Followers

Tuesday, September 25, 2012

අහිංසක එස් බීට බයිල සිංදුවක් බෑ යි කියල බෑයි කියල බෑ, ...රැප් කරන්න



බෑයි කියල බෑයි කියල බෑ


ලංකාවෙ පැවතුනු, පවතින අසමානකම්

මකා දමන්න තරමකටවත්උදව් උනේ, වන්නේ අධ්‍යාපනය

ලංකාව ආශ්චර්‍යක් කරන්න උවමනා නම්

කල යුත්තේ පලමුව

අධ්‍යාපනයට ආයෝජනය කිරීමයි


නෑයි කියල බෑයි කියල දෙයක් නෑ .....


77 ආණ්ඩුව කළ දෙයක් තමයි

මහචාර්‍ය සරත්චන්ද්‍ර වැන්නවුන්ට පහර දී

නිදහස් අදහස් ඇති උන් නිශ්ශබ්ද කිරීම

ඉන්පසු වූ දේවල් ඔබ සැවොම දනී


නෑයි කියල බෑයි කියල දෙයක් නෑ .......


ඉල්ලලා ගත්ත උද්ධය වෙනුවෙන්

විනාශය සඳහාජාතික අදායමෙන් විශාල ප්‍රමාණයක්

(6%ට වැඩියි ) වැය කලා නම්

ජාතියක් ගොඩ නැගීම සඳහා

6%ක් වැය කිරීමට බැරි ඇයි


නෑයි කියල බෑයි කියල දෙයක් නෑ ......


ගොනා බල්ලා බූරුවා කීවටා කම් නෑ

උස්සන් ගිහිල්ල මරන්නෙ නැතිව

අපේම කට්ටියනේ

සුද්දාගෙන් නිදහස ගත්තේ ඕකටනේ


බෑයි කියල බෑයි කියල බෑ

කෝඳුරු තෙල් නෑයි කියල බෑයි කියල බෑ


කෝටි 4, 5 වටින කාර් එලවන පුතුන් ඉන්න

ඇමතිලා ඉන්න රටේ


හායි ,,,හායි,,,,

ලංකාව මධ්‍යම ආදායම් රටකි

දුප්පත් රටක් නොවේ


නෑයි කියල බෑයි කියල බෑ

නෑයි කියල බෑයි කියල දෙයක් නෑ

7 comments:

  1. කොයි විදිහට පද ගැලපුනත් මටනම් මේ රටේ දැන් ඉන්නත් එපා වෙලා..:/

    ඔබට ජයම වේවා සහෝ!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජය වේවා!
      රට එපා කරවන එක තමයි ලොක්කන්ගෙ කාරිය, ඒක ඒ අය හරියටම කරල.?

      Delete
  2. කවුරු ආවත් වෙන්නේ එකම දෙයයි මහත්මයා. ළොඅක බැංකුවට අවශ්‍ය ආකාරයට කම්කරුවන් හා මෙහෙකරුවන් නිශ්පාදනය පමනක්ම සිඳුවේවී..

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් හිතෙනව එහෙමම,
      අඩු පඩියට,
      හාම්පුතුන්ට සෙල්ලම් කරන්න
      සල්ලම් කරන්න
      ඇණ ගහන්න
      පුච්චන්න

      කඹුරල ගේන සොච්ච්ම
      ටී වී එකක් දීල හොරකම් කරගන්න

      දේශීය දේ නිපදවන්න එපා
      අනෙක් රටවලින් ගන්න

      ලෝක බැංකුව ණය මුදා හරින්නෙ ඔබ කියන සැලසුම් වලට එක්ඟ කරගෙන..

      Delete
  3. මේක මේ මිනිස්සු ගැන හිතලා කර අරින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔය සමහර ආචාර්‍ය්‍ය මංඩල නායකයෝ ගැන මගේ පැහැදීම බිංදුවයි. නමුත් මේ සටන සාධාරණයි. ඒ වගේම එයාල එපා කියන පුද්ගලික විශ්වවිද්‍යාල ගැන මගේ හැඟීම නම් ඒවා ඉතාම ක්‍රමාණුකූල පදනමකින් මෙරට ඇතිකළ යුතුයි.
    මේ ගොන් මෝඩ ඇමතිලට තේරෙන්නෙ නැහැ. මෙතන ලෝකයක් වටින මහා උගත්තු බුද්ධිමත්තු ඉන්නවා. ඒ මිනිස්සුන්ට රට දාල යනව කියන එක හරිම පහසුයි. ඒත් ඉවසන් ඉන්න එකම මැදෑ.
    මම දන්න තරමින් ඕනෙම ජාතික පාසලකට ප්‍රමුඛතාවය දෙනවා විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ දරුවන්ට. ඒක නීත්‍යානුකූලවද නැද්ද මම දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්න ඇත්ත එකඟයි

      Delete
  4. දෙපැත්තෙම ඇත්තත් කියනවා. දෙපැත්තම බයිලත් ගහනවා. ඔය 6% කියන්නෙ බයිලා. එයාලගේ ඉල්ලිම් වෙනම තියෙනවා. අරුන් දෙන්නා වැල් බයිලා ගහනවා. කිසිම බුද්ධිමය සාකච්ඡාවක් නෑ. මුන්ට වැඩි කරපු ගමන්, දොස්තරලා ගේම පටන් ගන්නවා.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්