Followers

Thursday, November 1, 2012

චොකලට් හීනය




ලංකාවෙත් ස්වභාව ධර්මෙන් කරදර,
ඇමරිකාවෙත් කරදර.
සැමට කරදරයක් නොවේවා කියල හිතන ගමන්ම පොඩි පරණ කතාවක් කියවල බලමු.


මේ දවස්වල කෙටි නිවාඩුවක් ලැබිල ගෙදර උනාට වැඩක් නෑ.
 ගෙදර වැඩ පලවලට අහුවෙලා.
 සමහර වෙලාවට හිතෙනව  වැඩට යන එක හොඳයි කියල.
ඒත් එක හොඳක් උනා. වැඩිපුර පෝස්ට් දෙක තුනක් ලියන්න පුලුවන් උනා. ඒ වගේම වැඩිපුර කොමෙන්ට් කරන්න ලැබුනා.

ඉතින් එහෙම ගෙදර වැඩ කරන අතරෙ මට පහු ගිය දේවල් මතක් වෙනව. අපිට ඉතින් කෝ අලුත් දේවල් උජාරුවෙන් කියන්ට. තියෙන්නෙ පරණ රැකෝඩ්ම තමයි.
පොඩි කාලෙ ඉගෙන ගන්න කාලෙ එක එක හීන තියෙනවෙනේ. ගෑනු දරුවන්ට වගේම පිරිමි ගැටයින්ටත් හිතේ නොයෙක් හීන තියෙනව. මං අහවලා වගේ ලස්සන ගෑනු ලමයෙක් යාලු කරගන්නව. එයාගේ අත් අල්ලගෙන, රෑ හඳපානේ මහවැලි ගඟ අයිනේ වැලි තලාවේ ඇවිද ගෙන යනව. ඊට පස්සෙ මූණ ඉඹිනව..ආදී වශයෙන්. වැඩිහිටි වුවත් හීන ඉවර වෙන්නෙ නෑ. පෙර ලිපියෙන් පේනවනේ මගේ තව එක හීනයක්.

ඒ වගේම පුන්චිම සන්දියෙ මට තිබුන ගැටලුවක් තමයි ඉස්සර බිස්කට් - මැලිබන් පෙට්ටිවල වේෆර්ස් දෙකක් පමනක් තියෙන්නේ ඇයි. ගෙදරට එන මිනිසුන්ට චොකලට් ගොඩාක් ගේන්න බැරි ඇයි.
 ඇයි අපිට හම්බ වෙන්නේ ඉස්සර සත පහ සයිස් කෑල්ලක් විතරනේ ඔක්කොටොම බෙදිල යනකොට. චොකලෙට් එක ඔතල තියෙන ඊයම් කොලෙත් ඒ දවස්වල වටිනවනේ. ඊයම් කිව්වට ඒක ඇලුමිනියම්, ඇත්තටම් දැනුයි ඒක තෙරුනේ.

ගෑනු ළමයෙකුගේ අත අල්ලගෙන හීනය ඇරුනු කොට තිබුන තව හීනයක් තමයි රස්සාවක් කරල ගන්න මුල්ම පඩියෙන් ඇතිවෙන්න චොකලට් හා වේෆර්ස් කනව කියන එක.

ඒ උනත් බලන්න වෙච්ච් වැඩේ

අනේ ඉතින් උ පෙ A/L  කරල ඉන්න අතරෙ කම්මැලි කම මං ඇර ගන්න කරපු වැඩ තමයි කෙටි කතා ලිවීම හා ඉංග්‍රීසියෙන් තිබුනු රුසියන් සමහර කෙටි කතා පරිවර්තනය, චිත්‍ර කතා ඇඳීම ආදිය අතරෙ ගෙදර තිබිච්ච් පරණ Thompson බිත්ති ඔරලෝසුව ගලවන්න ගිහිල්ල ස්ප්‍රින් එක දිග ඇරිල එක පාරටම ඇතුලෙ කෑලි ටික බෝම්බයක් වැදුන වගේ විසිවෙලා ගියා. ඕක පූට්ටු කරගන්න සුමානයක් දෙකක් ගත උනා. ඒත් වෙලාව හරියට දිව්වෙත් නෑ. බෙල් එක වැදුනෙත් නෑ.


ඔරලෝසුව පුට්ටු කරල ඉවර වෙච්ච් ගමන් ප්‍රියන්තය ඇවිල්ල මාව දක්කගෙන ගියා බේරුවල හෝටලයක් හදනව අලුතින් එහෙ යමන් කියල. රස්සාව හම්බ උනා.

පලමුවෙනි පඩියෙන් චොකලට් හා වේෆර්ස් අරගෙන බඩපුරා  කනව කියල හිටිය මගේ ආසාව වෙනස් උනා. බලන්නකො වෙච්ච්දේ.


කැඩිච්ච් ඔරලෝසුව හදල නැවතත් බිත්තියෙ ගහල හරියට වැඩ කරනව බලන එකට මගේ ප්‍රාර්තනා ලිස්ට් එකේ wish list එකට ආවා.


(ප. ලි: ගෑනු දරුව හම්බ වෙලා අත ගෙන යන්න බර කාලයක් හීන දකින්න සිදු උනා.
ඒත්
හීන දැක දැක හිටියනම් හොඳයි කියල වෙලාවකට හිතෙනව.
ඔබට එහෙම හිතෙන වෙලාවල් නැදද?


22 comments:

  1. ela!!!!!!
    I belive that you're also in my age as what you weote is about me (except that watch thing).
    Born in 70's

    ReplyDelete
    Replies
    1. Thanks for 'younger' estimate of my age.
      I am sure we all had a childhood of same nature. It is great that you shared your sentiment.

      Delete
  2. මටත් හිතෙනව නිවාඩුවක් දාල පරණ හීන මතක් කරගන්න. පොත් ලියන්න, චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්න, ලෝකෙ වටේ සංචාරය කරන්න, කෝච්චි එලවන්න, වගේම මූණ පොඩ්ඩක් දිගටි, කොන්ඩෙ දිග, ඇස් ලොකු ගෑල්ලමයෙක් එක්ක අත් අල්ලං නුවර වැව දිහා ඇවිදින්නත් හීනයක් තිබ්බා....

    ReplyDelete
    Replies
    1. //මටත් හිතෙනව නිවාඩුවක් දාල පරණ හීන මතක් කරගන්න. පොත් ලියන්න, චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්න, ලෝකෙ වටේ සංචාරය කරන්න, කෝච්චි එලවන්න,// වෙලාවක් සොයා ගන්න බලන්න.

      ගෑල්ලමය එක්ක ඇවිදින්න නොගිය වගේ ඇඟවෙන්නේ..

      Delete
  3. Yea I also felt the same before 20 yrs, However I guess our children have different dreams as it should be......

    ReplyDelete
    Replies
    1. Welcome, you were missing for a while?

      Yep still they are dreams, aren't they?

      Delete
  4. හීන තමයි මිනිස්සු ජීවත් කරවන්නේ කියල කියනවනේ.. මගේ නම් හීන ගොඩක් තියෙනවා. බලමු ඉස්සරහට. එළි වෙන්නත් පුළුවන්.. නොවෙන්නත් පුළුවන්.. ඒ දෙකෙන් මොක උනත් අවුලක් නෑ.. ඔරිජිනල් බුදු දහමට අනුව නේ ජීවත් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අටලෝ දහම ගැන වෙන්න ඕන සඳහන?

      Delete
  5. Drea-ea-ea-ea-eam, dream, dream, dream
    Drea-ea-ea-ea-eam, dream, dream, dream
    When I want you in my arms
    When I want you and all your charms
    Whenever I want you, all I have to do is
    Drea-ea-ea-ea-eam, dream, dream, dream

    When I feel blue in the night
    And I need you to hold me tight
    Whenever I want you, all I have to do is
    Drea-ea-ea-ea-eam

    I can make you mine, taste your lips of wine
    Anytime night or day
    Only trouble is, gee whiz
    I'm dreamin' my life away

    I need you so that I could die
    I love you so and that is why
    Whenever I want you, all I have to do is
    Drea-ea-ea-ea-eam, dream, dream, dream
    Drea-ea-ea-ea-eam

    I can make you mine, taste your lips of wine
    Anytime night or day
    Only trouble is, gee whiz
    I'm dreamin' my life away

    I need you so that I could die
    I love you so and that is why
    Whenever I want you, all I have to do is
    Drea-ea-ea-ea-eam, dream, dream, dream
    Drea-ea-ea-ea-eam, dream, dream, dream

    FADE
    Drea-ea-ea-ea-eam, dream, dream, dream

    ReplyDelete
  6. මාතලං කිව්ව හරි හීන තමා අප ජීවත් කරන්නේ. එකක් වැරදුනාම තව හිනයක්. ඒක වැරදුනාම තව එකක්. ජීවිතේ එහෙමයි. අතිං අල්ලං යන කාලේ හොදා කියල මටත් හිතෙනවා අප්පා දැන්නං. හික්. දිගටම නිවාඩු දාපන්. මොනා හරි කොටා දායි නේ.

    ReplyDelete
    Replies
    1. දිගටම නිවාඩු දැම්මොත් කොටන තරම වත් කොටන්න ලැබෙන්නෙ නෑ. නිවාඩු උනත් මඳ පමණින් හොඳා

      Delete
  7. හීන දකින එක හැම තිස්සෙම හොඳයි හීනෙකින් නැගිටනවට වඩා. :)

    ම්ම්ම් අර කවි පද ටික නම් ලස්සනයි. මම බැලුවේ ඕක ගෑනු ලමයෙක් ලීවොත් කොයි වගේ තියෙය්ද කියලා...:D

    ReplyDelete
    Replies
    1. හීනෙන් අවදිවන්න කියලයි
      දැනුමැත්තෝ පවසන්නේ.
      අපිට මල පනිනවා
      අපි කියනව
      මගෙ සිහිනය මට දකින්න ඉඩ අරින්න කියල


      කුමාරි හාමිනේ හිස් තැන් පුරවන්න

      මා අල්ලාගෙන යන අතේ........ ඇද්දැයි බැලුවෙමි
      මා සිඹින ගෙලේ.......ඇද්දැයි බැලුවෙමි
      ......................
      ..........................
      ...................

      Delete
  8. මුලින්ම.... අත අල්ලන් යන කාලේ හොඳයි... කරදරේකට තියෙන්නේ ගෙදරින් පැන ගන්නේ කොහොමද කියන එක විතරයි.. හි හි...

    හීන නැති අය ඉන්නවා.. ඒ අය ජීවත් වෙනවා කියලා කවුරුවත් දන්නේ නෑ... හුස්ම ගන්න එක විතරයි....

    මගේ නම් හීන ටික පරණ පොත් රාක්කේ අදින කොට එක එක මතක් වෙනවා... ඒක නිසා මම ඒක ගෙදර දාලා ආවා... කසාද බැන්දට පස්සේ පරණ හීන අමතක කරලා දාන එක හොදයි කියලා හිතෙන නිසා මං ඒක එහෙමම තියෙන්න අරිනවා... ඒවා හැබෑ කරගන්න බැරි නිසා දුක් වෙනවම වඩා ඒක හොඳයි..

    බිස්කට් කිව්වම මතක් උනේ... මගේ මාමා කෙනෙක් ඉස්සර අපේ ගෙදර එනකොට අරන් එන්නේ ලොකු සිලි සිලි බෑග් එකකින් එකක් බිස්කට්.... මම ඕකෙන් මුලින්ම ඉවර කරන්නේ චොක්ලට් ක්‍රීම් බිස්කට් ටික... ඊට පස්සේ ක්‍රීම් නැති චොක්ලට් බිස්කට් ජාති.. මට මතකයි ලොකු චොක්ලට් මාරි ජාතියක් තිබ්බා... අන්තිමට ඉතුරු වෙන්නේ මාරි ජාති ටික.... මාසයක් විතර කාලා ඉවර කරනවා... හි හි.

    ReplyDelete
    Replies
    1. අත අල්ලන යන කාලෙ යන්නෙ දෙමාපියන්ගෙ පිහිටෙන්නේ..

      තරහ වෙන්න එපා, ජීවත් වෙනවා කියලා අනිත් අය දැනගන්න ඕනමද

      පරණ හීන එහෙමම තියෙන්න අරින්න, ඇඟට ගුණයි,

      අනේ ඒ මාමව මේ පැත්තෙ එවන්නකෝ

      Delete
    2. වැඩේ තියෙන්නේ ඒ අයවත් දන්නේ නැති එකනේ තමන් ජීවත් වෙනවද නැද්ද කියලා.. එතකොට වටේ ඉන්න අයටත් ඒක ප්‍රශ්නයක් වෙනවා... මේ මනුස්සයත් එක්ක අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා... හි හි... තරහා නෑ ... මට කෙනෙක්ව මතක් වෙලයි එහෙම කිව්වේ...

      ඒ මාමව එවන්නං... හැබැයි එයා ‌වේෆර්ස් නම් ගේන්නේ නෑ කවදාවත්.. හි හි...

      Delete
    3. දැන් වෙෆර්ස් විතරක් කන ආසාව ගිහිල්ල!

      Delete
  9. සුන්දර ආතීතය මෙනෙහි කරන විට කළබකාරි වර්තමානය නිවනක් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අසුන්දර දේ සඳහන් නොකර ඉමු

      Delete
  10. හීන හොඳයි ඇත්තටම ඇත්ත ජීවිතේට වඩා වෙලාවකට..

    ReplyDelete
  11. http://www.youtube.com/watch?v=I649gpUpqg4

    හීන හතක් මැද විමනක් සැදුනයි
    සීත සඳුන් සුව ඒ තුල පිරුණයි
    වාසනාවේ මල් හදවත පිපුණයි
    ගීත නාද දෙව් ලෝකෙන් ඇහුනයි

    නීල නුවන් ගැබ සෝක වලාවෝ
    වේදනාව ගෙන හද අමරෝරේ
    ඈතින් පොරකා තෙරපී ඇඹරී
    සෝක කඳුලු වැල් රූරා වැගිරේ

    අකාලයේ වැසී දිය ඇද හැලුනා
    සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා
    වාසානාවෙ මල් අකලට මැරුනයි
    ප්‍රේම ලෝකෙ රන් මන්දිර කැඩුනයි

    පද රචනය මඩ්වල එස් රත්නායක
    සංගීතය- අමරදේව

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්