Followers

Wednesday, December 12, 2012




'ස' ඔබ දන්නව, ඒ විකටර් ගෙ 'ස ', කොල්ලො අරියධම්මගෙ 'බ' කිව්ව කාලයක් තිබුන. ඒ කොල්ලො දැන් වයසට ගිහිල්ල.  'බ' කිව්වෙ පානදුරේ, ඒ කියන්නෙ මිගෙට්ටුවත්තේ ගුණානන්ද, පානදුරා වාදය, රන්කොත් වෙහෙර, දියෙස්ල, කොස් මාමල බිහිකරපු පානදුරේ,  අරියධම්ම හාමුදුරුවන්ගේ බණ වලට. අරියධම්ම, සෝම හාමුදුරුවන්ගේ ඔරිජිනල් එක කීවොත් වරදක් නෑ. අරියධම්ම හාමුදුරුවො ප්‍රසිද්ධ උනේ බෝධි පූජා කවි වලට, ඒ වගේමයි මව් ගුණ.. අහන් ඉන්නකොට ඇඬෙනව,
උපාසකම්මල දාස් ගණනින් බස් අරගෙන යන යන තැන ගියා, අවාසනාවකට ලංකාවේ ජනප්‍රිය පුද්ගලයින්ට අත්වන ඉරණම අරියධම්ම හාමුදුරුවන්ටත් අයිති උනා.

අකල් මරණය...


'ම' වලට කැමති ඔබගේත් මගේත් වීරයන්ගෙ නම් පටන් ගන්නෙ 'ම' වලින් නිසා.
මැන්ඩෙලා, මුරලි, මහේල, මාලිංග, මැතිව්,....ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඔස්ට්‍රේලියාවේ, ඔවුන් මේ වසරේද ක්‍රිකට් ක්‍රීඩාවේ නව වාර්තා තබනු ඇත.

මැන්ඩෙලාට වයස අවුරුදු 94යි. ඔහුගේ ශ්‍රේෂ්ඨ ආත්මය සෞඛ්‍ය පිරිහෙමින්, මතක පිරිහෙමින් සොබා දහමට අනුව වියැකී යමින් තිබෙනවා. ම යන්නෙන් නම පටන් ගන්න ඔබේත් මගේත් ජීවිතවල චූටි හෝ කොටසක් අයිති මැන්ඩෙලා කායිකව පිරිහී යමින් සිටින අවධියක ලොව එලිය කරන්නට දෙව්ලොවින් ආ පුන්චි තාරකාවියක් ඈතින් දිස්වේ. ඒ තාරකාවිය මං කලින් ලීව සූර්‍යග්‍රහණ කවිය වගේ. සිය මතය වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් අභීතව පෙනී සිටිය.


ඇයගේ නමත් පටන්ගන්නේ 'ම'යන්නෙන්. පාසල් ගොස් එමින් සිටියදී  තලේබාන් අසික්කිත කාලකන්නි මිනිමරුවන් විසින් තැබූ කෲර වෙඩි පහරින් ඔලුව කුඩු පට්ටම් වී ගියත් ,..
ලෙඩ ඇඳේ ඉඳගෙන් ඇය අපට ලියනව මෙහෙම

''මටත්, මා පෙනී සිටින උත්තරීතර අධ්යාපනය වෙනුවෙනුත් සහයෝගය දීම පිලිබඳව මාගේ දේශයටත් මුලු ලෝකයේම ජනතාවටත් ප්‍රණාමය පුදකරමි.
එමෙන්ම දිනෙන් දින මගේ සෞඛ්‍ය තත්වය දියුණු කරන  බර්මින්හැම් හි කුයීන් එලිසබත් රෝහලේ දොස්තරවරුන්ටත් හෙදහෙදියනටත් ස්තූතිය පුද කරමි.
පාකිස්ථානයේ ජනතාවත් මුලු ලෝකයේ ජනතාවත් එක්වී දෙවියනට යඥා කලා. දෙවියන් මට ජීවිතය දෙවැනි වරටත් ප්‍රධානය කලා.

මගේ හීනය මුලු ලෝකයේ සියලුම දරුවන් විශේශයෙන් ගැහැනු දරුවන් ඉගෙනීමට පාසල් යාම දැකීමයි. මගෙ හීනය අන් මත ඉවසන, අන් මත දරන අයට ඉඩක් තිබෙන සාමකාමී මනුශ්‍යයන්ගෙන් පිරි ලෝකයක් දැකීමයි. සියලුම පුරුශයන්ටත් සියලුම ස්ත්‍රීනටත් සමානත්වයෙන් සලකන  හා සාධාරණත්වය ඉටුවන සමාජයක් දැකීමයි.

මා මගේ සිහින විජිතයට පා නගමින් සිටිමි. කම් නෑ මා වැටුනත්, නැවත නැගිට වඩා අධිෂ්ටානශීලීව සටන් කරමි.


“I am thankful to my nation in Pakistan and the whole world for supporting me and the grand cause of education that I stand for.
“I am thankful also to all the nurses and doctors at the Queen Elizabeth Hospital Birmingham for their outstanding care that helps me get better day by day.
“People from Pakistan and all over the world prayed to God for my life and God gifted me a second life.
“My dream is to see all children, especially girls, going to school to be educated. I dream of a peaceful world where all human beings are accommodating and tolerant. I wish to see equality and justice for all men and women.
“I am on a journey to see my dreamland. It does not matter if I fall down; I will stand again, walk and struggle hard.

මේ කවුද?

ඉස්ලාම් භක්තික පකිස්තානය, මිනිමරු තලේබාන්.. ඇත්තටම මෙය ඇදහිය හැකිද?

මේ ලදැරියට කොහෙන්ද මේ සවිය ආවේ?

-------------
http://www.guardian.co.uk/world/2012/oct/09/taliban-pakistan-shoot-girl-malala-yousafzai

http://www.thenewstribe.com/2012/12/10/malala-yousafzai-symbol-of-peace-and-moderate-pakistan-zardari/

http://video.msnbc.msn.com/mitchell-reports/50148498#50148498

29 comments:

  1. ඇත්තටම දයල්... පුදුම හිතෙනවා ඇයගේ නිර්භීත බව ගැන. මේවාට විරුද්ධව අපි ආරාක්ෂාකාරී බංකර වල ඉඳන් කතා කරනකොට ඇය කිසිම ආයුධයක්, රැකවරණයක් නැතිව ඇගේ මුළු ශක්තියෙන්ම ඇය විශ්වාස කරන දේ වෙනුවෙන් කැපවෙනවා. මරණය මේ තරම් කිට්ටුවෙන් ඈ වටා සැරිසරද්දි, මේ ආත්ම ශක්තිය ඈ කොහෙන් ලබනවද කියන එක පුදුමයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, කියන්න කියන්න...

      Delete
    2. අධ්‍යාපනය තමයි,
      අප ගොඩක් දෙනාව ගොඩ දැම්මෙ,
      ඉතින් ඒ අධ්‍යාපනයේ වැදගත්කම අපි දන්නව.
      ඇයගේ පියාත් ගුරුවරයෙක්, විදුහල්පති කෙනෙක්, ඉතින් ඇයගේ ලේවලත් 'අධ්‍යාපනය' තිබෙනව.

      ඇයට ඕනෑ වෛද්‍යවරියක් වන්න, ඒ මඟ අවුරන්න ඇය ඉඩ තබන්නේ නෑ.

      Delete
  2. ඇත්ත ඇය ඒ සමාජය තුල තමාගේ වයසටත් වඩා දැඩි ආත්ම ශක්තියකින් යුත් දැරියක්.. ඇයට සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. ආයුධ අමෝරා ගත්,
      මොල අසූචියෙන් පුරවා ගත්
      කෲර
      කිලිටි
      තිරිසනුන්ට
      නොබියව මුහුනට මුහුන සටන කල ඇය අභියස අවංකවම මා හිකනලෙකි.
      ඒ ආත්ම ශක්තියට ස්ත්‍රී ශක්තියට නොනම හිස්, හිස් බව කියනු මොටද?

      Delete
  3. ම" යන්නෙන් එන මරණයත් අප සැමට උරුමයි......

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ලොකු අමතකවීමක්, අපේ වීරයෙක් වන මාතලන් නම පටන් ගන්නෙත් ම යන්නෙන්.

      Delete
  4. ///මේ ලදැරියට කොහෙන්ද මේ සවිය ආවේ?///

    තලිබාන් අන්තවාදීන්ට අවශ්‍ය මේ ශක්තිය නැති කරන්න තමයි... පළවෙනියට අධ්‍යාපනය නැති කරනවා... එතකොට කොහොමද ඉදිරියට එන්නේ... මේ වගේ අදහස් දක්වන්නේ.... එතකොට ගෑණු නිකම්ම ගෙදර... ඊට පස්සේ නූගත් ගෑණුන්ට ඉතිරි වෙන්නේ මොක්දද... අන්ධානුකරණයෙන් අදහන ආගමික භක්තිය සහ බය විතරයි... එත‌ෙකාට අන්තවාදීන්ට ඔවුන්ව පාලනය කරන්න ලේසියි.. හැම දේම අල්ලා කියමින් කරන නිසා කිසි කෙනෙක්ට විරුද්ධ වෙන්න බෑ..

    මේ ඔවුන් උත්සාහ කරන්නේ ආයිමත් ගල් යුගේට යන්න.. අන්ධ භක්තිය, නොදැනුවත්කම සහ බය පාලනය ලේසි කරනවා...

    ReplyDelete
    Replies
    1. හිරුගෙ කටේ මසුරන් මිලියනයක් දැම්මත් මගේ හිතට මදි.
      මේ නිර්භීත කෙල්ල ඉදිරියේ මද්දුම බණ්ඩාරත් පැරදෙයිද මන්ද?

      Delete
    2. කෙල්ල නිර්භිතයි ඒත් මද්දුම බණ්ඩාර එතැනට දෙවැනි කරන්න නම් එපා.

      Delete
    3. නලින් කියනව නම් නොකර ඉම්මු!

      Delete
  5. දයාල් මේ පෝස්ටුව වෙනුවෙන් ඔබට මගේ ප්‍රණාමය

    ReplyDelete
  6. ඔබට ස්තූතියි, මට ප්‍රණාමයක් ලැබුණ ප්‍රථම වතාව!

    ReplyDelete
  7. එහෙනම් මේ පෝස්ටුවට මගේ ප්‍ර‍ණාමයත් එක් කරනවා !

    ReplyDelete
    Replies
    1. දෙවැනි ප්‍රණාමයත් ලැබුණා. ස්තූතියි

      Delete

  8. කිස්සේ පයවලා දෙයන්නම් කියක් ...හරිද ?

    ReplyDelete
    Replies
    1. ඕකට සමාන කුණුහරුපයකුත් තියෙනවා!

      ස්විස් බැංකුවේ එකවුන්ට් නොම්මරේ .. එවන්නම්

      Delete
    2. පස්සේ කියවල දෙයක් කියන්නම් කියල අනේ කිව්වේ...
      බති කොහෙද උන්නේ පහු ගිය ටිකේ ..ඔබ තුමාගේ පහස
      ලැබිය යුත්තක් තියේ මගේ බ්ලොගේ ...

      Delete
    3. ස්තූතියි ගෞරව පුරස්සර ආමන්ත්‍රනයට,
      නම කියා ඇමතීම දයල් බතීට කරන හොඳම ආමන්ත්‍රණයයි.
      කොහේවත් ගියේ නෑ. නමුත් වැඩ අධිකයි.

      Delete
  9. ඇයි “ම“ යන්නෙන් මංගල.ශ්‍රීලනිප “ම“ පාර්ශවය?

    ReplyDelete
    Replies
    1. ඒක දැන් එජාපයේ 'ම'

      Delete
  10. මං හිතන්නෙ කාන්තාවන්ට සමතැනක් තියා මොන තැනක් වත් දෙනවට ඔය තලේබාන්ල විරුද්ධයි.. ඒ ගෑනුන්ගෙ ඇස් ඇරුණම උන්ට ඕන දේ කරගන්න බැරිවෙයි කියල මං හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. මොකෝ මේකෙ මූණ පේන්නැත්තේ??????

      Delete
    2. ඒ අය පිලිමවලට බයයි. ගෑනුන්ට බයයි. අමෙරිකාවට බයයි. ඌරට බයයි.
      පොඩි ලමයි බය කරනව වගේ කවුරු හරි බය කරල..

      මූන නොපෙනේ.. අනේ මංද.

      Delete
  11. ලියන්නාගේ නම මෙන්ම අමුතු බ්ලොග් එකකි .බොහෝ කලක සිට කියවමී. මට කියන්නට යමක් ඉතුරු නොකරන බ්ලොග් එකකි.ස්තූතියි ඔබට.

    ReplyDelete
  12. ස්තූතියි, ලක්මාල්
    ඔබ වැනි අය නිසා මා දිරිමත් වෙනවා, ඔබට විනෝදමත් අලුත් අවුරුදු සමයක් වේවා.
    සීගිරි ගී වලින් මා මෝහනයට පත් වූයේ බොහෝ බාල වියේදීමයි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්