Followers

Wednesday, September 26, 2012

ඉතාම කෙටි කලකදී තහනම් වීමට නියමිත ජනප්‍රිය ගීතය- සිංහලෙන් කියනව නම් ඩිවෝස් කේස් එකක්


දැන් ඉතින් පැදුරු පාටි හැම තැනම. අපේ සංස්කෘතියට එකතු වූ නවතම සංගීතාංගය පැදුරු සාජ්ජය.  අපේ සංසකෘතිය අගාදෙන් අගාදෙට නොයනව කියන එකට මෙය හොඳ උදාහරණයක්. මාකට් එකත් එක්ක හොඳට ගැලපීගෙන යනව. අලුත් පාට පාට සරොම් සංස්කෘතියක්  ඇති වී තිබෙනව. ඒ සරොම් නිශ්පාදනය බෙදාහරින අයට රැකියා ලැබෙනව. මේක ටිකක් පරණ ටොපික්ස් එකක් වුනත් ....ටිකක් ලෙට් උනාට මොකෝ.

 ඒ වගේ මයි මගේ බ්‍රේක් වෙච්ච කටට ඉතින් බ්‍රේක්ස් නෑනේ. මං මේ පොඩි ටෝක්ස් එකකට කිව්වෙ සන්ස්කෘතිය ඉතාම සාධාරන ගනන් මිමි හරහා දියුණුවට යන්න ෆුල් ෆයිට්. බොස්ල කට්ටියක් 10% ක් ටෙන්ඩර් වලින්  ඉල්ලුව කාලෙකට ඉස්සෙල්ල දැන් අය ඉල්ලනෙ 6% යි. සාධාරන නැද්ද මං අහන්නෙ.

ඉතින් මේ ලඟදී ටිකක් ඈතට වෙන්න පුන්චි එකෙකුගෙ පලමු අවුරුද්දේ උපන්දිනය නිමිති කොට ගෙන පැවැත්වුනු පැදුරු සාදයකට සහභාගී වෙන්න චෑන්ස් එකක් ලැබුන. පාටි කොච්ච්චර තිබුනත් එපා වෙන්නේ නෑනේ. සෙක්සි විදියට පපුවෙ කලුපාට(කළ ) මවිල් ටිකක් පෙන විදියට තද කහ පාට කමිසෙ ඉස්සරහ බොත්තම නොපියවා,  (කලු කළ ) කොණ්ඩය ජෙල් ටිකක් ගාලා මාරයා වගේ පීරලා, ලොකු ගාන්චුව තියෙන බෙල්ට් එකක් දාලා අන්ඩර් වෙයාර් එක පේන්න පොඩ්ඩක් විතර පහලට වෙන්න රතු කලිසම කිටි කිටියෙ බස්සල ගත්තම, කහ පාට පොයින්ටඩ් සපත්තු දාලා, ලොකු දම් වැලක් වගේ රත්තරන් මාලෙ කරවට දාල, සීකෝ රත්තරන් පාට ඔර්ලෝසුවට් උඩින් තඹ පාට බ්‍රේස්ලට් එක දාලා ගත්තම කොල්ලගෙ වයස පේන්නෙ නෑ.
23ක් දාල දෙන්නම් කිව්වැහැකි.

ගෝල්ඩ් ලීෆ් සිගරට් එකක් පත්තු කර ගත්තම මාරම කික් එකක් තමයි හිත් පොජ්ජට මන්දෝ වෙන්නෙ. ඉතින් ආයෙ ගොබිලත් එක්ක ඔට්ටු වෙන්න එකෙක් ඒ පලාතෙ නෑ.

හැබයි ගැට්ට තියෙන්නෙ මෙතන කොල්ල වගේ හිටියට මොකද අහුවෙන්නෙ සිංදු කියන්න ගියාම. අලුත් පරපුරේ සිංදු දන්නෙ නෑනෙ. මාර කේස් එක.


මොකක් හරි මරිසියක් දාල ශේප් උනා කියමුකෝ. කොල්ලොත් එක්ක හරි හරියට සින්දු වතුරෙන් සප්පායම් වෙලා අමාරුවෙන් කට පාඩම් කර ගත්ත මගේ හද බැඳි ගීතය කියන්න ලෑස්ති උනා.

නා න නා    නා න නා

ලෝකෙ ජීවත් වන්නට ලස්සන ඔනෑ වේ...
ලෝකෙ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ ....

කිව්ව විතරයි පුරුශ රත්නයක් අඬා ගන්න තියා ගත්ත මහ හඬින්, අනේ වෙන සින්දුවක් කියමු මචං ඕක ඔනෙ නෑ. කියල අඬනව.

මම කට පාඩම් කර ගෙන ගියේ ඔච්චරයි.
මටත් ඇඬුනා. ඒත් මක්ක කරන්නද?


පස්සෙ හෙමීට පොඩි ඩ්‍රින්ක්ස් එකක් දාන ගමන් පොඩි ටෝක්ස් දීල බැලුව අර ජෙන්ටට.

අනේ බැලින්නම් ලඟදී බිරින්දගෙන් වෙන්වෙලා. සිංහලෙන් කියනව නම් ඩිවෝස් වෙලා.
ලෝකෙ ලස්සන වෙන්නට දෙදෙනෙකු අවශ්‍යමද, මට මීටර් උනේ එතකොට!

ඇත්තටම මේ කේස් එක සංස්කෘතිය සුරැකීමේ මන්ඩලයට මහජන සම්බන්ධතා අමාත්‍යාංශයට දාල අර සින්දුවෙන් වෙන සිත් පෑරීම අවම කිරීම අසාධාරනය තුරන් කිරීම සඳහා කටයුතු කිරීමට බලධරයින්ගේ සිත් යොමුවේවා.




15 comments:

  1. Replies
    1. මට ඔබ කෙටියෙන් කිව්ව එක තේරුනා වගේ ඉන්නම්?

      Delete
  2. අපරාදේ ඔහේට කියන්න තිබුනේ, ඔබගේ අම්මද නැත්නම් ඔබගේ බිරිඳද. සමහර විට එකත් අවුල් වෙන්න පුළුවන්. අම්ම නැති වෙලානම්. ඒක හින්දා හොඳම එක තමයි. නොනෙ මගේ සුදු නෝනේ. ඒකේ අන්තිමට තියෙනවනේ මට හිතෙනව මේ ගෑනිව ඩිවෝස් කරන්න කියලා.

    ReplyDelete
  3. ඔහේට කිව්වම මොකද මං ට්‍රයි කලා. ඒත් වචන නොදන්න කම නිසා පලමු පේලියෙන් දෙකෙන්ම නතර උනා.

    ReplyDelete
  4. ඔහොම එක එක්කෙනාගේ සිත් පෑරෙන් පලියට සින්දු තහනම් කොරන්න ගියොත් සින්දු ඉතුරුවෙයිද අප්පා...

    ReplyDelete
  5. ගාථා හරි ඉතුරු වෙයිනේ

    ReplyDelete
  6. ලෝකේ ලස්සන වෙන්නට දෙදෙනෙකු ඔ්නෑ නොවන අතර දෙදෙනෙකු නිසා ලික කැතවීම නං ඔ්න තරං සිදු වේ!

    ReplyDelete
  7. තහනම් කරනවානම් කරන්න ලංකාවේ සින්දු ඕනේ තරම්

    ReplyDelete
  8. සකල බුජං කොට කලිසං තමයි අඳින්නේ.... මේක දැන් ඩීවීඩී වල බහුල ලංකාවේ ජනප්‍රිය ළමා ගීයක්... මේ ඒකෙන් පද කීපයක්..

    සකලබුජෝ අතුගාපන් අම්ම කියන්නේ
    සකලබුජෝ වතුරගෙනෙන් අක්ක කියන්නේ...

    වයස අටයි.. පොඩි කොල්ලා
    පොඩි කොල්ලා උනාට වැඩට දස්සයා

    ReplyDelete
    Replies
    1. මේකත් තහනම් කලයුතු එකක්, කොල්ලගෙන් වැඩ ගන්නව වැඩියි

      Delete
  9. මීට පස්සේ පාටි වලට යනකොට විස්තරේ දැනං යන්න අප්ප...

    මේ පාටියට "ලංවෙනවදෝ - වෙන්වී / වෙන්වෙනවදෝ - ලංවී" වගේ එකක් හොඳා නේද :-)
    ඒත් 'සමස්ථ ලංකා චුම්බක නිදහස් පෙරමුණ' පෙස්සමක් ගහයිද මන්ද මේකට..

    අර 'පරණ ටවුම' ටෙලියේ කියන්න වාගේ "විසාල ප්‍රස්නයක්.." මේක

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත විසාල ප්‍රශ්නයක්.. තහනමට අපේ සහයයෝගය. ඔය ඩිවෝස් කියන සිංහල වඩනයට එකතු උන තවත් වචනයක් ගැන දේශකයාගේ ලිපියක් මෙතනින් බලාගන්න.
      Divorce Bike

      Delete
    2. දැවැන්ත ප්‍රස්නයක්, ... මොකද තනිවෙන්න බලන අය සංඛ‍යාවෙන් දැන් වැඩි වේගෙන යන්නේ
      මේ වැනි අසාධාරණය වපුරන ගීත වහාම තහනමට ලක් කල යුතුයි.

      Delete
    3. දේශකයා, තහනමට සහයෝහය දැක්වූ ඔබට අපේ මනාපය

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්