Followers

Monday, April 30, 2012

කවුද මේ? Sri Lankans Got Talent

Andrew De Silva - Australia's Got Talent 2012 audition 6 [FULL]

මගේ හිතවතෙක් එවපු ඊමේලයක තිබුනු පොඩි කතාවක් හා වීඩියෝ පටයක් මගේ හිත ගත්තා.

කතාව පහත දැක්වේ.



Last night I watched this performance & it stunned the judges and the audience
On AUSTRALIA’S GOT TALENT – He is Sri Lankan and is the son of the
Famous vocalist CONRAD DE SILVA
If you missed it here is your chance to watch him – brilliant – standing ovation
And now the betting is on him to win this contest.

මේකයි වෙඩියෝ එක


බලන්න කවුද කියල...


Saturday, April 28, 2012

කිරිල්ලියක් මැරිල



නෑ මං හිත වෙනස් කර ගත්ත.

ඇත්තටම මැරිල තියෙන්නෙ කුරුල්ලෙක්

මං එහෙම කියන්නේ හේතුවක් ඇතුව.


මහ පාරෙ වාහනේකට අහු වෙච්ච් කුරුලු පෝතකයගෙ කැඩී බිඳී ගිය අත්තටු සිරුරෙ කැබලි දැක්කම

මට හිතුන මෙහෙම.

සාමාන්‍යයෙන් කුරුල්ලො වාහනවලට අසුවී මැරෙන්නෙ නෑ.

අපට උවමනා උවත් උන්ව යට කරන්න බෑ.

වහාම ඉගිලී යනව

අවදානම risk සාමාන්‍යයෙන් ගන්නේ කුරුල්ලො.

කිරිල්ලියො අවදානම් ගන්නේ නෑ.

ඒත් අද හරි ගියෙ නෑ.

හිතපු විදියට පරන පුරුදු විදියට ටක් ගාල ඉගිලී යන්න බැරි උනා.

අත් තටු පැටලුනාද. ?

ටිකක් වයස් ගත් කුරුල්ලෙක් ද?

තවම තරුණයි කියල හිතල අවදානම ගන්න හිතුවද?


පියා කෑම ගේන කම් පැටව් කටවල් ඇරගෙන මග බලාගෙන අහස දිහා බලාගෙන ඉන්නව ඇති.

මේ මිනිහ කොහේ ගිහිල්ල ද තාම නැත්තෙ  කියල කිරිල්ලි දොස් කියනව ඇත්ද?


Thursday, April 19, 2012

'අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඬ හඬා ඔහේ යනවා '-සංහිඳ





http://cdn.itn.lk/Discussion/sanhinda/sanhinda_20120415.wmv



කාලෙක සිටන් බලන් හිටිය මා ආස කරන ඔබත් ආස කරන රූපවාහිනි වැඩ සටහනක් ගැන ලියන්න. වේලාව ආවා.  සුනිල් ශාන්ත නිර්මානය කළ අයිවෝ ඩෙනිස් ගායනා කළ අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඬ හඬා ඔහේ යනවා ගීතය ප්‍රචාරය වෙද්දී මගේ මතකය කොළඹ විශ්ව විද්‍යාලයට ඉගිලුනා.  කාගෙත් දොස් අහන රූපවාහිනි ආණ්ඩුවාහිනී වල ප්‍රචාරය වන වැඩ සටහන් අතරේ අයි ටී එන් නාලිකාවේ ප්‍රචාරය වන සංහිඳ  මැණිකක්. ඒ මැණික කපා ඔප දමන පිරිසේ අපට පෙනෙන මුහුණුවර ඉන්ද්‍රසිරි සුරවීර. ඔහු කියන පරිද්දෙන්ම මෙය විශ්ව කෝශයක්. ලංකාවේ කලාකරුවන් ගැන ප්‍රාමාණික අධ්‍යනයක අවශ්‍යතාවය ගැන බ්ලොග් ලිපියක් මා පල කලා ....Oct 19, 2010..
http://dayal-bathee.blogspot.com.au/search/label/%E0%B7%86%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%A9%E0%B7%93%20%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%20Freddie%20Silva

 සංහිඳ මේ කරන කර්තව්‍ය ඉතා ශ්‍රේෂ්ටයි.  ඒත් ඒ අධ්‍යයනය කටයුතු, සංරක්ශන කටයුතු සංහිඳෙන් ලැබූ මේ මහඟු ජීවයත් එකතු කරගෙන ඉදිරියට යා යුතුයි. අපේ කලාකරුවන් අනුන්ගේ ගරාජවල පිලිසරණක් නැතිව මිය යාමට, අරක්කු වීදුරුවට පාච්චල් වීමට ඉඩ නොතැබිය යුතුයි.

කලාකරුවන් යනු අපේ සංස්කෘතිය නැමති ගංගාවේ  රිද්මයයි.


අප සමඟ එකට ඉගෙන ගත් රෝහණ(ඇත්ත නම නොවේ) මීගමුවේ හරිස්චන්ද්‍ර විද්‍යාලයෙ තමයි පාසල් අධ්‍යාපනය ලැබුවේ. එහි සංගීත ගුරුවරයෙක් ලෙස වැඩ කල අයිවෝ ඩෙනිස් ශූරීන් ගැන රෝහණ දැන සිටිය. වතාවක් දෙකක් අයිවෝ ගැන රෝහණ මතක් කලා මට මතකයි.


ඉතින් අපි කෙමෙන් කෙමෙන් ලං උනා ඒ මග නොහැරිය හැකි සෝබර අවසානයට. එනම් අවසන් වසරට. අපේ කෙලි ලොල් සෙල්ලක්කාර දිවියේ අවසන් භාගය. ඉතින් ඒ දවස්වල කියමනක් තිබුන අන්තිම වෙන කොට නිකං ඇඟේ හැපුනත් කෙල්ලො "හා" කියනව කියල. ඒ කියමනට සමාන එකක් හෝ තාමත් ඇති මං හිතන්නේ. මොකද සර්ව කාලීන දෙයක් නිසා. 'අපිට කැමති කෙල්ලන්ට අපි කැමති නෑ-අපි කැමති කෙල්ලො අපිට කැමති නෑ' වර්ගයේ සෙට් එකක තමයි මායි රෝහණයි හිටියෙ. ඒ දවස්වල 'නානව' කියන්නෙ දැන් මල් කඩනව කියන එකට. ඉතින් නාන්න කැමති ගෑනු ළමෙක් දෙන්නෙක් හිටිය අපේ සර්කල් එකේ. රෝහන මේ අයට කියන්නේ අර අයිවෝ ඩෙනිස් ගෙ සිංදුව....හෙමින්..ගෑනු ළමයින්ට නෑහෙන්න..

'අනේ මගෙන් වැඩ ගනිව් හඬ හඬා යනවා'

දැන් අර කෙල්ලො හොඳ හැන්ඩ්සම් පොරවල් බැඳල හොඳ පවුල් ජීවිත ගෙනියනව.

ඒ ගීතයෙ මුල් පද ටික              ( ගී තනුව - සුනිල් ශාන්ත, ගී පද - අරිසෙන් අහුබුදු)


වලාකුලින් බැස
සමන් කුලත් වැඳ එලෝ බල යනවා
අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඬ හඬා ඔහේ යනවා


Monday, April 16, 2012

ඉංග්‍රීසි -ලොකු බණ්ඩාර, ආර්ථික විද්‍යාව බන්දුල- ගුණවර්ධන නවතම පංති ඇරඹේ, ස්ටැෆර්ඩ් හිදී




ENGLISH ECONOMICS PHYSICS at STAFFORD COLLEGE.

උපෙ විභාගෙ අවසන මගේ පාසල් මිත්‍රයගෙ හැම කුනුගොඩට වගේම මේ වැඩේටත් සම්මාදන් වෙන්න සිද්ධ උනා. ඔහුට ගෙදරින් බල කලා කඩ්ඩ ටිකක් පොලිශ් කර ගනින් කියල. ඉතින් අනේ මාත් ගෙදරට කරදර කරල ලොකු බණ්ඩාර සර් ගෙ ඉන්ග්‍රීසි පන්තියට ගියා. එය තිබුනෙ ටොරින්ටන් හරියෙ කුරුඳු වත්ත පොලිසිය ඉස්සරහ ගිල්ෆර්ඩ් චන්ද්‍රවංකය මුල තිබෙන ස්ටැෆර්ඩ් විද්යාලයෙ. ගිල්ෆර්ඩ් චන්ද්‍රවංකය දිගේ මඳක් ඉදිරියට ගිය පසු හමුවෙනව  ලයනල් වෙන්ඩ්ට් කලාගාරය.

ඉතින් මං ආසම කෑල්ල තමයි ඒ හරියෙ තේ එකක් බොන්න තැනක් නැති නිසා කුරුඳු වත්ත පොලිසියෙ කැන්ටිමෙන් වඩේ එකක් කා ප්ලේන්ටියක් බොන එක.


ඉතින් අපේ ලොකු බණ්ඩාර සර් හොඳ ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඒ මහත්තයට හොඳ භාශා සාහිත්‍ය දැනුමක් තිබුන, පන්තියට ගියෙ බොහෝම ආශාවෙන්. මට මතකයි පසු ගිය කාලෙ ජනප්‍රිය ව හිටි ගායිකාවකුත් ඒ කල ඒ පන්තියෙ හිටිය. හිටපු ගමන් ස්ටේජ් එකට කතා කරන එක තමයි කාල ඉන්න බැරි. ඒත් ඉන්ග්‍රීසියට තිබ්බ බය ඇරියෙ ලොකු බන්ඩාර සර් කිව්වොත් වරදක් නෑ. පන්තිය අවසානය කිට්ටුව බුලත් විටක් කාල එහෙම, අතින් කට මුවා කරගෙන සින්ක් එකට කෙළ පාරකුත් විදිනව.

එයාගෙ ලව් එක තමයි නන්ද, කටේම තියෙන්නෙ නන්ද ගැන.

නන්ද... බැන්ද... රස කරල කියනව.

මං තාමත් හිතනව කවුද මේ නන්ද?

ලෝකෙම ඉන්න පිලිවෙලක් නැති කට්ටිය කවුද දන්නවද?

මං එයාගෙන් තමයි මුලවරට ඉගෙන ගත්තෙ.

උත්තරය .....

ගෑනු.............


ලොකු බණ්ඩාර සර්ගෙ පංතියෙ 30ක් ඉන්න කොට බන්දුල ගුණවර්දනගේ පංතියෙ ඉන්නව පන්සීයක්,
බන්දුල සර්ගෙ පංතිය එකම හිස් ගොඩක්. 1980 හරියේ මේ මහත්තයා 2500 න් පවුලක් රන් කරන හැටි කියා දෙනවා එහෙන් මෙහෙන් ඇහිලා තියෙනවා. මෙයා තවම කියවන්නේ අසූ ගනන්වල ලියා ගත්ත නෝට්ස් වගේය.

ඒ දවස්වලම බන්දුල මහත්තය සයිමන් නවගත්තේගම ගේ කෘතිය ඇසුරෙන් නිශ්පාදනය කල සුද්දීලගෙ කතාවේ මුදලාලි සුද්දීව රන් කරන විදියෙන් නම්  පවුල් රන් කරන්න ඒ දවස්වලම 2500ක් මදි.

අද පරණ ස්ටැෆර්ඩ් එක නවීකරනය වෙලා අන්තර් ජාතික පාසලක්. හෙඩිමෙ තිබෙන ඇඩ් එක අවුරුදු 32ක් පැරණියි. බන්දුලගෙ ගනන් මිමිත් අර හේඩිම වගේම පරණයි.

Monday, April 9, 2012

සිහිය විකල් වූ ඔබගේ ආදර සැමරුම්


IMG 9842
අංගොඩ මානසික රෝහල

මට බොහෝ විට දුම්-රියේදී මුණ ගැසෙන සිහිය විකල් වූ නොතරුණ පුරුෂයා මුමුණන විකාර වදන් කන් වැටෙන විට මට මා ගැන බයක් උපදී.
බැරි වෙලාවත් මට මෙහෙම උනොත්? ......

අහස දිහා බලාගෙන ඔහු සමහර විටෙක මෙහෙම කියනව ඇයි සොඳුර ඔබ මට මෙහෙම කලේ. මට මතකයි අපි දෙන්නා එකම ඇඳක නිදා ගත්ත කාලෙ.. .......
ඔහු කියන ඒව මට මෙතන ලියන්න බෑ.
 'මාත් මේ හාදය වගේ කියවන්න ගත්තොත්, ඒ කාලෙ කරපු දේවල්'
සුරා සූදුවෙන්... .... ... තොර කෙනෙක් කියලනෙ කපුව කියන්න ඇත්තේ,,,
(මළ කෙලියකි වන්නේ..)

(මට අහන් ඉන්න සිදු උනා මිසක් උවමනාවෙන් අහන් හිටියා නොවේ.)



බොහෝ ලේඛකයන්ට මේ දේ වෙලා තියෙනව. ඒ කියන්නෙ සිහිය විකල් වීම
එඩ්ගාර් ඇලන් පෝ  එවැනි කෙනෙකුට උදාහරණයක්. අපේ සයිමන් නවගත්තේගමත් ඔහේ ඉබා ගාතේ ඇවිදිමින් සිටි කෙනෙක් කියල අහල තියෙනව.
එ වගේ නිදහසක් අපිට නැති නිසා අපිට වෙන වෙන දේවල් ගැන ඕනවට වඩා හිතන්න විවේකයක් නැති එකත් එක අතකින් හොඳයි.


හිතන්න ඔබට මෙහෙම උනොත් කුමන රහසක් එලි වෙයි කියාද ඔබට බය හිතෙන්නෙ?