Followers

Saturday, November 24, 2012

හුහ්, අපි නොදන්න රසායන විද්‍යාව-Warning that Elementary table sending?


File:Periodic table.svgඅද ඉරිදා, කන්තෝරුව, වැඩපල, ව්‍යාපාර, කුඹුර, ඔක්කොම අමතක කරල ගෙදර වැඩක් පලක් කරගෙන දරුමල්ලො එක්ක සතුටුවෙන දවසනේ ඉරිදා කියන්නෙ.

ඔබේ ඉරිදා දවස ලස්සන කරන්න ඔබේ පරිගණකයට වයර් දිගේ මා පාකර එවන්නේ ටිකක් වෙනස් කතාවක්. මේ කතාව තේරුම් ගන්න රසායන විද්‍යාව ලොකුවට දැන ගන්න අවශ්‍ය නෑ.

අපි බොහෝ දෙනා වයසට යනව කියන එක මතක් කරන්නවත් කැමති නෑනේ. ඒ උනත් නවත්තන්නත් බෑ. ඒ  ගැන හිත හිත ලතවෙන්නත් ඕන නෑ!

වයසට යන එක අපිට දැනෙන්නෙ කොහොමද?

බාහිරින් පෙනෙන දේ තමයි
හිස කෙස් දුර්වර්ණ වෙනව
වයස රේඛා මතුවෙනව
ලෙඩ දුක්

තව දේ තමයි
ළමයි ලොකු වෙනව
බල්ල පූස වැඩියෙන් ලෙඩ දෙන්න ගන්නව
පොල් ගස්වල පලදාව අඩුවෙලා
මතක අඩුවෙලා
තොටියෙකුට ඉස්සර වගේ හබල් ගාන්න් බෑ.

පන්සල් පල්ලි කෝවිල් වැඩියෙන් යන්න හිතෙනව

ඒ දවස්වල බස් ගාස්තුව සත 5යි දැන් රුපියල් විස්සයි

වෙනද වගේ නිතර නිතර මල් පොහොට්ටු පූදන්න බෑ
පීදෙන්නෙ නෑ,
(මේ හරුපෙ  හොඳට තේරෙන්නෙ හිරු, ලිහිනි, ලට)

නිහාල් නෙල්සනුත් කියනව නූතන පරපුර පිරිහිලා
මේ අය ගයන්නෙ මොනවද කියල එයාටත් තෙරුම් ගන්න බෑ කියල.

අපේ සමහර ගරුතර හාමුදුරුවරුත් ප්‍රසිද්ධියේම රේඩියෝවෙන් හා රූපවාහිනි වැඩසටහන් වලින් ගීත ඉල්ලනව.

ගම් පලාත්වල ඉස්කෝලවල කෙල්ලොත් දැන් මත් පැන් බොන්න පටන් අරගෙන.

මේ වගේ කාරණා රාසියක් කියන්න පුලුවන්.

මාව ශොක්shock උනේ මේ එකක් වත් නිසා නොවේ. ඉහත ඇති ආවර්තිතාවගුව දිහා මා බැලුවේ අවුරුදු ගනනාවකට පසුවයි. අපි ඉගෙන ගන්න කාලෙ තිබුනේ මූලද්‍රව්‍ය 105ක් පමණයි.

37 comments:

  1. අගහරියේ මූලද්‍රව්‍ය විකිරණශීලීයි, අස්ථායි.
    අපි ඉගෙනගන්නා කාලයේ Unp කියල අලුත් මූලද්‍රව්‍යයක් හොයාගත්තා.ඒක මෙතන නෑනේ!

    ReplyDelete
    Replies
    1. අපෝ UNP එක හොයාගන්නකොටත් ඉස්කෝලෙ යනව කියන්නෙ සෑහෙන වයසක පොරක්නෙ ජය ශ්‍රී :D

      Delete
    2. jayashree, Db කියන්නේ එහි මුල් නමයි 105 ස්ථානයේ.

      Delete
    3. සමී ඉල්ලන් කනව කියන්නේ මේකද?

      Delete
    4. ඇත්තටම Unp හොයාගෙන ගොඩක් කල්ද? සමහරවිට මට වැරදීමක් වුණාවෙන්න ඇති. :D

      Delete
    5. ඒක තමයි මාත් බැලුවේ මේ ඊයෙ පෙරේදනේ ජයශ්‍රී ළමයගෙ උගුරු ගැටේ කැඩුනේ

      Delete
  2. බතීවත් බලන්න ආව ඕං :)

    ReplyDelete
    Replies
    1. දෑතම ඔතා පිලිගම්.
      සීගිරිය මතින් බලම්
      පේන තෙක් මානේ......හ්ම්
      හැම දේකම වෙනත් මානයක් පිරික්සම්

      Delete
  3. ඇත්තමයි, මටත් හිතෙන්නේ අපි වයසට ගිහිල්ලා. අමුම අමු රතු පාටින් තිබුනු මගේ මොලේ දැන් ටික ටික රෝසපාට වෙලා, නිල් පාටට හැරීගෙන ගිහින් දැන් කොලපාට පෙනි පෙනී අවර්ණ වේගන එනවා. අනේ මන්ද මේක කොහෙන් නවතීද කියලා. අපි ඉගෙන ගන්න කාලේ මූල ද්‍රව්‍ය 107 ඒත් මේ බොහෝ මූල ද්‍රව්‍යවල ගුණ පිළිබඳ සැක කළා දැන් ඒවා හඳුනාගෙන.

    ReplyDelete
  4. හරියට මට කිව්ව වගේ
    මං දන්නව ඒක මටත් ඔබටත් පොදු දෙයක් නිසයි එහෙම හැඟෙන්නේ
    ඒත් විශ්ව සාධාරණ දෙයක්ද?

    ReplyDelete
  5. මටනම් තේරෙන්නේම නැති කේස් එකක් තමයි. හැබයි ඉතින් ළෝකේ දියුණුවෙනවා කියන්නේ මේක තමයි. ඔය හැම දේම බුදු හාමුදුරුවන්ගේ ධර්මෙ තියෙනවයි කියන අපේ අය ඔතනින් කීයක් හොයාගෙන තියෙනවද....?

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ නාථ දෙයියො ආසනික් හොයා ගත්තෙ ?
      ඒකම මදිද ?

      Delete
    2. Maathalan, ඔබද දන්නා පරිදි බුදුහාමුදුරුවො විසින් නම් ඇත්තමට සොයා ගත්තා මේ මූලද්‍රව්‍යවල එනම් පදාර්ථයේ යථා ස්වභාවය එනම් අනිශ්චිත බව, වෙනස්වන සුලුබව.

      ඒකයි එතුමා එතැනින් ඊලඟ අවදියට ගියේ එනම් චිත්ත විභාගයට. නවීන මානසික විද්‍යාවටත් නොහැකි අන්දමට චිත්ත චෛතසිකයන් පරමානු වලට කැඩුවේ එතුමන් විසින්.

      Alchemist,ස්තූතියි, හොඳ උත්තරේට!

      Delete
  6. ඒ කියන්නේ තාම මීටරේ වැඩ අනික්වා කරගන්න බැරි උනාට ?

    ReplyDelete
    Replies
    1. අන්න තේරුන් ගියා ගොනාට වගේ!

      Delete
  7. කාලයක ගත වෙනවාට දි ඇති උදාහරණ ටික නම් මගේ සිත් ගත්තා... අපූරුයි... ඊයෙ පෙරේදා ඉස්කෝල පිට්ටනියෙ අපිත් එක්ක ක්‍රිකට් ගහපු කොල්ලො දැන් අත් දෙකෙන්ම ළමයි වඩාගෙන යන්නෙත් කාලය ගතවීම නිසාම තමා...

    ReplyDelete
  8. හැමදාමත් වගේ මෙදාත් කරකවලා ඇතැරියා වගේ.

    ReplyDelete
    Replies
    1. වැරි සොරි, කෙටියෙන් කෙලින්ම කියනව නම් ආවර්තිතා වගුව කියන්නේ මූලද්‍රව්‍ය ලැයිස්තුවනේ, අපි ඉගෙන ගන්න කාලෙ තිබුනෙ 105යි. කාලෙ කොපමණ ගතවෙලාද කියනව නම් දැන් වෙනකොට අලුතින් මූලද්‍රව්‍ය 12ක් සොයගෙන තිබෙනවා.

      Delete
  9. ඔ්ක 120 පන්නන්නැති බව දැනගන්න ලැබී තිබේ! :)

    ReplyDelete
  10. අපෝ.... ඉස්සර ඕක මතක තියා ගන්න කාපු කට්ටක්.... අර කවිය නිසා ටිකක් ශේප්.... මොනා වුනත් මම ආසම නැති විෂයක් chemistry කියන්නේ....

    කාලය ගත වෙන්නේ නම් ඇහි පිල්ලමක් ගහන පමාවට කියලයි මට හිතෙන්නේ......

    ReplyDelete
    Replies
    1. කාලෙ ගැන නම් කියල වැඩක් නෑ.

      Delete
  11. ඕක එදත්, අදත් මට මඥ්ඥන්... ඒ කාලෙ කීයක් තිබුනද කියලවත් මතක නෑ.. ආ මතක නෑ නේද ? ඒ කියන්නෙ මාත් නාකි වෙලා..... :-)

    ReplyDelete
    Replies
    1. නාකිවෙලාම කියන්න බෑ. අකමැති දේවල් මතක නැතිවෙලා යනවනේ ඉක්මනට!

      Delete
  12. මේ මොකක්ද? කොඩි විනයක්ද?? ;-)

    ReplyDelete
    Replies
    1. වැරි සොරි, කෙටියෙන් කෙලින්ම කියනව නම් ආවර්තිතා වගුව කියන්නේ මූලද්‍රව්‍ය ලැයිස්තුවනේ, අපි ඉගෙන ගන්න කාලෙ තිබුනෙ 105යි. කාලෙ කොපමණ ගතවෙලාද කියනව නම් දැන් වෙනකොට අලුතින් මූලද්‍රව්‍ය 12ක් සොයගෙන තිබෙනවා.

      Delete
  13. කාලය යනව කියල තේරෙන ගොඩක් දේවල් තියෙනවා.එයින් ප්‍රදාන එකක් තමයි මගෙන් ඉගෙන ගත්තු ගෝලයො එයාලගෙ දරුවන්ව පාසලට බාරදෙන්න එන එක.හැබැයි එයාල කියනව මිස් තවම වෙනස් වෙලා නැ කියල.ඒක බොරු වුනත් මට හරි සතු‍ටුයි එතකොට.

    ReplyDelete
    Replies
    1. ඒ දරුවන්ගෙ දරුවොත් ඔබ දකීවි නේද?

      Delete
  14. මම තුමා කරපු කාලේ මුලදුව්‍ය 210 ක් තිබුනා. දැං මොකෝ අඩු වෙලා... එ කියන්නේ බොලා වයසට යනකොට මං තරුණ වෙනවා.. හැක්...

    ඒ කිව්වේ මං ගාව ආවර්තිතා වගු දෙකක් තිබුනා.. (??????????)

    ReplyDelete
  15. 105 x 2 = 210,
    මේක බොරු ගනන් පෙන්වන වැඩක් නොවේ
    ආදායම් බදුවලින් බෙරෙන්න බිල් පොත් දෙකක් තියෙනව වගේ එකක්ද නොවේ!

    ReplyDelete
  16. කාලයත් එක්කම හැමදේම වෙනස් වෙනවා. ඒ අතරින් නොවෙනස් වන එකම දේ මේ මුලද්‍රව්‍ය පමණක්ද? මට හිතෙන්නේ ඒවත් කාලයත් එක්කම වෙනස් වෙනවා.

    ReplyDelete
  17. ඔබ කියන කාරණාව ගැන සංකල්පයක් විදියට මා එකඟයි. (ඔබත් දන්නව මේ කාර්නය ගැන.)
    හැම මූලද්‍රව්‍යක්ම අන් මූලද්‍රව්‍ය හා සංයෝග හා මිශ්‍රණ ලෙස පවතින බැවිනි. ලෝකයේ කොහේ හරි විශ්වයේ කොහේ හරි සිදුවන දේ හැම මොහොතකම බලපානවා හැම පදාර්තයටම. සුලු වෙනස් වීම ලොකු වෙනස් වීම බවට පත්වෙනවා. වෙනස් වීමේ ප්‍රමානය එහි ගුනයේ වෙනස්කම් ඇති කරනවා. එවිටයි අපිට පෙනෙන්න පටන්ගන්නේ.

    මේ ධර්මයෙන් ගැලවීමට මේ ඉර හඳ යට තිබෙන කිසිම දෙයකට බෑ නේද?

    ReplyDelete
  18. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විහිද යන ඉතා ප්‍රයෝජනවත් සටහන් ගොනුවක් ඔබේ උත්සාහය තුළින් දකින්නෙමි. ඔබට තුති

    ReplyDelete
  19. බය වෙන්ට දෙයක් නෑ 120 පන්නන්නෙ නෑලු...

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්