Followers

Wednesday, October 3, 2012

මසට කිඹුල්ලු අල්ලන ලංකාවේ ක්‍රමයට විරුද්ධ වූ නැන්දයි මාමයි




කිඹුල් මස් අනුභව කර තිබෙන  අය දන්නව ඇති.... රස හා පෙනුම.. තෝර මාලු වගේ කියලනෙ කියන්නේ.
මේ ලියන මා නම් මේ වර්ගය රස බලා නැත. ඉදිරියට එහෙම අදහසකුත් නැත. දැන් මස් වර්ග කෑම අඩු කරන කාලයයි ඇවිත් තිබෙන්නේ.  (කතන්දර ශූරීනුත් දැන් සිල් සමාදන් වෙනව වගේනෙ හතර පෝයට; ඔය බිනර පෝයට දහම් පනිවුඩයක් නිකුත් කරල තිබුනේ. )

ඉතින් මේ කිඹුල් මස් කිලෝ  එකක් රුපියල් පනහට හැටට විකුණපු කාලෙකුත් තිබිල තියෙනව.
මේ වගේ කතා අස්සෙ තව කතාත් තිබෙනව.


පුන්චි සංදියෙ ඉඩෝර කාලෙට ගෙදරට ආපු ඉබ්බන්ව වෙල දිහාට තල්ලු කරල යවපු හැටි තවම මතකයි. මාතලන් කියන ඒ අපේ ළමා කාලයයි.

හැත්තා දශකයේ ජනගහනය වැඩිවීම හා අහේනි කාලෙට අහුවෙච්ච් ජනතාව ඉබ්බො විතරක් නොවෙයි කලවැද්දො, හෝතඹුවො,  ඔක්කොම කන්න පටන් ගත්ත නිසා ගෙදරට ආපු ඉබ්බො නැවත නම් ආවෙ නෑ.
ඉබි මස් කෑවහම මස් ගොබ හයිය වෙනවලුනේ. ඉස්පිරිතාලෙ ගියහම ඉන්ජෙක්සොන් ගහන්න අමාරු උනහම නේස් නෝන අහනවනේ ඉබිමස් ද කන්නෙ කියල.

මේ දවස් වල ටිකක් උඩහට යනකොට කියන්න කොළඹින් ටිකක් ඈතට යනකොට,

ඉත්තාවුන් වැලක අමුණා එල්ලාගෙන පාර අයිනේ විකිනීමට අල්ලාගෙන සිටින දකින මා තුල, අර ඒ දවස්වල අපේ ගෙවල් පැත්තේ ඇවිත් ගිය ඉබ්බෝ ගැන මෙන්ම, ඉත්තෑවුන් ගැන ද දුකක් උපදී. ඒත් එයින් පවුලක දිවි රැක දීමට උදව්වෙනවා ඇති යයි හිත හදාගන්නව.


යුද්ධයෙන් යට ගොස් සිටි කිඹුල්ලු කතාවලට දැන් තැනක් තිබේ. නැත්නම් අවුරුදු තුන හතරකට පෙර බෝම්බෙකට අසුවී 100ක් වත් මලේ නැත්නම් එය ප්‍රවෘත්තියක් නොවේ. ඒ නිසා දැන්  කිඹුලෙකු අල්ලාගත් විට මරු සිරා අල්ලා ගත්තාට වඩා ජොලියකි. කිඹුලාව සමග ෆොටෝ එකේ ඉන්න අයගේ මුහුනේ හිනාව මගුල් ෆොටෝවලවත් තිබ්බාදැයි සැකය. ඒ තරමට කට කනේය. පොඩි විහිලුවක් කලා, කිඹුල්ලු අල්ලන්න යන අපේ මිත්‍රයො තරහ නොගනී කියල හිතනව. මිනිහට වැඩියෙ කිඹුලව ලොකු වෙන්න බෑනේ. අලිය කොච්චර ලොකු උනත් සමහර වෙලාවට අලින්ටත් වෙඩි තියල දානවනේ. මිනිස්සු මරන්න එන එකාව අල්ලල ඉඹ ගන්නද කියන්නෙ.... නැද්ද?

කිඹුල්ලු,   කබර ගොයි වගේ මල කුණු කන්නෙ නෑ. පණ තිබෙන ෆ්‍රෙශ් බීෆ්, ශුනක මස්, මිනි මස්, වගේ දේවල් තමයි කන්නේ.

මේ බව දන්න අපේ ගොයියල මොකද කරන්නෙ;  ලාබෙට හොයා ගන්න පුලුවන් පන පිටින් යොදන්න පුලුවන් ඇම විදියට බලු පැටව් බෙල්ලෙන් බැඳ, පොලොවෙන් ඉහලින් සිටින්නට  ගහක එල්ලා තබනව. බලු පැටියට තමයි උගුල මුවා වෙලා තිබෙන්නේ, බලු පැටව් රෑ පුරා මර ලතෝනි දෙනව ඌව බෙල්ලෙන්නෙ එල්ලල තියෙන්නෙ. ඒක ඇහෙන කිඹුල්ලු බලු පැටියව කන්න එනව. බලු පැටියව ගිලින කොට උගුලට අහුවෙනව.

 නැන්දයි මාමයි රෑට ගිහිල්ල හොරෙන්,  බලු පැටව් නිදහස් කරනව.


උගුල අටෝපු මෑන් හිතන් ඉන්නව ඇත්තෙ; කුක්කගෙ ලතෝනිය නැවතුනා; කල්ල මරේ කියල.


මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා





31 comments:

  1. අර ඉත්තෑවෝ බෙල්ලෙන් එල්ලන් ඉන්නේ විකුනන්න නෙමෙයි අනේ.. සුද්දන්ට පෙන්නලා කීයක් හරි හොයාගන්න. දවසකට හොඳ ගානක් මරාගන්නවා.. අන්න කරනවනම් බිස්නස්. තව එකෙක් ඉන්නවා පොලොන්නරුව කිට්ටුව ඌ ඇලක ඉන්න කබරයෝ ඔක්කෝම ෂේප් කරන් ඉන්නේ. ඌත් හොඳ ගානක් හොයනවා දවසකට.

    මම හිතුවා දයාල් කිඹුලා කඩන් ගිය කතාව ලියන්න යනවා කියලා..

    ReplyDelete
    Replies
    1. //අර ඉත්තෑවෝ බෙල්ලෙන් එල්ලන් ඉන්නේ විකුනන්න නෙමෙයි අනේ.. සුද්දන්ට පෙන්නලා කීයක් හරි හොයාගන්න. දවසකට හොඳ ගානක් මරාගන්නවා.. අන්න කරනවනම් බිස්නස්. තව එකෙක් ඉන්නවා පොලොන්නරුව කිට්ටුව ඌ ඇලක ඉන්න කබරයෝ ඔක්කෝම ෂේප් කරන් ඉන්නේ. ඌත් හොඳ ගානක් හොයනවා දවසකට.// හික්ස්

      කිඹුලන්ට කන්ට ඉතුරු දෙයක් ඉතුරු වෙලා නෑ අනේ. හික්ස්

      Delete
    2. ඔය පොළොන්නරුවෙ කබරගොයි මෑන්ව මම .දන්නවා.මොකද අපේ ඉස්කෝලෙ ඉස්සරහ තමා වැඩේ යන්නේ. මිනිහා තමන්ගෙ දරුවන්ට ඉගැන්නුවේ සුද්දන්ට කබරගොයා පෙන්නලා. හැබැයි යුද්ද කාලේ සුද්දො ආවෙ නෑනේ. පොරගෙ බිස්නස් එක හබක් වුනා. ඉතින් ඔන්න ඔහොම නෙවීලු කන්න ඕනෙ උනාම කබරගොයාත් තලගොයා වෙනවා කියන්නේ..

      Delete
  2. ඉන්දියාවේ නම් පාරවල් අයිනේ තියාගන ඉන්නේ වලස්සු. දැක්කාම පුදුම දුකක් හිතෙන්නේ...

    හැබැයි මිනිස්සු වලස්සු නම් කන්නේ නෑ දන්න තරමට.

    ReplyDelete
    Replies
    1. මාත් දැක තිබෙනවා.
      ඔබේ දුක මටද දැනී ඇත.

      Delete
  3. බලු පැටවු ඇමට ! අයියෝ කිඹුලට වඩා තිරිසන් වැඩක් ඒ..බල්ලන්ට තරම් මිනිස්සුන්ටවත් ආදරේ නැති මට හිතෙන්නෙ එහෙමයි..නැන්දටයි මාමටයි මගේ උපහාරය..

    ReplyDelete
  4. //බල්ලන්ට තරම් මිනිස්සුන්ටවත් ආදරේ නැති මට // සමහර වෙලාවට එහෙම මටත් හිතෙනවා

    ReplyDelete
  5. ලංකාවේ බල්ලන් ප්‍රතිශතය වැඩි වී ඇති නිසා ‍එසේ කළා‍ට කමක් නැත. හැබැයි අපරාදේ ඔය කකුල් හතරෙ බල්ලෝ ඇමට දාන්නේ??????????

    ReplyDelete
    Replies
    1. දේශකයා
      ඔබ කියන දෙකේ උන්ව දාලා කිඹුලො ඇල්ලුවොත් ඒ මස් කන්න වෙන්නෙ නෑ.. විස..

      Delete
    2. කිඹුලම කාපිය...හික් හික්

      Delete
  6. Replies
    1. කිඹුලද, බලු පැටියද ?

      Delete
  7. මහත්මයා මේවා මතක් කරලා. ජම්බුද්වීපේ කිඹුල්ලු ටිකත් වඳ වෙලා යාවිද කියන එකයි ප්‍රශ්නේ...

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ගන්න තියෙන ආසාවෙ තරමෙ හැටියට එහෙම වෙයිද දන්නෙ නෑ?

      Delete
  8. මේ ළඟදී වෙච්චි දෙයක් කියන්නම්. අපි කට්ටියක් ගියා චයිනීස් බුෆේ එකකට. චිකන් කියල බෙදා ගෙන තියෙන්නෙ ගෙඹි මස්. වැඩි වෙනසක් නෑ. ඉස්ස අයිති වෙන්නෙ ආත්‍රොපෝඩා වර්ගයට. මකුළුවත් ආත්‍රොපෝඩා. ඉස්ස කනව රස කර කර. ඇයි මකුළු මස් නොකන්නෙ ?
    කන්න පුළුවන් නම් කබරගොයත් එකයි තලගොයත් එකයි. තව මාස දෙකයි. 2013 සම්පූර්ණයෙන්ම වෙජිටේරියන් වෙන්නයි හිතන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. කන එකක් ඉක්මනට කාල එහෙනම් 2013ට ලෑස්ති වෙමු. චීන ජාතිකයින් ඔය හැම ජාතියම කනව.

      කන්න පුළුවන් නම් කබරගොයත් එකයි තලගොයත් එකයි.? @# මේක නම් ටිකක් සිරා කතාවක්

      Delete
  9. මාතර ගඟේ නම් තාමත් කිඹුල්ලු ඉන්නවා. කතාව නම් මරු. අහලා තියනවනේ මේක.

    අර එක ඉබ්බො මරාගෙන කන මස්වැද්දෙක් හිටියලු. මෑනට වයසට යනකොට හිතිල තියනවා. සිල් ගන්න. දැන් පෝයට මෙයා සිල් ගන්නවලු. දවසක් සිල් අරගෙන ඉන්නකොට ලඟ තියන ගගේ කොල්ලෙක් ඉබ්බො අල්ලනවලු. හැබැයි ඇල්ලුවට කොල්ල දන්නෙ නැහැලු ඉබ්බ පුච්චන්න. සිල් කාරයට මේක දැකලා ඉහිලුම් නැතුව ගියාලු. කියන්නත් බැහැනේ. කොහොම හරි කල්පනා කරලා මෙහෙම කිව්වලු.

    ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට
    අපිට මොටද අපි දසසිල් උපාසක කියල.

    එතකොට පව් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. කිඹුල් කතාවට සම්බන්ද තවත් එවැනි සිල් කතාවක් තිබෙනවා. ඒ තමයි වරක් ඒ ගමේ කෙනෙකුගේ වැස්සියක් ඩැහැගෙන ගොස් තිබෙනව පහල ගඟේ කිඹුලා. කොහොම හරි ඇල්ලුව කියන්නකෝ කිඹුලෙක්ව. කිඹුලව අල්ලපු ආරංචිය කණ වැටුනු, හතර පෝයට සිල් ගන්න වැස්සිය ගේ අයිතිකාරිය තමයි දුවලා ගොස් අර කිඹුලාට මහ පිහියෙන් කොටල තියෙන්නෙ.

      මං ගත්ත වාඩුව තොගෙන් මගේ වැස්සි හොරා ගත්තට...

      Delete
  10. //ඒ නිසා දැන් කිඹුලෙකු අල්ලාගත් විට මරු සිරා අල්ලා ගත්තාට වඩා ජොලියකි. කිඹුලාව සමග ෆොටෝ එකේ ඉන්න අයගේ මුහුනේ හිනාව මගුල් ෆොටෝවලවත් තිබ්බාදැයි සැකය. ඒ තරමට කට කනේය.//

    සහතික ඇත්ත. කිඹුල්ලු එක්ක ෆොටෝ ගහන්න පුදුම ආසාවක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies


    1. අන්තිමට කිඹුලන්ව අල්ලන්න ඉන්න මල්ලිල ඒක නැවත්තුවොත් කිඹුල කෑව කියල අඬනව නොවෙයි ඔන්න!

      Delete
  11. මක්කරන්නද බං කිඹුල්ලු තියාගෙන.... කිඹුල් මස් විතරද, ඇයි හම... සපත්තු, හෑන්ඩ් බෑග් හදන්න ගන්නවලුනේ.... ප්‍රයෝජනවත් සතෙක්..

    මස් කෑම අඩු කරන කට්ටියටත් ඔනෙනම් කිඹුලො කන්න පුලුවන්.... බේකරියෙන්..... හැබැයි බල්ලො පණපිටින් දාලා කිඹුලො අල්ලන එක නම් බලු වැඩේ.... එතකොට පණුවෙක් පණපිටින් දාල මාළු අල්ලන එක? කෝකටත් නැන්දටයි මාමටයි කියපන්... පරිස්සමෙන් කොරන්න කියලා, උගුලට අහු නොවී....

    ReplyDelete
    Replies
    1. නැන්දයි මාමයි ඒ කරන ලද පුන්‍යකර්ම හේතුවෙන් දිව්‍ය ලෝකයේ ඉපිද...

      දැන් එහේ කවුරු නිදහස් කරනවද ?

      දෙයියො තමයි දන්නේ ?

      Delete
  12. ලංකාවේ අපි විතරක් ලෝකයේ බොහෝ රටවල කිඹුල් මස් කනවා. හම් සදහා උන්ව මරාදානවා. නිකම් නෙවී කිඹුල් ෆාම් දාගෙන ..බලන්නකෝ පහත ලින්ක් එකට ගිහින්,

    http://en.wikipedia.org/wiki/Alligator_farm

    ReplyDelete
  13. මං නං පොඩි කාලේ ඉඳලාම කන්න කැමතිම ජාතියක් තමයි කිඹුල්ලු!

    අපේ පැත්තේ කඩවල විකුණන්න තියෙනවා. ළඟදී නං කෑවේ නෑ.

    ReplyDelete
    Replies
    1. කිඹුල කන එක නම් ඉවසන්න පුලුවන්, .....

      Delete
  14. නැන්දයි මාමයි පින්කාරයි..
    අනිත් මිනිස්සු ඉතින්..

    ReplyDelete
    Replies
    1. ලියන්න නිර්භයව ' පව් කාරයි ' එහෙම නේද.
      එහෙම නම් ගොවියොත් පව් කාරයි.
      වල් පැල නාශක, කෘමි නාශක, පනු නාශක බේත් ගහන නිසා..

      Delete
  15. අර ඕස්ට්‍රේලියාවේ ඩයල් එකක් කිඹුල්ලු අල්ලන එක බඩ රස්සාවට කලේ

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්