Followers

Friday, October 19, 2012

හරියට බැලුවොත් මගේ රිදී පදක්කමත් මට හිමි නෑ.




දැන් හැමෝම වගේ පමා වෙලා හරි අවංක වෙන්න පටන් අරගෙන .අලුත් ඇමෙරිකන් මෝස්තරයක් වද්ද මන්ද? අපි බටහිරයන්ට බැන්නට, අවංක කම අපට වැඩියෙ තිබෙන්නේ ඒ අය ලඟ. කුහක කම වැඩිම අප ලඟ. කෙසේ වෙතත් වැඩියෙ උස්සන්න යන්න අවශ්‍ය නෑ. මං මොටද බටහිරයා යන කාඩ් එක ගහ ගන්නෙ.

සුසන්තිකාගේ ඔලිම්පික් ලෝකඩ පදක්කම රිදී බවට
උසස්වීමක් ලද්දේ රත්තරන් පදක්කම ගත්ත අමෙරිකානු ජාතික ගෑනු ළමය හදවතට එකඟව තමන් තහනම් උත්තේජක ගත්ත බව පිලි ගත්ත නිසා. මෙරියන් ජෝන්ස්ගෙ  පාපෝච්චරණය නිසා ඇය බෙයිජින් ඔලිම්පික් තරඟයේ ලැබූ පදක්කම් පහම දැන් ඇයට උරුම නැත. අරුනි දන්නව ඇති වැඩි විස්තර

ඒ වගේ මයි මේ ලඟදී සයිකල් ශූරී ලාන්ස් ආම්ස්ට්‍රොන්ග් තමන් තහනම් උත්තේජක ගත්ත බව පිලි අරගෙන තමන්ගෙ සියලු වරප්‍රසාද අහිමි කර ගත්තා.


මේව ඇහෙන කොට ඇත්තටම මගෙ වරදකාරී හැඟීම තීව්‍රවී හදවතට තට්ටු කරන්නට පටන් ගනී. මේ කුමක් වෙන්දෝයි  හදවතේ පෙස් මේකරය කලබල වී ඩිගි ඩිගි ගා සිය තිගැස්ම පලකරයි. එයින් මොලයට නියුරෝන හරහා වේගවත් පනිවුඩ යවයි. මොලයෙන් අක්ශිවල ඇති කඳුලු ග්‍රන්ථිවලට අණ කරයි.
 අඬනු!
කඳුලු දෙකොපුල් හරහා රූරා ගලයි.

කුමන අසාධාරනයක්ද මවිසින් කරන්නට යෙදුනේ.

එය සිදු වූයේ 1983 ජූලි කලබලයට පෙරය. (මට මොන මලදානයක්වත් කතා කරන්න බෑ ජූලි කලබලේ නැතුව. )තර්ස්ටන් මාවතේ දැන් වෙනත් නමක් මහිතේ. විශ්ව විද්‍යලයීය ජවන හා පිටිය උලෙලේ අංගයක් ලෙස පැවති ෆ්‍රෙශර්ස් ඇත්ලටික්  Freshers Athletic Meet තරඟාවලියේදී මවිසින් තුන් දෙනෙක් පමනක් තරඟ වැදුනු මීටර සීයේ තරඟයේ දෙවන ස්තානයට හිමි රිදී සහතිකය පිලිබඳවය මගේ මේ හද කකියන වේදනාව. එනම් මා සිටියේ තහනම් උත්තේජකයක් ගෙනය. එදා මා මිත්‍රයන් කීප දෙනෙකු සමග පොඩි ඩ්‍රින්ක් පාටියකට ගොස් පැමිනි වහාම තමයි මේ තරඟාවලිය තිබුනේ.

ඇත්තටම මා මේ පිලිබඳව චිත්තපීඩනයට පත්වී සිටිමි.

කුමක් කරන්දැයි තවම මට සිතා ගත නොහැකි වී ඇත.

මෙරියන් ජෝන්ස්ගේ අවංක මුහුණ මට හීනෙන්ද පෙනෙන්නට පටන්ගෙන ඇත.
පිරිසිදු ඡන්දවලින් දිනන අපේ දේශපාලකයන්ගේ අවංක මුහුණුද ඒ සමගම ඇල්බමයක පිටු පෙරලෙන්නාසේ ම'ඉදිරියේ පෙරලෙන්නට පටන් ගනී.

17 comments:

  1. අනේ බටහිරයෙක් වෙන්න එපා ඒයි, එතකොට කා එක්ක ද වාදකරන්නේ?

    ලාන්ස් තහනම් උත්තේජක පාවිච්චි කළා කියල පිළිගත්තේ නැහැ. එයාට විරුද්ධව ගොනු වෙච්ච අනිත් පාපෝච්චාරණයන් වලට එරෙහිව සටන් කරන්නෙ නැහැ කියලා කිව්වා පමණයි. පදනමෙන් අයින් වුනාට, නයිකි දැන්වීම් සල්ලි අහක් කරගත්තට, තවම ප්‍රංශ සවාරිය පදක්කම් අහිමි කරනවා කිව්වෙ නැහැ. වැඩේ මේකයි. එයාගෙ පදක්කම් අයින් කළොත් ඒ කාලේ හැමෝම එහෙමයි කළේ නිසා කාට ද පදක්කම් දෙන්නෙ?!!!

    ඊ ළඟට ඩ්‍රින්ක්ස් පාටියක දී ගන්න දේවල් වලින් මීටර් සියය දුවන්න පුළුවන් ටිකත් බැරිවෙන එකයි වෙන්නෙ. දයාල් බතී ගියෙ එසේ මෙසේ නොවන ඩ්‍රින්ක්ස් පාටියකට එහෙම නෙමෙයිනෙ. මම හිතන්නේ චිත්ත පීඩනයට ලක්වෙන්න දෙයක් කරලා නැහැ. ඩ්‍රින්ක්ස් පාටියකින් පස්සෙ මීටර් සියය දුවලා දිනන්න පුළුවන් වුනානම් තව සහතිකයක් එවන්න වටිනවා!!!!!

    තුන්දෙනෙක් විතරක් දුවපු තරඟ වලින් මාත් සහතික අරන් තියෙනවා කැම්පස් එකේ දී. ඒ නිසා එහෙම කියලා අවතක්සේරු එහෙම කරනවා නෙමෙයි හොඳද!!!!

    ReplyDelete
    Replies
    1. මා තුල තිබූ දිවීමේ හැකියාව අවතක්සේරු නොකිරීම සම්බන්දව ඔබට මගේ අවංක ආදර ස්තූතිය.

      ඒත් ඔබ මගේ අවංකත්වය අවතක්සේරු කරනවාද මට නොතේරේ

      මා තුල සැඟවී ඇති අවංක කම දැන් මට කරදර කරයි. එයට ඉඩ දෙනවාද, නැතිනම් එය සඟවාගෙන රිදී සහතිකය දෙස බලමින් මුලු ජීවිත කාලයම විස්සෝප වෙවී ඉන්නවාද ?

      Delete
    2. කිසිසේත්ම අවංකත්වය අවතක්සේරු කළේ නැහැ දයාල් බතී.

      කළින් කිව්වා වගේ, විස්සෝප වෙන්නට දෙයක් නැහැනෙ. තහනම් උත්තේජක කියන්නෙ වැඩියෙන් කුසලතා දක්වත හැකි ඇඟට ඇතුල් කරන දේවල්. දයාල් බතී ඇතුල් කළේ තියෙන කුසලතාවයත් අඩු කරන දෙයක්!! ඒකයි මම කිව්වෙ තව සහතිකයක් එවන්න වටිනවා කියල.

      Delete
  2. අයියෝ ගනන් ගන්න එපා.. ඉස්සර අපිත් ක්‍රිකට් තරඟ (ටැනිස් බෝල්) දින්නේ මල් වල පිහිටෙන්. ගම හරහා දින්නේ තගෙන්. නැත්නම් මේ ක්‍රමේ යටතේ දිනනවා බොරු.. ඒකත් ටැලන්ට් එකක්නේ. හා මම කියන්නේ බොරුද...?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙවැනි තවත් දේ සොයාගෙන මේ තිබෙන තරඟයෙන් කෙසේ හෝ ගොඩ යාමට අදිශ්ටාන කර ගනිමි.
      බුරා බුරා නැගෙන අවංකත්වය යට කිරීමට 'අර' උත්තේජකය පොඩ්ඩක් ගත්තොත් නරක් වේවිද?

      Delete
  3. //ඇය බෙයිජින් ඔලිම්පික් තරඟයේ ලැබූ පදක්කම් පහම දැන් ඇයට උරුම නැත// බිජින් වලිදි නෙමෙයි සිඩ්නි වලිදි තමයි පදක්කම් පහ ගත්තේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ නිවැරදි කිරීමට.

      Delete
  4. ඈ කවියෝ පොඩි ඩ්‍රින්ක් තහනං උත්තේජකයක්ද? මක්ක කරන්නද? ඇයි බං ඔය ඇමරිකන් ගෝතයෝ වගේ නොවී කියම හෙළයෙක් විදියට හිටපිය. කුක්කු පැටියෙක් වගේ. ඒක තමයි ක්රමේ ජය

    ReplyDelete
  5. දේශකයානනි.
    ජයෙන් ජයට පිය මනින ක්‍රමය දැන් දන්නෙමි. කුක්කු පැටියෙක් වගේ නියම හෙළ, එළ පොරක් වෙමි. ඔබට ද ජය.

    ReplyDelete
  6. හ්ම්ම්ම්... මම පොඩි ඩ්‍රින්ක් එකක් දාල මේක ගැන කල්පනා කල.... මම බිව්වේ නීතිය දන්න පොරක් එක්ක... ඌ කුයික් ශොට් එකක් අරන් බයිට් කෑල්ලක් හපලා කියනවා මෙතන තහනම් උත්තේජක කේස් එකක් නෑලු... හැබැයි උඹ තරගෙට ඉදිරිපත්වෙන්න කොලිෆයිඩ් නෑලු.... බීපු නිසා....

    ඕං අපි දන්නෙ නෑ... ඕනෙ නම් මම උගෙ නොම්බරේ දෙන්නම්, උඹට නීති උපදෙස් ගන්න

    ReplyDelete
  7. අනේ සහෝ ඔබත් කියන්නේ එතකොට මගේ රිදී පදක්කම් සහතිකෙ මට අයිති නෑ, මාව බයිට් එකට ගන්නෙ නැතුව වහිං ඔරෝ එන්නෙ නැතිව කෙලින් කියපංකො අනේ,

    ReplyDelete
  8. අනේ මන්ද..පරක්කු වෙලා හරි ලෝකය ලස්සන වෙනවනම්.................

    ReplyDelete
    Replies
    1. හොඳ දේවල් එන්නේ බොහෝම හෙමිහිට, අමාරුවෙන්..

      Delete
  9. අපගේ කවි දයල් බතී ධර්මිස්ටරයාට කළ නොහැකි දෙයක් කර තිබේ. පසුගිය වර මම එනකොට උඩින්ම හිටිය ගෑනු ළමයා වෙනුවට දැං ඉන්නේ සිරා කොල්ලෙකි. ඔහොම යං..

    ReplyDelete
    Replies
    1. ධර්මිස්ටර් ජේ ආර් වරක් කිව්වනේ ගෑනියෙක් පිරිමියෙක් කරන්න විතරයි බැරි කියලා, ජනාධිපති කරමෙන්. ඔව් අපිට මතකයි.

      මක්කටද අනෙක් අයගේ පින්තුර
      මගේ ඡායාරූපයක්ම දැම්ම. හික්ස්,
      අමනාපයක් නෑනේ.

      Delete
  10. ඔන්න මමත් ආවා මේ පැත්තේ... ඩ්‍රින්ක්ස් දැම්මම හයියෙන් දුවන්න පුලුවන් උනාද ? මට බෑනෙ..

    ReplyDelete
  11. ඔව් ජෙට් එක වගේ තමයි,
    ට්‍රයි කරලා බලන්න.
    අනෙක සූ ගාල තුන් දෙනයිනෙ දිව්වේ.
    කීදෙනෙක් කියල පහු කරල යන්නද?

    ස්තූතියි සිරා මේ පැත්තේ ආවාට.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්