Followers

Monday, November 12, 2012

මට අමරදේව කොත්තුවක් දෙන්න



මෙය, living legend පුරාවෘත කතාවක වීරයෙක් ජීවමාන වූවා වැනි වූ යුගපුරුශයෙක් වන අමරදේවයානන්ට සිතුවිල්ලකින් හෝ  අගෞරව කිරීමට නොවේ.

ලියන්නා විසින් ලියන ලද තාරුණ්‍යයේ සීමා මායිම් ? Skills and Innovation
බ්ලොග් සටහනේ තරුනයන් විසින් කොත්තු සෑදීමට යන්ත්‍රයක් නිපදවීම දැකීමෙන් මාතුල වූ අනාගතකාමියා විසින් නිපදවන ලද අදහසක්.


මං හිතන ලයින් එක දිගේ  හිතන කෙනෙකුට මාතෘකාවෙන්ම යමක් තේරුම් ගන්න පුලුවන්.


බලමු ඔබගේ අදහස්.
කොත්තු සෑදීම නව දේශීය කලාවක් හා ජීවන මාරගයක් ලෙස දියුනු කිරීම පැත්තෙන් අදහස් දක්වන්න.

ලියන්නා මෙහෙම ලියනව.


//මේක කොත්තු හදන මැශින් එකක්..අර සින්දු වල තාල වලට දැන් කොත්තු ගහන්න ඕනි නෑ..එක පැත්තකින් කොත්තු වලට ඕනි දෙවල් ටික දැම්ම හම අනිත් පැත්තෙන් හොඳට පදම් වෙච්ච කොත්තු රොටිය හැදිලා එනවා.. //

මෙයට විරුද්ධවයි මගේ හිතේ ලැග සිටින අනාගතකාමියා කැරලි ගහන්නේ!!!


(අරුනි ගෙ ආර්තික න්‍යායන් අනුව නිශ්පාදන පිරිවැටුම් අඩුකර හැකි තරම් භාණ්ඩ නිශ්පාදනය දියුනුවේ මඟයි. මගේ කැරල්ල එයට එරෙහිව නොවේ.)


මං මෙතැනින් නවතින්නම්.

31 comments:

  1. ඔන්න... ඔන්න... ඒ පාර මටත් එක් එක් වර්ගයේ ගී අනුව නිමවෙන කොත්තු මැවිලා පේනවා. අමරදේව මහත්තයාගේ ගීවලට හැදෙන කොත්තු හිත ගත සනසන ඒවා වෙයි. ජෝතිපාල මහත්තයාගේ ගීවලට අනුව හැදෙන ඒවා කන අයගේ හිත් ප්‍රේමයෙන් පිරෙයි. හපොයි අර සමහර ඉංග්‍රීසි, හින්දි සිංදුවලට හැදෙන කොත්තු ගැන මැවෙන දර්ශන කියලා වැඩක් නෑ. :D:D:D

    ReplyDelete
    Replies
    1. මැශින් වලින් හදන එකත් හොඳයි. ඔබ කියන පරිදි විවිධ ගීතවලට ගැලපෙන තාලවලට කොත්තු ප්ලෙට් එක වාදන භාණ්ඩයක් ලෙසින් භාවිතා කරමින් කොත්තු සෑදීම කලාවක් ලෙස දියුනු කිරීම යන්නයි මගේ අදහස!

      Delete
  2. එකම ගායකයගෙත් විවිධ රිද්මවල ගීත තියන නිසා නරකද කෙලින්ම ගීතයේ නමින් කොත්තුව ඉල්ලුවොත්?

    "අය්යෙ, මට ජෝතිගෙ, ආදර මල් පවනේ කොත්තුවක් දාන්න"

    "මල්ලි, දාන්න බලන්න අමරදේව මහත්තයගෙ, මින්ද්ද හී සර කොත්තුවක්.."

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සිදුවනු ඇත්තේ එයයි
      මගේ අදහස ඔබටත් තේරුනා!
      අනාග්තේදී අපිට ගීත කොත්තු අවන් හල් දකින්න ලැබේවි

      Delete
    2. "කොත්තු කඩේ"
      අද විශේෂ
      ආදර මල් එකක්......230/=

      මින්දද එකක්.....1200/=

      Delete
    3. ඔව් මින්දද සින්දුව හතර පාරක්වත් කියන්න වෙනව අවශ‍ය බීට් ගනන ගහන්න

      අනෙක ශෘතියට කියන්න අය හොයා ගන්න අමාරුයි, මොකද කට්ටියට දැන් වැඩ වැඩියි, ඊයෙ ඉන්ටර්කොන්, පෙරේද හිල්ටන්, අද ගෝල් ෆේස්, හෙට දුවනගිරි.... කියන කාලයක් එයි!

      Delete
  3. මට සීගිරි කොත්තුවක් ඕන

    ReplyDelete
    Replies
    1. නිල් කට් රොළ මලෙකැ daka daka daka daka
      ඇවුණු වැට්කොළ මල සෙය් tiki tiki tiki
      සැන්දැහැ සිහිවෙන්නෙය් pata pata pata pata
      මහනෙල් වන හය් රන්වන හුස් siti siti siti siti

      Delete
    2. හිරු, දේශකයා,


      ලඟදීම 'ලා සින්දු කොත්තු හොට් ස්පොට්' වගේ අවන් හල්වලට ගියාම මේ පෝස්ට් එක මතක් වෙයි !

      Delete
  4. හෝමාගම දැනට අවුරුදු 25 කට විතර ඉස්සර තැනක් තිබුනා. " රටට සෙතක් - මට විපතක්" කියල තමයි කොත්තුව ගහන කොට නිතරම ඇහෙන්නේ.
    එක දවසක් මිල්ටන්ගෙ "රනඹර ඉදුදුනු සිතුවම් වෙලා"
    ගීතයත් එහෙන් මෙහෙන් ඇහුනා කොත්තුව ගහන කොට.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හහ්... මැවිල ඇහෙනව..
      මේක තමා කොමෙන්ටුව...!!!

      Delete
    2. nihal gurusinghe
      වැඩියෙ අදින ස්ලෝ සින්දු වලට ගාන ටිකක් වැඩියි,
      මොකද? වෙලාව වැඩියෙ යන නිසා
      බීට් 25ක් ගහන්නම එපයි කොත්තුව හරියට එන්න...hey hey

      Delete
  5. වැඩියෙ අදින ස්ලෝ සින්දු වලට ගාන ටිකක් වැඩියි,
    මොකද? වෙලාව වැඩියෙ යන නිසා
    බීට් 25ක් ගහන්නම එපයි කොත්තුව හරියට එන්න...hey hey

    ReplyDelete
  6. කතාන්දරගේ පෙස්ටුවේ තිබුන පාර දිගේ ඔන්න මමත් මේ පැත්තට ආවා..

    මොන සින්දුවේ කොත්තුව ඉල්ලන් කෑවත් ...කොත්තුව කෑවට පස්සෙ අජීර්ණය හැදුනම මතක් වෙන්නෙ සින්දුවද ?

    ReplyDelete
    Replies
    1. මොන පාරෙ ආවත් සාදරයෙන් පිලිගමි.
      ....
      හොඳ තැනකින් කෑවොත් බඩේ අමාරු හැදෙන්නේ නැත.
      බැරි වෙලාවත් හැදුනොත් මේ සින්දුව ශෘතියට සද්දෙට ගායනා කරන්න
      ජොතිගේ
      'මා විඳින වේදනාව ප්‍රියේ කෑදරේ නිසා' ගීතය

      Delete
  7. මේක අළුත් අදහසක් නම් නෙමෙයි. මේ දේ සන්ෆ්ලවර් කලින් කළා. එහිදි සනත් නන්දසිරිගේ මම නම් ආසයි අහන්න නයනා මෙන්ම ගුණදාස කපුගේ බිම්බරක් සෙනග මෙන්ම හෙන්‍රි ගායක අන්ද කල්දේරාගේ මිදුලේ සුදු වැලි තලයේ පවා කුත්තු දැමීම සඳහා යොදා ගත්තා. අපේ රටේ තත්වය අනුව අවසාන කුත්තුව ශ්‍රී ලංකා මාතා ගීතයට දැම්මනම් මේ රටට කරන විශාල ගෞරවයක් වනවා. ස්තූතියි පාලිත...

    ReplyDelete
    Replies
    1. මාතලන්,
      මේක මෙතෙක් කවුරුවත් නොකී ඔරිජිනල් නැවුම් අදහසක්.

      සන් ෆල්වර්ස්ල සිංහල ගීතය කොටල කොටල කපල පිලුන් හොදි දාලා පිලුන් ගීත කොත්තු හැදුව මිසක්, කොත්තු රෙස්ටෝරන්ට් දැම්මේ නෑ ම'හිතේ. මෙතන තියෙන්නෙ නියම් දේශීය කලාවක් සමග ව්‍යාපාරික අදහසක්. ගීත කොත්තු නැත්නම් සින්දු කොත්තු කලාව. නාද්‍රෝ හා එකතුව සෞන්දර්‍ය විශ්ව විද්‍යාලය සොයා බැලිය යුතු යමක්.
      ජයසූරිය කිව් බා එකේ හෝ මහේල- සංඝා ක්‍රෑබ් එකේදී ලඟදී කන්න පුලුවන් වේවි.

      මිල 899.90

      Delete
  8. අප්පො කොත්තු ගැන නම් මතක් කරන්න එපා.වින්ද වෙදනා මතක් වෙන කොට ඕන්නැ ඉතිං.රැයක් එළි වෙන කම් වින්දා වේදනා.

    ReplyDelete
  9. ගානට පිලුන් වෙච්ච හොදි වෙනුවට හොඳටම පිලුන් වෙච්ච හොදි දැම්මම ඔය ප්‍රශ්නෙ එනව. මින් පස්සෙ හොඳ තැනකින් ගන්න,හික්ස්..

    මා වින්ද වේදනාව ප්‍රියේ කෑදරේ නිසා
    කොත්තු කෑදරේ නිසා
    ඔබ සොයා ඒවි සින්දු කොත්තු නෑ සැකා

    ReplyDelete
  10. කොත්තු මැෂින් එක හොදයි, ඒත් මොකක් හරි අඩුවක් තියෙන බව දැනෙනවා.
    කොත්තු කන්න මිනිස්සුන්ට ආසා හිතෙන්නෙ ඒක කෑමක් හින්දම නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. හැම කෑමකටම ආවේනික සද්දයක්, ක්‍රියාවක් තියෙනව
      අයිස්ක්‍රීම් කරත්තය පෝප් පෝප් හෝන් එක
      පකඩ කරත්තය- පොඩි බෙල් එක, ගොට්ට, පැට්‍රො මක්ස් ලාම්පුව
      තේ කඩේ තේ එක- තේ ගොට්ටෙන් තේ දාන එක ටක ටක සද්දේ, තේ යාරේ,
      ඒ වගේමයි කොත්තුවට
      ටක ටක සද්දේ
      කොත්තු හදන ක්‍රියාව
      මේව නැතුව කිසිම කෑමක් රස වෙන්නෙ නෑ.

      සුමිත් මේව දන්නව, ප්‍රශ්නෙ දැම්මෙ මගෙන් කියවන අය වෙනුවෙන් පැහැදිලි කිරීමක් බලාගෙන!

      Delete
  11. ඔය මොන කොත්තුව කෑවත් වැඩක් නෑ මැෂින් එකෙන් හදලා... ඒකෙ නියම රස එන්නෙ නැහැ... මොකද හදන එකාගෙ දාඩිය ඔය කොත්තුවට එකතු වෙන්නෙ නැහැ....
    අනිත් එක තමයි ඔය මැෂින් එක ආවම කොත්තු බාස්ලා කී දෙනෙකුට බඩේ පාර වදීද ? අන්න ඒකයි මට තියෙන ප්‍රශ්නය... සමහර වෙලාවට යන්ත්‍ර ආව වගේ නෙවෙයි මිනිස්සු අනාත වෙන එක... ඒ වගේම මම හිතන්නෙ නැහැ කොත්තු බාස් කෙනෙක්ගෙ පදම මැෂින් එකකින් ගන්න පුළුවන් වේවි කියලා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒක නම් ඇත්ත. මොන දේ වුනත් පොශ් කොත්තුවට වඩා තැටියේ ගහලා හදන කොත්තුව කොච්චර රසද..?

      Delete
  12. කමා කරන්න, මා හිතන විදියට එතරම් බඩේ පාරක් වදින්නේ නෑ. ඔහුට පහසු වෙනවා වැඩිපුර පාරිභෝගිකයින් සංඛ්‍යාවකට සේවය සලසන්න. තාවකාලිකව පොඩි පසු බෑමක් පුලුවන් ඒත් එය ක්‍රියාකරවන්නෙක් ඕන වෙනව, ඒ නිසා ඒ ගැන භය වෙන්න දෙයක් නෑ.

    භයවෙන්නෙ ඕනේ ඔබ කියන පරිදි පදම ගන්න මැශිමකට බැරි වන එක හා කලාවක් ලෙස දියුනු කල හැකි කොත්තු කලාවට පහරක් වැදීමයි. කොත්තුවේ පුර්ණ රසයට පොල්ලක් වැටීමයි.

    ReplyDelete
  13. වක්කඩ ලඟ දිය වැටෙන තාලයට....
    ඉරහඳ පායන ලොකේ....
    බිංදු බිංදු රන් ගොමරි මලා බන්දා ගෙලවට....
    සැපත සොයන්නද මේ යන්නේ.....
    සසරේ........

    ඔන්න කොත්තුව..!!

    ReplyDelete
    Replies
    1. අච්චාරු කොත්තුවක්!
      කොත්තු කලාකරුවාට හරි අමාරුවක් වෙනවා මේ කොත්තුවට කොත්තුව බීට්/මික්ස් කරන්න

      ඒ නිසා තිසර කිව්ව වගේ නමින් ඉල්ලුව නම් හරි

      මල්ලි මට වක්කඩ දිය ලඟ කොත්තුවක් දෙන්න!

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මේ මැශින් එකෙත් අර සොසේජස් මැශින් එක වගේ අර පැත්තෙන් කොත්තුව දැම්මහම මේ පැත්තෙන්රොටි කෑලි ටිකයි එලවලු කැලි ටිකයි එලියට එයිද දන්නේ නැ..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්