Followers

Sunday, September 23, 2012

පොත් කියවීම හා වැඩි පුර කියවීම නිසා ඇණ ගැනීම





කාලෙකට පසුව සොඳුරු සිත,   rear gate,  w3lanka,  කියවන්න චෑන්ස් එකක් ලැබුනා.  මාරයගෙ විස්ල් පාරත් ටිකක් ඇහුව, සමනලය පියාසලන එක නවතල විරාමයක් අරගෙන. කතන්දරත් පස්ස ගහල..


සාහිත්‍ය මාසෙ ගතවෙනව. මාත් කැමතිම දෙයක් තමයි පොත් ප්‍රදර්ශනවලින් පොත් ගන්න එක. මට මතකයි විජිත යාපා පොත් ව්‍යාපාරය කරලියට ආපු කාලේ ඒ අයගෙ කුටිය බොහෝම අගේට ගින්දර ටිකට සකස් කරනව. අලුත් අලුත් ඉන්ගිරිස් පොත් වලින් පිරිල. අනෙක් පොත් කුටිවලින් ගුණසේන, ගොඩගේ, සරසවි, දයාවංශ ආදියෙන්  කැපිල පෙනුන. එකල ඒ පොත් කියවීමට මට ප්‍රමානවත් ඉංග්‍රීසි භාශා දැනුමක් නොතිබීම ගැන මා තුල දුකක් තිබුන. විශ්ව විද්‍යාලයේදී මා ක්ලාස් ගැනීම පසෙක ලා ඉංග්‍රීසි භාශාවෙන් උත්තර ලිවීමට පෙලඹවූයේ එයයි.
මම පොඩි කාලෙ ඉඳලම කියවීමට බොහෝම කැමති කෙනෙක්. වැඩි පුර පොත් කියවීම පිස්සු හැදීමට කාරනාවක් වෙනව කියල පිලිගැනීමකුත් අප අතර නැතුව නොවෙයි. ඒකට හේතු වන දේ නම් මං හිතන්නෙ කියවන්නා යතාර්තයෙන් ඈත්වීම වෙන්නත් ඇති.

ඇත්තෙන්ම ලියන්නාගේ කර්තව්‍යත් සාමාන්‍ය පිලිගැනීමේ හැටියට පාඨකයාව සතුටු කිරීමයි. ඉතින් ලියන්නෝ බොහෝවිට කරන්නේ ඕකයි. අපව සිහින ලෝකයේ වීරයින්, හොඳ මිනිසුන්, අවංකයින්, එඩිතරයින් ආදී සුදු චරිත අතරට ගෙනියනව.
 අපි ඇන ගන්නේ ඔතන තමයි.

ඉතින් බර කාලෙකට පෙර මා ලිව්ව පොඩි ගද්‍ය-පද්‍යයක් , මගේ කියවීමේ ආනිසංශ ඔක්කොම කැටි කරල.



හමුවන හැම දිය කඩිත්තේම
මාලුන් දැකීමට තුටු වුවත්
දුටුවේ නෑ මාලුන් හැම දිය කඩිත්තේම
පුංචි අප එකල

ඉස් ගෙඩියන්ටත් රැවටුනා මාලුන්  කියා
එදවස

හමු වූයේද සාමලා, අමරලා,  හේන මාමලා,
හෝඩි පොතේ උන්
ගිය හැම තැන

කරුනාසේන ජයලත්ගේ පොත්වල හිටිය චරිත මං තාම හොයනව. කෝ සුදත්...(බාර්වල සූර්වෙන්න බිබී ඉන්න අය අතර ගිහිල්ල හොයාගනින් කියල මට කියන්න එපා)
 කෝ විරාගයේ අරවින්ද
 කෝ පාට පාට හීනයක් කතාවේ සුමේද 
කෝ තුන් මං හන්දියෙ මාමා. 
කෝ සුදෝ සුදු හි අදිරි වගේ මිනිස්සු ?

7 comments:

  1. කරුණාසේන ජයලත්ගේ පොත් වලට නම් මගේ වැඩි කැමැත්තක් නැතුව ඇත්තේ තාත්තා ඒ ව‌ෙග් පොත් ගෙනාවේ නැති හින්දා වෙන්නැති... මගේ හිතට අල්ලන්නේ පරිවර්තන තමා... මං හිතන්නේ කියවන්නා යථාර්ථයෙන් ඈත් කරවනවා කියන එක ඇත්ත වෙන්න ඕනේ...

    පොත් කාවෙක් වෙච්ච මාත් ඔන්න එක්සිබිෂන් එක ගැන පොඩි ලිපියක් ලිව්වා... වෙලාවක් තිබුනොත් බලන්නකෝ....

    http://hirunethihorawa.blogspot.com/2012/09/blog-post_23.html

    ReplyDelete
  2. මම නම් සාමාන්‍ය පිළිගැනීමේ හැටියට ලියන කෙනෙක් නෙමෙයිනෙ. මම ලියන දෙයින් පාඨකයාව සතුටු කිරීමට කිසිම අදහසක් නැහැ. ඔහේ කියවා ගෙන යන කෙනෙක්ට ඒ නිසා සතුටක් ඇතිවුනොත් මිසක ... හැබැයි පාඨකයාව අසතටු කිරීමත් අරමුණක් කරගෙන ලියන්නෙත් නැහැ කියන්න ම ඕන.

    මගේ ප්‍රබන්ධ කියවලා බැලුවොත් දයාල් බතීට ඕන තරම් ඒ චරිත සාමාන්‍ය සමාජයේ දකින්නට පුළුවන් වේවි.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පොඩි එකා සන්දියේ සකස්කඩේ පටන් අද වෙනකන් පොත් කියවන එක මගේ හොඳම විනෝදාංශයක් මහත්තයෝ. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙනවලු නේ. ඒ උනාට ඇත්තටම එහෙම වෙනවද කියන එකයි ප්‍රශ්නය.

    ReplyDelete
  5. මමත් හොඳ පොත් පත්තර ගුල්ලෙක් තමයි. දැන් බ්ලොග් මේනියා එකක් තිබුනත් ඒ ලෙඩේ තවම ඩු වෙලා නෑ. බලු නැට්ට වගේ. ඒත් අද කියවපු එක හෙට මතක නෑ. එහෙමත්ම කීපයයි මතකේ තියෙන්නේ. සමහර විට හැම මලදානෙම කියවන නිසා වෙන්න ඇති. මගේ ලෙඩේ දන්න එකෙක් කවරයක් නැති පොතක් ගෙනැල්ලා දුන්නා මරු කුණුහබ්බ තියෙන පොතක්, අහවල් පිටුවේ ඉඳලා කියවපන් කියලා. ටිකක් කියවගෙන යන් කොන කන පැලෙන ඉංග්‍රීසී පොතක් මැණික් ගැන. මම මුළු පොතම මුල ඉඳලා කියෙව්වා. ඒ කාළේ සත පහක වැඩක් නැති උනත් අද මගේ රැකියාවට ඒක මාර පිටිවහලක් උනා.

    ReplyDelete
  6. අද මම පොත් ප්‍රදර්ශනය බලන්න ගියා. තවම පොත් ගත්තේ නෑ. එතන ඉන්න සෙනග දැක්කම හිතෙනවා මිනිස්සු මේ හැටියට කියවනවද කියල. මගේ නම් තාමත් විශ්වාසෙ මෙතනට එන අයගෙන් 70% නිකන් ආතල් එකක් ගන්න එන්නේ. මම ලියපු මේ පොස්ට් එකත් පුලුවන්නම් බලන්න
    http://awidda-paya.blogspot.com/2012/09/blog-post.html

    ReplyDelete
  7. Mamath pothgullek.mage puthath King gullek.
    Kiyaweema taram sathutak meloke tiyenawada?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්