Followers

Saturday, December 8, 2012

සිවුරේ බරින් සංඝයාවහන්සේලාව නිදහස් කලෙමි.



මේ ළඟකදී මා දන්න බෞද්ධ හිමි නමක් සිය තත්වය ගැන සඳහන් කරද්දී උන්වහන්සේ තමන් ගැන හඳුන්වාගත්තේ වෘත්තිකයෙක් වශයෙනි. අවංකත්වය, නිර්ව්‍යාජත්වය ගැන උන්වහන්සේට පින් දෙමින්  මා තුල කැකෑරෙමින් තිබූ දිගු කාලීන අවුල විසඳා ගත්තෙන් සෝවාන් වූ කලෙක මෙන් වචනයෙන් නොකිව හැකි සැහැල්ලුවක් මට දැනුනි. ඒ කෝණයෙන් බැලූ විට ඇත්තටම බොහෝ දෙනා පන්සල හා සංඝයා වහන්සේලා සමග කරන ගනුදෙනුවේ සැබෑ තත්වය අවබෝධ වේ.

1934 පමණ වල්පොල රාහුල හිමියන් විසින් රචිත සත්‍යෝදය පොතේද සඳහන් පරිදි අපි පන්සලට යන්නේ හාමුදුරුවරුන් විසින් රැස් කර ඇති පින් රැගෙන එන්නට නම් අපට වරදින්නේ එතැනය.  ගිහියන් වන අපට ඒවායේ යෙදෙන්න වේලාවක් සිතේ නිශ්චල බවක් නැති නිසා අප විසින් සලාක දානමානාදියෙන් නඩත්තු කරන පන්සල අප වෙනුවෙන් ඒ රාජකාරිය කල යුතුය යන අදහස අපේ සිත තුල කොහේ හරි තිබේ. හාමුදුරුවරු සිල්වත් විය යුතුයි. පින්වත් විය යුතුයි ආදී වශයෙනි අප සාසනය ගැන සිතන්නේ...

අපට වැරදී තිබුනි.....

වෘත්තිකයෙක් අපගේ ගැටලුව හඳුනාගෙන සිය සේවාව වෘත්තීය මට්ටමන් සලසයි. අපේ තොරතුරු රහස්‍යව තබා ගනී. අප වෘත්තිකයාට ඔහු නියම කරන ගාස්තුවක් ගෙවිය යුතුය. සිය නියමිත ඇඳුම පිලිවෙලට අඳී. උදාහරණයක් වශයෙන් නීතිඥයෙක්  ඔහු ඔහු විසින් ඇඳිය යුතු ඇඳුම පිලිවෙලට ඇඳීම අප ඔහුගෙන් බලාපොරොත්තු වන ප්‍රධාන දෙයකි. පිරිසිදුකම කතා බහ කරන වචන තෝරාගන්නා විදිය මේ සියල්ලම වෘත්තිකයාට ගෙවන මුදලට ගැලපෙන පරිදි විය යුතුයි. වෛද්‍යවරයෙකුට ඔබ වෙනුවෙන් බෙහෙත් බොන්නට බැරිය. බෙහෙත් බීම සෞඛ‍ය සම්පන්නව කෑමෙන් බීමෙන් නෑමෙන් පරිස්සම් වීම  ආදිය අප වෙනුවෙන් වෛද්‍යවරයාට කරන්නට නොහැකිය. කළ හැක්කේ කල යුතු මාර්ගය පෙන්වා දීම පමනකි. ඒ එසේ වුවත් හෑම වෛද්‍යවරයෙක්ම සෞඛ්‍ය සම්පන්න පිලිවෙත් තමනුත් අනුගමනය කරනවාද ? හෑම නීතිඥයෙකුම නීති ගරුකව හැසිරෙනවාද? වෘත්තීය මට්ටමේ නලුවෙක් නිලියක් ගැන හිතන්න. ඒ අය ඉතාම කරුණාබර අවංක දයාබර චරිත රඟපානවා. සැබෑ ජීවිතයේ ඔවුන් හැම දෙනාම තුල ඒ අප රිදී තිරයෙන් දුටු ගුණ තිබෙනවාද? 
බුදුන් වහන්සේ අනුදැන වදාල සිවුර සාදාගන්න ක්‍රමය එනම් මලමිනි ඔතා විසිකල රෙදි වෙනුවට ආසා හිතෙන බැබලෙන සිල්ක් සිවුරු අඳින බණ දේශනාවක් සඳහා දහසින් බැඳි පියල්ලෙන් අය කරන ස්වාමීන් වහන්සේලාත්  ගිනි කණ නීතිඥයෙනුත් අතර වෘත්තික සමානත්වය දැකීම නිසා මා තුල විශාල සැහැල්ලුවක් ඉපදින.

අප පන්සලෙන් නොමිලේ බලාපොරොත්තුවන වෘත්තීය සේවා මොනවාද ?
කරුනාකර හිස්තැන් පුරවන්න. 

1.
2.
3.
4

එමෙන්ම වෘත්තීය බැතිමතුන් ලෙස අපෙන්ද ස්වාමීන් වහන්සේලාගේ වෘත්තීය ගෞරවය රැකෙන පරිදි පන්සලට ඉටුවිය යුතුකම්, කලයුතු වත් පිලිවෙත්, හැසිරෙන පිලිවෙල ආදියද වෙයි.

සෞඛ්ය සම්පන්න බව හෝ නීතිගරුක බව තිබෙන්නේ රොහලේ හෝ උසාවියේ හෝ පොලිසියේ හෝ නොවේ. එසේම නිවන තිබෙන්නේද පන්සලේ නොවේ, පන්සලට කළ හැක්කේ නිවුනු පරිසරයක් සාදා දීම පමනය. හැම භික්ෂුවක්ම සීලවන්ත වීම අපේක්ශා කරමින් බලාපොරොත්තු අහස උසට නංවා ගත යුතු නැත.

පිරිසිදු, 
ශාන්ත, 
නිස්කලංක පරිසරය, 
සිත නිවෙන වචන, ක්‍රියාකාරකම්,....

 සිත ඇත්තේ අප ළඟය. 
සිත නිවා ගත යුත්තේ අප විසින්මය.


වැඩවසම් බැමි වලින් මුදවා ධනවාදයට පාස් කර මුදා හැරීම පිලිබඳව ඒ හිමි නමට ස්තූති කරමින් ලිපිය අවසන් කරමි.

44 comments:

  1. ආරන්‍යවාසී ග්‍රාම්‍යවාසී කියලා තියෙනවනේ...ග්‍රාම්‍යවාසී ඉතින් මං හිතන්නේ ගමේ විදිහට තමයි වැඩ...මං හිතන්නේ බතී ලගේ ගමේ අවුලක් වෙන්න ඇති...

    ReplyDelete
  2. ආරන්‍යවාසී ග්‍රාම්‍යවාසී කියලා තියෙනවනේ...ග්‍රාම්‍යවාසී ඉතින් මං හිතන්නේ ගමේ විදිහට තමයි වැඩ...මං හිතන්නේ බතී ලගේ ගමේ අවුලක් වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අවුල ලිහුන, දියුණු තත්වයක්.
      ග්‍රාම්‍ය වාසී හා ආරණ්‍යවාසී, මතක් කලාට තුති

      Delete
  3. යම් තැනක අවශේෂ පිරිස සමග භික්ෂුව ගොඩනගා ඇති සබදතාව මත ඒ තැන්හි දියුණුව ඇතිවේ.අප සමාජයේ දක්ෂ භික්ෂුන් මෙන්ම අදක්ෂ භික්ෂුන්ද වෙයි.යමි ගමක පන්සලක දක්ෂ භික්ෂුවක් වෙත් නම් ඒ ගම බබළවනු ඇත.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ඔබගේ කතාව සම්පූර්න ඇත්ත.

      Delete
  4. Replies
    1. බොන්නත් නෑ කන්නත් නෑ මේ දවස්වල

      Delete
  5. මේ ගැන නම් කියන්න දේවල් ගොඩක් තියෙනවා සෝම හාමුදුරුවන්ගේන් පටං අරගෙන.. ඒත් දැං නං සාසනේ ගැන කතා කරන්න හිතෙන්නේ නෑ..

    //වැඩවසම් බැමි වලින් මුදවා ධනවාදයට පාස් කර මුදා හැරීම පිලිබඳව ඒ හිමි නමට ස්තූති කරමින් ලිපිය අවසන් කරමි///

    ++++++

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ටුවට,

      Delete
  6. අනිත් වෘත්තිකයන්ට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා මං හිතන්නෙ.. හමුදුරු කෙනෙක් එක්ක ගනුදෙනුව සිද්ධවෙන්නෙ ශ්‍රද්ධාව මුල් කරගෙන නිසා, භික්ෂුවකගේ සේවය සහ සීලය කියන දෙකම මිනිස්සුන්ගේ අවධානයට ලක්වෙනවා.

    ලොකු දුස්සීල කමක් නැත්නම්, තමන්ගෙ වගකීම ඉටුකරන හමුදුරුවරු ගැන මගේ කහටක් නෑ... හැබැ‍යි බාර් දාගෙන, හෝටල් දාගෙන, කපු කම් කර කර පන්සලත් මහ ලොකුවට දියුණු කරන අය නෙමෙයි.

    ReplyDelete
  7. සමහර දේවල් කාලයට අනුව වෙනස් වී තිබෙනවා... එහෙම දේවල් අනුමත කරන්න ඕනෙ... නැත්නම් ප්‍රායෝගික නෑ... අද කවුද පයින්ම දුර ඈත වඩින්නෙ වාහන වල ගමන් බිමන් යන්නෙ නැතුව.... පිඩුසිගා වඩිනවද... සුදු රෙද්දෙ මිනී ඔතලා දැන් කනත්තට දාන්නෙ නැති නිසා ඒ විදියට සිවුරු හදන්න බෑ... ආර්ථික / දේශපාලන වටපිටාව සංඝ සමාජයෙත් කාලානුරූපී වෙනස්කම් ඇති කර තිබේ.

    ReplyDelete
    Replies
    1. වටිනා විග්‍රයක්!

      Delete
  8. කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා. මම දැකලා තියෙනවා. බීඩි බොන හාමුදුරු කෙනෙක්.. ඒත් ඒ හාමුදුරුවෝ සිල්වත් කියන ගොඩක් හාමුදුරුවරුන්ට වඩා හොද ගතිගුණ තියෙන කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. වෘත්තිකයෙක් වශයෙන්, අපේ අවශ්‍ය වැඩේ කරල දෙන වෙලාවේ ඒව නොකරනව නම් මට ඇති.

      Delete
  9. ඇත්ත කියන්න බර්තලෝමියස් මහත්තයෝ
    ඔයාට කීයක් දුන්නද ඇමෙරිකානු ප්‍රජාව
    ලංකාව තුල ඒ අයගේ කුමන්ත්‍රණේ ඉදිරියට
    ගෙනියන්න...?:D

    ReplyDelete
    Replies
    1. මුදල් දී තිබෙන්නේ මට නොවේ,,

      සමන්, ඔබ විහිලුවට කීවත් එය ඇත්තය,
      ධනවාදය සෑම දෙයකටම වටිනාකමක් දී ඇත.
      ඒ වගේම හැම ක්‍රියාකාරකමක්ම ගනු දෙනුවකි.
      බැඳීම් නැත. ශෝක නැත.
      ඔබගේ සේවයට මං ගෙවා ඇත.
      එතැනින් එහා කිසිවක් නැත.

      Delete
    2. ඕකට ඔච්චර යන්න දෙයක් නැහැ බතී මංගල දැන්වීම්
      තීරුවේම උදාහරණ තියෙද්දී...කසාදෙත් ගනු දෙනුවක්
      වෙද්දී ගණු දෙණු ගැන තව මොන කතාද මෙයා ...

      Delete
    3. එය ධනවාදයේ හොඳ ලක්ශනයක් වගේම විවාහය වගේ දේවල් වලදී විවාහය අසාර්ථක වීමට හේතුවේ.
      ඊට පස්සෙ කෙනෙක් අහන්න පුලුවන් විවාහය අත්‍යවශ්‍යමද කියල.
      ඒකට මට උත්තරයක් නැත

      Delete
    4. විවාහය මට නම් ඕනේ.මේක පුතේ හත් වරුවක්
      කතා කරන්න ඕනේ දෙයක්..මහා ගැඹුරට නොයා
      සරල සීමාවෙන් කතා කලොත් ගෑණියෙක් හොයන්
      කසාදත් බැඳන් කුලියක් කරන් දරුවොත් හදන්
      සතුටින් වෙසෙම් ..

      ඔන්න ඔහොම එහෙකට මාත් හෙන ආසයි ..මන් හිතන්නේ
      ඒ මාව code උන හැටි..ඔබගේ මතය මීට වඩා වෙනස් වෙන්න
      පුළුවන් කිසිම විරොදයක් නැහැ ..
      මගේ මගෙන් ඇහුවොත් දැන් ඇයි ඕක කරන්නේ, මොනවද
      හම්බෙන්නේ කියල මන් කියන්නේ
      """"අනේ මන්ද මට එහෙම ඉන්න හිතෙනවා""" කියල....

      Delete
    5. මටද ආදරය කරන්න
      බිරිඳක්, දරුවන් ඕනෑ විය.
      මං ඒවා උපයා සපයා ගත්තෙම්,
      එසේ ප්‍රාර්තනා නොකරන උදවියද මා දනිමි
      ඔවුන්ද සතුටිනි

      Delete
    6. මාද දැක ඇත ..ඔවුන්ගේ සතුටෙහි
      අවසාන සමය ගෙවෙන හැටිද දැක ඇත..

      Delete
    7. ඔවුන්ගේ අවසාන සමය ගැන ඔවුන්ට ප්‍රශ්නයක් නැතිනම් අපට එය ප්‍රශ්නයක් විය යුතුද?

      විවාහ නොසිටිය එකේත් හොඳ පැත්තක් තිබේ. විශාල වැඩ කොටසක් කිරීමට වේලාව ඉතිරිවීම. තමන් කැමති දේවල් කිරීමට නිදහස..

      Delete
  10. සමාජවාදී රජයකට හේත්තු වී බඩ වඩා ගන්නා මුදලාලි දැක එය ධනවාදයේ හොඳ ලක්ෂණයක් යැයි කියන මුලාවෙන් සංඝයා අතර වෘත්තිකයෙක් යැයි හඳුන්වාගත්තෙක් පෙන්වා එය ද ධනවාදය විසින් සෑම දෙයකට ම වටිනාකමක් දී ඇතැයි මුලාවෙන් සිටින දයාල් බතී වෙතටයි:

    මුලාවෙන් ගොඩ එන මාර්ගය දයාල් බතී සටහනේ දාලා ඒක අමතක කරලා කතා කරන හැටි අපූරුයි.

    නීතීඥයෙක් උසාවි දවසට නිසි පිළිවෙලට ඇඳගෙන නොගියොත් දඬුවම් කරන්නේ උසාවියයි. එයාගේ සේවය ලබාගන්නාට වෙනස් නීතීඥයෙක්ගේ සේවය ලබාගත හැකියි.

    හාමුදුරුවන් නිසි සිල්වත් බවින් නොසිටින්නේ නම් දඬුවම් කරන්නේ පංසලයි. යම් පංසලක සිල්වත් හාමුදුරුවන් නැත්නම් සිල්වත් හාමුදුරුවන් ඉන්නා පංසලක් සොයා ගත යුත්තේ දායකයන්ය. ඕනෑ නම් අද ලංකාවේ ඉන්නා සිල්වත් හාමුදුරුවන්ගේ නම් ලැයිස්තුවක් එවන්නම්.

    සිත ඇත්තේ අප ළඟය, සිත නිවාගත යුත්තේ අපම ය, යන්න වැඩවසම් යුගයක ඉපිද එවැනි යුගයකම පිරිනිවන් පෑ බුදුන් දෙසූ සත්‍යයකි.

    තමනට කැමති පරිදි නිර්වචනය කර ගනිමින්, අනා අවුල් කර ඉදිරිපත් කරමින්, වැඩවසම් සමාජයෙන් මුදවා ධනවාදයට පාස් කර යැව්වා යැයි අන්තිමේ දී තමන්ගේ වැරදි විග්‍රහය ධනවාදය යැයි කීම කුමන විහිළුවක් ද?

    ReplyDelete
    Replies
    1. මෙයා ඉතින් කියල දුවනවනෙ ..
      අපිත් ඉතින් දුවන්න බලන්
      කිව්වා නම් මීට එහා ඒවත් කියල..
      නැද්ද බතී ..:D

      Delete
    2. අරුණි ෂපිරෝ
      //ඕනෑ නම් අද ලංකාවේ ඉන්නා සිල්වත් හාමුදුරුවන්ගේ නම් ලැයිස්තුවක් එවන්නම්.//
      මගේ මේල්ලුවට එවන්නකෝ. :-)
      මගේ රාජකාරියේ හැටියට මේ දවස්වල දවසකට අඩුම තරමේ එක හාමුදුරු කෙනෙක්වත් එනව මාව මුනගැහෙන්න. ඒ හැමෝම අහන්නෙ, කවුරුහරි මන්ත්‍රීතුමෙක් මොකක් හරි පංසලේ සංවර්ධන වැඩකට වෙන්කරල දුන්න මුදල් ගැන "මහත්තයෝ .....කඩේ නමට චෙක්එක දෙන්න බැරිද?". ටිකදෙනෙක් අහන්නෙ නෑ කියනව "මට අහවල් කඩේ නමට චෙක්එක ඕන". එහෙම කියන්නෙ රජතුමා එක්ක කෙලින්ම කන්ටැක් තියන අය. හොඳ හාමුදුරුවරු ඉන්නව කිව්වම මට ඇත්තටම ආස හිතුන දැනගන්න.

      Delete
    3. රාජ්,

      සොයන්නාට සම්බවෙන්නේ ඔහු විසින් සොයන දෙයයි රාජ්!!!!!

      http://helavijaya.blogspot.com/2012/11/blog-post.html

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔයා ඔතන දාපු කුනුහබ්බේ මන් දැක්කා ..
      දැන් කියන්න එපා මන් අර උඩින් දාපු එකට වැරදිලා
      මෙතන දාපු නිසා මැකුවේ කියල...:D

      Delete
    2. අරුනි,

      සිල්වත් හාමුදුරුවරු වැඩ ඉන්නා එක භාග්‍යයකි, ඒත් මගේ හිත නිවා ගත යුත්තේ මා විසිනි.
      සංඝයා වහන්සේ නමක් වෘත්තිකයෙක් ලෙස හඳුනා ගැනීම මා ලද අස්වැසිල්ලකි. මා කියන්නේ දායකයන්ට සිදුවිය යුතුකම් නොපිරිහෙලා ඉටු කරන්නේ නම් සීලවන්ත බව මට එතරම් වැදගත් නැත කියාය.

      බුදුන් වහන්සේත් වරක් තමන් වහන්සේව වෛද්‍යවරයෙකුට උපමා කොට ඇත.

      ධනවාදය යනු දෙන්නනන් වාලේ හැම දෙයටම වටිනාකමක් නොදෙන දහමක් නම් ඔබ අපට පැහැදිලි කරලා දෙන්න

      Delete
    3. silentsahan
      මං දන්නවා ඔබ විහිලුවක් කරන්නේ,
      එතැන තිබුනේ කුණු හබ්බයක් නොවේ, ඔබට පිලිතුරු ලියන අතර, අරුනි මැතිනිය ඔබට පහලින් ලියා තිබුනා, ඒ නිසා එය මකා ඔබේ අදාල කොමෙන්ටුව යටින් එබුවා. ( timing case එකක්.)

      Delete
  12. මිනිස්සු බලන පලියට පච කෙලින්න එපා, කිසිම හාමුදුරුවෝ කෙනෙක් තමන් වෘතිකයෙකු කියල කියන්නේ නැ. හාමුදුරුවරු මහන වෙන කොට සිවුර අතට ගන්නේ නිවන් මගට යන්න බලාපොරොත්තුවෙන්. ඒකට අදාල මග යන නොයන එක ඒ ගොල්ලන්ගේ වැඩක්. තම කාර්ය ඉටු කිරීමට අවශ්‍ය කටයුතු නොකොළොත් ඒ අය එකට වග කියන්න ඕනෑ. එකෙන් මිදෙන්න තමන් වෘතිකයෙක් හාමුදුරු කෙනෙක් ඇත්නම් එයාගේ නමයි ලිපිනයයි ලියන්න.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. "කිසිම හාමුදුරුවෝ කෙනෙක් තමන් වෘතිකයෙකු කියල කියන්නේ නැ"
      ඔයා කොහොමද දැං හැමකෙනෙක්ම ගැන තීරණය කරන්නෙ. ලංකාවෙ ඉන්න හැම හාමුදුරු කෙනෙක් ගැනම දන්නවද?

      Delete
    2. සමරසේකර

      නම ලිපිනය ඉල්ලගෙන නිවන භාර ලොකු තැනට පෙත්සම යවන්නද. හික්ස්..

      අපේ ගමේ පන්සලේ හාමුදුරුවරුන්ට තියෙන වැඩ රාජකාරි බැලුවහම නිවන් මගට වැඩ කරගන්න එනම් සිත එකඟ කරගෙන බවුන් වඩන්නට වේලාවක් නැත. උන්වහන්සේලාට, මරණ මගුල් උත්සව දාන මාන කෙලවරක් නැති වැඩ. අපට හරි මග කියා දෙන්න තමයි කැප වෙලා ඉන්නේ. උන්වහන්සේලා යතාර්තවාදීව තම සේවය අද තිබෙන සේවක ,සේවා, මට්ටම සමග සැසඳීමේදී සිය සේවා තත්වය වැටෙන්නේ දොස්තර, නීතිඥ ආදී ගණයට නොවේද? ඒක ඇති වැරද්දක් තිබෙනවාද?

      Delete
    3. ඔබට කරණය වැටහුනා. තමා වෘතිකයෙක් යයි කියන හාමුදුරුවන්ගේ නමයි ලිපිනයයි ඉල්ලුවේ ඒක බොදු බල සේනාවට යවන්න. එහෙම කෙනෙක් ගැන තීරණයක් ගන්න ඕනෑ බොදු බල සේනාව. එහෙම කෙනෙක් නැත්නම් පච ගහන ඔබ ගැන තීරණයක් ගන්න ඕනත් බොදු බල සේනාව.
      හාමුදුරුවන් වහන්සේ කෙනෙකුගේ ජිවිතය ඔබ හිතනවාට වඩා බොහොම අමාරුයි. ගමේ පන්සලේ හාමුදුරුවන් තම නිවන් මගට උපකාරී වන කටයුතු කරන අතරම දායකයන්ගේ ලව්කික කරුණු වලටත් මැදිහත් වෙන්නත් තියෙනවා. නිවන් මගට උපකාරී වන ත්‍රිපිටකය පමණක්ම දෙසනා කරන මහමෙව්නාවේ හාමුදුරුවන් වහන්සේලාට මිනිස්සු දොස් කියනවා පාන්සකුලකට වත් ගෙන්නා ගන්න බෑ කියලා.මේ එකිනෙකට වෙනස් පරමාර්ථ අතර සමතුලිතය පවත්වා ගන්න බැරි හාමුදුරුවන් වහන්සේ කෙනෙක් හිටියොත් එයා පිරිහෙනවා. නමුත් මේ සමතුලිතය පවත්වා ගන්න බැරි කිසිම හාමුදුරුවන් වහන්සේ නමක් තමන් වෘතිකයෙක් යයිද තම සේවය වෙනුවෙන් ගාස්තුවක් ලබා ගන්නවා යයි කියනවා මම අසා නෑ.

      සමරසේකර

      Delete
    4. //නිවන් මගට උපකාරී වන ත්‍රිපිටකය පමණක්ම දෙසනා කරන /මහමෙව්නාවේ හාමුදුරුවන් වහන්සේලාට\ මිනිස්සු දොස් කියනවා පාන්සකුලකට වත් ගෙන්නා ගන්න බෑ කියලා.මේ එකිනෙකට වෙනස් පරමාර්ථ අතර සමතුලිතය පවත්වා ගන්න බැරි හාමුදුරුවන් වහන්සේ කෙනෙක් හිටියොත් /එයා\ පිරිහෙනවා.//

      ඇත්ත තමයි මටත් ඇහිලා තියෙනවා. මිනිස්සු කාටද දොස් නොකියන්නෙ, /එයා\ (අපි නං කවදාවත් ස්වාමීන් වහන්සේ නමකට එයා) කියන්නේ නෑ (සමරේ, ඔබ පොඩ්ඩක් කේන්ති ගිය නිසා, වචන භාවිතයේ සමතුලිත බව නැතිවෙන්න ඇති)

      //හාමුදුරුවන් වහන්සේ කෙනෙකුගේ ජිවිතය ඔබ හිතනවාට වඩා බොහොම අමාරුයි.//

      ඇත්තටම මා මහණ නොවූ නිසා මට එය ඇඟට වදින්නේ නෑ. ඒත් දොස් කියන අයට මා කියන්නේ අටසිල් අරගෙන දවසක් ඉන්න බැරි අපට, දොස් නොකියන්න, සිවුර දරා සිටින එකම මදිද කියා.

      බොදු බල සේනා වැනි අවිහිංසක සංවිධානයක් තිබීම අප කාගේත් වාසනාවකි. එහි ක්‍රියාධරයෙකු හමුවීම එයට වඩා වාසනාවකි.
      මා මේ කියන භික්ශුව ඉතාමත් ශීල සම්පන්න උගත් තෙර නමකි. උන් වහන්සේ කෙදිනකවත් මුදල් ඉල්ලා නැත. ඒ බවක් මා කොතනකවත් සඳහන් කර නැත.
      අවංකවම කීවොත් තවමත්, බොහෝ වේලාවට අප ඒ උසස් සේවා ලබන්නේ නොමිලේය, ලාබෙටය.

      මගේ පනිවුඩය මේකයි..

      සෞඛ්ය සම්පන්න බව හෝ නීතිගරුක බව තිබෙන්නේ රොහලේ හෝ උසාවියේ හෝ පොලිසියේ හෝ නොවේ. එසේම නිවන තිබෙන්නේද පන්සලේ නොවේ, පන්සලට කළ හැක්කේ නිවුනු පරිසරයක් සාදා දීම පමනය. හැම භික්ෂුවක්ම සීලවන්ත වීම අපේක්ශා කරමින් බලාපොරොත්තු අහස උසට නංවා ගත යුතු නැත.

      Delete
    5. මොකක්ද මේ බොදු බල සේනාව?
      ශිව සේනා ගේ මිතුරු හමුදාවක්ද?
      මේ කියන පොරවල් අපිවත් නියෝනය කරනවාලුද?
      සුමනසේකරගෙන්වත් අහලා බලන්න ඕනෑ හෙට කෝල් එකක් දීලා.

      Delete
  13. ආග්ම කියන්නේ. ලොව දෙවන රැකියාව....

    ReplyDelete
    Replies
    1. mama hithanne agama palaweni eka LOL

      Delete
    2. මාතලන්ට උත්තරයක් සසිඳු දීල තියෙනව.

      නිවන හෝ පින් තිබෙන්නේ පන්සලේ ආගමේ නොව තමන් ලඟය යන්න අවබෝධවීම හා අවබෝධ කිරීම කොතරම් දෙයක්ද?

      Delete
  14. පිලිගත්තත් නැතත් වෘත්තිකයන් ගනයේ හාමුදුරුවරු ඉන්නව ඕන තරම්. හැබැයි එයාල පිලිගන්නෙ නෑ තමුන් වෘත්තිකයන් කියල. එතරම් දුසිල්වත් නොවන ඒ වගේම නිවන් දකින්න බලාපොරොත්තුත් නොවන උදවිය ඉන්නව. දායකයගෙ මරණෙට පිරිතට ගියා බණ කිව්ව ලැබෙන දෙයක් අරගෙන ආව. පන්සලට ලයිට් වතුර අරගෙන වෙහෙරෙ සුදු පාටට තියාගෙන ඉන්න අයට දෙන්න පුළුවන් නමක් වෙන තියනවද?

    ReplyDelete
  15. මේ ගැන කිසිවක් පැවසීමෙන් වැලකෙමි. කිව්වොත් මා ආගම් විරෝධියෙකුයි. නම්වෙනු ඇත
    කෝරලේ වලව්ව

    ReplyDelete
  16. එක අතකින් හැම දෙයක්ම වෙනස්වන කාලයක් අපි පෘතග්ජනයින් හැටියට හිතන්න ඕනෙ එක දෙයක් තියෙනවා. හාමුදුරුවරුන්ට අහාර පාන වගේම දන් දිමත් කුසලයක් වුනාට තර්මානයේ අධ්‍යන කටයුතු වල නිරතවන ස්වාමින්වහන්සේලාට මිල මුදල් අවශ්‍යයයි ඒ අධ්‍යාපන කටයුතු ඉටු කරගන්න. ඒවගේම ධර්මදේශනා සදහා මුදල් අයකිරිම නම් අනුමත් කරන්න බෑ ඒත් ගිහියන් වශයෙන් අපි යම් මුදලක් පරිතයාග කිරීම අපේ යුතුකමක්.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්