Followers

Tuesday, November 27, 2012

මහ වෙදනා කියන සුඛාන්ත රතිය, සූරතාන්තය විශ්ව සාධාරණ මූලධර්මයක්ද?




මහ වෙදනා කියන සුඛාන්ත රතිය, සූරතාන්තය 

අපේ මර්වින් ඇමතිතුමාටත් නෝටි වෙන්න පුලුවන් නම් අපි පොඩි නෝටි ප්‍රශ්නයක් ඇහුවම මොකෝ.?
මං කිව්වෙ ඊයෙ පෙරේද අපේ ඇමති තුමා ට්‍රේල් බයික් එකක නැගලා යනව තිබුනේ පත්තරවල.

මෙන්න මේකයි කාරණාව!

ලෙස් Les  හා ගේ Gay කට්ටිය අවඥාවට කින්ඩියට ලක් කරනව නොවෙයි ඔන්න;


 ඒ අයට ඒ අයගේ කැමති ජීවන ක්‍රමය ලිංගික උවමනාවන් ඔවුන් කැමති ලෙසකට සපුරා ගැනීමට ඇති අයිතියට ගරු  කරන ගමන්ම අවංකවම නොදන්න කමට මේ ප්‍රශ්නය අහන්නේ.

මාතලන් හා දේශකයා විසින් එලිය කරන ලද මහවෙදනා විසින් භෞතීස්ම කරන ලද මේ සූරතාන්ත සුඛාන්තයේ සෞන්දර්‍ය චාරිකා සටහනේ වෙනත් අඳුරු පැත්තකට ආලෝක කදම්ඹයක් එල්ල කරන්නයි කල්පනාව. බලමු මහ වෙදනා අපිට පැහැදිලි කරල දෙන්නෙ කොහොමද කියල?

කෙනක් කියන්න පුලුවන් ඔක්කොම දන්නව වගේ ඉන්න  දයාල් බතීත් මේ මොනවද අහන්නෙ කියල. මගේත් අප හැමගේත්  දැනුමේ ඉම් පුලුල් කරනු වස් ප්‍රශ්නය මහ වෙදනාගෙන් ප්‍රසිද්ධියේම නෝටි ප්‍රශ්නය අසන්නට හිතුවා.

මෙය කියවන අපේ සහෝ හා සහෝදරියෝ මට කමා කරත්වා.

මගේ ප්‍රශ්නෙ මේකයි, මහ වෙදනා කියන සුඛාන්ත රතිය, ඔය කියන සූරතාන්තය ලෙස් Les හා ගේ  Gay ලිංගික සම්බන්ධකම් පවත්වන අයටත් තිබෙනවාද? ලබා ගන්න පුලුවන්ද?

සමහර ගෝත්‍රවල මේ සෞන්දර්‍ය, චමත්කාරය, දිව්‍යමය රසය, විඳගැනීමට අවශ්‍ය අංගයන් කපා දමනවා ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

58 comments:

  1. sex satisfaction is in the mind its related with organs they use both,then.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ කියන්නෙත් මහ වෙදන කියනව වගේ ලිංගිකත්වය ලිංගික සුවය විඳීමට බදාවක් නොවේ!

      Delete
  2. What are you talking,now a days most people work as animal. No idea what they do or why they do it. So let them to do any thing. I heard this " life is too short, enjoy."

    ReplyDelete
    Replies
    1. This is your opinion, so you must be having a reason to have it.
      But I agree fully " life is too short, enjoy."

      Delete
  3. දැන් ඉතින් දීපල්ලකො උත්තර

    ReplyDelete
    Replies
    1. හා හා කෝරලේ මහත්තය ඉස්සරහ(මුවන්පැලැස්ස ගු වි නාට්‍යයෙන්)

      Delete
  4. හපොයි දැන් බ්ලොග් අවකාශයම මේ පස්සෙන් පන්නයි නේද?But I have no idea...

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ඔව්, ප්‍රතිචාර හොඳයි, ඔබටත් පේනවනේ

      Delete
  5. මහ වෙදනා කියල තිබුන විදියට අවබෝදයක් ඇතිව කටයුත්තේ යෙදනවානම් උපරිම ප්‍රතිපල [ගැහැණු/පිරිමි]ලැබෙනවා උපරියෙන්ම.අර දෙගොල්ලත් සටන් කර කර කසාද බදින්න ඉල්ලයිද සුඛාන්ත රතිය/සුරතාන්ත රසය දන්නේ නැත්නම්.ඔබ කියන කපා දැමිල්ල කෙසේ වෙතත් මේ කාලයේ පිරිමි දිගට,මහතට ,කෙරවල වක් කරල ගැහැණු පපුවට,දිවට ,තොල් වලට එක එක විජ්ජුම්බර කරගන්නව අහල තියෙනව උපරිම සතුට ලබන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඔබත් දන්නව ඇති, පහත දැක්වෙන මනෝ විද්‍යා ලිපිය හා වෙනත් ලිපි අනුව පුන්චි මල්ලිගෙ තරමෙන් ස්ත්‍රියගේ ලිංගික තෘප්තියට බාදවක් ඇත්තේම නැත.

      අනෙක් අනෙක් සැරසිලි (ගැහැණු පපුවට,දිවට ,තොල් වලට එක එක විජ්ජුම්බර) ගැන ටිකක් හිතල බලන්න වෙනව.

      http://www.psychologytoday.com/blog/all-about-sex/200903/the-most-important-sexual-statistic

      Delete
    2. මල්ලි පුංචි වෙන්න වෙන්න දස්සය වෙනවද කොහෙද! පේන්නෙ නැතෑ ඉන්දියාවෙයි චීනෙයි ජනගහනෙ තරම :D

      Delete
  6. කෙටි පිළිතුර නම් ඔව්. අද මේ පිළිබඳ නවත්ම සොයා ගැනීමක් කර තිබෙනවා. එහිදි ලිංගිකත්වය කිසිසේත්ම අදාල වන්නේ නෑ. ගැහැණු ශරීරය තබා අපේ ශරීරයේ ඇති සුන්දර ස්ථාන ගැනවත් අපේ අය දැණුවත් නෑ.

    ReplyDelete
    Replies
    1. හානේ මාතලන් දන්න දේවල්... නරකද පොඩියට බෙහෙත් සාප්පුවක් දාලා ඔය ගැන කස්ටිය දැනුවත් කරලා නැගල යන ආයුර්වේද සිස්ටම් එකක් ඔයත් පටන් ගත්තොත්?

      Delete
    2. මට තාම අර්ශෂ් හැදුනෙ නෑ නේ ඇනෝ මහත්මයා.... :D

      Delete
    3. මං මේවට උත්තර නොබැඳ ඉන්නම්!

      Delete
  7. මගේ කෙටිම කෙටි පිළිතුර, කොතරම් නීරස වුනත් සත්‍ය ඒ විදියටම කිව යුතු නිසා මම කියන්නම්.

    උත්තරේ....

    ඔව්

    ලිංගිකත්වය බලපාන්නේ නැහැ.
    මම කිව්වනේ මේක මනෝ කායික ව්‍යාපෘතියක් කියලා.

    ඉදිරියේදී ඒ ගැන ලියන්නම්.

    බතී මට අලුත් අදහසක් ඇති වුනා මේ ලිපිය නිසා. ඉදිරියේදී උපදේශනය ඇතුලත් ලිපි පෙළක් ලියන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. නමුත් සමරිසි පුද්ගලයින්ට බාහිර හේතු නිසා විරුද්ධ ලිංගිකයින් සමග විවාහ වෙන්න වුනොත් එහිදී ඇති වන සම්බන්ධතා වලදී ඔවුන් බොහෝ විට උපරිමයට ලඟා වෙන්නේ නැතිව ඇති, සමරිසි කෙනාගේ කැමැත්ත වෙනස් නිසා. :)

      Delete
    3. හිත ගිය තැන මාලිගාව. ඒ පුද්ගලයගෙ කැමත්ත නිසා නේ පසුව වෙනස් උනේ.දෙමව්පියන්ගේ බලපෑමටද මේ දේවල් වෙනවා.
      ඔබ කියන්න හදන්නේ ඔය ප්‍රසිද්ධ පුද්ගලයින් වගේ අය ගැන හැදුනු කට කතා වෙන්න ඕනෙ. ලිංගික බෙලහීන කම් වෙනත් රෝග නිසා හා උපතින් ඇතිවන තත්වයන් නිසා වෙන්නත් පුලුවන් නේද?
      ( මේ වගේ දෙයක් කියන්න වෛද්‍ය උපාධියක් ඕනම නෑනේ.)

      Delete
    4. :) මම අදහස් කලේ පොදු වශයෙන්. බෙලහීනතා ගැන නෙවෙයි. කායිකව නිරෝගී, නමුත් සමරිසි කෙනෙකුට බාහිර බලපෑම් වලදී විවාහ වෙන්න සිදු වුනොත් (අපේ රට වල එහෙම වෙනවනේ), එතනදී විරුද්ධ ලිංගික සහකරු සමග සිදු වන එකතු වීමකදී අර සමරිසි කෙනාගේ මානසික තත්වය ගැන තමයි මම කියන්න උත්සාහ කලේ. වැඩේ කෙරුණත් එහෙමට කැමැත්තක් නැති නිසා හොඳ ප්‍රතිඵල නොලැබෙනවා වෙන්නට පුළුවන් කියන එක.

      Delete
    5. වෙන්නට පුළුවන්

      Delete
  8. තමන් 'වෛද්‍යවරයකු' ලෙස ලජ්ජා නැතිව හඳුන්වා ගන්නා මේ 'මහ වෙදනා' නැමැති පුද්ගලයාට සැබැවින්ම කායික විද්‍යාව (Anatomy) හා ජීව විද්‍යාව (Biology) පිළිබඳ ඇති දැනුම අල්පය. මින් ඉහත ඔහු කළ කමෙන්ට් වලින් පැහැදිළි වූයේ ක්‍රොමොසෝම මාර්ගයෙන් නව ජීවියකුගේ ලිංගය නීර්ණය වන ආකාරය ගැනවත් මොහුට නිසි අවබෝධයක් නැති බවයි. එනිසා ඔහු මිථ්‍යාව පතුරවමින් යාම පුදුමයක් නොවේ. දයාල් සඳහන් කරන ඔහුගේ ලිපියෙන්ද කරන්නේ එවැන්නකි. එහි විද්‍යාත්මකව ගත යුත්තක් නැත. (මේ ලියන්නේ මේවායින් නොමඟ යන පිරිස වළක්වා ගැනීම පිණිසය.)

    ඔබේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ නම් ලිංගිකත්වය යනු ගැහැණියක හා පිරිමියකු අතර ඇතිවන සම්බන්ධයක් පමණක් සේ සරලව අර්ථ දැක්විය නොහැකිය. ලිංගිකත්වය යනු ප්‍රාථමිකව වර්ගයාගේ පැවැත්ම හා පැතිරීම අරමුණු කොට ගත්, එහෙත් තවත් අරමුණු රාශියක් පසුව එක් වූ දෙයකි. ලිංගික ක්‍රියාවක නිරතවීමෙන් ජීවියකු යම් මානසික තෘප්තියක් ලබයි. නමුත් මෙහිදී එක්වීම අනිවාර්යයෙන්ම විරුද්ධ ලිංගිකයකු විය යුතු නොවේ. එය සම ලිංගිකයකු සේම, සතකු හෝ (අශ්වයා, බල්ලා, බළලා....) අජීවී වස්තුවක් (වයිබ්‍රේටරයක්...) විය හැකිය. එසේම වෙනත් පාර්ශ්වයක් නැතිව තනිව මේ තෘප්තිය ලබා ගන්නෝද වෙති. ('I and I' නැමැති ප්‍රකට විහිළු කතාව සිහියට නැඟේ.)

    මහ වෙදනා නැමැත්තා ඉදිරිපත් කොට ඇති මිථ්‍යා මත කිහිපයක් බිඳීමට මෙය අවස්ථාව කර ගනිමි.

    (1) සුඛාන්ත රතියකට සුරතාන්තය ඉතාමත් වැදගත් වේ.

    නැත. පට්ටපල් බොරුවකි.

    (2) පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ කායික සහ මානසික ප්‍රබෝධය සුඛාන්ත රතියකට සහ සුරතාන්තයට ඉතාමත් වැදගත් සාධකයකි.

    අමුතුවෙන් කිවමනා නොවේ. කායික හා මානසික වශයෙන් ප්‍රබෝධමත් නොවේ නම් කිසිවකු ලිංගික ක්‍රියාවකට යොමු වන්නේ නැහැනෙ.

    (3) මනස සහ සිතිවිලි සේම පසිඳුරන් ද මේ රති ක්‍රියාවට ඒකාත්මික වීමෙන් මිස කිසි දිනක සුඛාන්ත රතියක් සහ සුරතාන්තයක් ලබා ගැනීම උගහටය.

    වැදගත් මනසය. පසිඳුරන් නොවේ.

    (4) ආදරය ම මිස කය පිනවීම සුඛාන්ත රතියකට හෝ සුරතාන්තයක් ලැබීමට සුදුසු නොවේ.

    නැත. පට්ටපල් බොරුවකි.

    (5) රතී ක්‍රියාව හුදෙක් මනෝකායික (Psychosomatic) ක්‍රියාවක් බව පැහැදිලිය.

    රති ක්‍රියාව විතරක් නෙවෙයි, හැම එකකම එහෙම තමයි.

    (6) සුරතාන්තය තනිව ලබා ගත හැක්කක් නොවේ. ආත්මාර්ථකාමී වීමෙන් ලැබෙන්නේ සුරතාන්තයක් නොව නිකම්ම ධාතු පහ වීමක් පමණි.

    නැත. පට්ටපල් බොරුවකි.

    අවසාන වශයෙන් මෙය කියවන්නට කිව යුත්තේ ගොඩ වෙදුන්ගේ වැරදි උපදෙස් අනුගමනය කරන්නට ගොස් ඔබේ ලිංගික ජීවිතය අතෘප්තිමත් කර නොගත යුතු බවයි. ඔබට යම් ගැටළුවක් තිබේ නම් ගොඩ වෙදුන්ගේ පිහිට නොසොයා සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයකු හමුවන්න.

    ReplyDelete
  9. ලිංගික සුවය යනු එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ දෙයකි. එය කාර් එකක් එළවන්නට ඉගෙන ගන්නවාක් මෙන් කාගෙන්වත් 'ඉගෙන ගත යුතු' දෙයක් නොවේ. ඕනෑම සාමාන්‍ය නීරෝගී මානවයකු තමන්ටම ආවේණික ක්‍රම මාර්ගයෙන් සහජයෙන්ම ලිංගික සුවය විඳින අයුරු දනියි. කවරකුට හෝ උපදේශනයක් අවශ්‍ය වේ නම් ඒ ඔහු/ඇය මනෝ ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටී නම් පමණෙකි. එසේ නැතිව සාමාන්‍ය මිනිසුන්ට අමුතුවෙන් ලිංගික උපදේශන අවශ්‍ය නොවේ. එසේම උපදේශන ලබා දිය යුත්තේද සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරුන් විනා ගොඩ වෙදුන් නොවේ.

    කෙසේ වෙතත් ලිංගික කටයුතු ගැන අපේ ප්‍රාථමික සමාජයේ ඇති නොදනුවත්කම දඩමීමා කොට ගෙන 'ලිංගික උපදේශනය' පිණිස ගොඩ වෙදුන් රාශියක් බිහි වී සිටිති. ඉරිදා දවසක ලංකාදීප පුවත්පත බැලීමෙන් මොවුන් ගැන අවබෝධයක් ලබා ගත හැකිය. මොවුන්ට රැවටී අතේ ඇති මුදල පමණක් නොව ලිංගික සුවයද අහිමි කර ගන්නා පිරිස විශාල වේයැයි සිතමි. අද අවශ්‍ය වන්නේ එවැනි තක්කඩියන්ගෙන් සමාජය ආරක්ෂා කර ගන්නා අරමුණින් කෙරෙනෙ නිවැරදි ලිංගික අධ්‍යාපනයකි.

    ReplyDelete
  10. හිතවත් ඇනෝ...

    ඔබ ඉතා වැදගත් ඒ වගේම සාකච්ඡාවට භාජනය විය යුතු කරුණු රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන මට විශාල ලෙස කරුණු දැක්වීමට අවශ්‍ය වුවත්,....

    අපි සාමාන්‍ය මනුෂ්‍යයන් විදියට කළ යුතු වන්නේ තව කෙනෙකුට පුද්ගලික අවලාද ඉදිරිපත් කිරීම නොවෙයි. මහ වෙදනා තුමා ගැන ඔබ තරමක් සොයා බැලුවා නම් ඔහු මොන විදියේ පුද්ගලයෙක්ද යන්න වටහාගැනීමට හැකි වනවා. සමහර විට ඔබ කිසිත් නොදැන වචන මත පදනම් වු දේ පිළිබද විශ්වාසය තබා ඇති. ඉතාම කනගාටුදායක වන්නේ මේ වැනි දුෂ්ට වදන් භාවිතයයි. ඔබට අප සිත් වේදනා එන විදියට කතා කරනවා නම් එය ඔබටත් කනගාටුවක් නේද,,

    ඔබගේ වචන භාවිතය පිළිබද මා අතිශයින් කනගාටු වෙමි.. ඔබ කර ඇත්තේ ඔබගේ අදහස් සදහා මතුවන සාකච්ඡාවක් ඔබගේ මුග්ධ ක්‍රියාකලාපය නිසා මගහැර ගැනීමයි. තව පොඩ්ඩක් කල්පනා කර වචන භාවිතය සුදුසුයි නේද, කිසිවෙකුට හෝ අපහාස කිරීම අනුමත කළ නොහැකියි.

    දයල්.. මේ ගැන බලන්න. කොතරම් වැදගත් කරුණු තිබුනත් මා නම් මෙම අදහස අනුමත කරන්නේ නෑ.... තනිකර පුද්ගල ප්‍රහාරයක්.

    ReplyDelete
  11. @දේශකයා,

    කෙනකුගේ පුද්ගලිකව හොඳ මිනිසකුද නැද්ද යන්න මට අදාළ නොවේ. යම් කෙනකු විද්‍යාත්මක මතය බැහැර කොට මිථ්‍යාවන් ප්‍රචලිත කරන්නේ නම් එය පෙන්නා දීම මගේ සාමාන්‍ය සිරිතයි. මෙය විවෘත අවකාශයකි. ඕනෑම කෙනකුට අදහස් දැක්විය හැකිය. ඔබ මගේ මතයට එකඟ නොවන්නේ නම් ඔබේ අදහස් දක්වන්න.

    ReplyDelete
    Replies
    1. මා ඔබට මාගේ අදහස් පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එය ඔබට නොදැනීම පුදුමයට කාරණයකි... ඔබට මෙන් මටද කෙනෙකුගේ පුද්ගලික ජීවිතය අදාළ නොවේ. එය එසේ නම් මා ඔබටද හොර වෙදෙක් ලෙස ඇමතීම සුදුසු යැයි සිතමි.

      Delete
    2. ඔච්චර මූට කඩේ යනවනම් මුගේ කොලිෆිකෙෂන් & ඇචීව්මන්ට්ස් මොනවද කියල පෙන්වපන් කො... තමා සොයාගෙන එන රෝගීන් ගනනින් තමන් සුදුසුකම් ලත් වෙදෙක් කියල කියන එකනම් මහ විහිලුවක්.... (ගාල් තැන්නෙ කපුවත් පොරක් තමයි එහෙනම්).... ලන්කාවෙ ක්‍රමේටනම්, සුදුසු කම් නැත්නම් හොර වෙදෙක් නෙවෙයි කියල කියන්නෙ පාර්ලිමේන්තුවෙදි විස්වාසය පලකරන යෝජනාවක් සම්මත කරගෙන.. :D
      http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=49580

      Delete
  12. දේශක,මහ වෙදනා, ඇනෝලා, ඩොක්ටර්, ආදී සියලු දෙනා වෙත, පලමුව ස්තූතියි සාකච්ඡාවට එකතුකිරීම් පිලිබඳව,

    දේශක කියූ දෙය ගැන මා සිතුවා පමණි, ඔබ එය ලියා ඇත.

    මා මේ සාකච්ඡාවේ දිශානතිය ඒ වාගේම මෙතැනට ආවේ කොහොමද යන්න ගැන යම් පැහැදිලි කිරීමක් කළ යුතුයි.

    මේ තැනට ආවේ හුදෙක් තනිව ලබන ලිංගික තෘප්තිය ගැන කතා කිරීමෙන් නොව තම සහකාරියගේ හෝ සහකරුවාගේද උපරිම ලිංගික තෘප්තිය ලබාදීමේ හා සැබෑ ආදරය යනු කුමක්ද යන දිශාවේ සිටයි. ඔබගේ කරුණු දැක්වීම ඒ පදනමේ නැත්නම් පසුබිමේ සිට කරන මෙන් ඉල්ලමි. පුද්ගලික දෝශාරෝපන වලින් වෙදමත්තයාට තමන්ව ආරක්ශා කර ගැනීමට එතුමාටම පුලුවන්, අපි පසුගිය වාද විවාදවලිනුත් දැක තිබෙන නිසා අපි බලමු මහවෙදනාගේ පිලිතුරුත්

    ReplyDelete
  13. බතී,
    මගේ මතය පිළිබඳ මම ඕනෑවටත් වඩා ආශ්‍රය ග්‍රන්ථ සහ තොරතුරු මගේ ලිපියේදී ලබා දී ඇත්තෙමි. එම නිසා ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳ සොයා බැලිය හැකියි.

    මම මා පිළිබඳ තොරතුරුත් බ්ලොග් අවකාශයේ කතා කර ඇති බැවින් නැවත පුනරුච්ඡාරණය නොකරමි. ඇසින් බලත්වා බුද්ධියෙන් සිතත්වා. මගෙන් ප්‍රතිකාර ගැනුමට පත්තරවල දැන්වීම දමන්නෙක් නම් නොවෙමි. මට ලෝකයේ බොහෝ රටවල රෝගීන් සිටී. බ්ලොග් මගින්වත් පුවත් පත් මගින්වත් රෝගීන් ගෙන්වා ගැනීමට මට කිසිම අවශ්‍යතාවයක් නොමැත. ඒ කිසිත් බ්ලොග් අවකාශයට අවශ්‍ය දේ නොවේ.

    ReplyDelete
    Replies
    1. පුද්ගලයෙකු පුද්ගලිකව අපහසුතාවයට පත් කර ඉදිරිපත් කරන අදහස් වල මා හට නම් කිසිදු වටිනා කමක් නැත.

      Delete
    2. වෙද ගෙදර මහ වෙදනාNovember 27, 2012 8:32 PM
      මේ ඔබ ගැන තොරතුරු කියලා ඔබ දක්වන දේවල් ටිකක් ලින්ක් එකකින් හරි ඔබෙ බ්ලොග් එකේ හරි දක්වනවා නම් හොදයි.... මම පුද්ගලිකව ඔබ ගැන හෝ ඔබේ සුදුසුකම් ගැන දන්නෙ නෑ....එවිට ඔබව නිරායාසයෙන්ම වැටෙන්නේ රට පුරා සිටින හොර වෙදුන්ගේ කුලකය තුලටයි... තමා ගැන විස්වාසයක් අනුන් තුල ගොඩනැගීම තුලින් තමන්ගේ මතය/දැනුම පතුරවන්න ලෙහෙසියි... ඔබ බ්ලොග් අවකාෂය තුල බිස්නස් නොකරන බව පැහැදිලියි... ඒත් ඔබ කවුද කියා අපට කියනවනම් කැමතියි...
      මම උඩ ඇනෝ නොවෙයි..

      Delete
    3. ඔයඋඩ/යට ඇනොටයි,පල්ලේහ ඩොකාටයි මම කියන්නෙ කරුණාකරල "කුහකත්වය" ප්‍රදර්ශනය කරගන ලියන්න එපා කියල.යාලතැන්න කපුවත් පසුගිය කාලයේ එක්තරා නාලිකාවකට විරුද්දව ඔබලා ලියන ආකාරයට පෝස්ටර් ගැහැව්වා.යාලතැන්න හොර කපුවො වගේ ඔබලා වැඩ කලාට හරියට උගෙන සමාජයට හොද සේවයක් කරන කෙනකුට පරිභව නොකොට,ඔබලාගේ අදහසුත් ලියල හොද සංවාදයකට එන්නකෝ මහත්වරුනේ!!!!!!!!!!!!!!

      Delete
    4. මෙන්න අදහස් දක්වලා තියෙනවා. පිළිතුරු තමයි නැත්තේ.

      ඔබේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ නම් ලිංගිකත්වය යනු ගැහැණියක හා පිරිමියකු අතර ඇතිවන සම්බන්ධයක් පමණක් සේ සරලව අර්ථ දැක්විය නොහැකිය. ලිංගිකත්වය යනු ප්‍රාථමිකව වර්ගයාගේ පැවැත්ම හා පැතිරීම අරමුණු කොට ගත්, එහෙත් තවත් අරමුණු රාශියක් පසුව එක් වූ දෙයකි. ලිංගික ක්‍රියාවක නිරතවීමෙන් ජීවියකු යම් මානසික තෘප්තියක් ලබයි. නමුත් මෙහිදී එක්වීම අනිවාර්යයෙන්ම විරුද්ධ ලිංගිකයකු විය යුතු නොවේ. එය සම ලිංගිකයකු සේම, සතකු හෝ (අශ්වයා, බල්ලා, බළලා....) අජීවී වස්තුවක් (වයිබ්‍රේටරයක්...) විය හැකිය. එසේම වෙනත් පාර්ශ්වයක් නැතිව තනිව මේ තෘප්තිය ලබා ගන්නෝද වෙති. ('I and I' නැමැති ප්‍රකට විහිළු කතාව සිහියට නැඟේ.)

      මහ වෙදනා නැමැත්තා ඉදිරිපත් කොට ඇති මිථ්‍යා මත කිහිපයක් බිඳීමට මෙය අවස්ථාව කර ගනිමි.

      (1) සුඛාන්ත රතියකට සුරතාන්තය ඉතාමත් වැදගත් වේ.

      නැත. පට්ටපල් බොරුවකි.

      (2) පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ කායික සහ මානසික ප්‍රබෝධය සුඛාන්ත රතියකට සහ සුරතාන්තයට ඉතාමත් වැදගත් සාධකයකි.

      අමුතුවෙන් කිවමනා නොවේ. කායික හා මානසික වශයෙන් ප්‍රබෝධමත් නොවේ නම් කිසිවකු ලිංගික ක්‍රියාවකට යොමු වන්නේ නැහැනෙ.

      (3) මනස සහ සිතිවිලි සේම පසිඳුරන් ද මේ රති ක්‍රියාවට ඒකාත්මික වීමෙන් මිස කිසි දිනක සුඛාන්ත රතියක් සහ සුරතාන්තයක් ලබා ගැනීම උගහටය.

      වැදගත් මනසය. පසිඳුරන් නොවේ.

      (4) ආදරය ම මිස කය පිනවීම සුඛාන්ත රතියකට හෝ සුරතාන්තයක් ලැබීමට සුදුසු නොවේ.

      නැත. පට්ටපල් බොරුවකි.

      (5) රතී ක්‍රියාව හුදෙක් මනෝකායික (Psychosomatic) ක්‍රියාවක් බව පැහැදිලිය.

      රති ක්‍රියාව විතරක් නෙවෙයි, හැම එකකම එහෙම තමයි.

      (6) සුරතාන්තය තනිව ලබා ගත හැක්කක් නොවේ. ආත්මාර්ථකාමී වීමෙන් ලැබෙන්නේ සුරතාන්තයක් නොව නිකම්ම ධාතු පහ වීමක් පමණි.

      නැත. පට්ටපල් බොරුවකි.

      Delete
    5. මහ වෙදනා පෞද්ගලිකව අඳුරන කෙනෙක් හැටියට පැහැදිලිවම කියන්න පුළුවන් බ්ලොග් ලියලා වාසි ගන්න, ඒ හරහා පොරක් වෙන්න තරම් අහේනියක් ඔහුට නැහැ. ඒ වගේම මේ සංවාදය දුටු විට පේනවා කුපිත ඇනෝට අජීරණයක් ඇති බවනම්.මතවාදයට එකඟ නොවේ නම් ඉතින් කෝප ගන්නේ නැතිව තමන්ගේ මතය කියන්න තිබුනනේ. මතක තබා ගන්න ලිංගිකත්වයට පමණක් නොවේ උපදේශන අවශ්‍ය.

      ආයුර්වේද වෛද්‍ය වරයෙකුට වෛද්‍යවරයෙක් කියල හඳුන්වනවාට අකමැති පිරිසක් ඉන්නවා. වෙදෙක් ඩොක්ටර් කෙනෙක් වෙන්නේ කොහොමෙයි නේ ? වෙදා = ඩොක්ටර් = වෛද්‍යවරයා වෙන්න බැරිව ඇති. හැබැයි සමහර ආයුර්වේද වෛද්‍ය වරු, සංඛ්‍යාවෙන්නම් කිහිප දෙනෙක් වෙන්න ඇති, ඩොක්ටර් නොකියාම බැරි.

      මේ ලිපියට මීට අමතරව ප්‍රතිචාර පළ නොකරමි. දයාල්බතී ඔබට ස්තුතියි.

      Delete
    6. ස්තූතියි සංවාදයට එක් වූවාට!

      Delete
  14. about mahavedana:
    i am a doctor in psychology. i know him well.he is a expert Ayurvedic gynecologist doing research and teaching for new generation, he always shearing knowledge and experience with gynecologist in western practice,and around him 5 or 6 doctors in the family. but the ideas are his own and his view.

    ReplyDelete
    Replies
    1. //but the ideas are his own and his view//
      Do you believe this is fair for a doctor... Personally, What I expect from a doctor is something different...

      Delete
  15. Ano says //ඔබේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ නම් ලිංගිකත්වය යනු ගැහැණියක හා පිරිමියකු අතර ඇතිවන සම්බන්ධයක් පමණක් සේ සරලව අර්ථ දැක්විය නොහැකිය. ලිංගිකත්වය යනු ප්‍රාථමිකව වර්ගයාගේ පැවැත්ම හා පැතිරීම අරමුණු කොට ගත්, එහෙත් තවත් අරමුණු රාශියක් පසුව එක් වූ දෙයකි. ලිංගික ක්‍රියාවක නිරතවීමෙන් ජීවියකු යම් මානසික තෘප්තියක් ලබයි. නමුත් මෙහිදී එක්වීම අනිවාර්යයෙන්ම විරුද්ධ ලිංගිකයකු විය යුතු නොවේ. එය සම ලිංගිකයකු සේම, සතකු හෝ (අශ්වයා, බල්ලා, බළලා....) අජීවී වස්තුවක් (වයිබ්‍රේටරයක්...) විය හැකිය. එසේම වෙනත් පාර්ශ්වයක් නැතිව තනිව මේ තෘප්තිය ලබා ගන්නෝද වෙති. ('I and I' නැමැති ප්‍රකට විහිළු කතාව සිහියට නැඟේ.)මගේ කෙටිම කෙටි පිළිතුර, කොතරම් නීරස වුනත් සත්‍ය ඒ විදියටම කිව යුතු නිසා මම කියන්නම්.//

    මහවෙදනගෙයි ඔබගෙයි අදහස්වල් වෙනසක් නෑ
    maha vedhana says

    //උත්තරේ....

    ඔව්

    ලිංගිකත්වය බලපාන්නේ නැහැ.
    මම කිව්වනේ මේක මනෝ කායික ව්‍යාපෘතියක් කියලා.//

    ReplyDelete
  16. Due to the limitation of the length of my reply publish in 2 parts

    part 1
    ඇනෝගෙයි මහවෙදනගෙයි අදහස්වල ලොකු ප්‍රතිවිරෝධයක් නැත.
    අපි කාරනා එකින් එක අරගෙන බලමු.
    පලමුව මේ බ්ලොග් පෝස්ට් දෙකම කියවන්න.
    http://wedagedara.blogspot.com.au/2012/11/blog-post_26.html

    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_27.html

    දයල් බතී මහවෙදනාගේ ඉහත පොස්ටුවට අදාලව පැනයක් ඇසුවා.

    "මගේ ප්‍රශ්නෙ මේකයි, මහ වෙදනා කියන සුඛාන්ත රතිය, ඔය කියන සූරතාන්තය ලෙස් Les හා ගේ Gay ලිංගික සම්බන්ධකම් පවත්වන අයටත් තිබෙනවාද? ලබා ගන්න පුලුවන්ද?"

    -------------------------------------------------------------
    ඇනෝගෙ හැඳින්වීම

    //මෙන්න අදහස් දක්වලා තියෙනවා. පිළිතුරු තමයි නැත්තේ.


    //ඔබේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ නම් ලිංගිකත්වය යනු ගැහැණියක හා පිරිමියකු අතර ඇතිවන සම්බන්ධයක් පමණක් සේ සරලව අර්ථ දැක්විය නොහැකිය. ලිංගිකත්වය යනු ප්‍රාථමිකව වර්ගයාගේ පැවැත්ම හා පැතිරීම අරමුණු කොට ගත්, එහෙත් තවත් අරමුණු රාශියක් පසුව එක් වූ දෙයකි. ලිංගික ක්‍රියාවක නිරතවීමෙන් ජීවියකු යම් මානසික තෘප්තියක් ලබයි. නමුත් මෙහිදී එක්වීම අනිවාර්යයෙන්ම විරුද්ධ ලිංගිකයකු විය යුතු නොවේ. එය සම ලිංගිකයකු සේම, සතකු හෝ (අශ්වයා, බල්ලා, බළලා....) අජීවී වස්තුවක් (වයිබ්‍රේටරයක්...) විය හැකිය. එසේම වෙනත් පාර්ශ්වයක් නැතිව තනිව මේ තෘප්තිය ලබා ගන්නෝද වෙති. ('I and I' නැමැති ප්‍රකට විහිළු කතාව සිහියට නැඟේ.)

    මහ වෙදනා නැමැත්තා ඉදිරිපත් කොට ඇති මිථ්‍යා මත කිහිපයක් බිඳීමට මෙය අවස්ථාව කර ගනිමි.//

    මහ වෙදන කියනව මෙහෙම.......

    //මගේ කෙටිම කෙටි පිළිතුර, කොතරම් නීරස වුනත් සත්‍ය ඒ විදියටම කිව යුතු නිසා මම කියන්නම්.

    උත්තරේ....

    ඔව්

    ලිංගිකත්වය බලපාන්නේ නැහැ.
    මම කිව්වනේ මේක මනෝ කායික ව්‍යාපෘතියක් කියලා. //

    ඒ අනුව ඔබ දෙදෙනාම කියන දේ එකමයි.................................

    ---------------------------------------------------------------------------------------

    ඇනෝගේ ප්‍රශ්න අංක 1
    //(1) සුඛාන්ත රතියකට සුරතාන්තය ඉතාමත් වැදගත් වේ.

    නැත. පට්ටපල් බොරුවකි.//

    දයල් බතී අන්තර් ජාලයේ සැරිසරමින් සොයා ගත් දෙයක්..

    මනෝ විද්‍යාත්මක ලිපි හා පුද්ගලික ජීවිතය අත් දැකීම් අනුව පුරුශයාට අන්තිම වැදගත්ය. ස්ත්‍රියට නැත. සමහර ස්ත්‍රීන් (5%ක් පමණ ) ජීවිතයටම සූරතාන්තයට නො එළඹේ. ඒනිසා පට්ටපල් බොරුවක් නොවේ.

    --------------------------------------------------------------------------------
    (2) පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ කායික සහ මානසික ප්‍රබෝධය සුඛාන්ත රතියකට සහ සුරතාන්තයට ඉතාමත් වැදගත් සාධකයකි.

    අමුතුවෙන් කිවමනා නොවේ. කායික හා මානසික වශයෙන් ප්‍රබෝධමත් නොවේ නම් කිසිවකු ලිංගික ක්‍රියාවකට යොමු වන්නේ නැහැනෙ.

    ඔබ දෙදෙනාම කියන දේ එකමයි.................................

    ------------------------------------------------------------------------------------
    (3) මනස සහ සිතිවිලි සේම පසිඳුරන් ද මේ රති ක්‍රියාවට ඒකාත්මික වීමෙන් මිස කිසි දිනක සුඛාන්ත රතියක් සහ සුරතාන්තයක් ලබා ගැනීම උගහටය.

    වැදගත් මනසය. පසිඳුරන් නොවේ.

    //(4) ආදරය ම මිස කය පිනවීම සුඛාන්ත රතියකට හෝ සුරතාන්තයක් ලැබීමට සුදුසු නොවේ.

    නැත. පට්ටපල් බොරුවකි.//

    ඇනෝගේ 3 හා 4 කාරණාවලට උත්තරය
    මහ වෙදන කියනව මෙහෙම....

    // මනසේ සහභාගීත්වයක් නොමැතිව පසිඳුරන් පමණක් පිනවීමට යාම මේ කාර්‍ය්‍යය අසමත් කිරීමට හේතු වේ. එම නිසා අවදි මනසින්, අවදි පංචේන්ද්‍රියන්ගෙන් යුතු අය මේ දිනයි. //

    එතනදිත් අවුලක් නැත.
    ----------------------------------------------------------------------------
    (5) රතී ක්‍රියාව හුදෙක් මනෝකායික (Psychosomatic) ක්‍රියාවක් බව පැහැදිලිය.

    රති ක්‍රියාව විතරක් නෙවෙයි, හැම එකකම එහෙම තමයි.

    මෙතැනදිත් අවුලක් නැත
    -----------------------------------------------------------------------

    (6) සුරතාන්තය තනිව ලබා ගත හැක්කක් නොවේ. ආත්මාර්ථකාමී වීමෙන් ලැබෙන්නේ සුරතාන්තයක් නොව නිකම්ම ධාතු පහ වීමක් පමණි.

    නැත. පට්ටපල් බොරුවකි.

    එයට දයල් බතී කියන්නෙ මේකයි.

    ReplyDelete
    Replies
    1. part 2

      සූරතාන්තය, සුඛාන්ත රතිය, ලිංගික ක්ශාන්තිය ආදී වචනවල අර්ථ දැක්වීම්, සාමාන්‍ය භාවිතයෙ තේරුම්, සෞන්ද්ර්‍‍ය හා වෛද්‍යවිද්‍යාත්මක අර්ථවල වෙනස් කම් හා මිනිස් සන්තානයේ ගැඹුරුම තැනකින් එන සංකීර්ණ හැඟීම් සමුදායක් කියන්නට වචන වලට නොහැකිවීම, කොටින්ම සන්නිවේදනයේ සීමා සහිත කම් අපේ මහවෙදනාගේත් ඇනෝලාගෙත් ගෝරියට හේතුවක්.
      සාමාන්‍ය විවාහයක් වී දරුමල්ලන් ලැබ දිවි ගෙවූ අයගේත් වෙනත් ක්‍රම වලින් එනම් සමරිසි ආදී දිවි පෙවෙත් ගෙවූ අයගේ ආයුෂ ගැන කල පර්යේශනයකදී එලි වූ දෙයක් තමයි සමරිසි අයගේ ආයු කාලය ස්ත්‍රී පුරුශ විවාහකයන්ට වඩා වසර 20කින් අඩු බව. එයින් යම් දෙයක් ඔබට තේරෙනවාද සූරතාන්තය හා සුඛාන්ත රතිය යනු කුමක්ද කියා.
      (පොඩි විහිලුවක්;දුම්පානය එයට වඩා හොඳ වෙන්නේ එබැවිනි. මන්ද පිලිකා නොසෑදුනේ නම්, ඇදුම නොසෑදුනේ නම්, දුම්පානයෙන් අඩුවන්නේ අවුරුදු 5-7 දක්වා පමනි.... හික්ස් )

      Delete
    2. /සාමාන්‍ය විවාහයක් වී දරුමල්ලන් ලැබ දිවි ගෙවූ අයගේත් වෙනත් ක්‍රම වලින් එනම් සමරිසි ආදී දිවි පෙවෙත් ගෙවූ අයගේ ආයුෂ ගැන කල පර්යේශනයකදී එලි වූ දෙයක් තමයි සමරිසි අයගේ ආයු කාලය ස්ත්‍රී පුරුශ විවාහකයන්ට වඩා වසර 20කින් අඩු බව. /

      කරුණාකර මෙයට මූලාශ්‍රය සපයන්න.

      Delete
    3. http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2636618/?tool=pubmed
      ඇත්තෙන්ම ඔස්ට්‍රේලියානු ආගම් ප්‍රධානියෙකුත් අමරිකාවේ දේශපාලකයෙකුත් කල ප්‍රකාශ තමයි මා භාවිතා කලේ.
      සමරිසි අයගේ මේ පරීක්ශනයේ ප්‍රතිපල 100% නිවැරදි නෑ යනුවෙන්ද එවැනි සැසඳීමක් නොකල යුතුයි කියල සඳහන් වෙනවා අගදී. නොදැන ඒ කල වරදට කමා කරත්වා!

      නමුත් මෙය හොඳ ආරම්භයකි!

      Delete
  17. @දයාල්,

    ඔබේ ප්‍රකාශ සමහරකට, කාලය ලැබෙන අන්දමට ප්‍රතිචාර (පිළිවෙලට නොවේ.)

    /මනෝ විද්‍යාත්මක ලිපි හා පුද්ගලික ජීවිතය අත් දැකීම් අනුව පුරුශයාට අන්තිම වැදගත්ය. ස්ත්‍රියට නැත. සමහර ස්ත්‍රීන් (5%ක් පමණ) ජීවිතයටම සූරතාන්තයට නො එළඹේ. ඒනිසා පට්ටපල් බොරුවක් නොවේ./

    'මහ වෙදනා' නැමැත්තාගේ ලිපියේ සඳහන් යෙදුම් දෙක අතුරින් 'සුරතාන්තය' යන්න විද්‍යාත්මකව නිර්වචනය කළ හැකිය. එහෙත් 'සුඛාන්ත රාත්‍රිය' යන්න ඔහුගේ යෙදුමක් වන අතර එහි විද්‍යාත්මක නිර්වචනයක් නොවේ. එනිසා සුරතාන්තය ගැන පමණක් අවධානය යොමු කරමි.

    සුරතාන්තය (orgasm) සංකීර්ණ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකි. එය ගැහැණියක හා පිරිමියකු පමණක් සිය කැමැත්තෙන් එක් වීමෙන් පමණක් ලැබිය හැකි දෙයක් ලෙස නිර්වචනය වැරදිය. මේ Wikipedia වෙනි.

    Orgasms may be achieved by a variety of activities. In men, sufficient stimulation can be achieved during vaginal or anal intercourse, oral sex (fellatio) or masturbation/non-penetrative sex. In women, orgasm can be achieved during vaginal intercourse, oral sex (cunnilingus) or masturbation/non-penetrative sex. It may also be by the use of a sensual vibrator or an erotic electrostimulation, and can additionally be achieved by stimulation of the nipples, uterus, or other erogenous zones, though this is rarer.

    Orgasms can be multiple,and can also be involuntary, as the result of forced sexual contact (during rape or sexual assault), which often results in feelings of shame caused by internalization of victim-blaming attitudes. The incidence of those who experience unsolicited sexual contact and experience orgasm is very low, though possibly under-reported due to shame or embarrassment. Involuntary orgasms additionally happen regardless of gender.

    එසේම සුරතාන්තය ලැබිය හා නොලැබිය හැකි. සුරතාන්තය සම්බන්ධ ගැටළු ඇති පිරිස් ගැන ඔබ සපයන සංඛ්‍යාලේඛන වැරදිය. මෙන්න Wikipedia කියන දේ.

    About 15% of women report difficulties with orgasm, 10% have never climaxed, and 40–50% have either complained about sexual dissatisfaction or experienced difficulty becoming sexually aroused at some point in their lives. 75% of men and 29% of women always have orgasms with their partner. Women are much more likely to be nearly always or always orgasmic when alone than with a partner. However, in a 1996 study reported in the Journal of Sex Research, 62% of women in a partnered relationship said they were satisfied with the frequency/consistency of their orgasms.

    එසේම පහත ඡේදය 'මහ වෙදනා' නැමැත්තාගේ මතයට ඉඳුරා ප්‍රති විරුද්ධ බව ඔබට පැහැදිළි වනු ඇත. තම සහකරුවාගේ සතුට වෙනුවෙන් ආයාසයෙන් සුරතාන්තය ප්‍රමාද කිරීමට වෙර දරන ගැහැණු බොහොමයක් අවසානයේ ලිංගිකව අසංතෘප්තියට පත් වෙති.

    If orgasm is desired, anorgasmia may be attributed to an inability to relax, or "let go." It seems to be closely associated with performance pressure and an unwillingness to pursue pleasure, as separate from the other person's satisfaction. Often, women worry so much about the pleasure of their partner that they become anxious, which manifests as impatience with the delay of orgasm for them. This delay can lead to frustration of not reaching orgasmic sexual satisfaction.

    ඉහත කාරණා අනුව සුරතාන්තය හා ලිංගික සතුට අතර 1:1 සහ සම්බන්ධයක් නොවේ. සුරාන්තයකින් තොරව ලිංගික සතුට ලැබිය හැකි අතර අනෙක් අතට කැමැත්තකින් තොරව (involuntary) වුව සුරතාන්තයක් ලැබිය හැකිය.

    (ඉතිරිය පසුවට)

    ReplyDelete
  18. /ආදරය ම මිස කය පිනවීම සුඛාන්ත රතියකට හෝ සුරතාන්තයක් ලැබීමට සුදුසු නොවේ./

    මෙය විද්‍යාත්මක ප්‍රකාශයකට වඩා ආගමික ප්‍රකාශයකට සමානය. 'මහ වෙදනා' නැමැත්තා මෙසේ කිරීමෙන් පව් සිදුවේ යැයි කියන්නේද? එසේ නම් ඊට විද්‍යාත්මක විවරණයක් දිය නොහැකිය. නමුත් මේ වාක්‍යය "ආදරය ම මිස කය පිනවීම [තුළින්] සුඛාන්ත රතියක් හෝ සුරතාන්තයක් [ලැබිය නොහැකිය]" කියා වෙනස් කළොත් එය අසත්‍යය. ස්ත්‍රී දූෂණයකදී පවා ස්ත්‍රිය සුරතාන්තයකට පත් විය හැකි බැව් ඉහත පෙන්නා දී තිබේ. එසේ වන්නේ සුරතාන්තය යනු මනසින් එක්තරා පමණකට නිදහස් නිරුත්සාහක (involuntary) ක්‍රියාවලියක් නිසාය.

    විද්‍යාත්මකව පිළිගත් කාරණය හා 'මහ වෙදනා' නැමැත්තාගේ මතය අතර ගැටුම මෙයයි.

    'මහ වෙදනා' නැමැත්තා ලිංගික සතුට හා සුරතාන්තය අතර 1:1 සහසම්බන්ධයක් (correlation) උපකල්පනය කරයි. එය වැරදිය.

    එසේම ඔහු සුරතාන්තය පූර්ණ ලෙස මනසේ පාලනයට නතු වන ක්‍රියාවලියක් සේ දකියි. එයද වැරදිය. සුරතාන්තය යම පමණකට මනස සම්බන්ධ ක්‍රියාවලියකි. එහෙත් එය involuntary සිදුවන අවස්ථා ඕනෑ තරම් තියේ. Male Catheterization කරන අවස්ථාවන්හීදී පවා සුරතාන්තය සිදුවන අවස්ථා මම දැක ඇත්තෙමි.

    ReplyDelete
  19. /සාමාන්‍ය විවාහයක් වී දරුමල්ලන් ලැබ දිවි ගෙවූ අයගේත් වෙනත් ක්‍රම වලින් එනම් සමරිසි ආදී දිවි පෙවෙත් ගෙවූ අයගේ ආයුෂ ගැන කල පර්යේශනයකදී එලි වූ දෙයක් තමයි සමරිසි අයගේ ආයු කාලය ස්ත්‍රී පුරුශ විවාහකයන්ට වඩා වසර 20කින් අඩු බව/

    මම තවමත් ඔබ මෙහි මූලාශ්ය දෙනතුරු බලා හිඳිමි. එය සත්‍යයක් වුවද (එසේ යැයි නොසිතමි.) එය ඔබේ නිගමනය තහවුරු නොකර බැව් මේ දත්තයන්ගෙන් පෙනෙයි.

    Kinsey's Sexual Behavior in the Human Female showed that, over the previous five years of sexual activity, 78% of women had orgasms in 60% to 100% of sexual encounters with other women, compared with 55% for heterosexual sex. Kinsey attributed this difference to female partners knowing more about women's sexuality and how to optimize women's sexual satisfaction than male partners do. Like Kinsey, scholars such as Peplau, Fingerhut and Beals (2004) and Diamond (2006) found that lesbians have orgasms more often and more easily in sexual interactions than heterosexual women do, and that female partners are more likely to emphasize the emotional aspects of lovemaking.

    එබැවින් ආයුර්වේදය තුළ සුරතාන්තය ගැන ඇති අවබෝධය වැරදි එකක් සේම හිස් තැන් රාශියක් ඇති එකක් බවද පෙනෙයි.

    ReplyDelete
    Replies
    1. http://www.psychologytoday.com/blog/all-about-sex/200903/the-most-important-sexual-statistic
      මගේ දත්තයන් ගත්තේ මෙතැනින්

      Delete
  20. සූරාන්තයට තව කල් තිබේ... සිරා තවම සූටි එකෙකි...

    ReplyDelete
    Replies
    1. දැනගත්ත එක හොඳයි
      ලොකු ලොකු කතා කියාගෙන ආවොත් උඩ පැනලා ටොක්කක් අනිනව!

      Delete
  21. MAHA wedana is a FAKE DOCTOR nothing else

    ReplyDelete
    Replies
    1. There is no difference in having a fake profile and being anonymous. Now tell us any evidence that you have to prove Maha Wedana is a fake doctor ?

      Delete
    2. He is not a fake doctor. He is a genuine Ayurvedic doctor. The problem is with Ayurveda, not with him.

      Delete
  22. හෑ මේ මොකක්ද මේ කරගෙන තියෙන සැන්තැසිය ..

    ReplyDelete
    Replies
    1. සන්තෑසියක් නොවේ. හොඳ සාකච්ඡාවකි!

      Delete
  23. අඹ ගෙඩියක් කනවිට එය කන ‍තැනැත්තා එහි රසය දනී. ඒත් පිටතින් බලා හිඳින්නා ඒරසය ගැන කිසිවක් නොදනී. ඒ නිසා අඹයෙහි රස දැන ගැනිමට නම් කා බැලිය යුතුමය.

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ අපි කතා කරන දේ තේරිලා නැහැ වගේ ලොකු කතාවක් කිව්වට ...

      Delete
    2. සංකීර්ණ මාතෘකාවක්, ඒත් කතා කල යුතු දෙයක්

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්