Followers

Wednesday, October 17, 2012

මට බූට් එක තිබ්බට හොඳ වැඩේ






මගේ හිතවතෙක් සම්බන්ද සිද්ධියක් මෙය. මෙහි මුල් අවුරුදු 25ක අතීතයකට දිව යන  කතාවක්. 


අපේ හිතවතිය නිර්මලී බෝම හොඳ ගති ගුණ තිබුන කෙනෙක්. ඒ කාලෙත් ලස්සනයි. පංතියෙ අපි බොහෝම ලඟින් තමයි ආශ්‍රය කලේ. විසේ කාලෙ... දන්නැද්ද ඉතින් ඕන්නැති විහිලුත් කරනව.  හැබැයි ඉතින් පඳුර වටේ කැරකෙනව විතරයි.  (අමුතු හොඳක් නිසා නොවෙයි ආසයි බයයි නිසා මං හිතන්නෙ.. )

කොහොම හරි අපේ  'ගැන්සියෙ'  කොල්ලෙක් වෙච්ච සුනිල් එක්ක තමයි පලමු වරට යාලු උනේ.


පසුව නිර්මලී අපේ මිත්‍රයගෙන් වෙන් උනා. 
කාලය ෆාස්ට් ෆෝවර්ඩ් කලොත්;

ටික කාලෙකට පස්සෙ වෙනත් කොල්ලෙක් සමග යාලු උනා. එහෙම එහෙම කාලයක් ගත උනා. එතෙර ගියා කියල ආරංචි උනා. 
පසුව මේ අවාසනවන්ත සිද්ධිය ....



 විවාහ වී දරු මල්ලන් ලැබ  එතෙර සතුටින් ජීවත් වූ  නිර්මලී යම් ශල්‍ය කර්මයක් අතර තුර මොලයට ඔක්සිජන් අඩුවී කෝමා තත්වයට පත්වීමෙන් පසුව නැවතත් ප්‍රකෘති තත්වයට පත්වූයේ නෑ. සිහි මඳ ගතියෙන් පසුවෙන බව ආරංචි වෙනවා.


(කුඩා දරුවන් සිටින පවුලක අම්මා ලෙඩ උනාම ඉතින් කියලා වැඩක් නෑනේ. 
හබියට ප්‍රශ්න ඩබල්.)


අපේ සුනිල කාරයත් නිර්මලීගෙන් බූට් එක කාල විස්සෝප වෙවී ඉඳල හොඳ අත්තක් බලල කොක්කක් ගහල නිර්මලීට වැඩියෙ පෙනුම තිබෙන කෙනෙකු බැඳ ගත්ත. ඒ අයත් බෝම හොඳින් ඉන්නව.

අපි ඉස්සර සුනිල්ට විහිලු කරනව නිර්මලී උඹව දාලා ගියේ අත අල්ලගෙන ගියා මිසක් වෙන මොකවත් කලේ නැති නිසා කියල.


මේ ලඟදී නිර්මලීගෙ කතාව ඇදිල ආපු වෙලාවෙ සුනිල් කාරය කියනව..

මට නං කිසිම දුකක් නෑ. මාත් එක්ක හිටිය නං ඕක වෙන්නෙ නෑ, කියල



30 comments:

  1. ආදරය = මුලාව වෙච්ච බහුතරයක් තමයි අද ඉන්නෙ බතී..පුදුම වෙන්නෙත් නෑ..අපි නරියට ආදරය කලා නම් පහුගිය දාලා ගිය පෙම්වතියක් ගැන පොඩි හරි නරක ආරංචියක් ආවොත් අපේ හිත සැලෙනවා..

    ReplyDelete
    Replies
    1. Sorry.akurak miss welaa "api hari vidhiyata" wenna ooni..

      Delete
    2. \\ආදරය = මුලාව වෙච්ච බහුතරයක් තමයි අද ඉන්නෙ බතී..පුදුම වෙන්නෙත් නෑ..අපි හරියට ආදරය කලා නම් පහුගිය දාලා ගිය පෙම්වතියක් ගැන පොඩි හරි නරක ආරංචියක් ආවොත් අපේ හිත සැලෙනවා..\\
      හැබැයි මගේ වැරැද්ද නිවැරදි කරගෙන "හරියට" කියවපු අයට තූති !

      Delete
    3. 'නරියට ආදරය' දැකල නැවත කියෙව්ව මොකද්ද ඒ හරුපෙ කියල. දෙපාර කියවන කොට තේරුනා හරියට විය යුතුයි කියල.

      කෙසේ වෙතත් 'වෙනි',
      වැරදියට හරි ආදරය කලා නම් දවසක් හරි, මේ විදියට කතා කරන්න පුලුවන්ද?

      Delete
  2. ඇත්තටම බතී වෙනි කිව්වා හරි. සමහර විට සුනිලයගේ ප්‍රථම ආදරය එය නොවෙන්නත් පුළුවන්. ඒත් ඇය ගැන සංවේදි බවක් දැනෙන එක අනිවාර්යයි. සුනිල් ගැන කනගාටුයි. ඔබ යම් කිසි පණිවිඩයක් දීල තියෙනවා හිතා බලන්නට. ඒක වැදගත්. දිගටම ලියන්න. හැබැයි ටිකක් ඉක්මනට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා මාව දිරිමත් කලාට. ඉක්මනට ලියන්න ආසයි, ඒත් වෙනත් වැඩ අතරේනේ හැම දේම කරන්න වෙලා තිබෙන්නේ. ඔබත් හොඳට ලියන්න පුලුවන් කෙනෙක්. ඔබත් නිතරම ලියන්න.

      ඇත්ත, සුනිල්ගේ හැසිරීම ගැන කණගාටු වනවා ඇරෙන්න මොනවා කරන්නද? මතුපිටින් කෲර බවක් පෙනුනාට ආදරේ වැඩි කමට කියවුනාද? සුනිල්ගේ හැටි එහෙමයි කියා අමතක කරල දාමුද?

      Delete
    2. ඕව මොනවද මෙයා අතෑරල දාන්න හික් ...

      Delete
  3. ///මට නං කිසිම දුකක් නෑ. මාත් එක්ක හිටිය නං ඕක වෙන්නෙ නෑ, /////
    දුක නැති බව නම් පේනවා....

    ආදරය කරපු කෙනෙක් ගැන තියෙන කැක්කුම කවදාවත් නැති වෙන්නේ නෑ..... ඒ ආදරේ ඉවර උනේ රණ්ඩු වෙලා තරහා වෙලා උනත්, නොකර බැරි කමට ඈත් උනා උනත්..... එහෙම නෑ කියලා බොරුවට පෙන්නන්නේ අපි වටේ ඉන්න අය ගැන හිතලා..... ඕකයි ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ඔය එන්නේ රිදුන හදකින්ම, අපි වෙන මොනව කියන්නද?

      Delete
    2. ඇත්තටම බතී මට හිතුනේ ඔය විදියට නෙවෙයි...

      මාත් එක්ක හිටිය නං ඔහොම වෙන්නේ නෑ කියන එකේම මට හිතෙනවා තරහකට වඩා දුකක්, කලකිරීමක් තියෙන්නේ කියලා... ඒත් ඒක පෙන්නන්න බෑ.... මොකද එයාට ඇත්තම හැඟීම පෙන්නන්න නිදහසක් නෑ ‌නේ දැං.. නේද...?

      ( ඔන්න මට කරපු වැඩේට තමා ඕක උනේ කිව්වනං කියතෑකි මුගේ ජරාකම කියලා...)

      Delete
    3. හීන් සීරුවේ හිතල බලන කොට ඔබ හිතන විදියත් වැරදි නෑ!

      Delete
  4. ඒ මිත්‍රයට තිබිලා තියන්නේ ආදරයක්ම නෙමේ. ඔය වයසට ඇතිවෙන පොඩි සම්බන්ධකමක්. හරියට ආදරය කළා නම් වෙනී කියන්නා වගේ පොඩි හරි සැලීමක් ඇති විය යුතුයි. ඒත් මට නම් ඒකත් එච්චර ෂුවර් මදි මොකද "සිත මහ පුදුම දෙයක්"

    ReplyDelete
    Replies
    1. //හිත මහ පුදුම දෙයක්// එකඟයි මහ වෙදනා,
      පුදුමයි ඒත් ඇත්ත එයයි, සමීකරනයක්, සූත්‍රයක් දාල හොයන්න බෑ, මේ වෙලාවෙ හිත කොයි විදියට වැඩ කරයිද කියල.

      ඒත් මේ දේවල් මනින මිම්මක් තියෙනවනේ. අනේ අපොයි කියනව කියන්නෙ ඕකටනේ. ඒ කියන්නෙ අනුන්ගේ දුකකදී ඒ ඒ අය හා බෙදා ගැනීමයි,
      ඉතින් මෙහෙම කියන එක හරිද? අනුන් කිව්වම සතුරෙක්වත් නොවෙයි තමින්ගේ පරන පෙම්වතිය?

      Delete
  5. පාසල් යන කාලේ සුට්ටි ආදරයක් නිසා ඉතින් 'සැබෑ' ආදරය වගේ කතා අදාල නෑනේ... ඇය දැන් ඉන්න තත්වය ගැන හිතලා ඒ වගේ කතාවක් කියන්න පුලුවන් කෙනෙක් ඇයට ආදරය කලාද කියන ප්‍රශ්නය අදාලම නෑ... ඒකා මනුස්සයෙක්ද වගේ ප්‍රශ්නයක් නම් අහන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. ඔව්, ආදරය පැත්තක තියමු. සාමාන්‍ය මනුස්ස කමක් වත් නැද්ද?

      Delete
  6. ඌ ආදරේ කරලා නෑ... ආදරේ කරානම් එහෙම කියන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ආදරයත් මහ වල් බූරු නිදහසක් බං

      Delete
    2. මාතලන්, ආදරය කියන ගනු දෙනුවෙන් ඌව පැරද්දෙව්වා කියල හිතනව ඇති මහිතේ. ඒකනේ වෛරය?

      Delete
  7. ehema kiwwanam honda madi.

    ReplyDelete
    Replies
    1. kivva noveyi kiyavunaa. bokke thibichca eiva eliyata p/anna.

      Delete
  8. ආදරේ විවිධයි. පරාර්ථකාමියි වගේම ආත්මාර්තකාමියි. ආදරය වෛරයෙන් වෙන්වෙන්නෙ කෙස්ගහකින්. කොටින්ම ආදරය කියන්නෙ පුද්ගලානුබද්ධ දෙයක්. මෙතන තියන ප්‍රශ්නෙ ඇත්තටම ආදරය කලානම් එහෙම කියන්න පුළුවන්ද කියනඑකනෙ. මම කියන්නං මගේ යාළුවෙක් සම්බන්ධ කතාවක්.

    මෙයා සාපෙල වෙනකල්වත් අධ්‍යාපනය ලැබුවෙ නෑ. කෙල්ලකට ආදරය කරල අමාරුවෙන් සෙට් කරගත්ත. ඊට පස්සෙ මුගේ මැරෑටි වැඩ කිසා කෙල්ල බූට්එක තිබ්බ. මූ කියකිය හිටියෙ අනිව කෙල්ලට ඇසිඩ් ගහනව කියල. [(ආදරේ නං එහෙම කරන්න පුළුවන්ද?)?] ටික කලකට පස්සෙ ආයෙත් සෙට්වුනා. දැන් මුං දෙන්න බැඳල ළමයි දෙන්නෙකුත් ඉන්නව. සාර්ථකයි කියන්න පුළුවන් පවුල් ජීවිතේකුත් ගතකරනව. මේ තත්වය විග්‍රහ කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ගනු දෙනුවෙන් මිනිහ දිනුම්නේ... ඉතින් ඇසිඩ් ගහන්න උවමනාවක් නෑනේ....

      සමහර වෙලාවට මෙහෙම හිතෙන්නත් ඇති බැන්දට පස්සෙ. ඇසිඩ් ගහල හිරේ ගියා නම් මීට වැඩියො හොඳයි කියලා.
      ( බැඳපු අපි කාටත් කාලෙකදි එහෙම හිතෙනව.)

      Delete
  9. හෙහ් .. හෙහ් ... බතීගෙ කතාවට මාත් එකඟයි ...
    සම්පූර්ණ ඇත්ත කතාව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට

      Delete
  10. අනේ මන්ද ආදරේ නම්.....

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද කියල ශේප් වෙනව!

      Delete
  11. සුනිල් නම් ඇත්තටම ආදරේ කරපු කෙනෙක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ආදරේ තියා ඌ මොනවත් කරල නෑ දාල ගියේ ඒකනේ, නිර්මලීගෙත් ඉවසීමෙත් සීමාවක් තියෙනවනේ. හික්ස්

      Delete
  12. එහෙනම් ඒ කොල්ල සිරාවටම කෙල්ලට ආදර කරලා නෑ. එහෙම ආදරේ කළා නම් කවදාවත් එහෙම හිතන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. සිරාවට නෑ කියල මටත් හිතෙනව

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්