Followers

Friday, September 14, 2012

පොඩි සරල ගණිත ප්‍රශ්නයක්




ලිංගික කතාවක් නොවේ. සැබෑ ගණිත ප්‍රශ්නයකි.
ලොකු ගනන් කාරයින්ට නොවේ. අපි වගේ ගණන් බැරි අයටය.

දයාල් රුපියල් පනහක් ණයට ගත්ත අම්මගෙන්, 

දයාල් තව රුපියල් පනහක් ණයට ගත්ත තාත්තගෙන්.

එකතුව 100.

දායාල් කමිසයක් ගත්ත රුපියල් 97 කට,

ඉතිරිය, රුපියල් තුනෙන් එකක් අම්මටද එකක් තාත්තටද දී  එකක් දයාල් තියා ගත්ත.

දැන් මම අම්මට ණයයි 49ක් 
තාත්තට ණයයි 49ක් 
මා ළඟ  එකයි

එකතුව 99යි 

එතකොට අනෙක් රුපියලට මක්කද උනේ ?

13 comments:

  1. anek rupiyala matiya gahanna athi.

    ReplyDelete
  2. අම්මට ණයයි 49ක්
    තාත්තට ණයයි 49ක්
    ණයට ගත් මුදල 98 යි
    කමිසයට ගෙව්වා 97 ක්
    ඉතුරු එකයි.

    ReplyDelete
  3. දයාල් 100ක් ඉල්ලගෙන 97ට කමිසයක් අරගත්තාම රුපියල් 3ක් ඉතුරුයි..
    ඒකෙන් 3න් දෙනා රුපියල ගානේ තියාගත්තාම ගැන ශේප් එතකොට ඒ කොටස ඉවරයි

    දයාල් අම්මගෙනුයි තාත්තගෙනුයි 49 ගානේ ඉල්ලා ගත්තාම 98යි කමිසෙට 97යි එතකොට දයාල්ට ආයේ රුපියලක් හම්බෙනවා එතකොට එකත එක්ක ආයෙම 98එනවා එතකොට අම්මගෙනුයි තාත්තගේන්යි ඉල්ලා ගත්ත 98ත් හරි. අනිත් රුපියට මුකුත් වෙලත් නෑ අම්මයි තාත්තයි ගාවත් රුපියල ගානේ ඉතුරු තියනවා

    ReplyDelete
  4. හොඳ සරල ප්‍රශ්නේ. මුකුත් වෙලා නෑ. තුන්දෙනා ගාවම රුපියල ගානේ ඉතුරු වෙලා තියනවා...:)

    ReplyDelete
  5. "දැන් මම අම්මට ණයයි 49ක්
    තාත්තට ණයයි 49ක්
    මා ළඟ එකයි"

    තමුන්නැහෙ ගාව ඉතුරු රුපියලත් ණයවල කොටසක් නෙව. ඒක එකතු කරන්න බෑ 98ට. ඒකයි වැරදි. 98ට එක්කහු කරන්න වෙන්නේ අර ආපහු දීපු රුපියල් දෙක. මේක හරියට පළවෙනි සමීකරණෙ පදයක් අරගෙන දෙවෙනි සමීකරණෙ පදයකට මාරු කළා වගේ වැඩක්. පොඩි බොරුවක් තියන්නෙ :)

    සමහර පොලිටික් මහත්තුරු එහෙමත් ගණන් හදන්නෙ ඔය වගේ තමා.

    ReplyDelete
  6. මම මේක කබ් රාල් මහතාට යොමු කලා. උත්තරය ලැබුන වහාම තව කොමෙන්ට් එකක් දාන්නම්. මේ වගේ ගල් ආඳා වැඩ වලට එයා හරි රුසියා..

    ReplyDelete
  7. ලැජ්ජ නැද්ද බං මෙච්චර ලොකු මහත්වෙළා අම්මලගෙන් සල්ලි ඉල්ලන්න?

    ReplyDelete
  8. රුපියල් සීයට කොහෙන්ද කමිස ගත්තේ ? අනේ කියපන්කො බං අපිටත් ගන්න.

    ReplyDelete
  9. අනේ රුපියල් 97 ට කමිස විකුණන්නේ කොහෙද කියලා කියන්නකෝ !

    ReplyDelete
  10. තුන්වෙනි කෙනාට සමාන දෙයක් හිතුනේ..අනේ මන්ද..

    ReplyDelete
  11. ඇනොලා, මාලන්, පොඩි කුමාරි හාමිනේ, ගමයා, මාතලන්,කතන්දර කාරයා, ලන්කාපෙන්, හිරු හිමාවි හැමටම තුති

    මගේත් තව ගණිත ප්‍රශ්නයක් තිබුනා හිට්ස් 40000 පන්නගන්න එක.

    ඒකත් කරගත්තා, ස්තූතියි!

    මේ ගාණට කමිස ලැබුනේ මාතලන්ගෙ පිටකොටුවෙ (http://maathalan.blogspot.com.au/2012/09/yaman-bando-colomba-balanna.html )මේව පිට නෑ පිට නෑ, කියල විකුණපු තැනක,
    අතට දුන්නට පස්සෙ ගන්න එපායෑ.

    ReplyDelete
  12. රුපියල ..? මොකටද යකෝ ඕක.. ගහගනින් .කේ !

    ReplyDelete
  13. ඔව් රුපියල බාල්දු වෙලා විතරක් නොවේ!
    එය දැන් xකේ
    නොවෙයි කනේ දාගන්නත් පුලුවන් තරම් තරමිනුත් පොඩියි

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්