Followers

Saturday, October 27, 2012

හඳපානේ ගිය උන්ට මඟුල් මේසෙ අපිත් එක්ක වාඩි වෙන්න බෑ.


ඒ දවස්වල ගම්වල මගුල් ගෙවල් වල කෑම මේස වල නිතරම වගේ ඇදෙන ප්‍රශ්නයක් තමයි. ...ගෙදරට හොරෙන් පැනල ගිය , ඒ කියන්නෙ හඳපානේ ගිය අයවලුන්ව ප්‍රසිද්ධියේ විවාහ වූ අය කෑම මේසෙට ගන්නෙ නැති එක. මට මතකයි අපේ  කුරුණෑගල පැත්තේන් ආපු   නෑදෑවන කෙනෙක් වූ අරනෝලිස් බාප්පා බාල්දියක් ඇද්ද, කැලණියේ රංජනී අක්කව මේසෙට ගන්න බෑ කියල. මොකද රන්ජනී අක්ක හඳපානෙ ගිය කෙනෙක්. ගෙදරින් අකමැති වෙන්නේ යම් යම් නොගැලපීම් නිසානේ. කුල- මල, ආගම් ලෙඩ- රෝග, සල්ලි -බාගෙ, රක්ශාව, පවුල් පවුල් අතර නෝක්කාඩු ..ජම්මාන්තර වයිර, අරක, මේක ..

ඒකට විරුද්ධව කතාකරපු අපේ සෑම් අයියත් එක්ක අරනෝලිස් බාප්පා ඇද ගත්ත කොක්ක.
දෙන්නටම පදමට වැදිල හිටියෙ. දන්නවනේ ගමේ  තරඟෙට වගේනේ ගන්නේ. චෑන්ස් එක ලැබිච්ච ගමන් කට කපල  දාගත්තෙ නැත්නම්  එහෙ පැත්ත බලල මේ පැත්ත බලන කොට බඩු ඉවරයි. රෝස් කුකුලත් අහවරයි.

ඉතින් පරම්පරා දෙකක පරතරය පිලිබඳ ප්‍රශ්නයක් විදියට බලන්නත් පුලුවන්. සෑම් අයිය අපේ පරම්පරාවේ. අරනෝලිස් බාප්පා පැරණි පරම්පරාවේ.

කටවහපිය පැලමදය, ඊයෙ පෙරේද කර දඬු දික් උනාට උඹ දන්න හූනු බිජ්ජ, අපිටත් උගන්න එනව.
අරනෝලිස් බාප්පා බෙරිහන් දෙනව.

එහෙම කියන්න එපා බාප්පෙ බලපන් කවද හරි උඹේ දුවෙක් එහෙම කලොත්?

මං ඒකිව පට්ට ගහල කෑලි කෑලිවලට කපල මූදෙ දානව.


හඳපානෙ ගිය උන් එක්ක අපිට හරි හරියට වාඩි වෙන්න බෑ.
එක්කො උන්, එක්කො අපි.
උන් වාඩි උනොත් අපි නැගිටල යනව.

මනමාලය ඇවිල්ල යාංතං රංජනී අක්කවයි එයාගෙ ස්වාමි පුරුශයා වු අහිංසක යෝධයෙක් වූ, වින්ටන් අය්යවයි ගෙයි වෙන කාමරයකට එක්කං ගියා. එතකොටයි අරනෝලිස් බාප්පගෙ කට වැහුනෙ.

ගෙදර එන ගමන් අපේ අම්ම කියනව, ගිය තැන අරනෝලිසා බාල්දි පෙරලනව. කණ මොදය වගේ පෙරේත කමට බොනව. රංජනීගෙ අම්මට තාත්තට, මනමාලයට නැති කැක්කුමක් එයාට කොහෙන්ද ආවේ? එන්ලොප් එක් නොදී මාරු වෙන්න පුලුවන්නෙ පවුලම හොඳට කාල බීල.
අද වැඩේ හරි ගියෙ නෑ...



32 comments:

  1. නියම මගුල් ගෙයක්නේ....:)

    දැන් කාලේ ඔහොම එකක් උනොත් කොහොමවෙයිද කියලා මේ තාම කල්පනා කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒව තමයි නියම මගුල්, වලියක් නැත්නම් ලොකු අඩුවක්.

      ලයිට් ඇන්ජිමක් ගෙනල්ල, ලවුස් පීකර් ගස් වල බැඳල, රෙකෝඩ් ප්ලෙයර් එක වයින් කර කර..රටටම ඇහෙන්න සින්දු දාල, සුමානයක් මගුල් කනව.

      අටම්පහුරත් තවත් කොමෙන්ටුත් බලපුවහම තේරෙනවනේ තාමත් ඒ වගේ දේවල් වෙනව කියල.

      Delete
  2. දැන් කාලෙත් ඔයවාගේ සිද්දි නැතුවා නෙමෙයි

    ReplyDelete
    Replies
    1. එක;
      මිනිස්සු හඳහන්වලට ගුරුකම්වලට සාස්තරවලට අර පූජා මේ පූජාවලට තිබෙන අනවශ්‍ය නැඹුරුව බැලුවහම පුදුමයක් නොවෙයි.
      දෙක බීමට තිබෙන ලොල් බවට
      මං හැමදාම කියන දේ, මත්පැන් තිබෙන්නේ ඇඟේ අමාරුවට, ජොලියට. හිතේ අමාරුවට එය බිව්වාම ප්‍රශ්න වැඩි වෙනවා.

      Delete
  3. මාතෘකාව වෙන්න ඕන බේබදුකම?

    ReplyDelete
    Replies
    1. මිනිස්සු බේබද්දො වෙන්නෙ ගෑනුන්ගෙ වැරදි නිසාලු, හික්ස්

      Delete
    2. මේක විහිලුවක්ද ඇත්තටම දුනන හරි උත්තරයක්ද?

      Delete
    3. වනවදුලට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනේ.

      පිරිමි බොන්න හේතුවක් හොය හොය ඉන්නේ. දුක, සතුට, මගුල්, මරණ, වාසි, අවාසි, ආදරය, බූට් එක, රක්ශාවේ ආතතිය, මිතුරන්ගෙන් ඈත්වීම, නරක මිතුරන් ලං කර ගැනීම, කරන්න දෙයක් නැති කම එනම් හොඳ විනෝදාංශ කියවීම, වතුවගා, ආදිය තමන් තුල මුල ඇති කර නොගැනීම ගෙදර උන්දැගෙ කරදර, ඉතින් සමහර විට ඒකත් හේතුවක් කරගන්න ඉඩ තියෙනව.

      Delete
  4. මේ සමාජ විෂමතාවයන් අදටත් අපේ සමාජයේ නැතුවාම නොවේ. අප ඉතා ප්‍රබුද්ධ යයි සිතා සිටින පුද්ගලයන් පවා ඉතා කනගාටුදායක ලෙස, හාස්‍යජනක ලෙස,අපවාදාත්මක ලෙස, මේ මතවාදයන්හි එල්බගෙන සිටිනු දැකීම මගින්, ඔවුන්ගේ ද්විත්ව චරිත රංගනයේ සෙළුව මනාව පිළිබිඹු වෙනවා. කෙනෙකු කියන්නට පුළුවන් ඒ තම තමන් සතු පෞද්ගලික නිදහස කියා. නමුත් ඔවුන් වපුරන්නේ සමාජය බෙදෙන්නට ආධාර කරණ අදහස් විනා එක්වන්නට, ආධාර කරණ හැඟීම් නොවේ. තව පරම්පරා කීයක්‌ මේ තත්වය විෂබීජයක් ලෙස පවතීද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. දුප්පත් කම එනම් කෑම බීම ඇඳුම් පැලඳුම් ඉඳුම් හිටුම් බේත් හේත් ආදී මූලික දේ සුලබ වෙනකම් ඔය මනස්ගාත විකුණගන්න පුලුවන්.

      Delete
  5. අප්පට සිරි මටත් මේ වගේම අත්දැකීමක් තියේ, ඒ වුනේ දැනට වසර 20 පමණ පෙර. ඔබ දන්නවනේ සුරලොව සිටින මගේ පියා ගැන. දිනක් එතුමා අපි ඔක්කොමල එක්කරගෙන අපේ නෑයෙක්ගේ මඟුලක ගියා. ඔය විදියටම එක් නෑයෙක් අඩු කුලෙන් බැඳලා කියලා ඒයාට මේසෙට වාඩි වෙන්න දුන්නේ නැහැ තව නෑයො කට්ටියක්. එතනදි මනමාලයගේ ලඟම ඥාතියා වුනු, ඔහුට නැතුවම බැරි මගේ පියා ඒ අසරණ ඥාතියා වෙනුවෙන් බොහොම සටන් කළා මට මතකයි. ඒ ඥාතියා නැතුව ඔහු කෑම මේසෙට වාඩි වෙන්න බැහැම කිව්වා. පස්සේ කාටත් වටිනා පුද්ගලයා මගේ පියා නිසා අර අසරණ වුනු යුවලට මේසෙට වාඩි වෙන්න ලැබූනා.

    ReplyDelete
    Replies
    1. ඔබගේ පියා ගැන අපි කලිනුත් අසා තිබෙනවා. එතුමා වීරයෙක්

      Delete
  6. "එන්ලොප් එක් නොදී මාරු වෙන්න පුලුවන්නෙ පවුලම හොඳට කාල බීල... අද වැඩේ හරි ගියෙ නෑ..."

    මෙන්න තියරි... :-)

    ReplyDelete
    Replies
    1. ඔය හුඟක් වලිවල යටපැත්ත බැලුවොත් තේරේවි, වාසියක් ගන්න කියල

      Delete
  7. ඕවා හෝ ඕවා වගේ ඒවා තාම තියෙනවා....

    මගේ වෙඩිමෙදි වෙච්ච ඔය වගේ වැදගැම්මකට නැති කෙහෙල්මලක් හින්දා අදටත් අපේ අම්මලයි හස්බන්ඩ්ගේ අම්මලයි තරහයි.. මොකද එක එකාගේ ලොකුකම් පෙන්නනම එපැයි... එයාලා අපේ ගෙදර යන්නේ නෑ.. අපේ මිනිහා අපේ ගෙදර ගියත් රෑට මාව ඇදගෙන ආපහු එනවා.. අපේ රටේ ඉන්නේ හරක්.... ඔය ජරාව ටිකක් කටේ ගා ගත්තාම තැන නොතැන අමතකයි..... නෑයෝ ඔක්කොටම හපන්....

    ඕකට මුල බීම..... හරක්ට බොන්න දෙන්න එපා කියලා මම වැඳ වැඳ කිව්වත් ඇහුවේ නැති අපේ තාත්තගේ තමයි වැරැද්ද.....

    ReplyDelete
    Replies
    1. ඒව නැත්නම්,
      බීල වලි දාගත්තට හපන් වේවි. පිරිමි 90% වලි පෙරලයි.

      Delete
  8. තාමත් මේ වගේ සිද්ධි වෙනවා.කේස් ලොකු එකක් වෙන්නේ පැනලා ගිය අයගෙන් කව්රුහරි අඩුකුලේ වුනාම.කොහොමත් තවමත් ලංකාවේ කුල බලනවනේ කසාද බඳිද්දී..

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙ,
      සල්ලි තිබුන නම් ඒව යට යනව. ඒක නැති උනාම තමයි ප්‍රධාන ප්‍රශ්නෙ

      Delete
  9. හණ මිටි කරේ තියාගත්තු ඈයෝ තාමත් ඉන්නවා තමයි...පුහු දේවල් නිසා හිත් රිදවගෙන වටින කියන මිනිස්සු නැති කරගන්නවා

    ReplyDelete
    Replies
    1. අටුවන් බැහැපු කස්ටිය එහෙන් මෙහෙන් තාමත් ඉන්නවා. අනෙක ඒ මයිනො නැත්නම් ජීවිතේ බෝරින්, තව ඉස්සරහට අලුත් කෙල්ලො කොල්ලො ඒ හණමිටි පුච්ච්ල දායි

      Delete
  10. අද නම් බොහෝ දුරට කුලය නැතැත් ධනය තිබේ නම් වතගොත වැඩක් නැ.අද තියෙන ප්‍රධාන ගැටළුව මත් වතුර බීගෙන රණ්ඩු සරුවල් ඇති කර ගැනිම.එක නිසා මේ දේ නැති උනා නම් කොච්චර එකක්ද?

    ReplyDelete
    Replies
    1. මත් වතුර තිබෙන්නේ ජොලියට හා ඇඟේ අමාරුවට, අපේ අයියලා, හිතේ අමාරුවට බොන එක තමයි ප්‍රශ්නෙ?
      ගෑනු තමයිලු මේ ප්‍රශ්න වැඩි කරන්නේ.

      Delete
  11. දැං ඉතිං ඔය පුරස්න නෑ! මොකද මඟුල් මේස මේකාලෙ වෙද්දි අභාවයට ගිහිල්ලනේ‍. බුෆේ ක්‍රමේ තියනඑක හොඳයි එහෙම බැලුවම. :)

    ReplyDelete
    Replies
    1. ඒ විදිය හොඳයි තමයි, හැබයි පරණ හණ මිටි රඟ පෑමක් වත් සිරිතක් විදියට කරන්න පුලුවන්නම් කොච්චර හොඳද? නැත්නම් ඉතින් කෑමත් ඇල්වතුර, මගුලත් ඇල් වතුර කිසි ගැම්මක් නෑ. පන්සල් ගියා වගේ.. හික්ස්

      Delete
  12. දැන් ඉතින් හොටල් වල හින්දා ඕව එච්චරම කරන්න බැහැ . ගෙවල් වල තිබ්බම මහා කරදරේ තමයි. බොන්න දුන්නම ඊට හපන් . කොච්චර උගත් උනත් අනික් පැත්තේ පොඩි අඩුවක් හරි හොයාගන්න තවමත් අපේ අය හරිම හපන්නු .

    ඉස්සර අපේ නැන්දලාගේ හෙම මගුල් ගෙවල් මට මතකයි. මගුල් ඉවර වුනහම පොඩි අපි නම් හොඳට විනෝද වුණා පෝරුවේ නැගලා සෙල්ලම් කළා . කැවිලි ජාති ඕනෑතරම් .

    ReplyDelete
    Replies
    1. //කොච්චර උගත් උනත් අනික් පැත්තේ පොඩි අඩුවක් හරි හොයාගන්න තවමත් අපේ අය හරිම හපන්නු .//මේක ගැන නම් කියල වැඩක් නෑ.

      පොඩි අපි නම් හැම දෙයින්ම විනෝද උනා, ඇත්ත බොන්න දෙන එක වරදක් නෑ. මොකද පිරිමින්ට බොන්න නැතුව මගුලක් වැඩක් නෑ. හැබයි ඒකෙ අවධානම ගනන් බලල risk assessment එය කලමණාකරනය manage කරන්න දැනුවත් පිරිසක් යෙදිය යුතුයි.
      management ටීම් එකට වෙනම සලකන්න ඕනෙ

      Delete
  13. මටත් දිරවන්නේ නෑ, මිනිස්සු එදිනෙදා ජීවිතේදි හැසිරෙන විදිහ සම්පූර්නයෙන් වෙනස්කරලා මගුල්ගෙවල් වලට එන එක. කුලමල කවදාවත් ප්‍රශ්නයක් නොවුන එකාට ආනිත් පාර්ශවේ කුලමල දැනගන්න ඕනවෙනවා. වෙලාවට කිසි දවසක වැඩක් නොකරපු අය, නැකත් වෙලාව තත්පර ගානකින් එහෙ මෙහෙ උණාම මරාගන්න යනවා. අපට කවදාවත් වැදගත් නොවුනු දේවල් මගුල්දාට විතරක් වැදගත් වෙන එකට විරෝධය පාලා, අපේ වෙඩිම අපිම ලෑස්තිකරගත්තා.. ඒත් සමහර බරපතල විරෝධතා හමුවේ සමහර දේවල් අකමැත්තෙන් උනත් වෙනස්කරන්න සිද්ධවුනා. මොනව උනත් අන්තිමේ අපේම අම්මලා තාත්තලා, නෑදෑ පිරිසනේ.

    ReplyDelete
  14. මට හිතෙනව ඔබ වීරයෙක්, කියල
    ඔබ නව පරපුරේ...
    හණමිටි අඳුරෙන් මුදවගන්න පරපුරේ කට්ටිය ,
    අමාරුවෙන් හරි අඩි අඩිය
    ඉස්සරහට තබන්නේ ඔබේ පරපුරේ අය..

    ReplyDelete
  15. 27 වෙනිදා මම හෝම් කමින් එකකට ගියා. මනමාලිගේ පැත්තෙ කට්ටිය ගියාටත් පස්සෙ මොකක්දෝ පරණ කෝනතරයකට මනමාලයගේ පැත්තේ වැඩිහිටි දෙන්නෙක්ගේ රණඩුවක් ඇතිවුනා. ඒක දැකපු හොදට බීලා නට නට හිටිය කට්ටියත් එතනට ගිහින් රණ්ඩුවට සම්බන්ධ උනා. ඒත් එක්කෙනෙක් දිගටම නටනවා මිනිහට හොදටම වැඩි වෙලා නටන ගමන් හිටගෙන වමනේ දානවා. නටන්න කට්ටිය නැති නිසාත් කතා කරගත්ත වෙලාවත් ඉවර නිසා අපි සංගීතය නැවැත්තුවා. ඒ ගමන හිටගෙන වමනේ දාපු මනුස්සයත් වලිය බලන්න ගියා. අපි බලාගෙන ඉන්නකොටම ඒ මනුස්සයා ලිස්සලා වැටුන.වැටුනේ රන්ඩුව මැද්දට. රන්ඩු වෙවී හිටපු මිනිසුසු එකතු වෙලා මිනිහව ඉස්සුවා. කෙලින් උනා විතරයි මිනිහා ආයිත් වමනේ දැම්මා. මගුල් ගෙදර කට්ටිය බය වෙලා වැටුන නිසා තමයි වමනේ යන්නෙ කියලා ඒ මිනිහව ඉස්පිරිතාලේ එක්කරගෙන ගියා. ඊටත් පස්සෙත් ආපහු අර මිනිස්සු රණ්ඩු උනා. එතකොට රණඩුවට හේතුව උනේ අර මිනිහ වැටුනේ කවුරුහරි තල්ලු කරලා කියල. අපිට සවුන්ඩ් බඩු වාහනේට පටවන්න පැයක් විතර බලා ඉන්න උනා රන්ඩුව ඉවර වෙන කම්.
    මගුල් ගෙදරක බොන්න දෙනව නම්..
    පාටි එක ගන්නෙ ගෙදර නම්..
    අද විතරනේ ඔන්න ඔහේ බීපු දෙන් කියලා වගකිවයුත්තෝ බලන් ඉන්නවනම්.. ගොඩක් වෙලාවට එතන රණ්ඩුවත් ඇති වෙනවා. හෝටලයක නම් වෙලාවක් තියෙනවනේ. ඒත් ගෙවල් වල එහෙම නෑ. ඒත් හොටල් වල උනත් රණ්ඩු ඇති වෙනවා.
    හැම දේටම බෝතලය ඉස්සර කරගන්න එක තමයි ලොකුම වැරුද්ද. මම අමද්‍යප කෙනෙක් නෙමෙයි. ඒත් හැමදේකටම ගානක් මිම්මක් තියෙන්න ඕනෙ..

    දිග වැඩිද මන්දා??
    ජය වේවා!!


    ReplyDelete
  16. දිග වැඩි නෑ. ස්තූතියි. සැබෑ ජීවන අත් දැකීම්.
    පිට ඉඳන් බලා ඉන්නකොට විසුලුයි, පිස්සුයි, ඒත් මේ වැනි දේ අනාදිමත් කාලයක සිට සිදුවෙනවා. මගේ මගුල් ගෙදරදී වමනෙ දැම්මේ ලඟක් වෙනකම් ලොක්කෙක්, එකල පොඩි පලා බබෙක්.

    මේවා ගැන නැවත සිතා බැලීම කල යුතු දෙයක්. නායකත්වයක් නෑ. ම'හිතනවා නායකත්වය ගැනීම නව පරපුර විසින් කල යුතු දෙයක් බවට පත් වී තිබෙනවා

    ReplyDelete
  17. ඔය වගේ තියරි කාරයෝ අනන්තවත් ඉන්නවා. මිනිස්සු යොදා ගන්නා ක්රම එක් එක් විදියයි නේ බතී, එකම දේ කරන්න උනත්..

    ReplyDelete
  18. මිනිහගෙ සූත්තර වැඩේ හෙමින් ශේප් එකේ කර ගන්න එක වෙනම වැඩක්, එතැන එකම අවුල් ජාලයක් කරල.. කක්ක දාල, කක්ක ගාගෙන, අනෙක් අයගෙත් ගාල..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්