Followers

Sunday, March 25, 2012

අනගාරික රූපමාලී




දැනට වසරකට පමණ පෙර මට ඈ හමුවන විට භාවානාශ්‍රමයේ ආධුනිකයෙකු, නවකයෙකු වශයෙන් ශ්‍රමන ජීවිතයට එළඹෙනු පිණිස තබන මුල් පියවර තබා සිටි ඇයත් සාමාන්‍ය රූමත් ලඳකුත් අතර වෙනසක් නොපෙනිණ. තාරුණ්‍යයේ ලස්සන, ජවය, අව්‍යාජත්වය රැලි ඝණ කෙස් කළඹ, සාමාන්‍ය ඇඳුම්. ඇය ඉපදුනේ කොළඹ හතේ බාර්න්ස් පෙදෙසේ. (ඇය එන්නෙ කොහි සිටදැයි යන්න භාවනාවට වැදගත් නැතත් මා ලියන 'රූපමාලි වස්තුව'ට වැදගත් යයි සිතුවෙමි.)
ජීවිතයේ සොඳුරු බව නිස්කලංක  විඳින්නයි ඇය සැතපුම් දාස් ගනනක් ඈත වන වාසී භාවානශ්‍රමයට පලමුව  ඇතුලුවූයේ. ඒ කාලය ඇතුලත ඇයට කැමති නම් පූර්ණ කාලීනව භාවානාවට සම්බන්ධ වීමට තීරනය කල හැකියි. නැතිනම් නැවත සිය සාමාන්‍ය ගිහි ජීවිතයට රැකියාවට යා හැකියි. (නීතිය තමයි ඇයගේ වෘත්තිය.) තීරණ වලට කවුරුත් බලකරන්නේ නැත. බොහෝම නිදහස්. 
ලීයෙන් තැනුනු කැලේ මධ්‍යයේ පිහිටි ඇය වෙනුවෙන් වෙන්කෙරුනු  කුටිය පෙන්නු විට අපගේ පලමු ප්‍රශ්නය වූයේ තනිවම ඉන්න භය නැද්ද යන්නයි.  

'පලමු දවස්වල නම් භය හිතුනා'
'වන සත්තු සරපයි?'
 'ඒ අයගෙන් කරදරයක් නෑ ඇරත් මේ හරියේ ඉන්නේ නයි විතරයි'
ඒත් පසුව ඈ ව්‍යංගයෙන් ඇඟවූ  පරිදි භාවනාවට වඩා අමාරු අනෙක් භාවනානු යෝගීන් විශේශයෙන් ස්ත්‍රී පක්ශයේ අයවලුන්ගෙන් එන කෙණහිලිකම්ය.


වෙනත් විහාරයකදී, බෞද්ධ උත්සවයකදී, උපාසක උපාසිකාවන් සිය ගානක් අතර ගැවසෙන රූපමාලි නම් භාවනා මාර්ගයට පිළිපන් ඇය මට හමුවිය.
දායකයන් හා එක්ව හරි හරියට දානය සැකසීමේ කටයුතුවලට දායක වන ඇය මා දැක සිනාසුනි.

'රූපමාලී,  මේ ඔබ නේද'
වසරකට පසුව ඇය තව පියවරක් ඉදිරියට තබා ඇත. ඝණ රැලි කෙස් කළඹ බූ ගා තිබුනි. ඇඳුම් වෙනස් වී සුදු පිරුවටයකින් ගත වැසී තිබුනි.


'මොකද්ද මේ වෙනස?' 
'මං අනගාරික උනා,'
'කොපමණ හොඳද'

'කොහොමද අඳුනගත්තේ'
'මං හිතනවා, හිනාවෙන් වෙන්න ඕනේ'
ඇය සිනාසුනි. ඇය යෞවන වතේ නොවෙනස්ව තරුණව ඉතිරිව තිබෙන්නෙ එය පමණයි, මට නැවත සිතුනි.
ගිය වසරේ මේ වැනිම ඇඳුම් ඇඳ ආවතේව කළ උස සුදු භාවානානුයෝගියා හිස මුඩු කොට කසාවත් ඳ ඈතින් වඩිනු දුටුවෙමි. නවකයෙක් ලෙස ඔහුටත් කෙණහිලිකම් තිබෙන්න ඇති.





Thursday, March 22, 2012

උන්ගේ සදාචාරය හා අපගේ සදාචාරය



කැම්පස් යන කාලේ, අවුට් වෙච්ච් කිට්ටුව, ලොකු අමාරුවක් උනක් තියෙනවනේ; ඇදේට යන රට කෙලින් කරල ගන්න. පගා ගැනීම නැවැත්වීමට, අනිසි බලය යෙදවීම නැවැත්වීම, සාධාරණත්වය. අරව,, මෙව්ව...

අනේ ඉතින් බලය අතට අහුවෙනකොට ඒ අදහස් කොහේ ගියාද නෑ. උදාහරනයක් ලෙස ඔය ට්‍රැෆික් පොලිස් මහත්තුරු අපේ බැචාලව ස්පීඩ් කරල ඇල්ලුවහම මිතුරු ඩී අයි ජී බැචාට කිව්වහම .........??? ඒකට පස්සෙ එමු!

සාමාන්‍යයෙන් එලියට ඇවිල්ල රස්සාවක් කරගෙන පරස්තාවක් කරගෙන එහෙන් මෙහෙන් පීඩනය එනකොට අර මුලින් පෙනී සිටි මූලධර්ම, ටික ටික යටට යනව, උණ අඩු වෙනව. මං මේ උණ කිව්වෙ විශේෂයෙන් වාමාංශික දේශපාලනේට. වාමාංශය කිව්වට භය වෙන්න අවශ්‍ය නෑ. අපේ වාමාංශය දියුනු රටවල ධනපති පක්ශ තරම්වත් වාමාංශිකද මන්ද, ඒ නැතත් තවම ඒවට බැරි වී තිබෙනව අඩුම තරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වත් තහවුරු කර දෙන්න. කෙටියෙන් කියනව නම් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් කීවොත් වරදක් නෑ. ' සාපේක්ශ සාධාරණ පක්ශ ' කියල නම් වෙනස් කල යුතුයි කියල මං යෝජනා කරනව. මේ පක්ශ විසින් ගොඩ නගන ලද දැනුම් සම්භාරයක් දේශපාලන සාහිත්‍යයක් අපට තිබේ.

විප්ලවය යනු, ඔලුව අපසට් කළ කොල්ලො ටිකක් එකතු කරගෙන තුවක්කු දෙක තුනක් ඔහෙක් කොරගෙන  එක රැයකින් කරන්නට පුලුවන් කෙංගෙඩියක් නොවේ කියල දැන් කීපවරක්ම ලාංකික තරුණයින් ජවිපෙ මාර්ගයෙන්,  තම සීමාවන් නොදැන කරන දීර්ඝ කාලීන යුද්ධයක් පවා අසාර්තක වන බව එල් ටී ටී එක මගින් ඔප්පු කලා.  මේ ව්‍යාපාර විසින් ගොඩ නගන ලද දැනුම් සම්භාරයකුත් නැත. ඔප්පු කල එකම කාරණය මෙන්න මේ විදියට දේශපාලනය කරන්න එපා කියන එක පමණි. ඒ වගේම විප්ලවය යනු සංවිධානය වී තිබුනු ශක්තිමත් වෘත්තීය සමිති ටික බිල්ලට දීල ක්‍රියාධරයන් පාරට ඇදල දාල ඒකාධිපතිත්වයට පාර කැපීමත් නොවේ.

ඔය වාමාංශයට තිත තැබෙන්නේ විශේශයෙන් වයිෆ් අතින් කීවොත් වරදක් නෑ.
ඔන්න ඒකත් අපේ ගොඩට කියල ලඟදී බඳින්න ඉන්න පොඩි කුමාරි හාමිනේ/ප්‍රවීනා පලිපාන කියයි.

ඉතින් මේ උණ අමාරුව තියෙන කාලේ නොනවතින විප්ලවය Permenent Revolution , උන්ගේ සදාචාරය හා අපේ සදාචාරය Their Morals and Ours,  විප්ලවය පාවාදීම-Revolution Betrayed තුන් සරනේටත් වැඩියෙ කටේ නිතරම ගැවසෙන වචන. මේව ට්‍රොට්ස්කිගෙ පොත් හා මූලධර්ම. ඔහු අදහස් කලේ නිර්ධනීන්ගෙ හා ධනවතුන්ගේ සදාචාරයන් එකිනෙකට වෙනස්; පටහැනි, බව පෙන්වන්න. නිර්ධනීන් කිව්වේ හිඟන්නො නොවෙයි, පඩියට වැඩ කරන අය කිව්වොත් වරදක් නෑ-Proliteriat. මිලියන් පහ හය පඩි ගන්න අය ගැන නම් නොවෙයි.
පෙර ලිපියෙන් සාකච්ඡා වූ පරිදිත් සදාචාරයන් මනින මිමි එකිනෙක පුද්ගලයාට වෙනස් වෙනව

(පොඩි 'තෙලක්' බෙදල බලමු.;
අපේ තරුණ තරුනියන් අහල ඇති මේ අය ගැන. ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටාලින්, මාවෝ, චේ, ආදීන්, ලෝකය වෙනස් කරපු උදවිය කිව්වොත් වරදක් නෑ.
ලංකාවේ ප්‍රදාන දේශපාලන ධාරාවේ තිබෙන සමසමාජ, නවසමසමාජ, සමාජවාදී, සමානතා පක්ශය ට්‍රොට්ස්කි වාදී පක්ශ. කොමියුනිස්ට් පක්ශය ස්ටැලින්වාදී පක්ශයක්. ජේවීපිය තමුන්ව හඳුන්වනෙ මාක්ස් ලෙනින්වාදී පක්ශයක් ලෙස.)

කලින් ලිපියෙන් හා කමෙන්ට් වලින් මතු වූ පරිදි සදාචාරයට අර්ථ දැක්වීමක් නෑ. එය සාපේක්ශයි. අලුත් විදියට කියනව නම් පට්ට සාපේක්ෂයි. අර කස්ස කිව්ව වගේ පට්ට සබ්ජෙක්ටිව්.

අර මුලින් කිව්ව දේ නැවත මතක් කරනව නම් සාධාරණත්වය ගැන කතා කරන අය බලය ටිකක් අත පත ගාල වාහනේක දෙකක එහාට මෙහාට යන කොට තමුන්ට සර් කියන කොට අර මුලින් තමන් පෙනී සිටි වටිනාකම් සදාචාරය අමතක වෙනව, වෙනස් වෙනව.

උදාහරනයක් ලෙස ඔය ට්‍රැෆික් පොලිස් මහත්තුරු අපේ බැචාලව ස්පීඩ් කරල ඇල්ලුවහම මිතුරු ඩී අයි ජී බැචාට කිව්වහම ලයිසන් එක ගෙදරට ම ගෙනත් දෙනව.
මොකද්ද මෙහි ඇති සදාචාරය, ඔබගේ අදහස් දක්වන්න.

Thursday, March 15, 2012

පොඩි ගානක් හදාගන්න බැරි ලොක්කො?

10000,  10000,   10000, 20000, 30000, 
10000, 20000  + -*?/
10000?//?




දන්නවනේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති මහත්තය සිය අගමැති තෝරගත්තෙ කොහොමද කියල.
ගාමිනි දිසානායකගෙන් ඇහුව ප්‍රශ්නෙ;
 එකයි එකයි කීයද?
ඒ මහත්තය කියපි 'දෙකයි සර්'
ම්හ්
මෙයා හරි නෑ වැඩේට,මොකද මෙයා ඇත්ත කියනව

ගියා ලලිත් ඇතුලත්මුදලි ලඟට(මොන ප්‍රශ්නෙ තිබුනත් මම කැමතිම දේශපාලනඥය. ඒ මහත්තය තමයි විශ්වවිද්යාල ශිෂ්‍යයනට මහපොල ශිෂ්‍යයත්වය දුන්නේ)
ඇහුව ප්‍රශ්නෙ
එකයි එකයි කීයද?
එකොලහයි සර්
මෙයා කපටි වැඩියි
ම්හ්

ප්‍රේමදාස මහත්තය ගියා විජේතුංග මහත්තය ලඟට
ඇහුව ප්‍රශ්නෙ
එකයි එකයි කීයද?
සර්ට ඕන ගානක් දාගන්න  සර්
අන්න වැඩේට කැපෙන මිනිහ.

එහෙම තමයි විජේතුංග මහත්තයට අගමැති පුටුව ලැබුන කියල කියන්නෙ.

මේ කතන්දරේ දන්නේ නැත්තේ ඉතාම නුදුරේ වැඩිහිටියන් වූ අය පමණයි


ඒ කතාව නොවෙයි මගේ කතාව.
මෙන්න මේකයි!

මේ ලඟදී ගියා පොඩි වර්ක් ශොප් එකකට දන්නවනේ ලොක්කනට පොඩ්ඩනට ඔක්කොටෝම වැඩ කරන තැන්වලින් තියනවනේ පුහුනු පාඨමාලා.

පාඨමාලාව ටිකක් කම්මැලි වෙන කොට පොඩි පොඩි උපක්‍රම දානව. එදා දැම්මෙ මේකයි


පුලුවන් නම් කියන්න බලන්න මේ ප්‍රශ්නෙට උත්තරේ.

මිනිසෙකු නිවසක් මිලදී ගත්තා රුපියල් 425000කට,ටික දවසකට  පස්සෙ වික්කා 435000ට.

තව ටික දවසකට පස්සෙ තව නිවසක් ගත්තා 445000කට, තවත් ටික දිනකින් වික්කා 455000.

වර්ක් ශොප් එක මෙහෙවපු සුරූපි ලඳ මෙහෙම කියනව

ලැබූ ලාභය හෝ පාඩුව කොපමනද?

උත්තරය 10,000 කියන  අය මෙතනට එන්න
25 දෙනෙක් විතර එතනට යනව

උත්තරය 20,000 කියන අය මෙතනට එන්න

25 දෙනෙක් විතර යනව

උත්තරය 30,000 කියන අය මෙතනට එන්න
තව සෑහෙන පිරිසක් එතැනට යනව

මටත් පුදුමයි මේ වගේ සරල ගාණක් හදාගන්න බැරි අය තුනෙන් දෙකක් පමන හිටිය.

පුලුවන් නම් කියන්න බලන්න මේ ප්‍රශ්නෙට උත්තරේ.
වෙනත් වියදම් නැත කියා උපකල්පනය කරන්න


Sunday, March 11, 2012

ගොනුන් කන, කා රැවටෙන තන






මා කලින් කතාවේ ඇඟෙව්වෙ අස්වභාවික ලෙස විශාල, ස්වභාවික සංසිද්දියක් පිලිබඳව.
අද ස්වභාවික ලෙස පෙනෙතත්,  අස්වාභාවිකව  විශාල සංසිද්දියක් පිලිබඳව.
බවලත්, බලවත්, උදවියගෙන් දෝශාරෝපන එයිද මන්ද?

මෙය භයානක සෞඛ්ය ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඉතින් නොකිය, නොලිය,  කොහොමද හුදී ජනයාගේ සිත් සුවය පිණිස...

දියුනු රටවල සාමාන්‍ය දෙයක් ලෙස විශාල වශයෙන් සිදු කෙරෙන කෘතිමව බද්ධ කෙරෙන පියොයුරු වල ඇතුලාන්තය ගත්තම එවා කාර්මික තත්වයේ සිලිකන් වලිනුයි නිමවී තිබෙන්නේ.


මේ  සිලිකන් උරයක බහා තමයි ශරීරයට බද්ධ කරන්නේ. මේ උරය පාරිභෝගිකාවට අවශ්‍ය පරිදි ප්‍රමානයෙන් වෙන්න ඕන තෝරා ගැනෙන්නේ. (සමහර වෙලාවට පාරිභෝගිකාවගේ, පාරිභෝගිකයා වෙන්නත් පුලුවන්.)
කෙසේ වුවත් සමහරුන් තමන්ගේ ශරීර අනුපාතයට සාපේක්ශ නොවන තරම් උරයන් තෝරාගන්න බවත් පේනව. මේ උරය සිදුරු වී එලියට කාන්දුවන සිලිකන් ශරීරය හා ස්පර්ශ වීම පිලිකාවට හේතුවන බව සොයා ගෙන තියෙනවා. ඔන්න දැන් ගලවන්න කලබලේ..

 දැන් ස්කෑන් කර බලමින් පලුදු වී ඇති උරයන් ඇති අයගේ ඒවා ගලවමින් යයි.

දහ අතේ කල්පනා කලා.. කලා.. කොහොමද මේ උරයේ සිදුරු, පලුදු, පැලුම්, ඇති වෙන්නේ කියලා.

අම්ම්පල්ල මුන්ගේ දත් ඔක්කොම රදනකද ?
 වෙන්න බෑනේ!

මහ වෙදනගෙන් වත් අහල බලමු!

--------------------------------------------


Above photo was taken from this source

https://encrypted-tbn0.google.com/images?q=tbn:ANd9GcRWQKTdroiEpEwMo7Q0Lro5xIZE46FqyKNrj5QhWpTnkXGq5a7e



Friday, March 2, 2012

සුනිල් මාධව ප්‍රේමතිලකට ප්‍රේම කළ 'හූණා'



http://www.kidcyber.com.au/IMAGES/geckosilo.jpg

සුනිල් මාධව ප්‍රේමතිලක හා බැඳුනු පොඩි කතාවක් තියෙනව, මෙය වැඩිහිටියන්ට  පමණක් තේරුම් ගත හැකි භාෂාවෙන් ලියන්නයි  උත්සහ කළේ.
පුද්ගලිකව නොහඳුනන සුනිල් මා කවදාවත් හමු වී හෝ කතා කර හෝ නැත. මගේ මිත්‍රයකුගේ අසල්වැසි මිත්‍රයකු වූ මා තවමත් නම නොදන්නා අකාලේ මියගිය 'හූණා' ගැන මා අසා ඇති කතාවකුයි අද ලියන්නේ. මගේ මිත්‍රයා කයිවාරුවලට නම් දරාපු කෙනෙක්. මිනිහ ගැනත් කතා සීයක් වුවත් ලියන්න පුලුවන්.  හැබයි මං හිතනවා මේ කතාව බොරුවක්ම වෙන්න බෑ.

සුනිල් මාධව ප්‍රේමතිලක යන නම මතක් වුන පමණින් කෙනෙකුගේ සිහියට නැගෙන්නේ ඔහු විසින් කාලයකට පෙර ඉරිදා පුවත් පතකට ලියන ලද සත්‍යවාදියෙකුගේ දිනපොත යන තීරු ලිපි පෙලයි. ඔහු එය ලීවේ නිර්ධනයාගේ, දුප්පතාගේ දුක, දකින ඔහුගේ හදවත අඬන හැටි අප හා බෙදාගන්නා ලෙසකිනි. මෙය කියවන කෙනෙකුට හිතෙනව මේ ලේඛකයා ජේ වී පී කාරයෙක්ද කියල. ඒ උනාට ජේ වී පී කාරයන් මේ විදියට බොන්නේ නෑ. මොකද සමහර ලිපිවලින් මදු විත වෑහෙනව. පසු කාලෙක  දැන ගත්ත, සුනිල්, ප්‍රසිද්ධ ලේඛක මීමන ප්‍රේමතිලකගේ පුත්‍රයා බව.

පසු කලෙක බොබ් මාර්ලේ වැනි අයට ප්‍රිය කරන්නට මේ තීරු ලිපි හේතු වෙන්න්ට ඇතියි කියලත් මට හිතුන වෙලාවල් තිබුන. බොබ් මාර්ලේත් මත් ද්‍රව්‍යවලට ප්‍රසිධ්දියේම පෙම් බැඳි කෙනෙක්. අනෙක් කාරණාව, කලු ජාතීන්ගේ විමුක්තිය පතා ගී ගැයූ කෙනෙක්.


ඉතින් පසු කාලෙක ඉගෙන ගෙන අවසානව රස්සාවල් කරල අපි අවාහ විවාහ වෙලා ඉන්න අතරෙ හූණා ගැන කතාව ඇදිල ආපුවහම මගේ මිත්‍රය නිතරම මතක් කරනව 'හූණ'  තවම බැඳල නෑ කියල. දැන් සුනිල් එක්ක සෙට් වෙලා, හොඳට කනව බොනව කියල. ඒක ඇහුවහම් මටත් ආසාවක් ඇති උනා හූනත් එක්ක මගේ වීරයෙක් වන සුනිල්ව හමු වෙන්න යන්න, ඒත් පසු කාලෙක ඒ දුක් මුසු පුවත ලැබෙන කම් එය මට කරන්න ලැබුනෙ නෑ. ඇත්තටම් හූණා හොඳට හම්බ කලා. තාක්ෂණික අංශයේ රැකියාවක් කලේ Tania and Tamara කියන  සමාගමේ. ඌට හූණ කිව්වෙ සෑහෙන කෙට්ටු නිසා.

ඇයි මිනිහ බඳින්න නැත්තෙ?

බඳින්න බෑ මචං ඌව බැන්දොත් ගෑනි මැරෙනවා, උගේ ඇඟෙන් හිතා ගන්න බෑ සයිස් එක.

අපි කයිවාරු මිත්‍රය කියන ඒව වැඩියෙ ගනන් ගන්නේ නෑ කවුරුවත්. හැබැයි හූණ බීලම මලා.
ඌට නොබැඳ ඉන්න වෙන කිසිම පිටින් පෙනෙන හේතුවක් තිබුනෙ නෑ.

------

  • ඊයෙ රාත්‍රියෙ ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට තරඟය බලමින් සිටින අතරේ වැරදි බොත්තම ක්ලික් කිරීම හේතුවෙන් වූ දෝෂයක් නිසා  පෝස්ට් එක ඩිලීට් කරන්නත සිදු උනා. එයට කමා කරන්න.



  • සුනිල් මාධවයන්ට හෝ හූනාට සුලු හෝ යම් නිගරුවක් කිරීමට මා කිසි ලෙසකින් මේ ලිපියෙන්  අදහස් නොකල බව කරුණාවෙන් සලකන්න.