Followers

Sunday, September 30, 2012

ජරා වැඩ කරන උන්දැල පුරුද්දක් විදියට බ්ලූ බලන කස්ටියද?




පිට රට ඉගෙන ගන්න යන ලාංකික හා වෙනත් රටවලින් යන  බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මුදලකට රැකියාවක නිරත වීමට  නීත්‍යනුකූලව ඉඩ ලැබෙන පැය ගනනට වඩා වැඩ කරන්නම වෙනව ඉඳුම් හිටුම් පාඨමාලා ගාස්තුවලින් කොටසක් හෝ උපයාගන්න.

ඉතින් ලැබෙන ඕනම ශිෂ්ට රැකියාවක් කරන්න පෙලඹෙනව මුල් කාලෙදි, පසුව තෝරා ගැනීමට කාලයක් එනකම්.
මා ශිෂ්‍යයෙකු වශයෙන් පිට රටක නොසිටියත් ජීවිතේ අමාරු කාලවලදී අමාරු රැකියාවල යෙදිල තිබෙනව. ඒ එකක් තමයි පිරිසිදු කරන්නෙකු වශයෙන් සේවය කිරීම. අමාරු කාලෙ නම් තවම ගෙවිල ඉවර නෑ. ඒක කවද වේවිද දන්නෙ දෙයියො විතරයි. ජීවිතේ අමාරු කර ගන්නේ අපි විසින්මද කියලත් හිතෙනව,

ඒක වෙන පර්යේශණයක් ...
ඒ පිලිබඳව  ලිපියකට ඉඩ තබල අද කියන්න ආපු කාරනාවට එකට එමු.

ඉතින් මා අර වඩා අමාරු කාලය ගත කරමින් පිරිසිදු කරන්නෙකු විදියට වැඩ කරන කාලෙ අපිත් එක්ක වැඩ කලා වයස 65 පැනපු සේවකයෙක්, ඒ පුද්ගලය එතැන එයාගෙ ජීවිතෙන් භාගයකට වැඩිය ගත කර තිබෙනව පිරිසිදු කරන්නෙකු වශයෙන්. මේ මිත්‍රය ක්‍රොයේශියාව වගේ පැත්තකින් ආපු කෙනෙක්.

How are you කියල ඇහුවොත් කියන උත්තරය පුරුද්දක් විදියට  .....   200%  two  hundred percent            ඒ කියන්නේ ඕනවට වටත් වැඩියෙ ජොලියෙන් ඉන්නවයි කියන එකනේ.


මේ මිත්‍රය තව මරු වැඩක් කරනව වැඩ පටන් ගන්න පෙර හැමදාම පුරුද්දක් විදියට.

ඒ තමයි ලොකර් එකේ හංගලා තියාගෙන ඉන්න බ්ලූ පින්තූර පොත් පෙරලල බලන එක.
වයසටද මේකගෙ වැඩ මං හිතින් හිනාවෙනව.


ඔහොම ඔහොම කාලයක් ගෙවුන මාත් ඒ රැකියාවෙන් අයින් වෙලා සෑහෙන කාලයක් ගත උනා අපේ මිත්‍රය පෙන්ශන් ගියා කියල ආරංචි උනා.


ඊයෙ පෙරේද දිනෙක ලිපියක් කියවන්න ලැබුනා අලුත් සොයා ගැනීමක් ගැන. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්යාලයේ

,  

 තමයි මේ සොයා ගැනීම කරල තියෙන්නෙ.




ඒ තමයි ලිංගික හැඟීම් ඇවිස්සීම මගින් අපිරිසිදු වැඩ කරන්න පොලඹොවාගන්න පුලුවන් කියල. ඒ පර්යේශණය තව අංශවලට දිගු කරන්න පුලුවන් වෙයි.

http://theconversation.edu.au/dirty-but-not-down-how-sexual-arousal-can-dampen-disgust-9557#comments

ඉතින් අර මගේ ක්‍රොයේශියන් මිත්‍රය ස්වේඡාවෙන්ම පිරිසිදු කිරීමේ වැඩට තමන්ව පොලඹවගත්තද කියල මට දැන් හිතෙනව.

මාතෘකාවෙ මා යෙදූ ජරා වැඩ යනුවෙන් මා අදහස් කලේ පිරිසිදු කිරීම නොවන වග කියවන ඔබ දන්නව.

හික්ස්

මොනවද මේ ජරා වැඩ ?








24 comments:

  1. සහතික ඇත්ත. වෙනත් වෙලාවට අප්පිරිය දේවල් සියල්ලම, ඔය අවස්ථාවේදි සාමාන්‍ය තත්වයට පත් වෙනවනේ. කෙළ, දාඩිය, කුණු මාළු, පිලුණු පොල් කුඩු, සෙම හොටු, ඉස්-සොරි, වන, තුවාල, අසූචී, මුත්‍රා, කොටින්ම ඉතින් කුණු ගොඩක් කියන දෙයක, භහිස්‍රාවීය ද්‍රව්‍ය පිටවන දොරටු 9 ක්ද කොහෙද කිසිම ගානක් නැතුව පරිහරණය කරනවනේ. කතාව සහතික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. මාතලන් කියපු කතාව නම් සම්පූර්ණ ඇත්ත කියලා මටත් හිතුනා...

      Delete
    2. 1)ඇස් සිදුරු x 2-(කබ)
      2)නාස් සිදුරු x 2-(සො‍ටු)
      3)මුඛය (කෙල)
      4)කන් සිදුරු x 2-(කලාඳුරු)
      5)ගුද මාර්ගය-(අසුචි)
      6)මුත්‍ර මාර්ගය-(මුත්‍ර/ලිංගික ශ්‍රාවයන්)
      7)සමේ සිදුරු - (දහඩිය)

      Delete
    3. ඔබගේ එකතුව 10 - සමේ සිදුරුඅඩු කල විට = 9, මෙහෙම උනොත් නම් නවයයි.

      Delete
    4. දොරටු 9 කිව්වහම මටත් හීල්ලුනා, යකෝ මෙච්චර දොරටු තිබිලත් අපි එක දෙකයි නෙ පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඒත් දැන් බලුවහම ඔය දොරටු 9 වැඩි කොටසක්, වැඩකට ගන්න බැරි ඒවනේ. නාස් සිදුරු? කන් සිදුරු?

      Delete
  2. පර්යේෂණය ගැන පසුව කියවන්නං. ඒත් ඔබ කියපු කතන්දරේ යාළුවට හරියටම ඒක ගැලපෙන බවක් මටත් පේනවා. මාතලං කිව්ව හරි ඔය රසය ලබාගන්න ඕනෑම රසයක දෙයක් නරන්න උනත් කස්ටිය පෙළඹෙනවා කියන එක ඇත්ත. දොස්තර කෙනෙක්ගේ කතාවකුත් තියෙනවා ඒ ගැන. තැන මතක නෑ.

    ReplyDelete
  3. මේක බොහොම සාමාන්‍ය හැසිරීමක්. බලන්න බෞද්ධ සාහිත්‍ය අරගෙන හිතන්නවත් බැරි කතා ඕනෙ තරම්. අපි මේවා දිහා ඕනෙවට වඩා ශ්‍රද්දාවෙන් බලන නිසා ගත යුතු මානව ධර්ම, මානව මනසේ හැසිරීම වගේ දේවල් අතහරිනවා. අපිට ඕනෙ ලාබෙට නිවන් යන්න. නමුත් කල්පනාවෙන් මේ කතා පරිශීලනය කරනව නම් මොනතරම් දේ උකහා ගත හැකිද?

    ඔබ දන්නවනේ පරපීඩා කාමුකත්වය. අයෝනි සංසර්ගය වගේ දේවල්, තිරිසන් සතුන සමග සංසර්ගය. හිතන්න මිනිස් මනස කොතරම් විශ්මයජනකද?

    බෞද්ධයන් ලෙසියෙන් ගත හැකි මේ දැණුම නොගන්නේ ඇයිද මන්ද?

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය ආගම සංස්කෘතිය නැවත කියවීමේ යුගයට අප එළඹ තිබේ

      Delete
  4. බතී නැවත ලියන්න හිතුනා. ඔබ කියවල තියනවද ප්‍රේත වත්ථු, අන්න පොත් මේ සමාජයේ සිටින සියලුම දෙනාගේ හැංගුනු මුහුණු ගැන ඒකෙන් කියවන්න පුළුවන්. අපි කවුරුත් මේ මොකකට හරි අයිතියි. ඒක තමයි පෘථග්ජන ස්වභාවය.

    ReplyDelete
  5. http://indikacartoon.blogspot.com.au/2012/05/i-am-sri-lanka.html
    Uda blan Kela Gasageniima. / Jathiyak Janmayak nethi Puhu Kakul 2ke Harakakugee Sithiwili.

    ReplyDelete
  6. “ ආදරේ අන්ධයි “ කියන්නේ ඕකනේ මෙයා...

    ඔය කියන හෝමෝන ස්‍රාවය වෙන්න ගත්තම , ඇස් පෙනීඹ අඩුවෙනවා, ඇහෙනෙක අඩුවෙනවා, කතා කරන්න බැරිව යනවා. ස්පර්ශයට සංවේදි බව වැඩිවෙනවා (හරිනෙ ඉතින් ඇස් පේන්නැති වෙන කොට ස්පර්ශ සංවේදිකම වැඩි වෙනවා )

    “ ආලය අන්ධයි “

    ඔය ෆීලම් වුනත් තනිකර නිල් පාටට පේන්නෙ ඒ නිසා වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. අර පර්යේශනය කර ඇත්තේ ඔබ කියන ආදරය නම් නොවේ.
      කාමය නොවේද?

      Delete
    2. වීඩියෝ වයර් එක හරියට කනෙක්ට් උනේ නැතුවහමත් ස්ක්‍රීන් එක නිල් පාටට පේන්නෙ.. හික්ස්

      නිකමට හිතුනා බලන්න ඇයි ඇත්තටම මේවට බ්ලූ ෆිල්ම්ස් කියන්නේ කියලා. බ්ලූ ලෝව්ස් (නීති) කියලා ජතියක් තිබිලා තියනවා, සබත් දිනයේදි විනෝදකාමී දේවල් වල නිරතවීමේ ඉඩ අහුරමින්. ඉතින් මේ බ්ලූ නීති යටතේ තහනම් වූ දේවල් 'බ්ලූ' ගණයට වැටිලා, කාලයත් එක්ක මුලින්ම බොහෝ රටවල තහනම් දෙයක් වූ බ්ලූ ෆිල්ම්ස් වලටත් එයින් නම ලැබුනා කියලා කියනවා. හැබැයි, තව ගොඩක් වෙන වෙන හේතුත් දැක්වෙනවා.

      පෝස්ට් එකක් ලියනවා නම් ඔන්න මාතෘකාවක්. "නිල් චිත්‍රපට වලට නම ලැබුන හැටි"

      Delete
  7. මාතලන්, රාජ්, හිරු, සොඳුරු සිත, දේශකයා, වෙදගෙදර මහ වෙදනා, ඇනෝ හැමටම තුති

    මා ජරා වැඩ ලෙස යෙදුවේ කවුරු හෝ ජරාව කන එක ආදිය ගැන ලියයි කියල. කවුරුත් ඒ ගැන ලියා නෑ. කෙසේ වෙතත් ලිංගිකව ඇවිස්සු විටදී අපිරිසිදු වැඩ කිරීමට ඇති හැකියාව වැඩි බව ඉහත පර්යේශණයෙන් සොයා ගෙන ඇත.

    අනෙක තමා තුල පවත්නා අධිමානය නැති කර ගැනීමට හොඳම විදියක් තමයි පිරිසිදු කරන්නෙකු ලෙස වැඩ කිරීම.

    උඩ බලන් කෙල ගහ ගැනීමක් ලෙස ඇනෝට පේනවා. ඒකත් සැලකිල්ලට ගන්නම්.

    ReplyDelete
    Replies
    1. //අනෙක තමා තුල පවත්නා අධිමානය නැති කර ගැනීමට හොඳම විදියක් තමයි පිරිසිදු කරන්නෙකු ලෙස වැඩ කිරීම.//

      මේක නම් හරි කියලා හිතනවා. හැබැයි මොනවා උනත් ඉතින් සමහරුන්ගේ ගති නම් වෙනස් වෙන්නේ නැහැ. පිරිසිදුකිරීමේ රැකියාවල් අමාරු කාලෙදි කරලා, පස්සේ එහෙම කාලයක් තිබ්බේ නැහැ වගේ ඉන්න අය ඕනෙ තරම් ඉන්නවා. කෞරුහරි අලුත් කෙනෙක් කරනවා දැක්කොත් අපෝ ක්ලීනින් ද කියලත් අහනවා.

      Delete
  8. ඇත්ත නේන්නම්. පෝස්ට් එක වගේම කමෙන්ට්ස් ටිකත් ගොඩක් වැදගත්.
    @ මාතලන් ++++++
    @ මහා වෙදනා - ඔබතුමාගේ කතාව සහතික ඇත්ත. බුදු රජාණන් වහන්සේ දේශනා කරපු දේම තමයි අපේ මිනිස්සු වටෙන් ගිහින් ගොඩක් මහන්සි වෙලා හොයා ගන්නේ.

    ReplyDelete
  9. AKM,

    අනේ ඕකත් මහ කජ්ජක්ද කියල අපි කියන්න පුරුදු වෙලා තිබෙනව.
    හැබයි අපි ප්‍රායොගිකව ඒ දැනුම යොදාගන්නේ නෑ. මේ වැනි සොය ගැනීම් තුලින් අපව ඔබ කියන පැරණි දැනුමට යොමු කිරීමත් හොඳ දෙයක් නොවෙද?

    ReplyDelete
  10. මා විසින් පන්හිඳ, පෑන යනාදි වශයෙන් වර්ඩ්ප්‍රෙස් හි පවත්වාගෙන ගිය බ්ලොගය මින් මතුවට අමාවක -යනුවෙන් බ්ලොග්ස්පොට් හි පවත්වාගෙන යන බව සියල්ලෝ මෙයින් දැන ගනිත්වා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලාමැදිරි තුමනි, හරි මතකයි, අමාවක

      Delete
  11. මෙහෙම කතාවක් මමත් ඇහුවමයි :)

    ReplyDelete
  12. සුදසුන්
    ද්වතාවය තේරැමි ගන්න හැම දෙයකම මය පැත්ත ගැන හිතන්නේ අපිස් ජිවිතයක් ගත කරන ඇත්තෝ ජිවිතය විදින්න විදවන්න එපා අපුල විදිහට හිතන එක කුහක කමක්

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්