Followers

Wednesday, November 7, 2012

පරිප්පුවලින් ශ්‍රී ලාංකික රජය තවමත් පෙරලිය හැකිද

යුද්ධය අවසන් වීමත් සමගම, දේශපාලනයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙමින් නැවත යථා තත්වයට පත්වෙමින් යනවා. එහිදී සාම්ප්‍රදායික මෙන්ම නව වාමාංශයේ භූමිකාවට පෙරට වඩා වැදගත්කමක් ආරෝපනය වෙමින් යන බව පෙනෙනවා.

මුන් මොනවද කරන්නේ.... ජනතාව අහනව.
සමහරු හමගිය රතු රෙදි ඇඳගෙන
සමහරු අලුත් රතුපාට ඇඳගෙන

නොදියුණු රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදී කටයුතුත් කරන්න වෙන්නෙ කම්කරු පංතියට කියල ට්‍රොට්ස්කි කියල තියෙනව උනත්, ලෝකයේ සවිමත්ම ට්‍රොට්ස්කිවාදී පක්ශ තිබුනු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කටයුතු ටික කරගන්න බැරි උනා.

 විශේශයෙන් භාෂා ප්‍රතිපත්තිය හා

නීතිය,
 රැකියා අවස්තා.
 ධනය ඉපයීමේ අවස්තා, 
අධ්‍යාපන අවස්තා, 
ඉදිරියේ සමානාත්මතාව

ඒ හේතුවෙන් යුද්ධ තුනක් ඇති උනා, ජීවිත ලක්ශ ගානක් නැති උනා. දේපල,, රටේ දියුණුව ඇණ හිටියා. ඒ ගැන නැවත නැවත කියන්න අවශ්‍ය නෑ.


 සමසමාජ කොමියුනිස්ට් කට්ටිය උනත් කැමති උනේ නෑ මහජාතියෙ වෛරයට යම් දවසක පාත්‍ර වෙන්න, ඒ නිසා ලොකු පක්ශවලට හේත්තු වෙලා වාසි ටික ගන්න ගමන්ම මොනව හරි කරනව කියල පෙන්වන්න වගේ ඒ අයත් සමග ප්‍රතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලට දායක වෙන්නයි ඒ අයගෙ පසුගිය අවුරුදු 50 ක 60ක උත්සහය.

බහු වාර්ගික රටක් වන ශ්‍රී ලංකාවේ යම් ප්‍රගති ශීලී ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන ආවොත්, විරුද්ධ පක්ශ පටන් ගන්නව අඬහැරය,
රට කඩනෝ
රට කඩනෝ
දෙමලට රට කඩල දෙන්න යනව කියල,
එනම් ජාති ද්‍රෝහී කාඩ් එක ගහල ඒව යටපත් කරල දානව.
එහි ප්‍රතිපල යුද්ධ තුනකින් අත් වින්ද මුත් අපි පාඩම් ඉගෙන ගන්න පාටක් නැත. ප්‍රතිපත්තියෙ හොඳ නරකට වැඩියෙ එය ගේන අයගේ විශ්වාසවන්ත භාවය credibility පිලිබඳ ජනතාවට සැකයි කියල මට හිතෙනව. ප්‍රශ්නෙ තිබෙන්නේ එතැන. ම හිතනවා ඒ අවිශ්වාසය නියෝජනය වෙනවා ජේ වී පිය තුලින් කියල. ඒ නිසයි ඒ අය සමාජවාදයෙන් මෙහා දෙමල ජනයාට දෙන කිසිම දේකට එකඟ නොවෙන්නේ ? ඒත් පලාත් සභා සම්බන්ධයෙන් ජේ වීපියේ ස්තාවරය කාලයත් සමග වෙනස් උනා.


දේශපාලන පොරපිටියේ අලුත්ම තත්වය තමයි එජාප නායකය අංශක 180 ක් යූ ටර්න් එකක් ගන්න කැස කවන එක.

රනිල් මහත්තය, ජේ ආර් මාමා දුන්න පාඩම් පොත නැවත කියවන්න පටන් අරගෙන. යූ එන් පී ආණ්ඩුවත් 77 බලේට ආවේ සභාගෙකින්, උතුරෙත් රට මැදත් නැගෙනහිරත් පක්ශ සමග සභාගෙකින් තමයි එදා බලේට  ආවේ. රනිල් වෙලාව බලල ඒ පොතේ පාඩම් ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන.

ඒ මහත්තය කියනව යූ එන් පියෙ ධනවාදී, අධිරාජ්‍යවාදී, වැරදි පිට කවරය ගලවල දාන්න අවශ්‍යයි කියල. ඇත්තටම පවතින ආන්ඩුව අධිරාජ්‍ය ගැති වැඩ ආදිය හැමටම වැඩියෙ හොඳින් කරගෙන යන නිසා වෙන්න ඕනෙ.


රනිල් දැන් නංගිලට මල්ලිලට බ්‍රේස්ලට් දෙන එක නවත්තල,
මහරාජා මහත්තය එක්ක කොක්කක් දාගෙන
.....
........
.......
බාහු ල මනෝ ගනේශන්ලව ලං කරගෙන වාමාංශික වෙලා

අලුත්ම වැඩ පිලිවෙලකින් රජය පෙරලීමට අත ගහල.

ඇත්තටම මාමණ්ඩි  ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී 'සමාජවාදී' ජනරජය ලෙස වෙනස් කල බව දැනුයි වැටහිලා තිබෙන්නේ.

ආණ්ඩු වෙනස් කල සටන් පාට වූ පරිප්පු, ධාර්මිශ්ඨ සමාජය, ඇට අට, යුද්ධය, ආදී බාල සටන් පාඨ පෙන්සන් ගොස් ඇත. රටේ අභිවෘද්ධිය පතා ස්ථිර ප්‍රතිපත්ති සමූහයක් එලිදැක්වීම මත පමනි යූ එන් පියේ ඉදිරි ගමන් මග වැටී ඇත්තේ.
එය අවබෝධ වීම රටේ වාසනාවකි. ජනපති මහින්දට සිය ගමන් මග නැවත සලකා බැලීමට උත්ප්‍රේරකයකි
ලෝකය කුඩා වෙමින් හා ජනතාව දැනුවත් වෙමින් ඇත.
පිලිගත හැකි හීනයකට ජනතාව රැවටෙන්න කැමතිය.

ලංකාවේ සංවර්ධනය, සමෘර්ධිය, කල් පවතිනා සාමය වැටී ඇත්තේ සියලු ජන කොටස් වලට සමාන අයිතිය හා දියුණු වන්නට උවමනා  සැමට සමාන අවස්තා සැපයීම මතය.

අද දවසේ සමාජවාදය එයයි!  බුදු දහමේ හා අනෙක් ආගම් වලද හරය එය නොවේද?


s aim at a bright tomorrow and blossoming country


(Lanka-e-News -31.Oct.2012, 5.30PM) The radical changes for the future that were to be introduced by the UNP leader was presented to its working Committee yesterday (30) evening when the Committee met. These proposals were ratified by the Committee and are to be put forward at the next party convention.

These radical changes are an exercise in divesting the UNP of the label that attaches to it as a pro imperialist and capitalist party. A number of changes in this direction have been introduced. Some salient points are :

• We have been subject to the plunder of the Colombo share market founded on the Sri Washington and new Liberals, the UNP alleges. The UNP’s Radical Statement specifically rejects the Colombo Stock Market capitalism based on the primacy of markets.

• Power and wealth are today concentrated in the hands of 1% of the country. This group is controlling 60 % of the country’s assets and wealth . This small group is plundering every one else.

• A radical change which goes beyond the established methods is necessary to overthrow the Rajapakse regime. A political model with values which transcend share markets , and sans greed shall be established , the UNP proposes.

• The changes propose that instead of a system where powers are centralized in one individual the powers shall be vested in the people.

• If the assets and properties which are worth in many millions are spread among those who have the rights over them , such rights and powers vested in those individuals shall not be forcibly taken away from them .

• It is not UNP ‘s objective to accumulate and centralize powers and rights over assets and properties in the Govt. during its reign, or in a privileged group of persons.

Truly speaking these are what the Leftists announced hitherto against the UNP. Hence, via this program it is very clear there had arisen radical changes within the UNP.

This program of radical changes will surely reject the labeling by the Leftists that the UNP is a pro imperialist and capitalist party. Though many people may say many things , it will mark the end of the era where the Leftists maligned the UNP as a capitalist pro imperialist party . They also rejected SLFP as a prosperous capitalist party.

The UNP program for radical changes ends on the optimistic and promising note, ‘ a bright tomorrow and a blossoming country’ .

The full text of the radical changes is given hereunder :

RADICAL STATEMENT ENDORSED BY THE WORKING COMMITTEE AT THE MEETING HELD ON 30 OCTOBER 2012 AT “SIRIKOTHA”.
--------------------------------------------------------------
The UNP believes that every person deserves a chance and the government needs to help everyone to secure that chance. The Rajapaksa economy based on drug money, hot money and black money has instead deprived the people of that opportunity to get ahead in life. Power and wealth are today concentrated in the hands of 1% of the country. This has been achieved through Government control, both direct and indirect, of the economy. An economy based on the primacy of markets where those who manipulate the market also control the capital. A system under which Government losses are socialized; ie. all of us have to bear the burden, while the profits are privatized. ie. benefits only 1%.

The UNP’s Radical Statement specifically rejects the Colombo Stock Market capitalism based on the primacy of markets. We have again reiterated our belief in a highly competitive social market economy.
This is in keeping with Chapter VI of the 1978 Constitution. ie. Directive Principles of State Policy as well as Economic Objectives of the European Union. Therefore, the Radical Statement upholds the primacy of politics where the principles relating to the Market Economy is determined by the political process which is committed to providing equality of opportunity for all.

The Radical Statement also emphasizes a UNP commitment for the empowerment of women who constitute more than half its population and do not enjoy equal rights to their self determination and self fulfillment by ensuring economic and political empowerment for women.

The other highlights of the Radical Statement are:

Firstly, a political system that will ensure to every person
a. the full benefits education including, 13 years of compulsory school education, health care, social protection and housing;
b. equal opportunities for upward social mobility and success
c. an adequate income enabling every person to exercise the freedom to select from a wide range of goods and services which fashions his/her lifestyle.
d. Promote social equality by identifying and eliminating where necessary through affirmative action, the barriers establishing social exclusion.

Secondly, a system of Government based on
a. a new constitution which will achieve the stability necessary for a Sri Lankan identity, national unity, strengthening the democratic institutions and rights, upholding equality, rule of law, re-establishing the independent Commissions, a representative Government based on a Cabinet of Ministers responsible to Parliament, provision for devolution of power and term limits for the President and other key office holders.
b. A legal framework to promote national reconciliation by implementing the LLRC Report and the undertakings given by the Government of Sri Lanka to the United Nations Organisation.
c. The “Universal Access to Education” as a fundamental right and a Right to Education Law.
d. New laws to combat bribery and corruption including
(i) enforcing the UN Convention on Corruption with an effective and independent anti corruption mechanism;
(ii) protecting public property and archeological treasures from politicians and their supporters;
(iii) implementing the Right to Information Act and
(iv) providing transparent and accountable public funding of political parties to eliminate the pressure from interest groups thereby enabling citizens to participate in government.

Thirdly, safeguarding the environment by taking effective measures to safeguard the environment through sustainable development including a low carbon economy.

This is a radical programme which Invest in people - Invest in values - Invest in the environment - Invest in social welfare - Invest in infrastructure - Invest in enterprises - Invest in jobs.
A radical programme for you, your children and for Sri Lanka

17 comments:

  1. ඔය මොන ක්‍රමේ ගෙනාවත් වැඩක් නෑ. ජනතාවට ලොක්කා එපා වෙන්න ඕන. එතකොට හාල්පාරුවෙකුට උනත් බලය මාරු කරනවා බුද්ධිමත් ජනතාව. 77 උනෙත් ඒකයි, 94 උනෙත් ඒකයි. මේ යන ක්‍රමේ එජාපයට වාසියි. ඒකයි දැන් දැන් ආන්ඩුවේ උනුත් රනිල්ට ගහන්නේ. නමුත් ජනතාව තවමත් ලොක්කා එක්ක ඉන්නේ. දැක්කද ඊයෙත් ඉස්කෝලේ උඅන කෙල්ලෙක් ලොක්කට ලියුමක් දුන්නා. ඒක එතනම් කියවලා යටි තිඔල හපලා ලියුමෙන් වඩාගෙන හිටපු පොඩි එකෙකුට තට්ටුවකුත් දාගෙනමයි ගියේ.

    ReplyDelete
    Replies
    1. ඕවා නම් කලින් සැලසුම් කරපු මාද්‍ය සන්දර්ශනනේ.ජනතාවට කලකිරීමක් තියෙනවා එත් විකල්පයක් නැහැ.

      Delete
    2. මාතලන්
      යූ එන්පියේ වැඩපිලිවෙල
      යූ එන් පියේ මිනිස්සු ටිකත් අරගෙන
      යූ එන් පියට වැඩියෙ හොඳින් කරගෙන යන විට
      යූ එන් පියක් මොකටද?

      Delete
    3. ඇනෝ
      මාධ්‍ය සංදර්ශන කප්පිත්තන්ට ඕවත් වැඩද?

      Delete
    4. ජනතාව කල කිරිලා නෑමය කියල කියන්න බෑ , ඒවා හරියට එලියට එන්නේ ජාතික මැතිවරණයකදි , විකල්පයක් තියනවා කියලා දැක්කොත් , ඔය රැඩිකල් මගුල් වැඩක් නෑ , ඊලඟ ජනාධිපතිවරණයට සජිත්ව දැම්මොත් ලොක්කා ගෙදර , මට සජිත්ව ඒතරම් දිරවන්නේ නෑ ඒත් ඇත්ත තත්වය පිලිනොගෙන ඉන්න හැකියාවකුත් නෑ , රනිල්ට එන්න නම් මාතලන් කියනවා වගේ ලොක්කව එපාම වෙලා යන්න ඕනි . මේ තියන මාධ්‍ය සංදර්ශනත් එක්ක , ලොක්කව රනිල්ගෙනුත් පහලට වැටෙන්න තියන ඉඩ කඩ නම් සැහෙන්න අඩුයි

      Delete
    5. බුවා ඔබගේ ඇස්තමේන්තුව වැරදි නොවෙන්න ඉඩ තිබෙනවා!

      Delete
  2. මොනව දේ කරන්නත් ශේෂ්ටයකු බිහි වන්න ඕන. එහෙම නැතිව මේ පල්ගොහොරුව වෙනස් වෙන්නේ නෑ. වෙනසට බය නැති, විප්ලවීය සංවර්ධන අදහස් ඇති ඇත්තටම මේ ලංකාවේ බිහි නොවූ ගනයේ සුපිරි ඩයල් එකක් ආපු දවසට ලංකාවේ සමාජ, ආර්තික, අධ්‍යාපන වැනි සියළු අංශයන්ගේ අත්තිවාරම් පවා ගලවා අළුතින් ගොඩ නගනු ඇත. එතෙක් අපි....

    ReplyDelete
    Replies
    1. ශ්‍රේෂ්ඨයින්ව මිනිස්සු අඳුනගන්නෙ මලාට පස්සෙ.
      ඒ නිසා ශ්‍රේශ්ඨයින්ගෙන් අඩුවක් වෙන්න විදියක් නෑ.
      අඳුන ගන්නයි පමාව!
      (මගේ own පඬි වදනක් පොඩියක් සුද්ද කරල ගන්න.)

      Delete
    2. අඩේ මටත් දැනුයි මතක් උනේ. ඇත්ත තමයි ඔය මැරුණට පස්සෙ නෙව කියන්නේ මේ පුද්ගලයා අති ශ්‍රේෂ්ට කෙනෙක් කියලා.. හහ්...

      Delete
  3. මේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙන තුරුම්පු කීයක් වැටුනද ? තුරුම්පුවලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විරුද්ධ බලවේගයක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ විරුද්ධ පක්ශ අවශ්තා වාදී වෙන්න තරම් පහලට වැටී නෑ.
      ඒවා පැහැදිලි ප්‍රතිපත්ති ඇති සෘජු එඩිතර සුපිරිසිදු පක්ශ,
      ඇහුනද?

      Delete
  4. මින්ස්සුන්ට ආණ්ඩුව එපා වුනාට වැඩක් නෑ.ක්‍රමයත් එපාවෙන්න ඕන.එතකොටයි වෙනසක් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත!
      ආතල් එක කොහෝම හරි මේ සිස්ටම් එකෙන් හම්බ වෙනව නම් මක්කටද කරදර වෙන්නෙ?

      Delete
  5. ///// රටේ අභිවෘද්ධිය පතා ස්ථිර ප්‍රතිපත්ති සමූහයක් එලිදැක්වීම මත පමනි යූ එන් පියේ ඉදිරි ගමන් මග වැටී ඇත්තේ.
    එය අවබෝධ වීම රටේ වාසනාවකි. ජනපති මහින්දට සිය ගමන් මග නැවත සලකා බැලීමට උත්ප්‍රේරකයකි////

    මේක තමයි වෙන්න ඕනේ... නැතුව කරන හැම එකටම බාද්ලි පෙරල පෙරල ඉන්නේ නැතුව... ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා නම් ඒකට විසදුමකුත් ඉදිරිපත් කරන්න පුළුවන් තත්වයක් තියෙන්න ඕනේ.... නැතුව කොල්ලන්ට කෙල්ලන්ට චේන් දෙනවා, 3.50ට පාන් දෙනවා වගේ බොළඳ විසඳුම් දීලා තමන් මොඩයාට ඇඳගන්නෙ නැතුව.. එතකොට නටන එකාට තේරෙනවා තාලේ වෙනස්, නැටුම කැලේ යන්නේ, හදා ගන්න ඕනේ කියලා....

    ReplyDelete
    Replies
    1. නටන්න ඕන තාලෙ දැන් වෙනස් ඒක තේරුම් ගන්නවන්න ජනතාව සමත්වෙලා තිබෙනව!

      Delete
  6. සටන් කරන්න නායකත්වය ශක්තිමත් විය යුතුය.කවුරු නායකයා උනත් කමක් නැ රට ට වැඩදායි පුරවැසිය විය යුත්තේ පළමුව ඔහු ය.එවිට සාමාජය ඉබේම හරි දේ කරාවි.එහෙම නැතිව නායකයාගේ ඔහුගේ පවුලේ උදවියගේ සතුට වෙනුවෙන් තින්දු තීරණ ගන්නේ නැතිව පොදු සුභ සිද්දිය උදෙසා කැපවිමක් නායකයා කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස පැරණි භාශාවෙන් කියනවා නම්,
      තමා සම්මතෙහි පිහිටා සිටීම සැබෑ නායකත්වයේ ලක්ශණයයි!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්