Followers

Friday, November 30, 2012

සපත්තු දෙකෙන් එක සපත්තුවක් පමනක් පොලිශ් කලොත්?




ඇමරිකාවේ, කැලිෆෝනියාවේ, ඩිස්නිලන්තයට ගිය වේලේ  ඇන්හයිම් වෙලඳ සංකීර්ණයේ වීදියක් දිගේ ඇවිදගෙන එමින් ගමනේදී ඇස ගැසුනු සපත්තු පොලිශ් කරන ජැමෙයිකානුවා මට ඔච්චමට මෙන් කීවේ,

හෙයි යාලුවා  බලපන් උඹේ කුනුපාට සපත්තු දිහා.

මට සල්ලි නෑ

මං නොමිලේ සුද්ද කරල් දෙන්නම්. මට උඹේ සල්ලි ඕන නෑ

 ඔව් මං දන්නව උඹ එක සපත්තුවක් නොමිලේ අනෙක පොලිශ්කරන්න ඩබල්, දැනගනින් මං ලංකාවේ.


ඇමරිකාවේ එහෙම ගමක් ගැන මං අහල නෑනේ.

ඒක තියෙන්නෙ ඉන්දියාවට පහලින්

හරි හරි මට තේරුනා බ්‍රයන් ලාරා ගෙ රටේ

මේ හාදයා සමග භූගෝලිය ප්‍රශ්න සාකච්ඡා කිරීම අන්තිම නිරර්තක වැඩකි.

මං දන්නව උඹ හදන්නෙ සපත්තු පොලිශ් විකුණගන්න,


ඔව් උඹ හරි හැබැයි, නියමිත මිලට වැඩියෙ නොවෙයි.

බලන්න මේ පොලිශ්, එක් පාරක් ගෑවොත් ඔක්කොම කුනු ඉවත්වෙනව. ආයි කුනු ගෑවෙන්නෙ නෑ. මාස ගණනාවකට.


ඒයි යාලුවා තියන්න ඔබගේ කකුල මෙතැන.

මා ඔහුට කීකරුව පොඩි කන්ඩිය මත කකුල තබමි. ගත වූයේ තත්පර කීපයකි. සපත්තුව අලුතින ගත්තාක් මෙන් සුදුම සුදුය. ඔහු පොලිශ් ස්ප්‍රේ එක, බ්‍රශ් එක ඇතුලු උපකරන කට්ට්ලයටම ඩොලර් 40ක් ඉල්ලයි. කමක් නෑ. මම එය මිලදී ගත්තෙමි. අවුරුදු දෙකකටත් පසුවත් මා එය පාවිච්චි කරමි.

මගේ හිතට ආපු අවුල පොලිශ් එකවත්, ජැමෙයිකානුවාගේ කතා විලාසයවත් නොවේ.

සපත්තු දෙකක එක සපත්තුවක් පමනක් පොලිශ්කිරීම විවා පත් දෙදෙනෙකු එකිනෙකා පරයා ඉස්මතුවෙන්න ගියොත් වෙන දේ සිහිපත් කරයි. කරනව නම් සපත්තු දෙකම පොලිශ් කරන්න ඕනේ. එකක් පමනක් කරන්න ගියොත් අවුලක්.
සපත්තු දෙක දාගෙන යන්න බැරිවෙනව.


42 comments:

  1. /* සපත්තුව අලුතින ගත්තාක් මෙන් සුදුම සුදුය. */

    බුදු අම්මෝ, මං නං මගේ සපත්තු කළුපාටින්ම තියා ගන්නවා!

    ReplyDelete
    Replies
    1. කලුපාට උනාට කමක් නෑ.. පොලිශ් කලොත් දෙකම එකට..

      Delete
  2. සපත්තු ... විවාහය... ??? අනේ මන්දා.. ඊටත් හපන්ද කොහෙද... හි හි...

    ReplyDelete
    Replies
    1. අපිට ගැලපෙන සපත්තු දාගන්න ඕනෙ නේද, ලොකු උනත් අවුලක් පොඩි උනත් අවුලක්, එකක් පමනක් දිලිසුනත් අවුලක්.

      Delete
  3. උඹට මාර දාර්ශනික අදහස්නෙ එන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් සෑහෙන්න බොන්න ඕන මේ වගේ දාර්ශනික අදහස් එන්න

      Delete
  4. ඔව්... විවාහය කියන්නෙ දෙයාකාර අදහස් තියෙන දෙන්නෙක් එකම ජීවන ගමනක ඉතිරි ජීවිත කාලය ගත කිරීමනේ..එක්කෙනෙක් අනෙකාට වඩා ඉස්මතිවෙන්න ගියොත්..කොහොමද එකම ගමනක් යන්නේ...

    ඔන්න ඔහේ ඕනෙ මඟුලක් කියලා කුණු පිටින් ඒ ගමන ගියත් මොකද ආදරයෙන් දිළිසි දිළිසි...හි හි හී

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳයි එකක් විතරක් පොලිශ් කරනවට වැඩියෙ!

      Delete
  5. හොඳයි.. හැබයි වියදම වැඩියි.....

    ReplyDelete
    Replies
    1. දෙකම පොලිශ් නොකර ඉන්න එක සුභයි

      Delete
  6. සපත්තු කියද්දි මතක් වුනේ . “අද “ කියන පත්තරේ මුල් පිටුවේ තියෙනවා මම දැක්කා පොලිසියේ ලොක්කෙක්ගේ සපත්තු මදින පුංචි පොලිස් කාරයෙක්ගේ පින්තුරයක්...ඇත්තටම සපත්තු දෙකම පොලිෂ් වේනන ඕනැ තමා...නැත්නම් අනික චෙක් වෙනවානේ

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. පොලිස් ලොක්ක කාගෙ සපත්තුද පොලිශ් කරන්නෙ!

      Delete
  7. අහ්හ්.... විවාහය සහ සපත්තු... අළුත් අදහසක්....

    ReplyDelete
    Replies
    1. අලුත් අලුත් උණු උණු අදහස් දැනගන්න කියවන්න , අහන්න, සීගිරි ගිරි සිරසේ සිට කුරුටු ගී ගයන චූටි කුරුල්ලා දයල් බතී.

      Delete
  8. ඒ අදහසට මම කැමති ඇත්තටම...

    ReplyDelete
    Replies
    1. ඔබ කැමති දෙයක් මා විසින් ලියවූවා නම් මට එය සතුටකි. ඔබගේ වචනද මා ධෛර්‍ය්මත් කරයි

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ඉස්සෙල්ලම කියන්න ඕන අපේ නම් සපත්තු දෙකම එකම විදියට පොලිස් වෙන්න ඕන.නැති නම් ඉතිං??....නි. දායල් අයියා විශිෂ්ඨ අදහසක් ඉස්මතු කරලා නේ.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මේ වැනි විශිෂ්ට අදහස් එන්නේ මා වැනි (විශිෂ්ඨ) බිළිඳෙකුට හැර වෙන කාටද?

      Delete
  11. සෑහෙන්න ලොකු කතාවක් හරි සරලව කියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේ වැනි පණ්ඩිත කතා කීවාට කරන එක ලේසි නැත

      Delete
  12. සියලු දෙනාට වෙන් වෙන්ව පිලිතුරු පැය 10කින් පමන ලිවීමට බලාපොරොත්තු වේ.

    ReplyDelete
  13. ඔව් සමහර සපත්තු තදයි, සමහර ඒවා බුරුල්, සමහර ඒවා ගැලපෙන්නේ නෑ කියල තේරෙන්නේ දාන්න ගත්තට පස්සේ, අනේ මන්ද ?

    ReplyDelete
    Replies
    1. කොයි සපත්තු ගත්තත් ඔය ප්‍රශ්න තියෙනවමයි, ඒ නිසා ගත්ත සපත්තු වලින්ම යන්න ඕන දුර යන්න බලන්න.

      Delete
  14. විවාහයේ මූලික නීතිය, සරලයි, ඉතාම සරලයි, මේක පිලිපැද්දොත් ගොඩම ගොඩ.

    ReplyDelete
    Replies
    1. මහ වෙදනාගේ රෙකමදාරුව ඉතා වටිනවා

      Delete
  15. සරළ වුනාට වැදගත් යමක් සැගවිලා තියෙන ලියවිල්ලක්...

    ReplyDelete
    Replies
    1. සිරා කතාවක්!
      මේව පිට නෑ පිට නෑ හැම තැනම නෑ

      Delete
  16. සපත්තු දෙක තමන්ට හිමි කකුලට ගැලපෙන්න ඕනේ. මෙහිදී සයිස් එකේ සුළු වෙනස්කම් තියනවා. ඒ වෙනස්කමම තමයි ගමනට ආධාර වෙන්නේ. සපත්තු දෙක මුලින්ම තමන්ගේ සමාන අසමානකම් තේරුම් ගතයුතුයි. සහයෝගයෙන් ගමනක් යාමේදී තමන්ට අනික් සපත්තුවෙන් උපරිම සහයක් ලබාගෙන උපරිම වේගයෙන් යන්න පුළුවන් කොහොමද කියලා අවබෝධ කරගැනීම වැදගත්. එක සපත්තුවක් ඉස්සරහට යන්න හදද්දී අනික් සපත්තුව පස්සට ඇද්දොත් 'ගමන' එතැනින්ම ඉවරයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක මගේ බිළිඳු අදහසට තව අදහස් එකතු කරලා නියමයි!

      Delete
  17. ගොඩාක් අයට වෙලා තියෙන්නෙ තමන්ට නොගැලපෙන සපත්තු දාගෙන, පොලිෂ් කර කර අනුන්ගෙ සපත්තු දිහා බලන එක. ඒ සපත්තු දෙක මට නම් හොඳයි හිත හිත.
    මෙහෙම ගමනක් යනකොට විශ්වාසය සහ එකිනෙකාට දක්වන ගෞරවය තමා වැදගත්.

    ReplyDelete
  18. always grass is greener on the other side of the fence

    විශ්වාසය ගෞරවය වැදගත්, එකඟයි,
    මේවා හොඳට ගුටි කාල අපි ඉගෙන ගත්ත පාඩම් නේද?

    ReplyDelete
  19. ආදරය සහ බූට් එක
    විවාහය සහ සපත්තුව

    ගැලපෙනවනේ හොඳට කව්ද නෑ කියන්නේ ?? :P

    ReplyDelete
  20. හැබෑටම දැන්නේ මතක් උනේ ඒක,
    ගැලපෙනව නියමෙට

    ReplyDelete
  21. විවාහයක දෙන්නා සපත්තු දෙක නම් දාගෙන යන්නා කර්මයයි...පාට දෙකේ සපත්තු එහෙම ජීවිත කාලයක් පෙලඳගෙන ඉන්න කර්ම මම දැක ඇත..

    ReplyDelete
    Replies
    1. එක පවුලේ සහෝදර සහෝදරියන් අතරම අතේ ඇඟිලි පහ වගේ වෙනස්කම් තිබේ නම් ඊටත් ඈත වෙන කවුරුවත් ගැන කියනු කුමටද? ඒ නිසා විය යුත්තේ ඒ වෙනස්කම් හා සමානකම් කලමනාකරනයයි, විවාහය යනු එයයි!

      Delete
  22. සපත්තු නැතිව සෙරෙප්පු දාන්න බැරිද? එතකොට පොලිස් කරන්න ඕන නෑ නෙව. අනික ඕන තැනක දාන්න හැකියි. ගලවන්න ලේසියි... ගානත් අඩුයි... ඕනනං දෙක තුනක් පාවිච්චි කරන්නටත් පුළුවන්.. හැක්..

    ReplyDelete
  23. සපත්තු දැමිය යුතු තැනට සෙරෙප්පුත් සෙරෙප්පු දැමිය යුතු තැනට සපත්තුත් දාන්නෙ කවුද කියල දන්නවනේ

    ReplyDelete
  24. මට තියන ප්‍රශ්නේ මේකයි... හැමදාම ඉක්මනට ගෙවෙන්නේ මගේ දකුණු කකුලේ සපත්තුව... මම ඇවිදින විදිහ නිසාත්, ගල්මුල් වලට පයින් ගහන්නේ දකුණු කකුලෙන් නිසාත්... රිය පදවන්නත් දැන් ඔනේ එක කකුලයිනේ... ඉතින් මේ එක සපත්තුවක් ඉක්මනට ගෙවීම අනික් සපත්තුවට සිද්දවෙන අසාධාරණයක් නෙවෙයිද?

    ReplyDelete
  25. අන්තිම අසාධාරනයි, ඇත්තටම ගෙවෙන සපත්තුවටයි අසාධාරනේ.
    දකුනු කකුල නොකිව්වා නම් වම් කකුල දන්නෙත් නෑ. ඉතින් වෙදනාව තියෙන එකාම කතා කරන්න ඕන. මැරුව නං මැරිච්ච එකා ඉපදිලා කතා කරන කං ගෙදර ගෑනිවත් කට අරින කාලයක් නොවෙයි මේක

    ReplyDelete
  26. //ඒක තියෙන්නෙ ඉන්දියාවට පහලින්//

    ජැමෙයිකන් කාරයෙකුට උනත් මෙහෙම කියනවද අප්පා? ඉන්දියාවේ 'ඉ' යන්න කිව්ව ගමන් දෙකේ කොලේ.

    ලංකාවේ භූගෝල පිහිටීම ගැන කියනකොට කියන්න තියෙන්නේ මාලදිවයින ළඟ තියන රටක් කියල. මාලදිවයින දන්නේ නැහැ කිව්වොත් ලෝකේ තියන ලස්සනම දූපත් තියන තැනක් කියල ශේප් වෙන්න!!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්