදු තිහක් පුරා ඇදී ගිය ලංකාව විනාශ කල ජනවාර්ගික යුද්ධයකට මග පාදමිනුයි,

    නැවතත් ඒවැනි චක්‍රයක පටන් ගැන්මට පවතින ආණ්ඩුව ගිහිල්ලද?

    මට ඇත්තේ ඒ සාධාරණ භියයි. ම'හිතනව යම් තරමකට හෝ පැහැදිලි වෙන්න ඇති කියල.

    ReplyDelete
  7. කොමෙන්ට් වල තියෙනවා වගේ මේ ක්‍රමය වෙනස් කරන එකනම් හීනයක් විතරයි. ඒ ගැන දේශපාළණය කරන එකෙක්වත් කතා කරන්නේ නෑ. ලොක්කා හොඳින් නැත්නම් නරකින් මැරෙනකම් ඉඳියි. එයා අශෝක වගේ ධර්මිස්ටර් කෙනෙක් උනොත් හොඳයි.. ඒත් ගඩාෆී කෙනෙක් වෙන බවකුයි පේන්නේ. බය වෙන්න දෙයක් නෑ... ආයිත් විප්ලව එන්නෙත් නෑ. මොකෝ ඒවට දෙන්නෙ පටන් ගන්නත් කලින්.

    ReplyDelete
  8. ධාතු වැඩැම්මවීම පහු වෙලා සිද්ද වුනත් මේ 1977 පස්සෙ වුන දේවල් රිපීට් වීමක් විදිහට මම දකින්න ගත්තේ දැන් අවුරුදු 5ක ඉඳන්.

    පෝලිම් යුගයට ආපහු යනවද?= කොටි ආපහු කැන්දනවාද?
    1980 ඉඳන් 1992 වෙනකම්ම අප්‍රේල්-ජූනි[හෝ ජූලි] වර්ජන, මර්දන, මරණ බහුල කාල වකවානු.
    නඩුකාරයින්ගෙ ගෙවල් වලට ගල්=නඩුකාරයින්ට මරණ තර්ජන, හර්තාල්,කැළණියේ ගෝනවල සාම විනිසුරු ගෝනවල සුනිල් මහතා=කැළණියේ බුද්ධශාසන කීර්ති-[නේද?] ම. සිල්වා මැතිඳු,

    ඔයවගේ සමරුපික දේවල් දිගින් දිගටම වෙනවා.. අපි යන්නේ කොහාටද?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්