Followers

Friday, November 16, 2012

විමල් ඇමතිතුමාගෙ අප්‍රියම නොම්මරය But the Lucky number

ඔබ කැමතිම නොම්මරය වෙනත් කෙනෙකුගෙ අකමැතිම නොම්මරය වෙන අවස්තා කොතරම්ද.


එස් බී අකමැතිම අංකය 6%
එය නිර්මාල් ඇතුලු මහජනයාගේ කැමති අංකයක්


ජනපති මහින්ද කැමතිම 18ට
එය රනිල්ගෙ අකමැතිම අංකය වෙන්න පුලුවන්.


සමහරක්ගෙ කැමතිම,  සමහරක්ගෙ අකමැතිම නොම්මරය 1956, සිංහල පමණක් රාජ්‍ය භශාව කළ වර්ශය නිසා. (මා අකමැති පමණක් කෑල්ලට.)

මගේ අකමැතිම නොම්මරය 1983, බොහෝ සාධාරණ මිනිසුන් අකමැති නොම්මරයක් !

සමහර විට සෙල් ෆෝන්/මොබයිල් ෆෝන් නොම්මරය අකමැතිම නොම්මරය වෙනව. මොකද කියනව නම් වෙලාවකට හිතෙනව මොන මල කරදරයක්ද කියල.

ආදරය කරන දෙන්නෙකුට ඒක තරම් හෘද්‍යාංගම නොම්මරයක් තවත් නෑ.


රජීව් ගෝල්ෆෙස් එකේදි තුවක්කු පහරින් යාන්තම් බෙරිලා, දේශප්‍රේමීන් පෙලපාලි ගිහිල්ල, ගිණිතියල
ජේ ආර් මහත්තය් රජීව් එක්ක ගිවිසුම් අත්සන් කොරල ගෙනාපු  13 නේ දැන් කාලෙ පැනල.

කාපාලු බඩජහරි දේශපාලකයන්ට අහු උනොත් ඉවරයි. හැම දේටම් අත දාල ඇඟිලි ගහල කන්න තියෙන දේවල් කාලා කක්ක කොරල තමයි යන්නෙ.

13 ටත් උනේ මේකයි.

රටේ ගිනිගෙන තිබෙන ප්‍රශ්නෙකට පිලියම වශයෙන් ගෙනා බලය බෙදීමේ ආකෘතිය උන්දැලාගේ පවුල් වල දේශපාලන මොන්ටිසෝරියක් කරගෙන අවසානයි.

සම්බන්දන් මහත්තයටත් ඒක එපා වෙලා. වෙන කා ගැනවත් කියනු කුමටද?

ඒත් බහු වාර්ගික රටක් වශයෙන් ලංකාවට ඉදිරියට යා හැක්කේ කල් පවත්නා සාමය පවත්වා ගැනීමට හැක්කේ සියලු ජනවර්ගවලට සිය කටයුතු සංස්කෘතික පිලිවෙත් භාශාමය අනන්‍යතාවය ආරක්ශාවන ලෙස කටයුතු කිරීමේ නිදහස ස්ථාපිත කිරීමෙන් පමනක් බව හොඳට දන්නේ විමල් හා චම්පකය. 

ඇයි එහෙනම් මේතරම් බෙරිහන් දෙන්නේ?

 ඒ තත්වය ආ දාට ඒ අයට, ලාභ ඡන්ද ගුණ්ඩු අහිමි වන බැවිනි.

මං නිතරම කියනව වගේ ජනපති තුමා එක් දේශපාලන පාපන්දුවක් දේශපාලන පිටියෙන් අයින් කලා. 
ඒ යුද්ධය. මීලඟට එතුමාගේ ඉලක්කය ආශ්චර්‍ය්. ඒ මගේ වැටී තිබෙන මහ කලු ගල ජනවාර්ගික සාමය.

කලින් කියපු දේශපාලන මොන්ටිසෝරිය ගැන  අවංකවම  කියනවනම් 
 ඔය තත්වෙ හිටිය නම් පෘතග්ජන මාත් කරන්නෙ ඔය ටික.

එතකොට කොහෙද ප්‍රශ්නෙ තිබෙන්නේ

මුලු පරිපාලන, දේශපාලන සංස්කෘතික ක්‍රමයේම;
 එය වෙනස් කිරීමට දැනුවත්ව බලවතුන් කටයුතු කරන බවක් පේනවද.?

සම්බන්ධන් මහත්තය කියන්නෙ සාමාන්‍ය මිනිසුන්ව දුප්පත් කරල, පාන්ගෙඩියෙ, බෝන්චි කරල් කීපයක හිර කරල. ඒ මිනිස්සු කොහොමද මේ රටේ බැරෑරුම් ප්‍රශ්න ගැන හිතන්නෙ.


-----------------------------------
ප. ලි


කෝට්ටෙ ජයවර්ධන පුර රාජගිරිය හරියේ හා කොළඹ කරගෙන යන අලංකාරකිරීමේ වැඩ පිලිවෙල ජනයාගේ චින්තන රටාවේ තිබෙන කසල පිරිසිදු කිරීමට  උදව් වේවිද? (මේ පිලිබඳ වෙනම සටහනක් නුදුරේදීම ලියන්න  බලාපොරොත්තු වෙනව)



30 comments:

  1. කොළඹ ලස්සන කරන්නේ ගෝඨා , පොර භාර ගන්න වැඩේ හරියට කරන්න දන්න දක්ෂයෙක් , රාජ පක්ෂ පවුලෙන් රටට වැඩිම සේවයක් වෙන්නේ ඔහුගෙන් (කරන හැමදේම නිවැරදියි කියල මම කීයටවත් කියන්නේ නෑ ) . නමුත් ඔහු දේශපාලකයෙක් නෙවෙයි ,

    18ට රනිල් අකමැති වුනත් සජිත් කැමතියි , 1983 මමත් අකමැතිම එකක් , 13ට කැමතියි-අකමැතියි බොහෝ දෙනෙක්(දේශපාලකයින්ගෙන් ) . 13 අපිට දීපු කෙනා තවමත් 13 ගැන යන සංවාදේ ගැන නිහඬයි . මම දැක්කා දෙමල සංධානේ පිරිසකට ඒකට තදවෙලා තිබුනා . සම්බන්ධන් කියන්නේ දෙමල සංධානේ ඉන්න පරිනතම , හොඳම මිනිහා . පොර රනිල් එක්ක වැඩ කරන ආකාරයෙන් පෙන්නේ සිංහල දේශපාලකයින් එක්ක එකට වැඩ කරන්න ඔහුගේ අකමැත්තක් නැහැය කියන එක . දෙමල සංධානෙ ඇතුලේ ඉන්න අනික් උන් බහුතරයක් විමල් ලා චම්පිකලා හකීම් ලා ජාතියේ උග්‍ර ජාතිවාදීන් !

    ReplyDelete
    Replies
    1. සියලු දෙනාට වෙනවෙනම පිලිතුරු පැය හතරකින් පමණ ලියනු ලැබේ. කමා කරන්න.

      Delete
    2. ගොටා ගැන ඔබේම මතයේ තමයි බොහෝ දෙනා ඉන්නේ.

      සම්බන්ධන් ජාතික තලයේ නයකත්වයකට උනත් මදි නෑ.
      13 ගැන නිහඬවීම වීම අවස්තාවාදියි

      Delete
  2. මම කැමති මේ අංකයට. 1650763.73

    ReplyDelete
  3. 13 සම්බන්ධයෙන් විමල්ට වුනේ කොටි වලිගය අල්ලගත්තා වගේ වැඩක්.

    13 ගැන කවුරුවත් කතා නොකළ මොහොතක ගෝඨා හදිස්සියේම ඒක අහෝසි කළ යුතුයි කියනකොට; බැසිලුත් ඒගැන ටිකක් සද්ද කරනකොට, විමල් හිතුවා වැඩේ හරි තමයි කියලා. ඒත් දැන් බැසිල්ල ගෝඨලා ඒ ගැන සද්දයක් නෑ.

    විමල් පන්දමක් කියලා හිතාගෙන උස්සගෙන දුවන්නෙ ගෝඨලා බාගෙට බීලා විසිකළ ඒ සිගරට් කොටේ තමයි.

    ReplyDelete
    Replies
    1. පිටපත ලියලා අහවල්ලු නිහඬ වෙනවා. කෙනෙකු පරල වෙනවා

      Delete
  4. මේ අංක ගැන නම් එතරම් දැනීමක් මට නෑ අප්පා.:(

    ReplyDelete
    Replies
    1. ඒ පිලිබඳ බලවත් කනගාටුව

      Delete
  5. 13 ට නම් මමත් එදා ඉඳලම විරුද්ධයි. ජයවර්ධනපුරේ දිවියළෝකේ කොලාට වැඩක් නෑ. මීතොටමුල්ලේ කුණු ගොඩ ගහලා. දැන් අපි ඇතුල්වෙන්නෙ කොළඹට කියන කොටම නහය වහගන්නවා. අළුත් පාලම උඩදි. කසළ ප්‍රතිචක්‍රීකරණය ගැන මෙළෝ ප්ලෑන් එකක් නෑ. දයාල් ලියන්නකෝ බලන්න මමත් ලියන්න ඉන්නේ මෑතකම් සිඳුවීම් කීපයක් පිළිබඳව. මම නම් 13 ට එදා ඉඳලම විරුද්ධයි. බුවත් දන්නවා ඒක.

    ReplyDelete
    Replies
    1. මා 13 ගෙන ආ අරමුණට පක්ශයි.

      කුනු ප්‍රතිචක්‍රීය කරනුයේ දියවන්නා ඔයේ මැද්දෙ තියන ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්තානයේදීය. මීතොටමුල්ලේ ගඳ ගඳක්ද?

      ඔබ ඉස්සර වෙන්න. නගරලංකරණය ගැන ලියන්න මා ඔබ පසු පස එන්නම්.

      Delete
    2. නෑ නෑ මම ලියන්නේ ඒ ගැන නෙමේ.. ඔබේ එක පබ්ලිෂ් කරන්න...

      Delete
  6. අංක ගැන නම් ඔය හැමෝම කියන ඒවා අහලා තියෙනවා මිසක් වෙන දෙයක් දන්නේ නෑ නොවැ.. ඒක නිසා සද්ද වසා යන්නට හැදුවත් මෙන්න මේකට තරු ළකුණක් දුන්නා කියලා මාක් කරගන්න...

    ////මං නිතරම කියනව වගේ ජනපති තුමා එක් දේශපාලන පාපන්දුවක් දේශපාලන පිටියෙන් අයින් කලා.
    ඒ යුද්ධය. මීලඟට එතුමාගේ ඉලක්කය ආශ්චර්‍ය්. ඒ මගේ වැටී තිබෙන මහ කලු ගල ජනවාර්ගික සාමය.////

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ටීචර්.

      Delete
  7. මමත් ඔය අංක ගැන නොදනෙමි.....

    ReplyDelete
    Replies
    1. දැන් දන්නවානේ ටිකක් හරි!

      Delete
  8. ඇමරිකාවේ අය ආසම අංකය 69 කවුද තව 69 ට කැමති ? කෝ මේ මාතලන් ඇහුනද?

    ReplyDelete
    Replies
    1. නිහාල් ගුරුසිංහත් ආසම අංකයකි

      Delete
  9. කොලඹට ඇතුල් වෙනකොටම එන මිහිරි සුවඳ ගැන නම් කියල වැඩක් නැහැ.ඒක අපේ ජාතික අනන්‍යතාවයේ සංකේතයක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර කතාවක් තිබුන දෘශ්‍යාබධිත මගීන් බස්යේ යන විට දෙමටගොඩ වැනි පලාත් අඳුන ගත්තේ එලවලු මස් කඩවලින් එලියට දමන කුනු පල් වීම නිසා එන ගඳින් කියල.

      මිහිරි ජාතික අනන්‍යතාව නිසා දැන් බැලුවහම ඒ මිනිස්සුන්ටත් අසාධාරණයක් වෙලා තිබෙන්නේ.

      දැන් ආශ්චර්‍ය මනින්නේ ඒක් පුද්ගල කුණු ප්‍රමානයෙන්. ඒක සංවර්ධනයේ මිම්මක්ක් වෙන්නැති.හික්ස්

      Delete
  10. මම අකමැති අංකයක් නම් නැත. එහෙත් ඉහත සඳහන් පුද්ගලයන් වර්තමානයේ ක්‍රියා කරන පිළිවෙලට නම් මා අකමැතිය.

    ReplyDelete
    Replies
    1. අප අප්සට් වන ප්‍රමාණයට ඒ අය සතුටුය. දැන් වැඩ වෙන්නේ ඒ විදියටයි

      Delete
  11. වර්ථමාන තත්වය ගැනනම් මගෙත් සතුටක් නැත.

    ReplyDelete
    Replies
    1. අපේ සතුට කාබාසිනියා කිරීම තමයි ඒ අයගේ ව්‍යාපෘතිය

      Delete
  12. අපට රට ගැන සිතා කවදා සතුටක් ලැබිය හැකි වෙද ?

    ReplyDelete
    Replies
    1. Ano
      එකක් තියෙනව මොනම ක්‍රමේකින් හරි යුද්ධෙ ඉවර උනා.
      පාරේ බෝම්බ නෑ. ඊලඟ යුද්ධය තමයි ජීවන වියදම් යුද්ධය, කල් පවත්නා සාමය

      Delete
  13. Meka iskole gihilla neheilu neda

    ReplyDelete
    Replies
    1. ඒක නම් දන්නෙ නෑ.ජීවිතේට සිරී පාදෙ ගිහිල්ල නෑ කියල තියෙනව දැක්ක කොහේ හරි..හොඳ ලේඛකයෙක් කියල අහල තියෙනව!

      Delete
  14. රනිල් මහත්තයටයි ෆොන්සේකා මහත්තයටයි නැද්ද අකමැති අංක හැබෑටම ?

    ReplyDelete
  15. රනිල් මහත්තයගේ කැමතිම නොම්මරේ
    විපක්ශ නායක මැදුරේ තැපැල් අංකය

    ෆොන්සේකා මහත්තයගෙ අකමැතිම නොම්මර දෙකක් තියෙනව මේ දිනවල. ටිරාන්ගෙ හා අර්ජුනගෙ සෙල් ෆෝන් නොම්මර
    කැමතිම නොම්මරේ වෙන්න පුලුවන් ගියවර ජනපති මැතිවරණයේදී ලැබූ ඡන්ද සංඛ්‍යාව

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්