Followers

Thursday, November 22, 2012

ස්ත්‍රියගේ X ඇයගේ ලස්සන සිරුර පුරාම විසිරිලලු තිබෙන්නේ. Happily married yet, unsatisfied?


තවත් සති අන්තයත් ඇවිල්ල.
ලියන්න මොනවත් නැති උනාම එකම සරම හෝදල වේලෙන්න දාල හෙලුවැල්ල පත්තර කොලේකින් වහගෙන සරම වේලනකම් බලාගෙන ඉන්න කතන්දරගෙ ගමේ මනුස්සයව මතක් වෙනව. ඒ අල්ල පනල්ල අස්සෙ මෙන්න මේ අයිඩියා එක ආවා.

දේශකයාගේ වැඩිහිටියන්ට පමණයි කතන්දරේට මා විසින් ලියන ලද කොමෙන්ට් එකක් ටිකක් එහාට මෙහාට කොරල,
 සුදූනංගිලට, සුදූ අක්කලට, චූටිලට,  සූකිරි කැටවලට, රත්තරන්ල ටිකට, මැණිකලට, කිරි පූසියන්ට, සුදූලට, රෝස මලවලට, ඇපල් මල් වලට, සඳවතීලට, සුන්දරීලට, මගේ උම්මාලාට, මගේ පනවලට,......

 හිත සුව පිණිසද,

මගේ හිට්ස් ගාණ 50000 පන්නගන්න,
සාමාජිකයන් ගාණ රොකට් එක වගේ සුරුස් ගාල ඉහල යන්න කියල ප්‍රාර්තනා කොරගෙන මා මේ කවි පද ටික ගලපල ගත්තෙ.

පසුබිම මෙන්න මේකයි.
පිරිමියගෙ X ඔක්කොම එක තැනක රොක් වෙලා තිබෙන කොට ස්ත්‍රියගේ X ඇයගේ ලස්සන සිරුර පුරාම විසිරිල තිබෙන්නේ.

අවුරුදු බර ගානකට පෙර ආපු අදහසක්, හැබැයි ගලපල ගත්තෙ ඊයෙ පෙරේද! (දේශකයාට වැඩි වැඩියෙන් උම්මා ලැබේවා)

ඉහේ මල් 


සිරුර පුරා විහිදුනු
මල් පොහොට්ටු
ඇති බව කියයි 
දේශකයා

මොකද කලබලේ
පුබුදන්න හැම පොහොට්ටුවම
ඉවසීමෙන්
ඉවසීමෙන්
ඉවසීමෙන්
ඉවසීමෙන්
ඉහේ මල් පිපෙන්න

නීතියෙන් අවසර ඇති පුරුශ රත්නයන් මේ සති අන්තයේ තම ආදරනීය කුල කාන්තාවගේ මල් පොහොට්ටු ගැන ඉවසීමෙන් සිතා බලත්වා!
Happy Wife -happy life, 
No Wife- No Life!




38 comments:

  1. හපොයි මේකා... හි හි

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත නේද, ඒකනේ ඔය නොකිය කියන්නෙ?

      Delete
  2. ඔන්න දවසකටවත් මිනිහ.. මල් පොහොට්ටු වලට ඕන කෙං ගෙඩියක්. හැබැයි ගුබ්බි ටික කඩන්නෑ හරිය.. මං එදාම කිව්වනේ පට්ට කවියක් කියල..

    ReplyDelete
    Replies
    1. ඔබගෙන් ලද විවරණය
      වේලි වේලි සිටි මට අභරණය

      Delete
  3. ඕක මං ලිව්වනං ලියවෙන්නෙ මෙහෙමයි.

    සිරුර පුරා විහිදුනු
    මල් පොහොට්ටු
    ඇති බව කියයි
    දේශකයා

    මොකද කලබලේ
    පුබුදන්න හැම පොහොට්ටුවම
    ඉවසීමෙන්
    ඉවසීමෙන්
    ඉවසීමෙන්
    ඉවසීමෙන්
    නැතිවනතුරු ඇගෙ
    ඉවසීම!


    අද කයි දවසක් වගේ. මාත් ලිව්ව.

    ReplyDelete
    Replies
    1. නැතිවනතුරු ඇගෙ
      ඉවසීම!
      ඒ පූට්ටු කරපු කෑල්ල නම් ඉතින් මරු කියල තමයි ආදි කාලෙ භාශාවෙන් කියන්න තිබෙන්නේ!

      Delete
  4. මල් පොහොට්ටු තැලෙයි වගේ අද සෑට.....

    ඔබේ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා...බ්ලොගේ හැමදේම සුරුස් ගා උඩ යත්වා...

    ReplyDelete
    Replies
    1. මල් කැකුලු පුබුදන්න
      මිස තලන්න නම් හොඳ නෑ ගොයියෝ!

      ස්තුතියි ඔබගේ පැතුමට.

      Delete
  5. ඇත්තෙන්ම කාන්තාව යනු පුරුෂයාට ඇති හොදම වාජීකරණයයි. මෙය තේරුම් ගන්නා කාන්තාව වාසනාවන්තියකි. ඇයට 64 මායම් දී තිබෙන්නේ මේ වැඩේටමයි. නමුත් අපි තාමත් අදුරේ. ඉන්නකො මගේ ලිපියත් මඟ එනවා. එක පාරටම ලියන්න අමාරුයි. හොදට රෙෆරන්ස් එක්කම ලියන්න ඕනෙ.

    ReplyDelete
    Replies

    1. අපි ඒ වාජීකරණ ලිපිය එනකම් මඟ බලා සිටිමු

      Delete
  6. ඇග පුරාම කිව්වේ මට තේරුනේ නැහැ ..

    ReplyDelete
    Replies
    1. අවංකව කියනව නම් ඉතින් දේශකගෙන් තමයි අහන්න ඕනේ!

      Delete
  7. සදා කල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
    උදුම්බර මලක් තියේ ආදරයයි කියනා
    රෑ තුන් යම සුවද විදා උදෑසනින් මැකෙනා
    කාට හිමි උනත් සාදු මල් පිපියන් සැමදා ..

    ReplyDelete
    Replies
    1. ආදරය
      සිහිනයකි
      සිහිනෙන් ගෑ සුවඳක් සේය
      ඔබත් එය විඳලම බලමු නේද?

      Delete
    2. ඇඳට පැන නින්දට වැටීමි
      සිහිනද දුටීමි
      අඳ සාවිය ළඟ කටු ගා
      එන්නට වීමි ...

      Delete
    3. සාවිය අඳ නිසා හොඳා
      උඹව ඒ සාවියකටවත් ගනීද වැද්දා

      Delete
    4. හම්මෝ ඉන්නා බුම්මා
      දීගේ වෙයි සුම්මා

      Delete
  8. no wife-happy life
    happy wife-where our life

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත, ඒත්... ඇත්ත කොහොමද කියන්නෙ මේ ලෝකෙ?

      No Woman No Cry
      - Bob Marley

      Delete
  9. ඕන් කිව්වා.... පිරිමින්ගෙත් තියෙනවා..... මමත් දැන ගත්තේ.. චීන මසාජ් එකකට් ගිහින්.... ඕන් අපේ දැණුම.....

    ReplyDelete
    Replies
    1. අත් දැකීමෙන් ලද දැනුම ප්‍රතික්ශේප කිරීමට බැරි මැලි කමක් තිබුනත් දේශකයාට අනුව ඕශො එහෙම කියා නැති නිසා ඔබ කියන දෙය වලංගු නැත.

      චීන්නු ගැන අපිට කියන්න එපා. උන් ඩයමන්ඩ් ගිල්ලම තිරිවාන ගල් බවට පත්වෙලා තමයි අදෝ මාර්ගයෙන් එන්නේ. //පිරිමින්ගෙත් තියෙනවා//උන්ගේ උප්පර වැට්ටියක්ද නොදනිමි

      Delete
    2. ඕශෝගෙත් ඔක්කෝම ඇත්ත නෙමේ. ගෞතම බුදුන්ගේ ඒවා තියෙනවා සෑහෙන්න...

      Delete
    3. සහතික ඇත්ත. ඒ පොතක එක තැනක තිබුනා.බුදුන් වහන්සේ ඉන්නේ ලබාගත්ත උපරිම සතුට විඳිමින් කියලා.වෙන වචන වලින් කියල තිබ්බේ..ඒක නිකම් මෙතන කීවොත් හරි නැහැ වගේ...

      Delete
    4. ඔය කතාව හරි. තමන්ගේ දේශනාව එක් එක් අවස්ථා වල විවිධ ලෙස පවසන අවස්ථා තියෙනවා. ඕෂෝ බොහෝ විට කියන්නේ පිරිමියා දෘඩ වෙන්න ඕන කියල, ඒත් සමහර තැනක කියනවා පිරිමියා ගැහැණිය වගේ සියුමැලි වෙන්නත් ඕන වගේ පරස්පර ප්‍රකාශ.. බුදුන් ගැන කියපු එකනං මමත් කියවල තියෙනවා සොදුරු සිත...

      Delete
  10. ඇඳට පැන නින්දට වැටීමි
    සිහිනද දුටීමි
    අඳ සාවිය ළඟ කටු ගා
    එන්නට වීමි ...

    ReplyDelete
    Replies
    1. අනෙක් ප්‍රශ්නය
      නුඹේ කන් ඇහෙන එකය

      Delete
  11. ඇඟ පුරා මල් තිබ්බත් ,
    හිත තියෙන තැන තමයි
    ආදරය උතුරන්නේ........

    ගස අයිති කරු කවුරු වුනත්
    මල් පිපෙන්න නම්
    හිතේ අයිතිකාරය එන්නම ඕනිලු ඕං ං ං ං

    ReplyDelete
    Replies
    1. අනේ!
      කවුද ඔය අපරාදෙ කලේ


      ඔබේ කතාව ඇත්ත උනත්
      හිත හදා ගන්න සුදු නෝනේ,
      නැත්නම් අවුලක් නේ!

      Delete
  12. සාවිය අඳ නිසා හොඳා
    උඹව ඒ සාවියකටවත් ගනීද වැද්දා

    >>>>
    මොනවා ? ගනීද වැද්දා ?
    මෙහෙ එනවා කීවොත්
    මේ සුද්දා
    යනවා හිත නොරිද්දා.

    ReplyDelete
  13. ඇත්තක් ඇත්තක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  14. හපොයි... ලැජ්ජත් හිතුනා..හි හි හී

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න, තුන් හිතකවත් එහෙම උවමනාවක් නැත.

      Delete
  15. මට ටිකක් ටියුබ් ලයිට් වුණාද මන්දා.. කියපු කතාවට. කොහොම වුණත් ස්ත්‍රී සිරුර ලස්සනයි.

    ReplyDelete
  16. දයානන්ද, දේශකයාගේ අදාල පොස්ටුව කියෙව්වොත් පසුබිම වඩා පහසුවෙන් තේරුම් යයි!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්