Followers

Tuesday, November 13, 2012

මොකද්ද ඔබගේ ප්‍රියතම කඩ්චෝරු කෑම- සද්දෙ නැතුව කොත්තු කාල මොකටද? The Art of Street Foods




 හෑම කෑමකටම ආවේනික සද්දයක්, ක්‍රියාවක්, ස්වරූපයක් තියෙනව
අයිස්ක්‍රීම් කරත්තය හා  Van-  පෝප් පෝප් හෝන් එක
පකඩ කරත්තය- පොඩි බෙල් එක, ගොට්ට, පැට්‍රො මැක්ස් ලාම්පුව
තේ කඩේ ප්ලේන් ටී එක හා කිරි තේ එක - තේ ගොට්ටෙන් තේ දාන එක ටක ටක සද්දේ, තේ යාරේ, 
ඒ වගේමයි කොත්තුවට
       ටක ටක සද්දේ
       කොත්තු හදන ක්‍රියාව
       මේව නැතුව කිසිම කෑමක් රස වෙන්නෙ නෑ.

මේ අදහස් ගැන කලින් තව අය විසින් කතා කරල ඇති කියල ම'හිතනවා. ඒ උනත් ලාංකික මාවත් කෑම කලාව නැතිනම් කඩචෝරු කෑම කලාව නැවත සිතා බැලිය යුතු දෙයක්.

පකඩ කරත්තය, කොස් ඇට බැදපුවා, රට කජු, පරිප්පු කඩල, මඤ්ඤොක්කා බැදපුවා......
අයිස්ක්‍රීම් බයිසිකලය-  Uni lever Street විසින් හොරකම් කලේ ඒ කලාවයි
කඩල කරත්තය, ඉස්සො වඩේ
කොට්ට කෙලින්ගු
මීගමු අලුවා
අන්නාසි බේසම
අච්චාරු වර්ග
 වෙරලු, අඹ, දිවුල්, ඇඹරැල්ල..........
සරුවත්
කැඳ
ආප්ප, 
ලැවරියා, 
බඩ ඉරිඟු, මුං ඇට........
මසල වඩේ, උලුඳු වඩේ, කට්ලට්ස් පැටිස්.....

මොකද්ද ඔබගේ ප්‍රියතම කඩ්චෝරු කෑම? ඇත්තටම ඇයි?

වැඩිපුර විස්තර සඳහා...
http://www.streetfood.com.au/2012/11/colombo-sri-lankan-food.html

---------------
මාවතේ බීම  කිව්වෙ 'අරව- සැර ජාති' , වෙනම අරගෙන කතා කල යුතු කලාවක්

30 comments:

  1. මොකක්ද මගේ ප්‍රියතම කෑම: රටකජු ගොටු.

    ඇයි: ඒ විදියට රටකජු කන්ට නොලැබෙන හන්දා. අනෙක රටකජු ගොට්ටක් කමින් ආදරේ කරන කෙනෙක් හා ෆිල්ම් එකක් බලන එක, රොමැන්ටික් විදියට හිතේ මැවිලා තියෙන හින්දා. :D:D:D

    ReplyDelete
    Replies
    1. ඔයාට එකයි
      මට එකයි
      ඔයාට එකයි
      මට එකයි

      කට අරින්නකො අනේ ඒකටත් කම්මැලියි

      Delete
  2. කොත්තුවේ ශබ්දය නිසා පාරේ ආහාර සංස්කෘතියට රස පෙනුම ට අමතරව තුන්වෙනි මානයක් ද එකතු වේ. බටහිර අය හාදුවක් දෙන විට ඊට ශබ්දයක් එකතු කරනු දැක තිබේද? කම්මුලට ලං වී උම්මා කී විට හාදුවට ශබ්ද රසය එකතු කොට තුන්වෙනි මානයක් ලබා දිය හැක. කෑම වලට මෙන්ම ආදරය කරද්දී පවා ශබ්ද රසය වැදගත්ය. හැදුවට එහා ගිය දේවල් වලදී උනත්.

    ReplyDelete
    Replies
    1. ඔව් උදිත වෙනත් මානයක්.
      ඒ මානය අත්‍යවශ්‍යයි රසය පූර්ණත්වයට ගෙන ඒමට.

      // හැදුවට එහා ගිය දේවල් වලදී උනත්.//
      අනේ අපි ඕව ගැන නම් කියන්න දන්නෙ නෑ.

      Delete
    2. // හැදුවට එහා ගිය දේවල් වලදී උනත්.//

      සාම්පල් සද්ද ටිකක් ඕනෙද? :D

      Delete
    3. ටිකක් එව්වොත් කතාව රසවත් වේවි!

      Delete
  3. කොත්තුවක් ගන්න එක අද ට්‍රෙන්ඩ් එකක් වෙලා. කොත්තුවටත් පන්තියක් තියෙනවා. ෆයිව් ස්ටාර් හොටෙල් එකෙත් කොත්තු හදනවා. මේ සද්දෙ නිසා සුද්දෝ පට්ට ආතල් එකක් ගන්නවා. සමහර සුද්දෝ කොත්තු දාන තැන ඩාන්ස් කරනවා. එතකොට ඉහල මැද පන්තියේ අයයි. පුභූ පන්තියේ පොඩි උනුයි කොත්තු කන්නෙ පිලාවුඩ්ස් වල. වයිට් හෝස් බ්ලු එලිෆන්ට් ගියාට අඹරන්න එන්නෙ මෙතනට. මෙතනදි සද්දෙ බලපාන්නේ නෑ. නමුත් හැම එකාම දන්නවා කන්නෙ රෝස් චිකන් එක්ක චීස් කොත්තුවක් කියලා. ඒ ඇරුණම අයිස් මයිලෝ එකක් හරි, කෝක් එකක් හරි. ඊ ජී බී එකක් හරි අනිත් අතේ තියෙනවා. තව සෙට් එකක් ඉන්නවා රහීමා එකෙන්, බුහාරි එකෙන් විතරයි ගන්නේ. ඒ තව පන්තියක්. හන්දියේ කඩෙන් කුත්තු ගන්න එකා එතන කන්නෙ නෑ. එකක් දාගෙන ගිහින් මුළු පවුලම කනවා පොඩි උන්ට හූණූ බිකක් විතර මස් කෑලී ටික තෝරලා දීලා. සමහර උන් දෙකක් ගන්නවා. ඒ සල්ලි තියෙනවා කියලා පෙන්නන්න. අනික සද්දෙට දාන කොට ගමේ උන් දන්නවා අම්මට හිඩි අරුන් අද කන්නෙ කුත්තු කියලා. ඉතින් අනිත් එකත් ණය වෙලා හරි කුත්තුවක් අරගෙන යනවා. වැඩි වෙලා යන්න ඉස්සෙල්ලා බඩු ඉවරයි. ඇයි...? කුත්තුඉවක් කන එක ජීවීතයේ එක අංගයක් වෙලා. අනික උදිත කිව්වා වගේ ඕන දෙයක සද්දයක් තියෙන්න ඕන. පිං කමක් කරත් සිංගාරං ගහලා පීකර් දාලා. ෆේමස් සාධු කෙනෙක් එහෙම ගෙනල්ල කරන්නෙ ඒකනේ. හේතුව මෙන්න බලපන් තොපිට බැරි උනාට අපි පිනුත් කරනවා කියන එක. දැන් දැන් උදේ දේශනාවටත් ස්පොන්සර්ලා ඉන්නවා. සද්දෙට සම්බන්ධ ප්‍රේමදාස මහත්තයගෙ කතාව දන්නවනේ.

    සද්දෙ අප්සට් පඩේ විතරයි. ඒකට විතරයි අවුල්. ඒත් ගඳ ගහන නිසා. හොඳ සුවදක් එහෙම තිබුන නම් හැම එකාම පඩිනවා....

    ReplyDelete
    Replies
    1. මාතලන් ඔබ කියනා කතාව සම්පූර්ණ ඇත්ත.

      ජන කලාවක් වූ කොත්තු කලාවට අයිතිකාරයො ගොඩයි දැන්.
      කවුරු කොහොම කෑවත් කොත්තුවට සද්දයක් නැත්නම් වැඩක් නෑ.

      Delete
  4. ඇයි අනේ බොම්බං මොටේ සීනුව අමතක වුනාද? අර තහඩු පෙට්ටියේ හතර පැත්තෙන්ම වීදුරු දාල තද රෝස පාටට.. සීනුව ඇහෙන කොට අපි ඒ දවස් වල පාරට බැහැල බලනවා. ඒත් සීනුවේ සද්දේ අපේ ගේ ගාව වදින්න ගොඩක් වෙලා යනවා. සද්දේ නැති ව මුකුත් බෑ අර මාතලං කිව්ව වගේ අප්සෙට් සද්ද එක තමා ඒක. බොහොම අමාරුවෙන් සෙනග ඉස්සරහ සද්දේ ගියොත් අනාථ හැගිමක් එනවා නේ..

    ReplyDelete
    Replies
    1. මොට්ටයා.. මට කලින් පැනලා .. හි හි...
      මං මේ දුවගෙන ආවේ බතිට බොම්බයි මොටේ අමතක වෙලා කියලා හිතලා.. ඒ සද්දේ ඇහෙනකොට මාව නැටවෙනවා... මේ ළඟදි දවසකුත් ඔය වැඩේ උනා... ඒ පාර අපේ මාමණ්ඩි තමයි අරං දුන්නේ.. හි හි...
      කොත්තු මට කචල්.. හොඳ හෝටලේකින් කෑවත් හන්දියේ කඩෙන් කෑවත් ඊළඟ දවසේ බාගයක් ටොයිලට් එකේ තමයි.. එහෙමයි කියලා කොත්තු කෑම මම නවත්තන්නද... පිස්සු තමා.... කනවා කනවා... කෑවට පස්සේ නොවැ අමාරුව... හැබැයි මම ගෙදර හදපු දවසට ඔය කේස් එක නෑ..

      ම‌ගේ එදත් අදත් අංක එකේ ප්‍රියතම කඩචෝරු කෑම දෙකක් තියෙනවා.. රටකජු ( එක ජාතියක් තියලා නෑ.. රටකජු, කඩල, පරිප්පු ඕනේ එකක්) සහ අර ටීක් බෝල සයිස් උම්බලකඩ වඩේ... ( උම්බලකඩ තියෙන ඒවා විතරයි) රැපියල් 50ක විතර අරන් ගිහින් හොරෙන්ම කන එක තමයි.. හි හි....

      Delete
    2. ඒයි මොට්ටි.. ටික් බෝල සයිස් වඩේ කොහේද බ තියෙන්නේ...

      Delete
    3. ඇ‍යි බං ඔය තියේන්නේ පෙට්ටි කඩ වල..

      Delete
    4. හිරු දේශකයා තිසර
      බොම්බයි මුටයි හා නයිස් අමතකවීම ලොකු වරදක්, ඉස්සර නයිස් කාරයා එන්නේ නැට්ටුක්කාර ඇඳුමක් ඇඳගෙන.

      ඒ වගේ මයි බම්බුවෙ ඔතාගෙන එන චුවින් ගම් වගේ ඒවා(මම නම් ඒවා දැක්කාමත් අහක බලාගනිමි.)

      සමහර අයට කොත්තු කෑම අගුණ වගේ. ඒ අය කොත්තු කෑමෙන් වලකින්න

      Delete
  5. මටනම් ඔය ඕනැම කඩචෝරුවක් හොදයි......පොප් කෝන් වලට ටිකක් වැඩිපුර කැමතියි.

    ReplyDelete
    Replies
    1. පොප් කෝන් නැත්නම් පොරි ඉස්සර කවුරුවත් ගනන් ගන්නෙත් නෑ. දැන් බොහෝම පොශ් කෑමක් නේද

      Delete
    2. මොන පොෂ්ද මං ඊයේ බස් එකේ යන කොට දැක්ක හාතහි පෝර බෑග් එකකට තල තල ගොයියා ඔබනවා ඕවා පැකට් ගෙදර යන වෙලාවට. මං හිතන්නේ මාසෙටම එක පාරක් වෙන්ටැති හදන්නේ..

      Delete
  6. වඩේ, වඩේ, වඩේ, ඉස්සො වඩේ...යප්...
    මම නම් කැමති ඔය විදිහට සවුන්ඩ් එක දාගෙන කෝච්චියෙ එන ඉස්සො වඩේ එකට...

    ReplyDelete
    Replies
    1. සවුන්ඩ් එක එන්නෙ විකුනන කෙනාගෙන් වඩේ වඩේ ඉස්සො වඩේ

      Delete
  7. හප්පේ...කඩචෝරු කන්න මාත් රුසියා.. ඉස්සර ඉස්කෝලේ යන දවස්වල නම් ඉස්කෝලෙ ගාවට පකඩ කරත්තයක් එනවා. උණු උණු පකඩ..ෂික් දැන් ඒවාත් නෑ.. ඇයි පොප් කෝන්....අම්මෝ මගෙ ප්‍රියතම කෑම.. කූල් ප්ලැනට් එකේ ෂොපින් කරන්න යන්නෙ පොප් කෝන් කන්න ඕනෙ හන්දමයි..

    වැඩිය පැණි රස කෑම වගේම තෙල් කෑම වලටත් මම කැමති නෑ. ඉන්දියන් කෑම ගත්තම තෝසේ මට කන්නම බෑ. කෑව ගමන් අනිත් පැත්තට බාත් රූම් එකේ.. රට කජු කන්න පෙරේත උනත් සරීර සෞඛ්‍යය ගැන වැඩියෙන් හිතලා කන්නෙ නැතුව ඉන්නවා..

    කොත්තු නම් කඩෙන් ගේන්නෙම නෑ. මමම හදා ගන්නවා. මට ඒක වෙරි සිම්පල්. ලඟදිම කොත්තුවක් හදලා දාන්න ඕනෙ බ්ලොගේ..:D

    ReplyDelete
    Replies
    1. ගෙදර හදන කොත්තු ගුණයි රස නැත

      Delete
    2. @ලිහිණි,
      අපිත් ගෙදරදී තොත්තු හදාගෙන කනවා..(හොරාට) හැක්..

      Delete
  8. අෆ්ෆෙ මම නම් ඔක්කමට කැමති.

    ReplyDelete
  9. මමත් ඉතින් ඕනේ වෙලාවක ඕනේ දෙයක් කාල දානවා.. ඕනැම වර්ගයක කඩචෝරුවක් ඕනේ තැනක ඕනේ වෙලාවක කාල දාන්න පුලුවන්.. කාලෙකින් බොම්බයි මොටයි නම් කන්න බැරි වුණා.. ඉස්සෝ වඩේ කෑම සති 2කට කලින් ගෝල් ෆේස් ගිහින්, ගොඩක් දවස් වල රෑ කෑම කොත්තු තමා.. හික්..

    ReplyDelete
    Replies
    1. දැන් ජාතික රෑ ආහාරය කොත්තු නේද

      Delete
  10. බැදපු ඕනෑම දෙයක් සහ සරුවත්.... රටකජු වලට නම් ඉතා කැමතිය. දේශකතුමා මතක් කල නිසා දැන් බොම්බෙ මොටයි බඩගින්නක්ද පහල වී ඇත. දුක තමා සංසාරේ...

    ReplyDelete
    Replies
    1. දුක් නොවනු DHL කර ගෙන්වා ගත හැකිය

      Delete
  11. බොරු කියන්නේ මොකටද මමත් ඕවට කැමතියි. හැබැයි මම නම් හොයන්නේම මුරුක්කු. ටවුමට ගියහම මුරුක්කු 100g නොගෙන නම් ගෙදර යන්නෑ.

    ReplyDelete
    Replies
    1. මුරුක්කු, බූන්දි, පැණි වලලු, පුහුල් දෝසිත් අමතක උනා!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්