Followers

Thursday, May 31, 2012

මගෙ පරණ ගෑණි හරි වාතයක් myexsx

the Australian Number Plates group icon
මගෙ මුල්ම කාරය, මගේ කිව්වට මගේම නොවෙයි.
සේවය කළ ආයතනයෙන් දුන්නු වාහනේ.
ගොනාව බැඳල තියාගන්නව වගේ, බැඳල තියාගන්න.
එහෙම කියන එකත් සාධාරණ නෑ. ඔක්කොම කොම්පැනි වාහන පදින අය ඒ ඝණයට වැටෙනවනේ.
මගේ නොම්මරය 15ශ්‍රී 215, සමහර රටවල කාරයේ නොම්බරය අකුරු පමනයි.

ඒ වගේම තමන්ට ඕන විදියට ඒක තෝරන්න පුලුවන්.

පිරිමියෙකු විසින් එලවන දුටුව, වාහනයක නොම්මර තහඩුවක තිබුනු, මගේ හිත ගිය අකුරු ටිකක් myexsx,
my ex sx.  my ex wife sucks, සාමාන්‍යයෙන් ex කියන්නේ පරණ හස්බන්ඩ හෝ පරන වයිෆ්.
ex husband, ex wife එක්ස් හස්බන්ඩ් එක්ස් වයිෆ් යන තේරුමෙන්.
sucks කියන්නෙ හරි සවුත්තුයි, අඤ්ඤකොරොස්, කිසි ගතියක් නෑ, හරි වාතේ, වගේ තේරුමක් දෙන වචනයක්.
මගේ අනුවර්තනය හරි නැත්නම් දන්න කෙනෙකු කරුනාකරල හරි විදියට කියන්න.
එක පාරක් දෙපාරක් ඩිවොර්ස් වෙලා ඉන්න නෝනල මහත්තුරු මාත් එක්ක අමනාප නොවන සේක්වා!

Friday, May 4, 2012

නිදන් රකින බහිරවයාගේ ස්විච් එක ඕෆ් කිරීම


Taller Buddha in 1963 and in 2008 after destruction


බාමියන් බුදු පිලිම දෙකක්, එනම් ලෝකයේම විශාලතම ශෛලමය බුදු පිලිම ගල් බෝර දමා කුඩු පට්ටම් කළාට පසුව දිනම තමයි අමෙරිකාව ඇෆ්ගනිස්තානයට පහර දෙන්න තියා ගත්තේ, රම්පෙට බෝම්බ පොකුරු පොකුරු හලන්න ගත්තේ ,  2001 මාර්තු. අවුරුදු එකොලහකට පමන පෙර. කරුමෙ පසු දිනම පලදුන්න කියල මට හිතුන. ඒත් එය නොමනා සතුටක්, අහිංසකයින් තවමත් මැරෙනව.
ගල් පෙරලපු දේවදත්තටත් ප්‍රේමකළ සාශ්තෲවරයෙක් වන බුදු පියානෝ අද හිටිය නම් දෙසාවි 'පිලිම වන්දනාව මාත් අනුමත කරන්නේ නෑ. ඒත් ලෝක උරුමයක් වන කලා කෘතියක් වැනසීම ලෝකයාගේ වෛරයට පාත්‍ර වන වැඩක් නිසා කරන්න එපා'ය කියල


බලාගෙන ගියාම තලේබාන් පොරවල් හොඳයි; මොකද එය වස්තු තන්හාවෙන් කල දෙයක් නොවෙයි. 400ක් පමණ මුස්ලිම් පූජකයින් එකතු වී ගත්ත තීරණයක ප්‍රතිපලයක්. පිලිම වන්දනාව ඉස්ලාම් විරෝදී නිසා මේ පිලිම කඩා බිඳ දැමිය යුතුයි කියා ඒ සභාවෙන් තීරණය උනා. ඒ අනුව අවුරුදු දෙදහක් පැරණි ලෝක උරුමයන්, ලෝකයාගේ මහත්වූ විරෝදය නොතකා දින කීපයකින්  හිත් පිත් නැති ලෙස විනාශ කර දැමුවා.


ඇත්ත මහ නිධානෙ එනම් දියවන්නා ඔය මැද්දෑවේ තිබෙන නිධානෙ දැන් හාරන්නෙ සීමිත සංඛායාවක් නෙ. අනෙක ඔය ටී පනස් හයක් තුවක්කුවක් ඔහෙක් කරගන්න විස්කි බෝතලයක් දෙකක් එහාට මෙහාට විසිකරගන්න පුලුවන් උන්දලටත් මොකක් හරි නිදානයක් තියෙන්න එපායෑ. ආන්ඩුවට දවසක් තල්ලු කරගන්න උදව්වක් වෙන නිසාත් ඒ පැත්තෙනුත් ප්‍රගතිශීලී කාර්‍ය්භාරයක් ඉශ්ඨ කරනව


මෙහෙම ගියොත් පුරාවිද්‍යා අධ්‍යක්ශකට රකින්න කෞතුක වස්තු, පුරා වස්තු, ස්මාරක ඉතුරු නොවෙන සේයාවක් පේන නිසා අචාර්‍ය සෙනරත් දිසානායක මහත්තය පුරා විද්‍යා අද්‍යක්ශක තුමාත් වීදි බහින්න තීරණය කරල. (වීදි සටනේ පියාවන වාසුටත් තැනක් නැති
වෙන වැඩක් මේක)


මං මේ වගේ භයානක කතාවක් අහල තියෙනව. නිදානයක් රකින්න බහිරවයෙක් හදන විදිය. ඒක මෙහෙමයි.  පොලොව යට, නිදානය තැන්පත් කරල යාග හෝම පවත්වල, පිරිමියෙකු  ඒ අසලට ගෙනැවිත් හිස ගසා මරා දමනව, ඒ පිරිමියා නැවත බහිරවයෙකු ලෙස ඉපදී ඒ නිදානය රකිනව.
දැන් එහෙම කරන්න ඕන නෑ. කැමර එකක් හයි කොරපුවහම හරි..



Wednesday, May 2, 2012

මගියගේ girl friend එක්ක නිදාගත්ත නැවියා හොඳ උනේ කොහොමද?





මේ කතාවත් කලින් ලිපියෙ  සඳහන් කළ වර්ක් ශොප් එක හා සම්බන්දයි.
වැඩ මුලු ඇදී ඇදී යනකොට සහභාගී වන අයට නින්ද යන එක වලක්වන්න මෙහෙයවන උදවිය, එදා නම් හිටියේ බොහෝම ප්‍රිය මනාප රූමත් තරුන ලඳක්, රසවත් දෙයක් ඉදිරිපත් කරනව. දැන් ඔය දයාසිරි ජයසේකර සින්දු කියන්නේ, පාර්ලිමේන්තුවෙ ඉස්සර ඉඳල තියෙනව, හිටිය, තාමත් ඉන්නව කවියො, හොඳ කවියො; කැස්බෑව නියෝජනය කරමින් හිටිය දක්ශ කවියෙක්..විජමුත් හොඳ කවියෙක් නේද?
ලඟදී දියතලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ කුසලතා දියුනු කරන්නට පවත්වපු වැඩ මුලුවේදී, මාලිනීයි තවත්  ඇමති කෙනෙකුයි නැටුව කියල පුවත් පත්වල පලවෙලා තිබුන.

කියවල බලමු මේ කතාව
කියවල ඔබගේ අදහස් දක්වන්න. මේ වගේ දේවලට හරි උත්තර වැරදි උත්තර කියල දෙයක් නෑ. එකම දේ ඔබගේ උත්තරේ දුන්නේ ඇයි කියල පැහැදිලි කිරීමක් කලොත් වටිනවා. මන් දක්වපු අදහස පසුව ලියන්නම්


මේකයි කතාව

ඈත දියඹේ ගමන් කරමින් තිබුන කුඩා මගී යත්‍රාවක් සිදුරු වී ගිලෙන්නට පටන් ගත්තා. නැවේ හිටිය පස් දෙනෙක්. නැවියා, වයස් ගත පුද්ගලයක්, තරුන ජෝඩුවක්( a girl  and her fiance ), නැවියාගේ මිත්‍රයා.
මේ යත්‍රාවේ තිබුන පිම්ඹිය හැකි රබර්/ප්ලස්ටික් inflatables යත්‍රා දෙකක්, as the commander on the site,  the sailer, නිල බලයෙන් මේ අවස්තාවේ අණ දෙන නිලධාරියා නැවියාය. ඔහු තීරනය කලා මෙහෙම.

 එක රබර් බෝට්ටුවකට නගිනව මෙහෙම, නැවියා, වයස්ගත පුද්ගලයා, හා ජෝඩුවේ පෙම්වතිය


 අනෙක් රබර් බෝට්ටුවට නග්ගනවා  ජෝඩුවෙ පෙම්වතා, නැවියාගේ මිත්‍රයා.


ඔවුන් ගොඩ බිමක් කරා යන්න පටන් ගෙන වැඩි වේලාවක් ගියෙ නෑ මහා කුණාටුවක් හමන්න ගත්තා. (මාල දිවයින් වල වැඩ කරන කාලෙ මුහුද මැද්දෙදී කුණාටුවලට මං අහුවෙලා තියෙනව. මාල දීපෙ භාශාවෙන් බෝට්ටුවට කියන්නෙ දෝනිය, ඉතින් මේ දෝනිය උඩ ගිල්ල බිම වැටෙනව, සී සෝ පදිනව වගේ. රැල්ල ඇතුලටම ඇවිත් අපව දියබත් වෙනව. අපි අපේ ලෝකෙ ඉන්න සියලු දෙවි දේවතාවුන් මතක් කරගන්නව. අනේ ඒ නැවියන්ට ගානක් වත් නෑ.  හිනා වෙවී කකුලෙන් සුක්කානම හසුරුවනව.)

කතාවට එමු නැවතත්.

අනේ ඉතින් මේ කුණටුවට අහු උන රබර් බෝට්ටු දෙක එක් එක් අතට ගසා ගෙන ගියා.
නැවියාගේ රබර් බෝට්ටුව වාසනාවකට වගේ ගොඩ බිමකට ලඟා උනා. බලාපොරොත්තු සුන් නොකර ගත් පෙම්ව්තිය  දුපතේ උස්ම ස්ථානයට ගොස් ඈත බලාගෙන ඉන්නව හැමදාම. දවස් කීපයක් ගත උනා. අවසානයේ එක් සවසක ඇය දුටුවා ඈතින් වනන අත්, අපිව බේරගන්න කියලා.

ඇය දිව ගියා නැවියා ලඟට, ගිහිල්ල කීව අනේ මගේ පෙම්වතාව බේරල දෙන්න කියල.
ඒ පාර නැවියා කියනව, නුඹ මා සමග අද රත්‍රියේ නිදා ගත්තොත් මම ඒක කරල දෙන්නම් කියල.
එයට අකමැතිව පෙම්වතිය ඉවතට ගොස් වෙනතක් බලන්න හිතුවා.
මුහුදු වෙරලේ යෝගී භාවනා කරන වයස් ගත පුද්ගලයා කරා එලඹ ඇයගේ ඉල්ලීම ඉදිරිපත් කලා.
ඔහු කීවේ එය මගේ ප්‍රශ්නයක් නොවන බවයි.
බලාපොරොත්තු සුන් වූ පෙම්වතියට නැවියාගේ ඉල්ලීමට එකඟ වෙන්න සිදු උනා.

ඒ අනුව පසුවදා ගොසින් ඒ අයව බේරාගනු ලැබුවා.

පෙමව්තිය සිය වරදකාරී හැඟීමෙන් මිදීමට සිදුවී දෙය නොවලහා සිය පෙම්වතාට එලි කරනු ලැබුවා.  පෙමව්තා අමනාපයට පත් උනා. මේ කතාව අසා සිටි මිත්‍රයා කීව පෙම්වතියට භයවෙන්න එපා මං එයාව අස්වසන්නම් කියලා.

ප්‍රශ්නය මෙයයි.

සදාචාරත්මක අතින් එනම් හොඳ ගති ගුණ අතින් පලමුවන ස්තානයේ සිට අඩුම මට්ටම දක්වා අනු පිලිවෙලින් මේ කතාවේ එන පුද්ගලයින්ව නම් කරන්න.

1.
2.
3.
4.
5.

Above picture was taken from following resource

http://www.csmonitor.com/var/ezflow_site/storage/images/media/content/2012/0119-costa-concordia-italians-sinking-leadership/11506156-1-eng-US/0119-costa-Concordia-italians-sinking-leadership_full_600.jpg

Tuesday, May 1, 2012

කතන්දරවල තියෙන පිලිකුල් රසයත් රසයක්ද? අවවාදයයි වමනය යන්නට පුලුවන් බැවින් පරිස්සම් වන්න







ජංගි හා ජොක්කු රස ගැන නෙමේ මගේ මේ වියමන.
ඊට වඩා ඉහල සම්භාව්‍ය ගම්බීර රසයක් වන තුවාල වලින් ගලන දුගඳ සැරව රස ගැන (හා... හා..)

පිලිකුල් රසය ඉතාම ඥාණාන්විතව අවස්තාවෝචිතව භාවිතා කළ ඓතිහාසික 'ආසික්' කතන්දරයක් කියන්නම්. මෙහි කතානායකය බුද්ධදාස රජතුමා. රජතුමා සතුන්ටත් රෝහලක් අවුරුදු දාස් ගානකට පෙර පවත්වගෙන ගිය බව ඔප්පුවෙන කතාවකුත් වෙනව. මේ ගැන අහපු ගමන් කතාව අහල තියෙන අයට දැනෙනව සැරව රසය. බඩේ තියෙන බඩවැල් එලියට එනව වගේ දැනෙනව. බඩේ තියෙන ඒව එලියට පනින වෙලාවක් තමයි රෝලර් කෝස්ටරේ යන විට. ( කාලෙකට පෙර හිතවතෙක්ගෙ උවමනාව නිසා භය බව නොපෙන්ව යන්න උනා, ආයි නං යන්නෙ නෑ )

බුද්දදාස රජතුමගෙ කතාවට එන්න පෙර තව  කතාවකුත් තියෙනව එය කියන්නම්.


ධනංජය කරුණාරත්නගෙ නාට්‍යයක තියෙන කතාවක්. එය දිග   දිග කතාවක්. ඒත් කෙටියෙන් කියන්නම්.

මිනිහෙක් හිතවත් කෙනෙකුට කන්න අරන් දෙනව බොන්න අරන් දෙනව , කන බොන ගමන් ඔහුගේ කතාවත් කියනව.

"මට රස්සාවක් නැති නිසා මගේ ගෑනි ගියා වලව්වේ වැඩට. කාලයක් ගත උනා. දැන් මගෙ ගෑනි ගෙදර එන්නෙ නෑ. මං කීප වතාවක්ම ගියා එක්ක එන්න. ඒත් ඒකිව  එවන්න හාමු බෑ කියනව. මං කීප වතාවක්ම ගියා. ඌ මට සල්ලි දික් කරනව. අන්තිමේදී බැරිම තැන මං සල්ලි ගත්තා. හිතේ අමාරුවට හොඳටම මං බිව්ව. ඉතුරු සල්ලිවලින් තමයි මං මේ උඹට කන්න බොන්න අරන් දෙන්නෙ ."


බුද්ධාස රජ්ජුරුවො ලඟට දිනක් බඩේ අමාරුවක් ඇති කෙනෙකු ගියා බෙහෙත් ගන්න. ඒ විටම තව කෙනෙකු ආවා කකුලක් කුනු වී ඕජස් ගලන කුණු ගඳ ගසමින් අශ්වයෙක් රැගෙන. රජතුමා පලමුව අශවයාගේ තුවාලයට ප්‍රතිකාර කරලා යැව්වා.

දෙවනුව බඩේ අමාරුව වැලඳී කෑ ගසන ලෙඩාට බෙහෙත් බොන්නට දුන්නා. ස්වල්ප වේලාවකින් රජතුමා ලෙඩා ලඟට ගොස් කීවා ඔබ බීවේ අර අශවයාගේ කුනු වී තිබුනු සැරව කියා. ඒ විගසම ලෙඩාට ඔක්කාරය සැදී වමනය කරන්නට පටන් ගත්තා, බඩේ සිටි පනුවන් එලියට ආ නිසා අසනීපය සුව උනා. අශ්වයත් ගොඩ, මනුස්සයත් ගොඩ.
dscf6516 medium 150x150 Horse Wounds and Proud Flesh Treatment with Some Good Veterinary Advice

http://enduranceridestuff.com/blog/2008/12/horse-wounds-and-proud-flesh-treatment-with-some-good-veterinary-advice/