Followers

Tuesday, September 4, 2012

ජයලලිතා ශ්‍රී ලාංකික පාපන්දු කණ්ඩායම දෙමලනාඩුවෙන් පිට කරයි

Sri Lankan pilgrims, who curtailed their journey following protests, arrive at the Tiruchi airport on Tuesday. Photo: Special Arrangement
http://www.thehindu.com/news/states/tamil-nadu/article3859554.ece

ගජබා නිරිඳුනි
ලක්වැසියන්ට අනතුරක්
ද්‍රවිඪ දේශයට යන්න වෙනව නැවතත්

කුමක්ද බතියෙනි වසර දෙදහකට  පසුව...

කාශ්‍යප, නුඹගෙ ලොක්කගෙ මල්ලි මුගලන් නැවතත් අයියත් කේස් එකක් දාගෙනද ?
චන්ද ගුන්ඩුවක්වත්ද ?

නැත නිරිඳුනි මේක වෙන කේස් එකකි!

හා එහෙනම් කියමු බලන්න...අපට මැරිලවත් සැනසිල්ලෙ ඉන්න ඉඩක් නෑ..

නිරිඳුනි වන්දනාවේ ගිය හෙල ක්‍රිස්තියානි බැතිමතුන්ට ද්‍රවිඪ  දේශයේදී පහරදීල,
මොකක් කිව්ව 'ක්‍රිස්තියානි'
ඔව් රජතුමනි අලුත් ආගමක්

හෙල පාපන්දු කන්ඩායමක් හරවල එවල,


මේකත් පොර පොල් වගේ එකක්ද බතියනි

නැත නිරිඳුනු මෙය පාදයෙන් පහර දෙන ගේමකි


හෙල පාබල හමුදාවේ භටයන්ව හරවල එවල,

ඒක නම් මට අවුලක් නෑ තේරුම් ගන්න

කෙසේ වුවත් කමින් කලර්ස් හොඳ නැත
වහාම කොම්ඤ්ඤවීදියට මරදානට මාලිගාවත්තට ගොස් 83 ජූලි හමුදාව රැස් කරනු!
අප සමග සිටින ජූනියස්, මැතිව්, ප්‍රේම්, ගාමිනි, ලලිත් ආදීගෙනුත් මං උපදෙස් ගන්නම්
සුදු පාට වාහන කීපයක්ද නොම්මර තහඩු ඉවත් කර ගෙනෙනු.


තවද දයල් බතියෙනි
දිග් විජය කල කඩුවද
යගදාවද ගජබා ඉපැරණි සන්නසද සූජානම් කරනු
මාලිගාවත්තේ නිවසක කොහු ගුදිරියක බහා පරිස්සමට තබා ඇත

ඉන්දීය තානාපති කාර්‍යාලය ඉදිරිපස යක් නැටුමක් සංවිදානය සඳහා සුදුසු ඉත්තෙක් ගැනද සොයා  බලනු
ඡන්දයක් යන නිසා මෙයින් වාසි ගන්නට මාන බලන උන් වලකනු
චැනල් 4 ට පනිවුඩයක් යවනු
මට්න් හා බීෆ් බිලිපූජා වලට එරෙහි තුමාගේ පාස් පෝර්ට් එක අවලංගු කරනු එතුමා බැරි වෙලාවත් එහෙ ගියොත් එයාගෙ හමුදාව එක්ක... ජයලලිතා පණ එපා කියා දුවනු ඇත. මා හට ඇයව ජීව ග්‍රහයෙන් ගැනීමට නොහැකිවනු ඇත.


හොඳයි බලමු මේ පාර

එදවස

        රාවනා- රාමා සීතා

අද

         ගජබා, කරුනානිධි- ජයා


--------------------

TN should not dictate policy on Sri Lanka: Swamy


http://www.thehindu.com/news/national/article3865767.ece
Janata Party president Subramanian Swamy. File Photo

6 comments:

  1. අපිට වැඩිපුරම එන්නේ චෙන්නායි වල ටුවරිස්ට්ලා... මට බය ජයලලිතා වගේ හරක් ලොක්කා ගාවත් ඉන්න එක.

    ReplyDelete
  2. මේකත් ලේසියෙන් ඉවර වෙන කරුමයක් නෙවෙයි වගේ...... අපිට උදවු කරන්න කියලා ඉන්දියාව තමන්ගේ රට ඇතුලේ ප්‍රශ්න ඇති කර ගනියියෑ... UN එකේදි කලා වගේ ඇඟබේරෙන්න මොනා හරි කරලා පස්‌සේ නිදහසට කරුණු කියයි..... ජයලලිතායි කරුණානිධියි අරං ඉන්නේ ඒ හයිය... ඔය නාකි හපුට්ටෝ දෙන්නා මැරෙන්නෙත් නෑ නේ.....

    ReplyDelete
  3. අනේ අප්පෝ.... ජයලලිතා ඉන්න කම් ඉන්දියාව අපිට නෑ.

    ReplyDelete
  4. කියන දේ තේරෙන්න කියල තියනවා..අපූරුවට ලියල තියෙන්නෙ ඔය.

    ඔබට ජය!

    ReplyDelete
  5. කොහොමත් ඉන්දියාව අපිට ඉතිහාසයෙත් එක වතාවක් ඇර (බුදු දහම පමණයි හොඳ දෙයකට ලැබුනේ) හැමවිටම කලේ ආක්‍රමණ, ඒ නිසා මම නම් කියන්නේ ඉන්දියාවට සංචාර සඳහා කිසි විටෙකත් නොයායුතු බව...... මමනම් කිසි දිනෙක ඉන්දියාවට පාතබන්නේ නැත.....එක මම කුඩා කාලයේ ඉඳන්ම හිතාගත්තු දෙයක්....... සංචාරය කිරිමට හොඳ රටවල් - තායිලන්තය, සිංගපුරුව,වියට්නාමය,ලාඕසය,මියන්මාරය,චීනය ආදිරටවල් ඔනතරම් තියෙන්නේ අනික එ රටවල් පිරිසිඳුයි,විශ්වාසයි,මිනිස්සුත් ඉන්දියාවෙ වගෙ නුගත් මෝඩයන් නැහැ....

    ReplyDelete
  6. කමෙන්ට් කළ ඔබ හැමට තුති
    මාතලන්, හිරු, දම්මික සඳරුවන්, හිරු හිමාවී, කුශී,

    ඉන්දියාවට යන්න ඕනෙ කියනවනේ ලංකාව කොපමන හොඳද කියල තේරෙන්න. kushi කිවූ රටවලට යන්න ඕනෙ අපේ අපේ රට අනෙක් ආසියානු රටවලට වඩා පහලද කියල තෙරෙන්න....
    හරිද මන්ද?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්