Followers

Friday, June 22, 2012

කාන්තා හා පිරිමින්ගෙ මාල හෙවත් කර පලඳනා, Xක්කු කතාවකුත් තියෙනව


ලංකාවේ අපිට කර පලඳනා නැත්නම් මාල අමුතු දේවල් නොවෙයි. ඒව වඩාම ජනප්‍රිය කාන්තා පක්ශය අතරෙ බව කියන්න ඕනෙ නෑනේ. අම්මල කියනව කර පාලු කරන්න එපා කියල. ඒ උනාට මොකෝ, අපේ අම්මගේ කරේ බොහෝ වෙලාවට කරේ පාලු ඇරියෙ රත්ත්‍රන් 'වගේ' මාල. ඒ කිව්වෙ අම්මගෙ භාශාවෙන් කියනව නම් ඉමිටේශන්; තබක්ක කියලත් සමහරු කියනව. අම්මගේ ඇත්ත රත්තරන් මාල බොහෝ වෙලාවට තිබුනෙ ඊ ඒ පී එදිරිසිංහ ල වගේ අය ලඟ.  මුවන් පැලැස්සෙ කදිර බැන්දෙ හෙනරාජ තෛලය අඩංගු සුරයක් වන අතර ප්‍රභාකරන්ගෙ කර වටේ තිබුනේ සයනයිඩ් කරලක්. 
ගිනිතියපු ටයර් කරට පලඳන කාලෙකුත් තිබුන. 
ලෙඩ දානවටත් කියනව, මාල දානව කියල. 
පෙදරේරුවන්ගෙ පරිභාශික වාග් මාලාවෙත් තියෙනව මාලය කියන වචනෙ.
ජනක රත්නායක ඇන්ද සුසීමා කතාවේ සුමේද බැන්දෙ කොටි දතක්. මේ හැත්තෑ ගනන්වල කතාවක්. මාත් කොටි දතට සමාන කරූ අයියගේ කම්මලේ තැනූ සුදු යකඩ කොඩි දතක් කලු ලේස් පටියක අමුණල කරේ පැලඳුව. කොඩි දතට ඉහලින් දයාල් කියල ඉංග්‍රීසි අකුරෙන් කොටා ගත්තා. මං හිතුව , කාලෙට ගැලපෙන කොල්ලෙක්. 
මාත් එතකොට ඒ කාලෙ ට්‍රෙන්ඩි කොල්ලෙක්. ඒ දවස්වල භාශාවෙන් මොඩ් පොරක්. බෙල් බොටම් මිසක් කක්ක පැත්ත පේන ලෝ රයිඩර් ඒ කාලේ තිබුනෙ නෑ. පොඩ්ඩක් ලන්කට් එක පේන්න සරම උස්සන පොරවල් හිටිය. එකක් චන්ඩි කමට. අනෙක ඩෝප් මර ගාතෙට.

මාත් බොහොම අගේ කරන සාටකයත් කර පලඳනාවක් ලෙස ගන්න පුලුවන් ම'හිතේ.
අවුරුදු 12000 කට පෙර සිදු වූ ලෝකයේ පලමු තඹ හා යකඩ භාවිතයට සාක්ශි හමුවන්නේ  ලංකාවේ මාදුරු ඔය ප්‍රදේශයෙනි. ඉතින් ලෝහ කර පලඳනා ඕන තරම් තිබෙන්න ඇති ලෝකයේ පලමු වතාවටත්. 

ඊයෙ පෙරේද දවසක, අපේ ජනපති මහින්ද බ්‍රසීලයේ ගොහිල්ල 20+ රැස්වීමෙදි කිව්ව අපි අපේ ප්‍රශ්නවලට අපේම විසඳුම් දෙනව කියල.  ඉතිහාසෙ බැලුවහම එහෙම බැරි කට්ටියකුත් නොවේ අපේ පොරවල්. ලෝක දේශපාලනයේ රෙකොර්ඩ් තියපු කට්ටිය ලංකාවේ ඉන්නෙ, පලමු කාන්තා අගමැති, කාන්තා ජනපති...
ඇත්ත, පරිසර නීති රීතිවලින් සංවර්දනය වන රටවල වර්දනයට අකුල් නොවැටිය යුතුයි. මැලේසියාව සිංගප්පූරුව වැනි රටවල් සිය ජාතික සමගිය රැකගන්නේ කොහොමද ආදියත් එතුමාගේ අපේම කියන විසඳුමට අඩංගුයි කියල මට හිතෙනව. පරිසරය රැකගන්න අපේම වර්ගයේ විසඳුමට ලෝක උරුමයක් වන නකල්ස් කඳුවැටියෙ වැනි තැන්වල හෝටල බලහත්කාරයෙන් ගොඩනැගීම වැනි දේ අයත් නැතිව ඇති.

නැවතත් මගේ මංගල්ලෙට දිහාවට හැරෙමු..

පසුව මා විවාහ උන කාලේ අහේනිය මග ඇරිල තිබුන නිසා මංගල්ලෙ ටිකක් සරුවට ගත්ත. මංගල ආභරන හදන්න ගිය වියදම මතක් උනා. ස්වර්ණ මහල් එකෙන් අපේ මිත්‍රයෙකුගෙ ඩිසයින් එකකට හදව ගනු ලැබුවේ. 
මං හිතන්නෙ රත්තරන් පවුමක් පන්දාහක් විතර ඇති ඒ දවස්වල. දැන් නම් දහගුනයක් වැඩිවෙලා. දැන් හිතෙනව අනේ රත්තරන් ටිකක් අරගෙන දාල තුබුන නම්. ගොඩේ ගොඩ.  පවුමක් කියන්නෙ ග්‍රෑම් අටක් විතරනේ. 

මල් මාල, පොල් කටු මාල කියල ජාතිත් තියෙනව. රාජ උදහසට ලක්වී හිස ගැසීමට ලක් කරන්න ගෙනියන විට වද මල් පලඳවා වීදි සංචාරය කෙරිල තියෙනව.  ඒ වගේම ලෝකයේ නොවූ විරූ මාල පලඳන ලද කට්ටිය ලංකාවේ හිටිය.
 අනාගතේටත් ඉඳීවි.

මේ සේරම මගේ මතකයට එන්න ගත්තේ අමා ටෙලි නාට්‍යයේ වීරයා වන හිරුගේ කර පලඳනාව දැක්කම.

-------------------------------


ලංකාවේ ඉතිහාසයෙන් බිඳක්
http://www.scenicsrilanka.com/history-of-sri-lanka-483BC.html

Tuesday, June 12, 2012

බීෆ් ෆ්ලේවර් එක දාල හදන චිකන් කරි එකක් වගේ, විමල් ඇමති තුමාගේ අනාගත දැක්ම, නිදහස් අද්‍යාපනයේ අස්වනු නෙලමු


Coconut chicken curry

අද මගෙ කතාව මිශ්‍ර එකක්....

ඉඳල හිටල කන කුකුලු මස් කෑල්ලත් දැන් කිසිම කුකුලු මස් රහක් නෑ. අනේ සමාවෙන්න ඕන මගේ පරිනාමයෙන් උරුම වෙච්ච වනචාරී රස නීරස ගැන කීවට. එලවලු  පමනක් භක්ශක පින්වතුන්,  (නිකං අනෙක් අයට පෙනෙන්න හෝ වියදම් අඩු කරගන්න කරන අය ) මා සමග උරණ වූවත් මක්ක කරන්නද?
කෙසේ වෙතත් කුකුලු මස් රස ගන්න කුකුලු මස් ව්‍යංඤ්ජණයටත් කුකුලු මස් රස සුප් කැට දාල උයන්න වේවිද යන්න සැකයක්? නොකිව්වට ගොඩක් අය දැනටමත් දානව.

ලංකාවේ විරුද්ධ පක්ශත් නිකං ඒ වගේ කියල මට හිතුන. මෙලෝ රහක් නෑ. එක එක වෙලාවට එක එක ෆ්ලේවර්, ජනාදිපති මහින්දටත් එපා වෙලා. දැන් එයාට කියා දෙන්න වෙලා විරුද්ධ පක්ශෙටත් මොනවද කරන්න ඕන කියල.
සරත් ෆ්ලේවර් එක දාල ජාම බේරගත්ත, සජිත් ෆ්ලේවර් එක දාල බැලුව , කරු ෆ්ලේවර් එක දාල බැලුව ම්හ් ම්හ්. මොන මොන ෆ්ලේවර් දැම්මත් රනිල් ෆ්ලේවර් එක තමයි මතු වෙන්නෙ, කාගෙ කරුමෙද? කාගෙ පිනද? මේ බැම්ම බිඳ ගෙන යන්නෙ කොහොමද? ගිහින් මොනවද කරන්නෙ?

හැබැයි විපක්ශෙ ගෝසාවක් දැම්ම මෙන්න මේකට..

විපක්ශෙ කලින් කෑ ගහන කොට මහ බැංකුවෙ රත්තරන් වික්ක කියල නෑ කිව්ව් කට්ටිය දැන් කියනව මෙට්‍රික් ටොන් පනස් ගනනක් වික්ක අමෙරිකන් ඩොලර් කෝටි 196කට කියල. කමක් නෑ රත්තරන් තියෙන්නෙ හදිසියකදී පාවිච්චි කරන්න. හැබැයි කියන්න ඕන මේව ආයි ගන්නෙ කවද්ද කියල.?

විමල් ඇමති තුමා

විමල් ඇමති තුමා කියල තියනව කඩුවෙලදී මේ ලඟදී නිදහස් අද්‍යාපනය හා දහම් පාසල් අද්‍යාපනයෙන් පෝශනය වූ අපේ ගෘහ සේවිකාවන් ඉතාම උසස් ලෙස තම සේවාව කරන බව. 
එතුමා ඒ කලේ දහම් පාසල් අධ්‍යාපනය හා ලෝක ආර්තිකය බද්ධ කිරීමයි. එනම් ලෝක වෙලඳ පලේ ගෘහ සේවිකාවන්ගේ ඉල්ලුමට තිබෙන තරඟයේදී අපේ සහෝදරියන් ඉස්සරහින් ඉන්නේ දහම් අද්‍යාපනය නිසා. බුද්ධාගමටත් ලෝක වෙලඳපලේ අගයක් ලැබෙන හැටි විශ්ලේශනය කල එතුමා මං හිතන්නේ නිවාස ගොඩනැගීම් වැඩිකිරීමෙන් ලංකාවේ වෙලඳ පල ක්‍රියාකාරීත්වය වර්දනය කිරීම පැත්තෙන් හිතල වෙන්න ඕන ඒවැනි වටිනා අදහස් ඉඳ හිට එලියට දමන්නේ. මොකද බොහෝ වෙලාවට ගෘහ  සේවිකාවන් එවන සල්ලිවලින් වෙන්නේ පොඩියට ගෙයක් හැදෙන එක. බලන්න එතුමා බුද්ධාගම, දහම් පාසල, ලෝක වෙලඳපල හා එතුමාගේ අමත්‍යාංශයේ අනාගත දැක්ම. House Maid ------- made house -(ඇනස්ලි බර්ටිලගෙ පරණ විහිලු කෑල්ලකුත් තියෙනව මේ ගැන)

ඔය ඇනයක් දෙකක් ඔලුවට වදිනව, දෙන්නෙක් තුන් දෙනෙක් මරනව පුච්ච්නව, සමහරෙක්ව පාර්සල් කරල ගෙදර එවනව, ඒ වැනි අවස්තාවලදී අප මහ බෝසතාණෝ සාරාසංඛෙයිය කල්ප ලක්ශයක් පෙරුම් පුරද්දී කොපමණ ගැගැට විඳ තිබේ දැයි සිතා චිත්ත ප්‍රීතිය උපදවා ගන්නටත් පුහුණුවක් දහම් පාසල්වලින් පුහුණුවක් ලබා දීම මැනවි.

Monday, June 4, 2012

රැජිනටයි යුරෝපෙටයි අපිටයි දෙයියන්ගෙම පිහිටයි God Save European Union, England and Sri Lankans too

Prince Charles paid a tribute to 'Mummy' ons tage at Buckingham Palace after a momentous concert featuring some of the world's leading musicians - such as Paul McCartney, Sir Tom Jones and Elton John - in the background


බ්‍රිතාන්‍ය මහ රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් එංගලන්තයේ ලන්ඩනයේ බකිංහැම් මාලිගයේ පැවති මහ සංගීත ප්‍රසංගය අවසන් වූවා පමණයි. Paul Mcartney, Kylie Minogue, Goefrey Gurrumul Yunipingu, Tom Jones, Cheryl Cole, Elton John, ..ආදී ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවන් සහභාගී උනා. ලක්ශ සංඛ‍යාත ජනකායක් පැමිණ සිටියා. ලෝකය පුරා කෝටිසාංඛ්‍යාත ජනකායක් නරඹන්න ඇති.
චාර්ල්ස් Your Majestyමහ රැජිනියනි, Mummy, (අම්මේ,) කියල අමතන විට රැජිනගේ මුහුනේ සිනාවක් ගියා.
ජනතාව ඔල්වරසන් දුන්න චාල්ස් 'අම්මේ' කියපු වෙලාවේ. ලඟ හිටිය දෙවන ලේලියට මොනවද කිව්ව. ඩයන හිටිය නම් එහෙම කියයිද? අනූ විය පසු කල සැමියා පිලිප් කුමාරය ඉස්පිරිතාලේ. චාල්ස් කිව්ව මේ අසල ප්‍රතිකාර ලබන සිය පියාට ඇහෙන්න ඔල්වරසන් දෙන්න කියල, සිය පියාට එවිට සුවය ලැබේවි කියල. ජනතාව ඔල්වරසන් දුන්න නැවතත්. පිලිප්... පිලිප්.... කියල

මෙය ලෝකයට පෙන්වන්න කරපු ශෝ එකක් වුවත් සාමාන්‍ය ජනයා විශාල වශයෙන් සහභාගී වීම හොඳ ලක්ශනයක්.  (ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනපති මහින්දත් සහභාගීවීමට නියමිතව තිබුනා.
රැජිනගේ ආරාධනය, ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයෙන් දාපු කෝචොක් එකට කණේ පාරක්ද? කොහොමත් පොදු රාජ්‍ය මණඩලයේ ඉන්න නිසා නොකර බැරි උනාද?  එංගලන්තෙ දමිල ප්‍රජාව සද්දයක් දැම්ම ජනපති මහින්ද එන එක වලක්වන්න. හරි ගියෙ නෑ. )

ඒත් ඇත්ත කතාව නම් එංගලන්තය ප්‍රමුඛ යුරෝපය ආර්ථික වශයෙන් පහලට ඇදෙමින් සිටින බවය. දැන් මාස කීපයකට පමණ පෙර ලන්ඩනයේ ඇති වූ කලබල එයට හොඳ සාක්ශියක්.

ඉතිහාසයේ සරදම නම්
එංගලන්ත අධිරාජ්‍යය යුරෝපය පහලට යන අතර එහි යකඩ සපත්තුවට පෑගී සිටි ඉන්දියාව ප්‍රමුඛ රටවල් ඉහලට යමින් සිටිනවා. ගංජා අබිං වලින් පාලනය කළ චීනය මහ බලවතෙක් බවට පත් වී තිබෙනවා.
මහරැජින මේ අදිරාජ්‍යයේ ස්වර්ණම යුගයත් එහි සර්ව පිත්තල යුගයත් අත් දකිමින් සිටිනවා ඇති. මේ පම්පෝරි උත්සවයත් ලඟ එන ඔලිම්පික් උලෙලත් සැබෑ ආර්ථික අහේනිය නොහැකියාව අලු යට සැඟවීමට ගත් උත්සහයන්ද? ඉච්චාබංගත්වයට පත්ව ඇති ජනයාට යම් කික් එකක් දීමට ගත් උත්සහයක්ද?
තාම ලංකාවේ ප්‍රදාන අපනයන මාර්ගය රැජිනගේ ආණ්ඩුව හොයල දීපු තේ සහ අප විසින් සොයා ගත් ගෘහ සේවිකා අපනයනය. එනිසා ජනපති එංගලන්තයෙන් එන අතර මැද පෙරදිගත් හරහා  ඇවිත් අපේ අම්මලා, අක්කලා,  නංගිලා විඳින දහදුක් බලා ආවොත් වටිනව.

-------------------------------------

Above photo was taken from

http://www.dailymail.co.uk/tvshowbiz/article-2154539/Queens-Diamond-Jubilee-2012-concert-Cheryl-Cole-dazzles-elegant-strapless-gown-dramatic-fishtail-takes-stage-Gary-Barlow-Buckingham-Palace.html

------------------------
ගෘහ සේවයට යන ලඳුන් සංඛ්යාව අඩුවෙලාලු...Daily News-7/6/12
http://www.dailynews.lk/2012/06/07/news11.asp

----------------------------

ගෘහ සේවිකාවනට ලොකු ඉල්ලුමක්Lankan housemaids in demand - Wimal


http://www.dailynews.lk/2012/06/11/news50.asp

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් සෞදි අරාබියේ රියාද් නුවර නිවසක සිරකර ඇති බවට, එරට ‍පොලීසිය වෙත තොරතුරු වාර්තා වී ඇත.මේ 18/6/12

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=4699:2012-06-17-18-11-16&catid=81:europe&Itemid=457