Followers

Wednesday, December 5, 2012

මගේ අයිය ජනාධිපති නම්




ඇත්තටම මගේ අයිය ජනාධිපති නම් මං මොනවද එයාගෙන් ඉල්ලන්නෙ.
ඉක්මනටම ඔය මලදානෙන් අස්වෙලා ගමට  වරෙන් කියල කියනවද නැත්නම්...
ඇත්තටම ඕනම වරයක් ඉල්ලුවෑකි අර සුරංගනා කතාවල වගේ..

මාව හඳට යවපංකො අයියෙ
මාව නගර සභාවට යවපන්කො
මාව පලාත් සභාවට යවපන්කො
මාව පාර්ලිමේන්තුවට යවපංකො
මට උපදේශක කමක් දියන්කෝ

මොනවද කරන්න බැරි..

මට චෑන්ස් එකක් ආවොත් මට නම් මේ මගුල් මොනවත් එපා, මං දන ගහල හරි ඉල්ලන්නෙ මෙන්න මේකයි

මේ සංවාදය සූට්ටක් කියවල බලන්න, මට ඕන දේ මොකද්ද කියල ඔබට වැටහෙයිද  කියල
------------------------------


තන අග පිනි, මචං උඹට හිතෙන්නෙ මොකද්ද මේ ගැන

උඹ කිව්වෙ තන අග පිනි ගැනද නැත්නම් තණ අග පිනිද ?

කොහෙ තිබුනම මොකෝ මං කියන්නෙ පිනි ගැන

එහෙම වරෙංකෝ, ඉතිං

මේ බලහං මං කියන්නෙ කොහෙ තිබුනම මොකෝ, තිබෙන තැන අනුව පින්නෙ හැටි වෙනස් වෙනවද ? තණ අග තිබුන කියල පැත්තක් පිනි කැට උල් වෙනවද, අනෙක් තැන තිබුන කියල පැත්තක් ෆ්ලැට් වෙනවද ? ඇයි කැන්ද කොලේට වැටුනු පිනි කියන්න බැරි, තිබෙන තැන අනුව පින්නෙ ස්වභාවය වෙනස් වෙන්නෙ නෑනෙ...


හරි කෙටියෙන් කියහං ඩ්‍රින්ක් එකක් දාගත්තොත් මල වදේ, මට තියෙනව බං ඊට වැඩියෙ ප්‍රශ්න, කුවේට් ගිය නංගිගෙන් විස්තරයක් නෑ දැන් මාස දෙකකින්, තාත්තට දැන් ඇවිදගන්න බෑ. හැලපය..

මාත් එක්ක ඩ්‍රින්ක් දාන්න ආවොත් තමයි උඹට ප්‍රශ්න, අරුන් එක්ක එලිවෙනකම්...

හරි හරි ඉතින් කියපං බලන්න උඹගෙ පිනි කතාව පින්න මල් පිපී පින්නේ ලන්ඳ ලස්සනයි, පින්න මුතු වගේ නටන හැටි ලස්සනයි, උඹ කියපු කතාවෙ පොඩි වැරද්දක් තියෙනව


මොකද්ද

කොහෙ තිබුනත් පින්න පින්න මයි කියන එක. මොකද උඹ එන්න හදන්නෙ ජීවිතය හා සසඳන්න නම් තන ගන්න වෙන්නෙ නෑ. ඒකට තණ තමයි ගන්නෝන

මට තියෙන අනෙක් ප්‍රශ්නෙ තමයි තන අග පිනි කියල කියන්න ඕන වේලාවට කොහොමද ඒක උච්චාරණය කරන්නේ


ඒක හරි අතාත්විකයිනේ බං, රෑ එලිවෙනකම් ඕක එලිය දාගෙන ඉන්න එපායෑ ඒකට.

පිස්සු ඔරිජිනල් .., ඉස්සර ගෑනු උඩට ඇන්ඳෙ නෑනේ, ඒ කාලේ ගෑනු තමන්ගෙ පෙම්වතාට තුරුලු වෙලා නිදාගන්න ඇති හඳ එලියේ තරු එලියේ එතකොට පිනි වැටෙන්න බැරිද

ඒක තමයි මං ගල් බොන්නේ නැත්තෙ, හරි දාර්ශනික අදහස් එනව. උඹට නං ප්‍රශ්නයක් නෑ. රස්සාවට හොඳයි. කතෘ කාරයා කියයි හරි නිර්මාණාත්මක සෙක්සි අදහස්නෙ තමුසෙට තියෙන්නෙ, කියල. ලියනගේ අමරකීර්තිගෙ රතුවන් රත්නවල්ලි කතාවෙ එනව වගේ 'ජාතික සෙක්සි' මේ කාලෙ විකුණගන්න පුලුවන් සංකල්පයක්.

එහෙමනං උඹටත් පුලුවන්නෙ උඹගෙ ප්‍රශ්න දිහා දාර්ශනිකව බලන්න, ඒ කියන්නේ  මේ වගේ. කුවේට් ගිය නංගි, ඇයි කුවේට් ගියේ, බීගෙන ගෙදර එන මිනිහගෙන් ගැලවෙන්න, නැද්ද මං අහන්නෙ, ඒකි දැන් ඒ කරදරෙන් බේරිලානෙ. අනෙක රට වෙනුවෙන් විදේශ විනිමය උපයන්නයි ඒ කෙල්ලෙ ගියේ. අපි ආදරේට කියන නම අන්කල් කාරය ඒ කියන්නෙ උඹේ තාත්තට ඕක උනේ රටේ නීතිය හා සාමය රකින්න ගිහිල්ල. අනෙක මෙහෙ හිටිය කියලත් විශේෂ ආරකශාවක් නෑනේ. බලපං කහවත්තෙ වෙන වැඩ..අපේ ආරක්ශාව නීතිය රකින ලොකුම ගෑනිටත් හූ කියනව..

මට භය උඹ කිව්ව වගේ පෙට්ටියකින් ආවොත් ජීවිතය තණ අග පිණි වගේ කියල සැනසෙන්න වෙයිද කියල, දැන් වෙන දේවල් වල හැටියට, ඊයෙ පත්තරේ තිබුන ගෘහ සේවිකාවක් සෞදිවල තට්ටු ගෙයකින බිමට පැනල කියල. ...බේගල්


භයවෙන්න එපා, මං ලොක්කට කියන්නම් පොඩ්ඩක් හොයල බලන්න කියල.

--------
ඇත්තටම ඔබට එහෙම චෑන්ස් එකක් ලැබුනොත් මොනවද ඉල්ලන්නෙ?






50 comments:

  1. වැට නම් හුනේ නෑනේ... තනෙයි පිණියි අවුලක් නෑ... ඒත් මේ අයියා ජනාධිපති කෑල්ල මොකද්ද?

    ReplyDelete
  2. මටද තේරුනේ නැත..

    ReplyDelete
  3. thisara, buwaa, bando
    අනේ මට අනුකම්පා කර
    පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න
    වස ලැජ්ජාවක් නෙ මට
    අයියෝ මට උන වියෝයා

    ඔක්කොම අමතක කියන්න බලන්න ඔබලාට මේ චෑන්ස් එක ලැබුනොත් මොන වරයක්ද ඉල්ලන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. තිසර, බුවා, බණ්ඩා සමාවෙයල්ලා මහතුනේ
      මීලඟ පොස්ට් එක තේරෙන්න ලියන්නම්, මම ඉල්ලන්නේ මේ මැද පෙරදිග දුක්විඳින අපේ සහෝදරියන්ව මේ දුකෙන් බේරල දෙන්න කියල,

      Delete
    2. //මේ මැද පෙරදිග දුක්විඳින අපේ සහෝදරියන්ව මේ දුකෙන් බේරල දෙන්න කියල,//

      එහෙම නම් අය්යගෙන් ඉල්ලන්න තියෙන්නේ අදාල ඇමතිකම රන්ජන් රාමනායකට දෙන්න කියල විතරයි , ඌ ගානට වැඩේ කරයි . රන්ජන් පාර්ලිමෙන්තුවේ පහුගිය ටිකේ කථා කරනවා අහපු රත්නපුරේ මිත්‍රයෙක් කීවේ , ඔන්න මචෝ පලවෙනි වතාවට රන්ජන් ට මනාපයක් දීපු එක ගැන සතුටු වෙනවා කියලා :)

      Delete
  4. මට ඔය චාන්ස් එක ලැබුනොත් අම්මප තොපි ඔක්කොම අපායට යවන එක යවනවමයි..

    ReplyDelete
    Replies
    1. පරණ යාලුවත් එක්කම?

      Delete
  5. තණ අග පිණි කෙසේ වෙතත් තන අග පිනි නම් එළියෙ දාගෙන ඉන්න වේවි .. :P

    මට චාන්ස් එකක් ලැබුනොත් මම නම් කියන්නෙ... " දැන් හොයා ගත්ත දේ ඇති. වෙන එකෙකුට දීලා යන්න යමන් . උනුත් හොයා ගන්න ඕනනෙ " කියලා තමා...

    ReplyDelete
    Replies
    1. අනේ කට කතා හදනව .. බෝ ගස්වගේ අයට, මේ කටවල් වලට නං..

      Delete
  6. මගේ අයියා‌ ජනාධිපති උනොත්... හ්ම්ම්.........

    මම ඉල්ලන්‌ෙන් එක දෙයයි.... මට කොළඹට කිට්ටුව තැනකින් පිළිවෙලට ගෙයක් හදලා දීපන් කියලා විතරයි.... අම්මපා....

    ReplyDelete
    Replies
    1. අයිය ජනාධිපති උනොත් මන් කියන්නේ..
      " අනේ මේ විකාර නැතුව ගෙදට්ට වෙලා හිටහන් " කියල..

      අර පිණි කතාව ගැන කියන්න තියෙන්නේ
      ඔබ තුමාගේ නාකි විසේ දැන් පමණට වැඩි බවය ...

      Delete
    2. හිරු, අයියාට මේ දුක් ගැනවිල්ල ඇසේවා

      silentsahan

      ඇත්ත, මිනිස්සු තමන් විසින්ම ගස්වල බැඳගන්නව, ගුටි කාල , ගුටි කෑවි නෑ කියල පෙස්සම් දෙනව, හැම මුල්ලකම බුදු පිලිම, බුදු පිලිම අටෝ ගන්නත් මිනි මරා ගන්නව.... විකාර
      -----------
      පොඩි ළමයි පොඩි ළමයි විදියට ඉන්න ඕන

      Delete
  7. අයිය ජනාධිපති උනොත් මන් කියන්නේ..
    " අනේ මේ විකාර නැතුව ගෙදට්ට වෙලා හිටහන් " කියල..

    අර පිණි කතාව ගැන කියන්න තියෙන්නේ
    ඔබ තුමාගේ නාකි විසේ දැන් පමණට වැඩි බවය ...

    ReplyDelete
  8. මට නමේ තේරුනේ නෑ පෝස්ට් එක.ට්යුබ් ලයිට් ද මන්දා මං!

    ඉල්ලන්නේ නම් 'උඹට ඕක හරියට කරන්න බෑ අයියේ.. ඉතින් ඕක මට බාර දීලා ගෙදර ගිහින් බලන් ඉදහන් මං මොනවද කියන්නේ,කරන්නේ කියන එක..'

    ReplyDelete
    Replies
    1. ඉශාන් ගනන් ගන්න එපා අවශ්‍ය දේ තේරිලා තියෙනව.

      ඉශාන් කියන්නෙ ගෝටට කියන වෙන නමක්ද

      Delete
    2. එහෙම හීං නූලේ වැඩ නෑ අෆ්ෆා මං ගාව. ඔක්කොම එළිපිට :)

      Delete
  9. මෙහෙමයි ඉතින්, ඒකට, මහින්ද මහත්තයා වගේ රත්තරන් අයියා කෙනෙක් වෙන්ඩ ඕනා. ප්‍රේමදාස වගේ කෙනෙක් නම් මෙළෝ වැඩක් නෑ. උඹ දන්නවද.. ප්‍රේමෙගෙ මල්ලි අදත් බස් එකේ යන්නේ. අපේ තාත්තගෙ හොඳ යාළුවා...

    මම නම් ඉල්ලන්නේ, චෙයාමන් පෝස්ට් තුනයි, චිත්‍රපට සංස්ථාවෙ, රූපවාහිනියේ සහ සුරා බදු දෙපාර්ථමේන්තුවේ.

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රසිද්ධ කෙස් එකක් නේ

      අසෝකටයි මොහාන්ටයි අනෙක් කෙනයි තුන් දෙනාම කරන්නෙ ලංකාවම ඩෝප් කරන එකයි. අනේ මචො උඹවත් අරගෙන වැඩක් ඇති දෙයක් කරහං. මමත් ඉන්නව කියල අමතක කරන්න එපා හොඳ එකානේ .....ශේප් එකේ ආ, දන්නවනේ, මං දන්නව උඹ වැඩියෙ කරන නරක ළමෙක් නොවෙයි කියලා, මාතලන් හරි ටොප් මෑන්.

      Delete
  10. මම ඉල්ලන්නේ දියුණු රටක සිටිසන් ශිප් එකක හදල දියන් කියල :p

    ReplyDelete
    Replies
    1. චුට්ටක් ඉවසන්න ආශ්චර්‍ය ලඟ

      Delete
  11. තාත්තාගෙන් පුතාට ඔටුන්න හිමි නොවෙන තාත්තගෙන් සහෝදරයට රජකම යන විදියට අපේ රාජාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කියනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි උනොත් වෙන්නෙ

      Delete
  12. දැන් උඹ ඔය හිටිය මදැයි. මටත් දැන් දියන් පොඩ්ඩක් ආතල් එකක් ගන්ඩ
    කියල කියනෝ

    ReplyDelete
    Replies
    1. දෙයි මෙන්න ගනින් කියල!

      Delete
  13. තන/තණ අග පිනි බිදුද,බිංදුද කියල තේරෙන්නෙ,පෙරදා බීල උගුරකට වේලිලා පාන්දර ජාමෙ නැගිටල ඇදේ ඉදන්ද මිදුලෙ ඉදන්ද ලබන බිදු අනුව තමයි.එකක් දාල ලියන්න පටන් අරගෙන 13+වලදී මයිනස් ගිහිල්ලද කොහෙද හැමෝගෙම මීටර් මයිනස් කරලා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මත් ගැන කතා කරනව, බාල පරම්පාරව නොමඟ යවන්න හදනව රට කඩන්න හදනව, දේශද්‍රෝහියෙක්, පව් කාරයෙක්, දෙමලුනට කඩේ යන එකෙක්

      Delete
  14. ම්ම්ම්.... අයියා ජනාධිපති නම් මොනා ඉල්ලන්නද කියලා..... මතක් වෙන්නෙත් නෑ අප්පා.... හිමින් සැරේ හිතල බලන්න ඕනි....

    ReplyDelete
    Replies
    1. වැඩියෙ දේවල් නොයිල්ලන එක හොඳයි,

      Delete
  15. මමනම් ඉල්ලනේ මාව සහෝදර කමෙන් ප්‍රසිද්දියේ අයින් කරපන් කියල.

    ReplyDelete
    Replies
    1. මොකද අප්සැට් එක ඉල්ලපු එක ලැබුනෙ නැත්ද?

      Delete
  16. මේක තේරෙන්න කළු ඒවායින් දෙකක් දාගන්න ඕනෑ!

    ReplyDelete
    Replies
    1. අර 3D කන්නාඩිය දාන්න ඕග වගේද?

      Delete
  17. ජනාධිපති තියා මොකා අය්ය වුණත් මම තමයි හැලපයා.තාත්තා නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අයියගෙ කේක් අයිය ලඟ,
      මගේ හැලප මට වටිනව
      තමන් ගැන තමනගෙ හැලප ගැන ආඩම්බර වෙන පුතෙක්ගෙ සිටීම කොපමණ ආඩම්බරයක්ද?

      Delete
  18. මගෙ අයියා ජනාධිපතිනම් මම උගෙන් ජනාධිපතිකම ඉල්ලගන්නවා..

    ReplyDelete
    Replies
    1. බෙන්තර ගඟෙන් නාලද ආවේ කියල අහයි!

      Delete
  19. උඹේ අයියා ජනාධිපති උනොත්, අපිට ඉතින් වැඩක් වෙයිද?

    චෑන්ස් එකක් ලැබුනොත් ජඩමාද්දිය ඇමතිකොම ඉල්ලං ඔක්කොම බ්ලොග් වහලා මගේ එක ඉතරක් තියනවා. හප්පේ කොහොමද ට්‍රැපික් එතකොට....

    ReplyDelete
    Replies
    1. අනේ ජඩ මාධ්‍යකම හම්බ උනොත් මාව අමතක කරන්න එපා . මං හරී ආසයි දොරේමැන්ඩෙලාවට දවසක් යන්න.

      Delete
  20. ආර්තික සංවර්දන ඇමති කොම

    ReplyDelete
    Replies
    1. (මගේ ගෙදර )ආර්තිකේ සංවර්ධන ඇමති

      Delete
  21. රුක් දෙවියාගෙන් ලැබුනු ගුලි තුනට කොරපු දේම තමයි මෙතනදිත්. හික් හික් හික්......! හැබැයි ලැම්බොගිනි නම් ඕන නෑ...!

    ReplyDelete
  22. සාප්පු සේවකයන්ගේ අයිතින් සුරක්සිතද මොකක්ද එක කොරපං කියනවා

    ReplyDelete
    Replies
    1. සාප්පු සේවකයන්ගේ අයිතිවාසිකම් සුරකිනු!
      ඇත්තටම අපි හැමෝටම අමතක සෙවකයින් කණ්ඩායමක්.

      Delete
  23. ගල් වලට ජාතියක් ජම්මයක්/උස් පහත් භේදයක්/ආදායම් විෂමතාවක් නැත... ලේ වලට එකතු වූ පසු කික් ය.

    ReplyDelete
    Replies
    1. ගල් ලෝලියෙක් බව දැන ගන්ට ලැබීම කොපමන සතුටක්ද?
      අවුල තිබෙන්නේ කතා නායකයා ගලක් ඔලුවට වැදුනු කලෙක මෙන් දාන දර්සනයයි

      Delete
    2. ළගකදී කාමරේ පැත්තෙ ඇස නොගැටුනි...

      Delete
  24. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩක්, එනවාමයි, ස්තූතියි!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්