Followers

Thursday, November 15, 2012

පෙම්වතුනට පෙම්වතියනට බිරිඳට ස්වාමියාට අම්මට තාත්තට සූර්‍ය්ග්‍රහණ කවිය- The Poem that Solar Eclipse sings



චූටි සුමුදු සඳ, ළඟ
මහ විසාල බලගතු ඉර, ඈත
මූණට මූණ
හරි කෙලින්.......

ඉරේ රැස් මුවා විය
දහවල රැයක් විය
කුරුලනට රැයක්
දාහයට විරාමයක්

ඔබේ පෙම්වතා
ඔබේ පෙම්වතිය
ඔබේ දරුවා
සොයුර සොයුරිය
ළඟින්ම ඉන්න
හදවත ලඟින්ම ඉන්න
කොපමන බලපෑම්
ආවත් එපිටින්
මුවා වෙන්න
මුවා කරන්න

සුමුදු සඳක් වෙන්න
හදවත ලඟින්ම
ඉර කෙලින්
මූණට මූණ


ආදරය දිනන මඟ
පෙන්වයි සුමුදු සඳ
නොදෙයි ඉඩ 
ගිණි කන වැටෙනට

26 comments:

  1. හ්ම්ම්ම්ම්.
    චූටි සුමුදු සඳ
    මුවා කරත් ඉර..
    නැතිදා ඒ ඉර
    වැඩක් නැතිය සඳ

    ReplyDelete
    Replies
    1. සඳ නැතිනම්
      පෙම්වතුන්ට කොයින්ද
      පෙම් කරන්න එලියක්

      හඳ නැතිනම්
      කොයින්ද කවියන්ට
      කවි ලියන්න කවි හිතක්

      Delete
  2. හරිම සිනිදුයි මේ ක්‍රීම් එක! හැක්..

    ReplyDelete
    Replies
    1. බටර් වැනිදෙයක් වැඩියෙන් මුසු වෙලා වගේද?

      Delete
  3. ලස්සනයි අළුත් සිතිවිල්ලක්. ඒත් හඳට ඕක හැම තිස්සෙම කරන්න බෑනේ. එහෙම කලොත් දහවලේ ලස්සනත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම්
      ඉරට ඔනෑ විදියට බැල්ම දාන්න ඉඩ දුන්නොත්
      ඉරට තියෙන්නෙ BMW, ඔබට තිබෙන්නෙ මරුටි,
      එයා ලොක්කෙක් ඔබ සොක්කෙක්
      etc
      etc??

      Delete
  4. ශා ශා...හරිම ලස්සනයි.. :)

    //ආදරය දිනන මඟ
    පෙන්වයි සුමුදු සඳ
    නොදෙයි ඉඩ
    ගිණි කන වැටෙනට//

    ReplyDelete
    Replies
    1. හඳ මෝරනකොට අපිටත් කවි සිතුවිලි එනව,
      හ්ම් හ්ම් කවි කිව්වට කවිම නොවේ!

      Delete
  5. ලස්සනයි මම බොහොම මනාපයි මේ හෑල්ලට.

    ReplyDelete
    Replies
    1. හෑල්ලට?
      දැනුයි නියම විවේචනය ආවේ

      Delete
    2. මළා වරදවාවත් තේරුම ගත්තද මන්ද?
      මබ දන්නවනේ ලංකාවේ ලියන දිග පැලලි කවි වලට කියනවනේ සැහැල්ල කියලා. පුරාණයේ එහෙම කවි තිබිලා තියනවා. මම ඒ අරුතිනුයි හෑල්ල කිව්වේ. බතී මගේ මිත්‍රයනේ තරහා වුනත් ඉක්මනට ආයිත් මිත්‍ර වෙන බව දන්නවා.

      Delete
    3. කීයටවත් තරහ වෙන්නේ නැත.

      ඔබගේ හෑල්ල මෙන්න මේ වගේද
      තමුසෙ කියල කෙනෙක් තරහ උනහම
      තමුසෙ කියන්නෙ තමුන්නාන්සෙ යන්නට කෙටි නමක් කියල, කියනව වගේද?
      හික්ස්.

      Delete
  6. සරලව කියලා තියෙන්නේ තේරේන්නම
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. කෙලින්ම කිව්ව හාට් එකට වදින්න
      එහාට වැදුනද අනේ දන්නේ නෑ

      Delete
  7. ලස්සන සිතුවිල්ලක්...

    ReplyDelete
    Replies
    1. ලස්සන හිත් තව
      ටිකක් ලස්සන වෙන්න

      Delete
  8. Replies
    1. සොරි වෙන්න ඕනෙ
      සූය ග්‍රහණය බැලුවද
      දැක්කද
      දැනුනද?

      Delete
    2. සූර්යග්‍රහණය ???

      මේ....... ප්‍රොෆයිල් ෆොටෝ එක පේන්නැත්තෙ මොකෝ ?

      Delete
    3. සෙන්, මෙන්න මේකයි මට කෙටියෙන් කියන්න ඕන උනේ.
      පොඩි දාර්ශනික කෑල්ලකුත් එක්ක, භෞතික විද්‍යාව ඕනෙම නෑ මේ සංසිද්ධිය විස්තර කරන්න. සාමාන්‍ය දැනුම ඇති.

      දැන් බලන්න ඉර කොච්චර බලගතුද
      ප්‍රමානයෙන් 400 ගුනයක් වැඩියි
      ශක්තියෙන් ගත්තම හඳත් දුවන්න සූර්‍‍ය ශක්තියෙන් නොවැ!

      නමුත්
      ශක්තියෙන් අඩු
      ප්‍රමානයෙන් කුඩා
      හඳට වුවත් ඉර මුවා කරන්න පුලුවන් වස්තුවට Object ලං වෙන තරමට, එඩිතර වන තරමට,
      ඔබ ආදරේ කරන වස්තුවට හරි කෙලින් සෘජුව කිට්ටුවෙන් ඉන්න
      ඕන ජගතෙක් පල්ලම් බහිනව
      ඕනෑම බලපෑමකින් මුදවගන්න පුලුවන්

      (පින්තූරෙ පෙනෙන්නේ නැත්තේ ඇයිද කියලා නම් නොදනිමි)

      Delete
    4. බතීගේ ප්‍රොෆයිල් පින්තූරෙ මට පෙන්නෙත් නැත....

      Delete
    5. උඹ හරි දාර්ශනිකයෙක්නෙ....

      තවත් කවුදෝ මංදා මට "සෙන්" කියලා ඇමතුවා.. මට දැන් මතක නෑ ඒ කවුද කියලා...

      Delete
    6. සෙන් කියල ලියවෙන්න ඇත්තේ ජපන් සෙන් නිසා වෙන්න ඇති.
      හිත ටිකක් එකල මෙකල උනා නම් සමා දෙන්න.
      දර්සනයක් නං ටිකක් ඒකෙ තියෙනවා වගේ. මහිතන්නෙ සෙන් දර්සනය.. හික්ස්

      Delete
  9. මං අහිංසකයි අනේ......

    ReplyDelete
    Replies
    1. හිරු
      ඔබ හරි හොඳයි

      රෑට
      නිදාගත්තාම
      අහිංසකයි
      දවාලට
      හරි
      නපුරි

      Delete
    2. දවල්ට මං කම්මැලියා..
      රෑට තමයි වැඩිපුර දඟ....
      මොකද දන්නවද...
      අපේ මහත්තයා මං ළඟ නේ...

      හි හි...

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්