Followers

Monday, October 22, 2012

සරත් ෆොන්සේකා හෙවත් මිලිටරියේ මානුශික මුහුණුවර


ඇත්තටම  අපි මුලින් දැක්කෙ ජවිපෙ හා යූ එන්පිය(රනිල් හා ඉහල පෙළ කස්ටිය ඇර)  විසින් පුම්බපු ජෙනරල් සරත්,

යුද්ධෙ දිනපු ගමන්,
උණු උණුවේ....

ඉන්පසු එතුමාට හිරේ යන්න උනා.
මාතලන් කිව්ව වගේ දේශපාලනේ ඉන්නෙ ගල් ආඳො; රනිල් තුමා විපක්ශ නායක කම, ඇපත් නැතුව යන එක බේර ගත්ත. ආණ්ඩුව එතුමගෙ හුලං බස්සන්න පුලුවන් හැම දහං ගැටේම ගැහුවා.

එලියට ඇවිත් බලන කොට වටේ පිටේ හිටිය හුලං පුම්බපු  වින්කල් ආඳො පලාතකවත් නෑ.

තමන්ගෙ මිතුරන්ගෙ හැටි බලන්න තමන්ට කරදරයක් වෙන්න ඕනේ කියනවනේ.

ජෙනරල් සරත් ෆොන්සේකා මැතිඳු හිරේ ඉන්න කාලේ ඔක්කොම විරුද්ධ පක්ශ කාරයෝ වෙනසක් නොබල සහයෝගෙ දුන්න එතුමාව බේර ගන්න. අඩුම තරමින් කතා කරන්න. පෙලපාලි යන්න.
කාගෙ කාගෙත් වෙන වෙන එජෙන්ඩා Agenda තිබුනට  පොදුවේ බොහෝ පක්ශ එකතු උනා එතුමව බේරගන්න.
 ඒත් කාලයක් ගත උනා..
 ප්‍රජා අයිතිවාසිකම් ඉතුරු උනෙත් නෑ කියනවනේ.
 ඉතින් දුකේදී හැමෝම වගේ එකතු උනා.

පසු ගිය දහ අට වෙනිද උනේ වෙනම සිනාරියෝ scenario එකක්. එය දුටු ' බුවා ' අයියෝ ෆොන්සේකා කියල ෆොන්සේකා මහත්තයව උඩ ඉඳන් බිම වැටුන ගානට දාල කතා කලේ මතු පිටින් එහෙම පේන නිසා. බුවා තමයි සරලව දේශපාලනේ කතා කරන අපේ බ්ලොග් කරුවා. මට කොමෙන්ට් දාන්න ෆිට් එකක් තිබුනෙ නැති උනත් හැම දාම කියවනව. මාරයාත් හමුදාවල හිටපු කෙනෙක් විදියටත්, මේ ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට සම්බන්ධතා ඇති කෙනෙකු විදියටත් පසු ගිය පෝස්ටුවේ දක්වා තිබෙන ඔහුගේ මධ්‍යස්ත අදහස් ප්‍රශස්තයි කියල හිතෙනව. මම කැමතිම කෑල්ල මහජනතාව මෝඩ නෑ කියන එක.

පසුගිය 18වෙනිදා (2012 ඔක් ) කොළඹ හයිඩ් පිටියේ පැවති රැලියෙන් එතුමගේ ප්‍රධානත්වයෙන් පියවරක් තැබුව. මොකද්ද කරන්න යන්නේ කියල බොහෝ පාර්ශව වලට  පැහැදිලි කමක් නොතිබුනත් මහිතන විදියට එතුමගෙ පැත්තෙන් නිර්භීත පියවරක්. පිරිස් බලයක් එතරම් නොපෙනුනත් ස්වාධීනව ගොඩනැගීමේ අරමුණ පැත්තෙන් අන්තිම නරක තත්වයක් පෙනුනෙත් නෑ.  මොකද, ආණ්ඩුවත් යූ එන්පිය ප්‍රධාන විපක්ශයත් යම් තරමක  ශක්තිමත් තැනක ඉන්නේ. ඒ වටාපිටාව තුල විස්මිත, විකල්ප, වෙනත් ප්‍රතිපත්තියකුත් නොමැතිව, කොළඹ නගරය තුල ආණ්ඩුවට විරුද්ධව මෙවැනි රැස්වීමක් සංවිධානය කිරීමට යාමම ලොකු දෙයක් කියලයි මට හිතෙන්නේ. කවුරු මොනව කීවත් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන්නට ත්‍රිවිධ හමුදාවේ යුධ භටයනුත් එකතු විය යුතු බව එතුමා අපට කියා දෙනව. යුද්ධය කවුරු කුමක් අරභයා සිදු වූවත් දිවිදුන් යුධභටයින් විශාල කැප කිරීමක් කර ඇති බව අපට පිලිගන්නට සිදු වේ.

මට මතකයි, එතුමා කියනව යුද්ධයේ අන්තිම කාලයේදී, මේ ප්‍රශ්නය එනම් ජනවාර්ගික ප්‍රශ්නය, යුද්ධයෙන් පමනක් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නොවෙයි දේශපාලන ක්‍රියාමාර්ගයක් අවශ්‍යය යයි කියල.

ඒත්, අද පැහැදිලිවම වෙනස්.

ෆොන්සේක මහත්තයගේ නව සංවිධානය

භික්ෂු පෙරමුණ ධජය යටතේ
බෞද්ධ
සිංහල
දූශණයට විරුද්ධ- මේ සටන් පාඨයට ලංකාවෙත් ඉන්දියාවෙත්(අන්නා හසාරේ ව්‍යාපාරය ) පොදුවේ හැම රටකම ඉල්ලුමක් තිබේ.
ඒකාධිපති ජනපති ව්‍යවස්තාවට විරුද්ධ බලවේගයක් ලෙස ගොඩනැගීමයි අරමුණ ලෙස පෙනෙන්නේ.


ඒ මහත්තය නව දිශානතිය කල්පනා කරල බලල, ගනන් හදල බලල තේරුම් බේරුම් කර ගත්තා විය යුතුයි.

පැහැදිලිවම සම්ප්‍රදායික වමෙන් වෙන් විය යුතුයි යන ප්‍රතිපත්තිය,
 අනෙක ඇමරිකානු ලංකා ප්‍රතිපත්තියට අනුකූල විය යුතුයි.
 (අරුනි සෑහෙන සන්තෝශවෙයි ඒ කාරණාවට )
එමෙන්ම විශ්‍රාම වයසට,
ඔහුගේ මුලු පවුලටම ගැලපිය යුතුයි.


එය ජවිපෙන් වෙන්වෙන්නේ බොහෝ සුලු වශයෙන්. එය නම් ජවිපෙ ආර්ථික ප්‍රතිපත්තිය , සංවෘත ආර්ථිකය පමණය. ඇත්තටම සරත් ෆොන්සේකාට ඇතුල්වන්නට සිදුවන්නේ ජවිපෙ ඡන්ද පදනමටයි, කියල මට නිකං හිතෙනව.
ඒ ඇත්තො ඒක ඉල්ලං කාපු එකක්. අමරසේකර, නලින්, ජේ ආර් පී ආදී අනන්‍යතා  කස්ටිය ගේ සිහින ලෝකයේ කුමරා මහින්ද වූවාසේම ජවිපෙ සිහින කුමරා, 'රතු හමුදාවේ' ලොක්කා, ජනරාල් සරත් ෆොන්සේකා විය. කාගෙ ඇඟේ තියලද කපන්නේ කියමින් බලාසිටි රනිල් තුමාට හිඟන්නාට ස්වීප් ටිකට් එකක් ඇදුනා හා සමාන විය.

කෙසේ වෙතත් හයිඩ් පිටියේ පැවති රැස්වීම, මී ලඟ ඡන්දයේදී යූ එන් පිය හෝ ශ්‍රී ලනිපය සමග කේවල් කිරීමකට යාමකට තරම් ප්‍රමාණවත් බවයි මගේ තේරුම.

 මන්ද මේ යන විදියට ඔහුට අවශ්‍යවන්නේ එක් පාර්ලිමේන්තු ආසනයක් පමණක්  වගේ පේන බැවිනි ?

අර්ජුන, ටිරාන් ආදී ඔබගේ සගයන් වේදිකාව මත නොමැති විට කෙනෙකුට එහෙම හිතෙන එක අසාධාරණ නෑ මහත්තයො?   ඒ නිසා ජාතික පක්ශයක් ලෙස වර්ධනය වීමට නම් මීට වඩා පුලුල් දර්ශනයක් අවශ්‍යය.


ලංකාවේ ඉහල පෙල විසින් ප්‍රතික්ශේප කරන ලදුව, ජනතාව අතරට ගිහිල්ල පුලුවන් නම් දිනාගනින්, යන ඔවුන් විසින් දෙන ලද අභියෝගය එතුමා භාර අරන් තිබෙනව.
 මිලිටරියත් හැදිල තිබෙන්නෙ මනුස්සයින්ගෙන්. ඒ අය විනයානු කූලයි, හැම දේම පිලිවෙලට, දිස්නෙට, ඒ අයටත් තිබෙනව මානුශික මුහුණවරක්. රටේ යහපත තකා සමහර විට කලාවට බර අපට අමානුශික ලෙස පෙනෙන දේවල් ඒ අයගේ එදිනෙදා පඩි ලබන රාජකාරිය. (උදාහරණ යුද්ධ කිරීම.)

  පොදු මහ ජනතාවට සවියක් වීමට හා අඳුරෙන් ගලවා ගැනීමට ශක්තියක් වීමට එතුමාට ශක්තිය ලැබේවා. මිලිටරියේ මානුශික මුහුනුවර පෙන්වීමට එතුමාට ධෛර්‍ය ලැබේවා.
එතුමගෙ තිබුනු, කෙලින් කතා කරන කමට අවංක කමට බොහෝ ජනතාව කැමතියි.
අපේ දේශපාලකයනට නැතිම දේ ඒකයි.! අපේ රට හොඳ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වීමට නම් එය අත්‍යවශ්‍ය දෙයක්!


යමක් සාර්තක උනහම හැමෝටම සාර්ථකත්වයෙන්/සාමයෙන් පංගුවක් ඕන වෙනව. Every one wants a piece of peace මෙතැනදී  සාමය. යුද්ධය සාර්ථකයි. එහි පාර්ශව කරුවෝ තමන්ගේ කොටස් ඉල්ලනව.

1. සංඝයා වහන්සේලා හෙළ උරුම කරුවන් - එතුමන්ලාට පාර්ලිමේන්තුවෙ ආසන ලැබිල තිබෙනව
2. ජනතාව 6% ක් අද්‍යාපනයට ඉල්ලනව.
 (ඒක ජනතා ඉල්ලීමක් ලෙස පාලක උතුමන්ලා සලකත්වා. මන්ද? අපේ හයිය අධ්‍යාපනයයි.)
3. වැඩ කරන ජනයා ජීවන වියදමට සරිලන වැටුප් ඉල්ලනව.
4. ගොවියො, ධීවරයෝ සිය නිශ්පාදනවලට මිලදී ගනියව් කියනව.
5. ත්‍රස්තවාදයෙන් මිදුනු දෙමල ජනයා සිය ප්‍රජාතන්ත්‍රවාදී අවස්තාවන් ඉල්ලා සිටිනව. (ගෝඨාභය මහත්තය 13 A නැති කරන්න හදන කොට රනිල් තුමා හිනා වෙනව ඇති, අන්න බලාපල්ල, Gota is palying for me now කියල. රනිල් බලාගෙන ඉන්නෙ ඒ ප්‍රශ්නය ඇදෙන කම් ගොඩ යන්න. )
6. මිලිටරිය සිය මානුශික මුහුනුවර වෙනුවෙන්  කුමන්ත්‍රණ වලට නොයා ප්‍රජාතන්ත්‍රවාදීව සිය කොටස ඉල්ලා සිටිනව ජෙනරල් ෆොන්සේකා හරහා.

සිංහයගේ කොටස Lions Share එක් පාර්ශවයක් විසින් පමණක් බුක්ති විඳින කොට ප්‍රශ්න.

මම කැමත්තෙන් හිරේ ගියා කියල දිව් රුම් පෙත්සම් දෙන්න සමාව ගන්න තරම් එතුමා පහලට වැටෙන්නෙ නෑ. මිලිටරියටත් ඒ සේවයටත් නම්බුවක් තියෙනව. දෙමල ජනයාටත් නම්බුවක් තිබෙනව. රටේ ඉගෙන ගත් නොගත් තරුණ හැමට නම්බුවක් තිබෙනව. ඔවුනගේ නම්බුවට
 බුද්ධියට නිගා නොකල යුතුයි.

 මෙයින් සමහර පාර්ශව මරාගෙන මැරෙන්න ගියේ  ඒකයි.

මේ මොහොතේ සියලු පාර්ශව එතුමාව අත හැරියත්,
සරත් පාර්ශවයේ ගමන් මග සියලුම පාර්ශවයන් විසින් ඉතාම සැලකිල්ලෙන් බලා සිටිනවාට අනෙක් විරුද්ධ පක්ශවල ගමන් මග තීරණයට බලපානවාට සැක නෑ.



Attempt on SF’s life: bomber’s aide sentenced

E-mailPrint
Kegalle High Court today sentenced an accused to 35 years rigorous imprisonment for aiding and abetting a female LTTE suicide cadre who attempted to assassinate former Army Commander Sarath Fonseka on April 26, 2006.

High Court judge Ms. Menaka Wijesundara convicted Shanmugalingum Sooriyakumar alias Suri in four counts including escorting the suicide bomber Manjula Devi from Kilinochchi and harbouring her in Weliweriya. The convict was a lorry driver from Rambukkana.

The female suicide bomber attempted the assassination of Fonseka on April 25, 2006 at the Army Headquarters in Colombo. (Kegalle - Rohan Kumara)



Govt. allies want 13-A scrapped

E-mailPrint
Several allies of the ruling United Peoples Freedom Alliance (UPFA) have decided to continue their campaign to pressure President Mahinda Rajapaksa to abrogate the 13th Amendment to the Constitution, by using the two-thirds majority in Parliament, Daily Mirror learns.

The Jathika Nidahas Peramuna (JNP) led by Minister Wimal Weerawansa and the Jathika Hela Urumaya (JHU) have started a public campaign against the 13th Amendment.

The Mahajana Eksath Peramuna (MEP) led by Minister Dinesh Gunawardane has also decided to prevail upon the government in this regard.

Minister Gunawardena told Daily Mirror his party foresaw the consequences of this piece of legislation introduced in 1987 under the Indo-Lanka Accord giving birth to the provincial councils, which have become white elephants.

“This is a hastily prepared piece of legislation. The provincial councils are useless. They waste public funds. We have to do away with this system at least now,” he said. “In Sri Lanka, even education and health have been devolved to the provinces. These are two crucial subjects, which need to be handled by the central government to develop a country. We are witnessing the repercussions of leaving such powers in the hands of the provincial councils.

Asked whether he would carry out a public campaign, the minister said that his party would first discuss the matter with the government.

“We have written to the government on several occasions. We will take it up again. The government has a two-third majority in Parliament. It can be used to abrogate the 13th Amendment,” he said.

The MEP is an ally of the ruling coalition with three parliamentary seats. Digamadulla district MP Sriyani Wijewickrema and Deputy Minister Geethanjana Gunawardane are the two others.

He said that instead of the provincial councils a district council system could be set up to implement and co-ordinate development work.
“The Pradeshiya Sabhas and Urban Councils should be strengthened,” the minister said.

Referring to the Indo-Lanka Accord, he said though the former Indian Prime Minister Rajiv Gandhi played a role in introducing this law here, there are village-based administrative bodies set up in India to carry out grassroots level development activities.

The minister said the MEP wants the cultural and linguistic concerns of people in the North addressed. (Kelum Bandara)

දුක්‌ සැප කුමන්දා
මාවනැල්ල අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්‌ඩ දේවාලය වෙත ඊයේ (20 දා) පැමිණි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කීර්ති ශ්‍රී රාජ මහා විහාරය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව දේවාලය වෙත පැමිණ දේවා පූජාවකටද සහභාගි විය. පුදබිම වෙත පැමිණ සිටි ආබාධිත තරුණියකගෙන් ෆොන්සේකා මහතා සුවදුක්‌ විමසන අයුරු දැක්‌වේ.

ඡායාරූපය යූ. ආර්. ජයන්ත සේනානායක - මාවනැල්ල



Sri Lanka opposition leader Sarath Fonseka at Colombo rally

Sarath Fonseka at the Colombo rallyThe turnout at the rally was much lower than Mr Fonseka would have hoped for
Leading Sri Lankan opposition figure Sarath Fonseka has held his first big political gathering since serving two years in jail after losing a presidential election.
The former general called for major political reforms.
But the BBC's Charles Haviland in Colombo says that disunity among the opposition meant the turnout was low.
Mr Fonseka unsuccessfully stood against President Mahinda Rajapaksa in a presidential election two years ago.
But he lost after a vitriolic campaign and was imprisoned shortly afterwards.
Mr Fonseka's lawyer said in May that the terms of his release prevented him from running for office for seven years.
But that has not stopped the former general - credited with playing a leading role in defeating Tamil Tiger rebels in the country's civil war that ended in 2009 - from re-entering politics.
He and his supporters have pledged to fight constitutional changes which have made President Rajapaksa one of the world's most powerful presidents.
They also strongly criticised what they said was the breakdown of the rule of law and the undermining of democracy in Sri Lanka.
Our correspondent says that although nearly 1,000 people including many Buddhist monks attended the rally and stayed despite a heavy downpour, the turnout was much lower than Mr Fonseka would have wished.
The former general is at loggerheads with Ranil Wickremesinghe, the leader of the main opposition party, who ordered his colleagues not to attend the rally.
Many of those who did go to it were strongly critical of Mr Wickremasinghe's move, accusing him of creating divisions and sectarianism within the opposition.
But it appears that the president has shrewdly succeeded in using the release of his great rival to fragment the opposition, our correspondent says, and the president - still popular with the Sinhalese majority - seems more powerful than ever.

More on This Story

Sri Lanka After War




39 comments:

  1. උන්නැහේව එලියට ගන්න මහන්සි වුනු ඒවා සියල්ලම අමතක කරල එලියට ආපු ගමන් කථා කලේ ටිරාන් ගැන විතර්යි , ඡන්දේ ඉල්ලන්න තියන අයිතිය ගැන පාර්ලිමේන්තුවට ගෙන්න හදපු යෝජනාවටත් කොක්ක දැම්මේ එයාම තමා . හයිඩ් පිටියේ තිබුනේ ඇත්තටම ආණ්ඩු විරෝධි උද්ඝෝෂනයක් නෙවෙයි , පොලිස්යෙන් හතර අතේ පාරවල් වහගෙන සප් එක දුන්නාය කියල නම් කථාවක් තියනවා

    ReplyDelete
    Replies
    1. බුවා කියන්න වගේ විකල්ප ප්‍රතිපත්ති මොකවත් නැතිව, සංඝයා වහන්සේලා කීප නමක් පිලිවරාගෙන සිංහල බෞද්ධ ව්‍යාපාරයක් ලෙස පෙනෙන දෙයක් ආණ්ඩු විරෝධී කියන්න බෑ.

      ටිරාන්ලට ක්‍රෙඩිට් එක දුන්නෙ පොදු විපක්ශෙට නොයන්නයි.

      එයින් හා සිංහල බෞද්ධ සලුවෙන් යමක් පැහැදිලි වෙනව.

      Delete
  2. ෆොන්සේකා මහත්තය උසාවි ගිහිල්ල එද්දී සිංහ සෙයියාවෙන් කතාකරපු හැටියි,හිරෙන් එලියට ආවයින් පස්සේ හැසිරෙන විදියයි පේන්නෙ නැත්ද?වේදිකාවේ සුදුරෙදි දාපු ආසන දෙක මොකද හිස්ව තිබුනේ?පක්ෂවලින් කුනුකුඩවලට වැටෙන එඋන්ව බදාගන්න ලැජ්ජාව නැද්ද?කොලබට මිට පෙර ඒකාබද්ද විපක්ෂය සංවිධානය කරපු SF නිදහස් කිරීමේ රැස්වීමට ජනගගක් ගැලුවේ නැද්ද?පසුගියදා ආචාර්යවරුන් සහ සරසවි සිසුන් දෙපැත්තකින් කොලබට ආවේ නැද්ද?මමනම් හිතන්නේ එතුමා දේසපාලනයේ රැදී සිටින්නටනම් මෙයට වඩා පරිනත බවකින් පිවිසිය යුතුයි කියලයි.ඔය දෙපත්නයි එක්ක ගියොත් කවද හරි එඋන්ම තමා එයාටත් විණ කටින්නේ.

    ReplyDelete
    Replies
    1. එතුමා පොදු විපක්ශෙ සමගයි යන්න හැඟෙන්න ඉඩ තියන්නෙ නෑ.
      ඒ වගේම වෙන් වීමේ සීමා ලකුණු කරල තිබෙනව
      සිංහලයි
      බෞද්ධයි

      Delete
    2. පැහැදිලි නැහැ. ඔබගේ ලිපියේ ඇතුලත් දේ වලට මා විසින් අසා ඇති දේට පිළිතුරු දෙනමෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

      Delete
    3. ෆොන්සේකා මහත්තය උසාවි ගිහිල්ල එද්දී සිංහ සෙයියාවෙන් කතාකරපු හැටියි,හිරෙන් එලියට ආවයින් පස්සේ හැසිරෙන විදියයි පේන්නෙ නැත්ද?
      මාධ්‍ය ඒ ගැන උනන්දුවක් දක්වා නෑ. ඒ නිසා පසුව අපි වැඩියෙ දැක්කෙ නෑ එතුමාව මාධ්‍ය තුලින්.

      වේදිකාවේ සුදුරෙදි දාපු ආසන දෙක මොකද හිස්ව තිබුනේ?
      ආරාධනා කළ හිමිවරුන් දෙදෙනෙකු පැමිණ නෑ වගේ

      පක්ෂවලින් කුනුකුඩවලට වැටෙන එඋන්ව බදාගන්න ලැජ්ජාව නැද්ද?
      එහෙම කියන එක සුදුසු නෑ නේද. එතුමා ආරාධනාවක් කරලා ආවාහම තමුසෙල 'කුනු', යනව යන්න කියල කියන්න බෑනේ. ඒ අය වීරයොද දන්නේ නෑ. හැබයි කල වැඩේ නම් ටිකක් වීර කමක්.

      කොලබට මිට පෙර ඒකාබද්ද විපක්ෂය සංවිධානය කරපු SF නිදහස් කිරීමේ රැස්වීමට ජනගගක් ගැලුවේ නැද්ද?
      පසුගියදා ආචාර්යවරුන් සහ සරසවි සිසුන් දෙපැත්තකින් කොලබට ආවේ නැද්ද?මමනම් හිතන්නේ එතුමා දේසපාලනයේ රැදී සිටින්නටනම් මෙයට වඩා පරිනත බවකින් පිවිසිය යුතුයි කියලයි.ඔය දෙපත්නයි එක්ක ගියොත් කවද හරි එඋන්ම තමා එයාටත් විණ කටින්නේ.

      කොළඹට ජන ගඟ ගැලුවේ සියලුම විරුද්ධ පක්ශ එකතු වූ නිසයි.
      6% හා අධ්‍යාපනය ජනතාවගේ ඉල්ලීම් හා අනාගතය නිසයි.
      ජෙනරල් තුමා ඒ විරෝදතාවල අයිතිය සියලු ගෞරව තමා සතු කර ගන්න ගියාම ඔය දේ වෙනවා.
      ඒ නිසා ඔබ කියන පරිදි පරිණත බවක් අවශ්‍යයයි පුලුල් විරුද්ධ පක්ශයේ කොටස් කාරයෙක් ලෙස ගොඩ නැගීමට අවශ්‍යනම්. ඒත් විරුද්ධ පක්ශ එකතුව තමාව ඇද දැමූ අමාරුව තේරුම් ගත් නිසා ඔහු ඒ විදියට හැසිරෙනවාද යන්න ආදිය ඉදිරියේදී දැනගැනීමට පුලුවන් වේවි.

      Delete
    4. පැහැදිලි කිරීම පිලිබදව ස්තුතියි!

      Delete
  3. මෙතන තියෙන්නේ ෆොන්සේකා මහත්තයාගේ දර්ශනය පිළිබද ප්‍රශ්නයක්. දැං බලන්න අපේ මහින්ද අයියා නිතරම වර්ණපාල තියරිය භාවිතා කරල දේශපාලනේ ඉහලට ආවා නේ. කෙරුවාව වෙනම කතාවක්. හැම දේකටම කාලයක් තියෙනවා. බුදුන් කියන්නෙත් ඒකනේ. මේ සමාජය තුල නිල ඇදුම ගලවල සුදු ඇදුම් ඇන්ද කියලා නිල ඇදුමේ තියෙන හරයම සුදු ඇදුමට එන්නේ නැති බව ෆොන්සේකා අපිට පෙන්නල දුන්නා. මට නං දේශපාලනය කියන්නේ ඇත්තටම විකාරයක්. එහෙම විකාරරූපි දේකට ෆොන්සේකා ඇද දැමුවේ කවුරුන්ද? ඔය නිදහස් අරගල කරන්නට කියලා ජනතා විමුක්ති පෙරමුණ, සිහල උරුමය (හෙළ උරුමය) ත්‍රස්ත විරෝධීන් ඒ කාල දත කාපු හැටි දැක්කද? නමුත් අවසානයේ උනේ මොකක්ද? දේශකයා මීට කාලෙකට ඉස්සර වෙලා වීරවංස ජවිපෙ ප්‍රචාරක ලේකම් විදියට වැඩ කරන විට ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටියා ඒ යකා කවදා හරි යූඑන්පී එකේ නවතිනව කියලා. ඉතිං දැන්ටත් වැඩි වෙනසක් නෑනේ එක පිම්මක් පස්සෙන් ඉන්නේ. ෆොන්සේකත් එහෙම තමයි.. ලජ්ජ බය දැනෙන අවසන් ස්නායුවත් අක්‍රිය කර ගත් වෙලාවක ෆොන්සේකත් ඒ මට්ටටම යනවා. හැමදේම කාලය අපට උගන්වාවි. සදාතනික ප්‍රේක්ෂකයන් වන අපට මේවා ඉතිං මෙගා නාට්‍ය තමයි.

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධ ඡන්ද විරුද්ධ පක්ශයෙන් වෙන්ව තබා ගැනීම ඒ මහතා පවරාගෙන ඇති මෙහෙයුම වගේ පෙනෙනවා.
      ඒ කියන්නේ කරූ වගේ කෙනෙකුට, විකල්පයක්.

      Delete
  4. සරත් ෆෝන්සේකා හිරේ ඉන්න කොට වීරයෙක්. සරත් ෆොන්සේකා වීරයෙක් කළේ මහින්ද මහත්තයා. ඇත්තටම අද එයා දුක් වෙනවා ඇති. මම මේ මනුස්සයට කරපු අපරාදේ කියලා. ෆොන්සේකා මහත්තයගේ ඒ බූමීකාව හයිඩ් පිටියෙන් අවසන්. ඒක නොමිලේ පෙන්නන වෙසක් නාට්ටියක් ගානට වැටුනා. ඒ ගැනත් කටකතා තියෙනෙවා. ඒ කියන්නේ මීටීමේ කතාකරන අයගේ වෙලාවන් ගැන මත බේද ඇතිවුනා කියන එක. කොහොමත් වච්නයක් දෙකක් කතා කලාට. ෆොන්සේකා මහත්තයා හොඳ කතා කාරයෙක් නෙමෙයි. ලවුස්පීකර් ගස් බැන්දට වැඩක් නෑ. පීකරයක් පක්ෂෙටත් අවශ්‍යයි. නමුත් එහෙම එකෙක් වත් ෆොන්සේකා මහත්තයට නෑ. එතුමට හොඳම දේ මහින්ද මහත්තයා ගාවට ආයෙත් යන එක. නැත්නම් විකල්ප් දෙකක් තියෙනවා. එක. සිහල උරුමය. දෙක අලි පාටිය. මොනවා කරන්නත් ඡන්දේ ඉල්ලන්න පුළුවන් වෙන්න එපාය. ඒක ගන්න නම් ඉතින් මහිඔන්ද මහත්ත්යා ගාවටම යන්න වෙනවා. එතුමා පෙන්නන මුදු බව එතුමා ලඟ නෑ. ටිරාන්ලා අර්ජුනලත් මාරු වෙන්නේ ඒකයි. කවුරුත් කැමති නෑනේ. දේශපාලනේ නිසා අම්මව මතක් කරගෙන. ඊ ඇන් ටී සර්ජන් කෙනෙක් ගාව නවතින්න.

    ReplyDelete
    Replies
    1. එතුමාගේ වත්මන් කාර්‍යභාරය වී තිබෙන්නේ අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමයි. සුලුවෙන් හෝ එතුමා එය කර තිබෙනවා. 'ක්‍රෙඩිට්' නැත්නම් ගෞරව කාටවත් නොදී තමන් ලඟ තබා ගැනීමයි අරමුණ.
      එතුමාට අවශ්‍යවගේ පෙනෙන්නේ එක් පාර්ලිමේන්තු ආසනයක් පමණි.
      ඒකට ඔය ඔක්කොම ගාව ගන්න අවශ්‍ය නෑනේ.

      Delete
  5. එක දෙයයි කියන්න තියෙන්නේ.. සරත් ෆොන්සේකා කියන්නේ “හමුදා” “නායකයෙක්”.. උගත්කමක් සහිත කෙනෙක්... ( අට පාස් නෙවෙයි.. ) යුද්ධයෙදි ලොකු දෙයක් කලා... මොකද උපදෙසක් පිළිඅරගෙන, විනයක් සහිත කෙනෙක් විදියට හරියට ඒ දේ කරන්න හැකියාව තිබුන නිසා... ඇත්තටම මට පෙනුනේ ඒ කාලෙදිත් එතුමාගේ භුමිකාව හොඳ “ හෙඩි ප්‍රීෆෙක්ට්” තත්වයක් කියලා.. උඩින් ඉන්න විදුහල්පතිගේ සහ ගුරුවරුන්ගේ උපදෙස් හරියටම පිළිපදින, ඒ අයගේ මඟ පෙන්වීම සහ අනුග්‍රහය යටතේ තමන්ගේ වැඩේ හරියට කරන කෙනෙක් විදියට...

    එතුමා ගැන ලොකු ගෞරවයක් තිබුණා.. දැං නං කළකිරිමක් විතරයි... මොකද රටේ වැදගත් විදියට ජීවත් වෙන්න පුළුවන් මනුස්සයෙක් මේ විදියට විහිළුවට ලක් වෙන එක හින්දා....

    අදටත් මම කැමති (“ජෙනරාල්”) සරත් ෆොන්සේකා යන නමින් විතරක් එතුමා ගැන මතක තියාගන්න...

    ReplyDelete
    Replies
    1. එතුමා විහිලු කාරයෙකුට වඩා;
      තදින් සිය සීමාවන් දැක්වීම නිසා
      එයට අකමැති හැරදා ගිහින් .

      Delete
  6. ඔබ කියන්න යන්නේ මොකක්ද කියල ටිකක් පැහැදිලි මදි.. කොහොමටත් එක රැස්වීමක් දිහා බලල රටක දේශපාලන අනාගතය තක්සේරු කිරීම නම් විහිළුවක්..කරු ඇතුළු ය සහභාගී නොවුනේ පක්ෂයෙන් ඉවත් කිරීමේ තර්ජනය නිසා නේද ? ඉතින් ඒකෙන් ඒ පක්ෂේ එකමුතුකම රැකුනාද බිඳුනාද ? දේශපාලනයේ එස් එෆ් භූමිකාවෙන් එක එක නායකයින්ගේ රෙදි ගැලවෙන හැටි ඔබට නොපෙනේද ? එක පැත්තකින් රජය ටික ටික තමුන්ගේ රෙදි ගලවා ගන්න අතරේ තමන් කරන හැම දේම පසු කාලයකදී වැරදි යයි පිළිගන්න එජාපයයි ජවිපෙයි රෙදි ගලවා ගත්තා නේද ?එක එක මත ප්‍රකාශ කරමින් සිටි බුවා මහතා රනිල් වාදියෙක් බව නම් අන්තිමට පැහැදිලි උනා.

    ReplyDelete
    Replies
    1. //එක එක මත ප්‍රකාශ කරමින් සිටි බුවා මහතා රනිල් වාදියෙක් බව නම් අන්තිමට පැහැදිලි උනා//

      හැමදේම වෙනස් වෙනවා අවස්ථානුකුලව ,

      එක රැස්වීමකින් රටක දේශපාලන අනාගතය තීරණය කරන්න බැ තමයි . නමුත් ෆොන්සේකා මහත්තය පටන් ගත්ත අලුත් ගමන නම් ලත්තැනම ලොප් බව පේනවා . දැනට දකින්න තියන කරුණුකාරණා අනුව ඔය ගමනට අලුත් ගැම්මක් ඇති වෙන්න හේතුවක් ඇත්තෙම නැති තරම් . එජාපයේ රැකෙන්න සමඟි කමක් කොහොමටත් නෑ , මෛත්‍රි ගුණරත්න වගේ පොරවල් නම් එජාපයෙන් යන තරමට වාසියි හැබැයි .

      ෆොන්සේකාව ඡන්දෙට දාපු එක වරදක්ය කියන කථාව එජාපයේ තවත් එක් නාගැනීමක් පමනයි , රවි කරුණානයක ලා නාපු හැටියට ඕවත් මොනාද ?

      Delete
    2. ඇනෝට,
      මගේ නිරීක්ශණය නම් එතුමා නියෝජනය කරන්නේ යුද්ධය වෙනුවෙන් ජීවිත කැප කළ ආරක්ශක හමුදාවල සියලුම සාමාජිකයන්ය කියායි. දැන් එයට තව සීමාවන් එකතු කොට ඇත.
      කෙසේ වෙතත් හමුදාවල කැප කිරීමට සෑහෙන පාර්ලිමේන්තු නියෝජනයක් එතුමා සොයන බවකුයි පෙනුනේ. මන්ද දැන් ජනාධිපති පදවිය ඔහුගෙන් බොහෝ ඈත නිසාය.
      ඒත් එය 'එකකට' නැවත කියමි 'එකකට' සීමා කර ඇති බවකුයි හැඟෙන්නේ.

      Delete
  7. ලොකු හයියක් වෙන්න පොඩි වචනයක් ලියන්නම්කො....
    යස අපූරු හීනයක්....

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඒත් ප්‍රාර්ථනා කරන්න බාදාවක් නෑනේ!

      Delete
  8. වෙනස් කෝණයකින් මේ දෙස බැලීමට උත්සහ අරන් කියලා පේනවා. නමුත් ඒක සිද්ධවෙන්නේ තාර්කික පදනමකට වඩා භක්තිමත් පදනමකින් කියලයි මට හිතෙන්නේ. දැන්මම සියලු බලාපොරොත්තු නැතිකරගත යුතු නැහැ. අහලා තියනවනේ... දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත කියලා... අල්ලගෙන ඉන්න හැකියාව තියනවනම් කොයි මොහොතේ හරි උඩට මතුවෙන්න පුලුවන්. මහින්ද කියන්නේ චන්ද්‍රිකාගෙන් කැපිච්ච ඇමතිවරයෙක් එදා...

    ReplyDelete
    Replies
    1. අනාගත සෞභාග්‍යමත් ආරක්ශිත ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් සඳහා එතුමාගෙ දායකත්වය අවශ්‍ය බව එතුමා ඔප්පු කර පෙන්විය යුතුව ඇත.
      එතුමා ගත් පලමු පියවර පැත්තකට බර බව පෙනීම එතුමාගේ පෞද්ගලික උවමනා එපාකම් වලට නම් ගැලපෙනවා ඇති.

      Delete
  9. මොකවා කළත් ෆොන්සේකා ෆේල්. අවාසනාවකට තවමත් එතුමා ඒක දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න පරණ විරසකේ.

      Delete
    2. Sumith,
      ඒවැනි දෙයක් වත් තේරුම් ගන්න බැරි නොදරුවෙක්ද හිටපු හමුදාපති.?

      Delete
  10. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බව ජෙනරාල් තුමා නිතරම කියනව. අන්න ඒ වගේ රැඩිකල් විදිහට මේ සමාජය වෙනස් කරන්න පුලුවන් එතුමට විතරයි.එක අවුරුද්දක් ඔහු මේ රට පාලනය කලානම් ඇති.. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න, ඒක නම් හීනයක්

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එතුමාට වැරදුනේ කොතනද නෝනා.ගඟ ගලන පැත්තටම ඔරුව පැද්දා නම් හරිද.? එහෙම වුනානම් ෆොන්සේකා මහත්තයට තානාපතිකමක්,රක්ෂිත වනාන්තරයක ඉඩමක් වෙන්කරගෙන මන්දිරයක් හදාගන්න තිබුන නේද?

      Delete
    2. Gayani, ක්‍රිකට් ගැසීම ?, රඟ පෑම?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඇත්ත... මේ ටික කාලෙට සිංහලයට කොයිතරම් දේවල් අමතක වෙලාද?....එරික් සෝල්හයිම් එයාට කැමති ඔනෙම කෙනෙක් එක්ක කටුනායකින් බැහැල කෙලින්ම කිලිනොච්චි යද්දි ඔය කියන කාටවත් කරන්න දෙයක් තිබුනෙ නෑ බලාඉන්නවා හැරෙන්න...නෝර්වේ තානාපතිගේ කැමැත්ත විතරක් ඇතුව වරායෙන් ගුවන් විදුලි සම්ප්‍රේක්ෂනාගාර පවා ඇතුලත් කන්ටේනර් කෙලින්ම කිලිනොච්චියට යද්දි හැමෝම බැන බැන හිටිය විතරයි කරන්න දෙයක් තිබුනෙ නෑ...
      ඒ සිද්ධ වෙන දේවල් වෙනස් කරගන්නට ජන්දෙ දීපු මිනිසුන්ට පුලුවන් වුනා ඒ දේවල් වෙනස් කරගන්නට...කියපු විදිහටම කොන්ද කෙලින් තියාගත්තු සාමයක් උදාවුනා දේශයේ පිනට....එදත් අදත් බලය ගැන විතරක්ම සිහින දකිමින් හැමදේටම විරුද්ධව ඉන්න අයට ඔය හැමදේම අමතකයි...ප්‍රශ්නයක් අලුතෙන්ම අද පටන්ගත්තු විදිහටයි කතාකරන්නෙ...ඔය කියන කාලෙත් ඔය කියන හැමෝම මේ ලක් පොලොවෙම පය ගහන් හිටියනෙ...

      සමාවෙන්න ඕනෙ දයල් බතීගෙ ගෙදරට ඇවිත් අපි ඇන කොටාගන්න හදනවට....

      Delete
    5. @නිමල් . එක තමා දේශයේ පිනට පහල වෙච්ච අවංක , එඩිතර, උදාර නායකත්වයක් අපට ඉත්දි ෆොන්සේකලා මොක්කුද නේ ?

      @ගයානි - මොකක්ද ඔයා ඔය කියන ෆොන්සේකා කියන , එයා නොහිටිය රාමුව?

      Delete
    6. බුවා/
      SF ‍ගෙ අභීත යුධ නායකත්වය,සටන වෙනුවෙන් වූ කැපවීම අබමල් රේනුවක තරමින්වත් අවතක්සේරු කරන්නට තරම් ලක්වැසියන් ගුනමකු නෑ...ඒත් බලය මාරුකරගැනීම වෙනුවෙන් MR ලගෙ බෙලි කපන්නට ඒක යොදාගන්න හිතන එක වැරදියි කියන එකයි මගේ අදහස...මොකද SF කලින්ම ඉඳන් යුධ භූමියෙ හිටියනෙ...ඔය නමින් හඳුන්වන්නෙ කවුද කියලවත් මිනිස්සු දැනන් හිටියෙ නෑ.. ඒ තරමටවත් යමක් සිද්ධවුනේ නෑ...

      Delete
    7. යුද්ධ භුමියේ දක්ෂකම රටක පාලනයට සුදුසුකමක් නොවෙයි , මහින්ද යුද්ධෙ දින්න නිසා ඔහු අනික් දේවල් වලට මොනව කලත් දිගටම ඡන්දය දෙන්න තරම් මිනිස්සු දේශප්‍රේමි නම් , ෆොන්සේකා තමන්ගේ යුධ වීරකම විකිණුවට තියන වැරැද්ද මොකක්ද ? ලංකාවේ මිනිස්සු ඡන්දෙති බලන්නේ පිරිමකම , රැවුලේ ගණකම , ඉන්න ළමයි ගාන , ආගමික භක්ථිය , විකුණන්න පුලුවන් දේශප්‍රේමීත්වය ..වගේ ඒවා ඉතින් ෆොන්සේකට තියන එක ෆොන්සේකා විකුණනවා , ඒක පිලිගන්න නොගන්න එක මිනිස්සුගෙ වැඩක්

      Delete
    8. නිර්ණාමික ලෙස පෙනි සිටිමින් වෙනත් කෙනෙකුගේ අදහස් ඔබේ අදහස් වලට කැප නැති නම් පහත් විවේචන කරන්න ඔබේ කොහෙන්ද පුහුණු උනේ.එහෙම නැති නම් ‍නොර්වේ වලදිද?පුහුණු උනේ.

      Delete
  12. SF kiyanne honda hamuda niladairiyem kalin hitiya ayata wada, hamudawe vinaya neethiya akuratama pilipadda nisa bari una ohuwa dekata namanna, e gana mage acharaya, e wagema Deshapalanayata ladaruwek. mama waradi wenna puluwan.ithin.SF deshapalanaya karanne ewani neethi reethi gana aba atayak no nosalakana vivida buddhi mattam athi minisun samanagai kiya watahune naha, anna ethanai lesi une naha hamudawe wage hasuruwanna, bim mattame indam game minihata therena basawen karanu pahadili karanna bari una, wadi deneekthamangana vitharak hithana thathwayak thula sahenna danumak ona wenawa . thawath pramada naha giyoth nawa darshanayak ekka mada mawathe e kiyanne loku danawadayakuth nathiwa purna samajawadakuth nathia kiyana eka thula, ehidi ohuta puluwan wenawa hamotama galapena ramuwak hadanna, hama minihekutama kathakaranna, gamak gane gihin hama tharathirakama inna janayata sawan dun vita haki wevi nawa dakmak hadaganna, agama issarahata noda giyoth hondai kiya mage hangeema ithin SF kiyanne awanka hamuda niladariyek nirbeethai,dushanaya nowuna, konda kelin thiyena kenek , siyalla sidu wenne yahapathatai kiya hithagena wada kaloth waradinne nathi wei.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස්වලට එකඟයි. ජනතාවගේ ඕනෑ එපාකම් වෙනුවට පුද්ගලික උවමනාකම් ඉස්මතු වී ඇතිවා වාගෙයි. ඉස්සරහට යෑමට අවශ්‍යනම් එතුමාට ඔබ කියන පරිදි වෙනස් වෙන්න වෙනව.

      Delete
  13. General is an ego centric person. That helped him in the war but not in politics.
    In politics, his shots are perfect but timing is out. That's why he always caught in politics.

    ReplyDelete
  14. He will correct himself on the way , in a way that suits to him and his family but we cannot expect ,much of him as a politician. But he is an asset if the country wants his expertise and there will be a parliamentary representation from his party of family for sure in future apparently that's all they want.

    ReplyDelete
  15. එතුමා නිර්භිත නිළධාරියෙක්.ඒ නිර්භිත කම එදා යුද්ධයට ක්‍රියාකාරි දායකත්වය දිපු හැමොම ළඟ තිබුනා.ඔහු ජනතා නායකයෙකු විමට නම් සිතන පතන විදිය වෙනස් කර ගත යුතුය.නැති නම් ජනතාවට ඔහු හිට්ලර් කෙනෙකුගේ ස්වරෑපයක් පෙනෙවි.මිනිසුන් සමඟ කථා කරන විට ඔවුන් දරන මතයි මම කියන්නේ.අාකල්පමය වෙනසක් ඇති කර ගත්තා නම් ජනතාව එතුමා සමග ඉදිවි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්