Followers

Saturday, November 10, 2012

මේ වේදනාව මං ඉවසන්නම්

ඉරිදා නිවාඩු පාඩුවෙ ඉන්න දවස. දුක් ගැනවිලි කියල දවස සවුත්තු කරනව නොවෙයි ඔන්න. ගීතයකට පදවැලක් ලිව්ව. එය අදහසක් . තනුව අනුව පදවැල වෙනස් කර ගන්න පුලුවන්.

මාතලන්ගේ අර්ථකතනය අනුව 2012-13 ලංකාවේ ණය වැය මිරිඟුවක්. (නැත්නම් නයා වැය කිව්වත් කමක් නෑ. නයි අරිනව මිසක්ක ඇත්තටම වැඩක් වෙන්නෙ නෑ අර්ථයෙන්)

පසුගිය අවුරුදු හතලිහ පුරා ආණ්ඩුව දුවන්නෙ පිට රට වැඩ කරල විශේශයෙන් ගෘහ සේවිකාවන් මැදපෙරදිග කුස්සිවල කඹුරල එවන රට සල්ලිවලින්. ඒ මුදල්වලට වෙන දේ වියදම් වෙන ආකාරය ගැන අපි හැමෝම දන්නව. නැත්නම් නොදන්නව වගේ ඉන්නව.

අන්තිමට මිනිහත් වෙන ගෑනු පස්සෙ වැටිල නෑ. පිරිමි ලමයි නරක පුරුදුවලට ඇබ්බැහි වෙලා. ගෑණු ළමයි පැනල ගිහිල්ල.
ගේක අම්ම නැති උනහම තාත්ත නැති උනහම මොනව වෙන්න බැරිද?

ඒ නිසාවෙන්

පිටරට සේවය කරන හෑම පවුලක් ගැනම සොයා බැලීමට සමාජ විද්‍යාත්මක හා වෛද්‍යවිද්යාතමකව දැනුවත් වූ කැපවු ආයතන ගම් මට්ටමේ ඇති කිරීම දැන්වත් කළ යුතු දෙයක්.

මාත් මැද පෙරදිග සේවය කරල තිබෙනව. අනන්තවත් ලංකාවෙන් ගිහිල්ල අසරණ වෙච්ච අයට ආධාර කරල තිබෙනව. ඒ අය විඳින දුක් ගැහැට කියල නිමක් නෑ.

එහිදී දුක් විඳින අපේ අම්මාවරු සහෝදරවරු ගැන මට හරිම පසු තැවිල්ලක් තියෙනව. මා විඳි අත්දැකීමක් ගීතයක් ලෙස මෙසේ පහත දක්වමි.


මේ වේදනාව මං ඉවසන්නම්

රට සල්ලි හීනය
මුලුතැන් ගේක සැබෑවිය අරාබියේ

වලං පිඟං ඇඳුම්  කිලුටු
දුකක් නැතිව හෝදන්නේ 
හොඳට කරන්නයි මංගල්ලෙ
මගේ සුදු  දුවේ  සුභානී

රට සල්ලි හීනය.......

 වැඩ කර මාසයක් පුරා
 පඩි පත ඉල්ලූ කල
 තවමත් මට ලැබෙන්නෙ
 තරවටු ගුටි බැට පමණී

රට සල්ලි හීනය......



වේදනාව වසං කලත් මං 
 හිතුවක්කාර වූවොත් සුදූ
වසං කරනු බෑ  ලෝකෙන්
කාසි අරං  එනවා විගහින්

----------------------

දේශකයාගේ විවේචනයෙන් පසුව පහත දැක්වෙන පරිදි වෙනස් වෙමින් ඇත


මේ වේදනාව මං ඉවසන්නම්, second version

රට කාසි මිරිඟුව අභියස මා අරාබියේ

මගේ සුදු  දුවේ  සුභානී
කුල ගෙයි පතිනිය සේ
ඔබ දීග යන ලස්සන
මගේ හීනයයි

රට කාසි මිරිඟුව අභියස මා අරාබියේ

පඩි තාමත් ලැබුනේ නෑ
ඉල්ලන්නත් භයයි වගේ
ගිය මාසෙ වැදුන පාර 
තවම රිදෙනවා

රට කාසි මිරිඟුව අභියස මා අරාබියේ

වේදනාව වසං කරං  මෙහෙ කරන්නම්

හිතුවක්කාර වූවොත් සුදූ නුඹ
වසං කරනු බෑ ලෝකෙන්
කාසි අරන් විගහින් එනවා සුදු දුවේ

රට කාසි මිරිඟුව අභියස මා අරාබියේ



13 comments:

  1. මමත් මැද පෙරදිග වැඩ කරලා තියෙනවා. මේකේ වරද තනිකරම ආන්ඩුවේ. ඒ වගේම ක්‍රියා පටිපාටිය. මුදලට හා බලයට යටත්වූ කාළකන්නි සමාජ ක්‍රමය හා වෘත්තිකයින්. මම හොඳම උදාහරණයක් කියන්නම්. මම දන්න එකෙක් මේ ළඟදී මැලේසියා ගියා. ඌ මෙඩිකල් චෙකප් එකට ගිහින් තියෙන්නේ ප්‍රෙෂර් පෙත්තත් ගහලා. ඒත් වෛද්‍ය පරික්ෂණයේදී බඩු මාට්ටු උනා. ඒජන්සිය වෙන ක්‍රියා මාර්ගයක් කියලා දුන්නා. පොඩි ගානක් වැඩිපුර ගෙවලා මහාචාර්ය ස්පැෂලිස්ට් කෙනෙක්ගෙන් වාර්ථාවක් ගත්තා එහෙම ලෙඩක් නෑ කියලා. ඔන්න අපේ රටේ ත්ත්වේ. අනිත් දේවල් කියන්න ඕන නෑනේ. දයාල් දන්නවනේ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කුමන කතාද?
      කට නොඅරිමි?<$+"}|

      Delete
  2. මට මතක් වෙනව නන්දා මාලිනිගෙ ගීයක් මට හරියට වචන මතක නෑ.
    උසස් ජාතියක් නොරටුන්ගෙ බැල මෙහෙවරකම් කරන්ට යැවුවෝ කවුරුන්ද?
    ආපසු එන්ට හැකිනම් කරන දේ දන්නවා උන්ට...

    ඔබේ අදහසත් එයට ඌන පූරනයක්. අපේ රටේ හොඳ ජීවන තත්වයක් තිබෙනවා නම් , කවුද කැමති වෙන්නෙ අනුන්ගේ කක්කුස්සි හෝදන්න..
    මෙදා නය වැයත් එහෙමයි. අය වැය හිගය පියවන්නෙත් ආයෙමත් ණය අරන්.

    ReplyDelete
    Replies
    1. කක්කුස්සි හේදීම පහත් ක්‍රියාවක් නොවෙතත් හෝදන්නාත් සේවය ලබන්නාත් අතර ඇති සම්බන්ධය ඒ ක්‍රියාව පහත් දැයි උසස් දැයි තීරණය කරයි කියා මගේ බක පණ්ඩිත මොලේ කියයි. ඒ නිසාවෙන් වහල් තත්වයට කිට්ටු සේවක-සේව්‍ය සම්බන්ධය කක්කුස්සි හේදීම වහල් ක්‍රියාවක් ලෙස නිර්වචනය කරයි. ගැටලුව තිබෙන්නේ එතනයි, කක්කුස්සියේ කිලිටි ගතියේ නොවේ.

      Delete
    2. දයාල් සමග එකඟ වෙමි. සමසමාජයක (ඉගලටේරියන්) ඔය ප්‍රශ්නය නෑ.

      Delete
  3. සුන්දර අනාගතයක් ගැන හිතාගෙන වර්තමානය උකස් කරලා.. ගෙදර එනකොට තිබිච්ච දේවලුත් නැති වෙලා.. ජීවිතේ කියන්නේ සල්ලි විතරක් නෙමෙයි කියල හිතනවනම්...
    සාමාන්‍ය දුප්පත් මිනිස්සු විතරක් නෙමෙයි රටේම මිනිස්සු එහෙම හිතන්න ඕනෙ..

    මේ වේදනාව මං ඉවසන්නම්..

    ජය..

    ReplyDelete
    Replies
    1. බණ්ඩා දයල් බතීට ජය පැතීම ගැන ස්තූති කරමි.

      ඔබ අල්ලා ගත් කෝණය ගැන සුට්ටං කහටක් හිතේ මතුවිය.
      මන්ද කියනවා නම්,
      මුදල් ගැන නොහිතා කොහොමද? අපිට ජීවත් වෙන්න මුදල් ඕනෑමයි
      රටට විදේශ විනිමය උපයන සේවක ශුභ සාධනය ආන්ඩුව විසින් සැලසිය යුතුයි.
      දාර්ශනික අදහසක් ලෙස ඔබගේ සල්ලි න්‍යායට එකඟයි

      Delete
  4. Idea is fantastic. I do not have Sinhala today to express my feelings. See you later

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මං බැලුවේ මේ මොකද දේශකයා කඩ්ඩ වනන්නේ කියල.?
      Thanx any way!

      Delete
    2. ගීතයේ පද ගැන නම් මට සෑහිමකට පත් වෙන්න බෑ අවංකවම. තව හොදට හදන්න පුළුවන් විදිය අනුබූතියක් ඒකේ තියෙනවා. මම කියන්න යන්නේ ඔය විදේශිය රැකියා කරල අවුරුද්දකට ලංකාවට එවන මුදල් වලින් තමා ලංකාවේ ඩොලර් සංචිතය පවා තර ගර ගන්නේ. නමුත් ඇත්තටම එවැනි සම්පත් එවන්නන් කෙරෙහි කිසිම අවධානයක් නෑ. මෙහේ තියෙන්නෙ ඔය විදේශ සේවා නියුක්ති කාර්යංශය කියල එකක්. උං බලන්නේ අහිංසක මිනිහගෙන් රට යන වෙලාවය බියුරෝ ගාන කපා ගන්න විතරයි. ඇමරිකාව වගේ රටක බලන්න. ඔන්න අරුණි සති දෙකකට ලංකාවට ඇවිල්ල ඊට වඩා මෙහේ හිටියොත් එබ්බසි එකට දැනුම් දීල අනිවාර්යෙන් කෝල් එකක් දීල අහනව ප්‍රශ්නක්ද කියල.ඒක තමා රජයේ තියෙන සොයා බැලීම.. ලංකාවේ එකෙක් මැරිල අවුරුදු ගානක් ගියත් අපි හොයනකං උන් නෙමෙයි බලන්නේ.. අජුත ලෝකේ දයල්

      Delete
  5. දේශකයා
    මගේ ගීත රචනය ගැන ඔබගේ අදහස් හිස නමා පිලිගනිමි. ස්තූතියි.
    පසු ගිය දවස් කීපය තුල එය පරිණාමය වෙමින් දැන් තිබෙන තත්වයට ඇවිත් තිබෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම වෙනස් විදියට ලියවෙන්න පුලුවන්.
    ---------------------

    හවුස් මේඩ්ල මේඩ් හවුස්ල පව් කරපු අයනේ, උන් ගැන මොනවට වද වෙනවද?

    ReplyDelete
  6. ලංකාවෙන් ගෘහ සේවිකාවන් නොයැවිය යුතුයි.එහි කිසිම තර්කයක් නැහැ. යැවිය යුත්තේ කුසලතා පූර්ණ සේවකයින් පමණි.
    අපිට බණ්ඩාරණායකලා ඉංග්‍රීසි කෙලෙව්වේ නැත්නම් අපේ රටෙන් අපිටත් හොඳ ගුරුවරු... වගේ කුසලතාවක් සහිත රටරැකියා කරන්නන් යවලා ඩොලර් ගෙන්න ගන්න තිබුනනේ. ඇයි දැන්වත් මේ වගේ දේවල් නොකෙරෙන්නේ? අපේ අහේතුවද?

    ReplyDelete
  7. අනවරත,
    ධනාත්මක විවේචනවලින් පමනයි
    එවැනි දෙයට බලවතුන්ගේ අවධානය යොමු කරවා ගත හැක්කේ

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්