Followers

Thursday, July 26, 2012

ලංකාවේ ස්ත්‍රී දූශණ රැල්ලටත් හේතුව ස්ත්‍රීන් අනවශ්‍ය ලෙස ඇඟ පත පෙන්වීමද - අමාත්‍ය මර්වින්ට පිලිතුරක්




අමාත්‍ය මර්වින් සිල්වා සමහර විට කියන්න අවශය කාරණා කියන්නෙ අමුතු විදියකට. 

ඒක එතුමගෙ ස්ටයිල් එක කියමුකෝ.

මේ ලිපිය එතුමාගෙ චරිතය විශ්ලේශනය කිරී නොව, එතුමා මෙතක් මතුකර ඇති කාරණා අතරින් වැදගත්ම මාතෘකාව ගැන කියන්නයි. 
ඒ වගේම සමහරුන්ගෙන් බැණුම් අසන්න ලැබුනත් හිතට ආව දේ කෙලින්ම ලියන්නයි.

පසු ගිය දිනෙකත් අවදානය ට ලක්විය දෙයක් ඔහුගෙ මුවින් පිට උනා, මඩකලපුවේදී.

අමාත්ය තුමා කියන්නෙ අපේ ගෑණු ළමයි ඇඟ පේන්න ඇඳගෙන යන නිසා තමයි ස්ත්‍රී දූෂණ සිදු වෙන්නෙ, වෙනත් අපචාර අප රටේ සිදුවෙන්නෙ. 

එහෙනම් ගම්පහ කප් රුක, කොට කෙතන- කහවත්ත, අවුරුදු හයේ හතේ ගෑණු ළමයින්,,,,

අඳින ඇඳුම් යම් තරමකින් දායක වූවත් මේ විනාශයට එකම හේතුව නොවේ නේද ඇමති තුමනි.

හැම දස මහ දෝශෙටම පලි අම්ම, එක්කො ගෙදර උන්දැ;
ම'හිතන්නෙ ඇමති තුමාගෙ කතාවත් ඒ වගේ.

ආසන්න අතීතයේ සිදුවූ නාන ළිං ළඟ සැඟවී ඉඳ නාන ලඳුන්ගේ අඟ පසඟ රූප ගත කොට අලෙවි කිරීම, තම රෙදි පිලි නැත්නම් ඇඳුම් අලෙවි හලේ ආරක්ශක කැමරාවෙන් ඇඳුම් මාරු කරන ස්ත්‍රීන්ගේ නිරුවත් ඡායාරූප ගෙන බ්ලැක්මේල් කර දූශණය කිරීම, අවුරුදු හය හත කිරි දරුවන් දූශනය කොට මරා දැමීම ස්ත්‍රීන් අඟ පසඟ පෙන්නා යාම නිසා වෙන දේවල්ද?

මිටි තැනින් වතුර බහිනව වගේ ස්ත්‍රීන්ගෙ පිටටම ඔක්කොම කුණු විසි කරන එක හොඳ නෑ නේද ඇමති තුමනි! ලංකාව වගේ ඝර්ම කලාපික රටක මුලු ඇඟම වහගෙන යන්න නම් හැම තැනම එයාර් කොන්ඩිශන් කරන්න වෙයි. සරම අඳින පිරිමින්ට නම් සරම උස්සගෙන නැත්නම් සරමෙන් පවන් ගහගෙන පොඩ්ඩක් හුලං පාරක් ඇතුලට යවාගෙන ටිකක් කූල් කර ගන්න පුලුවන්. ඒකට කවුරුවත් මොකවත් කියන්නෙ නෑ.

අසරණයා පෙලීමේ මානසිකත්වය, පශ්චාත් යුද පරිසරය, පසුගිය දසක තුන පුරා හිංසාව එදිනෙදා සිදුවූ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබීම, උපන්දා සිට උදේ සිට සවස් වන තෙක් ඇසුණේ මෙවැනි ප්‍රවෘත්ති නම්.. .........
ආදී  කරුණු (සමාජ විද්යාත්මකව දැනටමත් සොයා බලා විශ්ලේශණය කර ඇතිවාට සැක නෑ)  රාශියක් මේ තත්වයට හේතු වී ඇති බව නිසැකය.  ඒ මදිවාට සමහර සංඝයාවහන්සේලාත් තම බණ දේශණා රසවත් කිරීමට අසභ්‍ය දේවලට සමාන යෙදුම් භාවිතයත් නෝබී.

එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කරත් නැතත් 
 තරුණ තරුණියන්ට අඩු තරමින් රට තුල සංචාරයට උනන්දු කිරීම හා අඩු ගමන් ගාස්තු ක්‍රමයක් සකස් කර දීම, 
තාවකාලික පැවිද්ද, 
බොරු ලජ්ජාව තුරන් කර තරුන තරුනියන්ට හඳුනා ගැනීමට නිදහසේ හැසිරීමට හැකි ස්තාන, උද්‍යාන ඇති කිරීම, 
උපත් පාලන ක්‍රම හා ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීමට ක්‍රම සලස්වා දීම,  

ඔබ තුමාගෙ සතුන් බිලි දීම, 
හරක් මස් කෑමට හා පෝශනය පිලිබඳ ව්‍යාජ මතිමතාන්තර වලට එරෙහි ව්‍යාපාරය විද්‍යාත්මක පදනමක් ඔස්සේ ශක්තිමත් කිරීම,  
ලිංගික සේවා ස්තාන නීති ගත කිරීම ආදියසලකා බැලිය යුතු දේවල්.

මං හිතනව ලිංගික සේවා නිසාම ආණ්ඩුවේ බදු ආදායම දෙතුන් ගුණයකින් වැඩිවේවි.

ඔබ තුමාලටත් ප්‍රශ්න අඩු වේවි.

ඔක්කොම ගොඩ, කොහොමද මගෙ  කිඩ්නිය!

Wednesday, July 11, 2012

බ්ලොග් කරුවන්ටත් ජනපතිගෙන් ඇරයුම්?





බ්ලොග් කරුවන්ටත් ජනපතිගෙන් ඇරයුම් ලැබෙයි වගේ?
ම'හිතන විදියට චෑන්ස් එක ලඟයි.
ඊයෙ පෙරේද කාටූන් ශිල්පීන්ට ආරාධනා ලැබී ඔවුන් මැදුරට ගොස් ජනපති හමු වී තිබුනා.
ම'හිතේ බඩ පිරෙන්න කෑම
හැබැයි හිත පිරෙන්න බීම නෑ.  අමධ්‍යප නිසා . මතට තිත. අපේ අයියල දෙකක් දාගෙන නොගත්ත වගේ ඉන්නෙ නැතුව කට අරින්න ගත්තම ඔහොම තමයි.

අපිටමයි වෙන්නෙ.....

හිතමින් ඉන්නේ එසේ ආරාධනවක් ලැබ මැදුරට යන්න අවශ්තාවක් ලැබී ඔබට තිබෙන ප්‍රශ්න මොනවාද කියා ඇසුවොත්, අහන ප්‍රශ්න මොනවාද කියලායි..

මේං මේ වගේ දේවල් හිතට ආවා...


1.  බ්ලොග් මාතෘකා සපයාගැනීම සහ හිට්ස් ලබා ගැනීමේ විධික්‍රම, මහජන සම්බන්දතා අමාත්යාංශයෙන් උදව්වක් ලබාගැනීමට පුලුවන් වේවිද?

2.  රජය විවේචනය කල යුතු සීමාවන් මොනවාද, විවේචනය නොකල යුතු දේ හා පුද්ගලයන් කවරේද?

3.  නොමිනේශන් ලබා ගැනීමට බ්ලොග් කරුවෙක් වීම අවාසි දායකද?

4.  ක්‍රිකට්, සිනමා, ටෙලිනාට්‍ය, ව්‍යාපාරික, ආදීන්ට පාර්ලිමේන්තුවේ නියමවූ අසුන් තිබෙනවා මෙන් බ්ලොග්  ලියන්නන්ටත් අසුනක් දෙකක් වෙන් කර දිය නොහැකිද? එසේ දෙන්නේ නම් පදනම කුම්ක්ද, වැඩිම හිට්ස් ගනනක් ලැබූ තැනැත්තා, වැඩිම පෝස්ට් ගණනක් යවපු තැනැත්තා ආදී වශයෙන්...ජ්‍යොතිශය ගැන ලියන අයට නැත්නම් දේශපාලනය ගැන ලියන අයට ආදී වශයෙන්

5. විරුද්ධපක්ශේ වගේ හැම එකකටම පක්ශ නොවී විරුද්ධව ලියන්නද?

6.  එතකොට සුදු වෑන් එකකින් ඔසවා ගෙන නොයයි යන්නට සහතිකය කුමක්ද?

7. ඇනෝෆිලස් ගෙන් බේරුනත් ඇනොනිමස් නැමති බ්ලොග් කරුවාගෙන් බේරීමට නොහැකි නිසා එයට උදව්වක් දෙන්න පුලුවන්ද?  (ඒ කියන්නෙ සුදූ  වෑන් එක එවන්න පුලුවන්ද?)

8.  රජය විවේචනය කලොත් නැත්නම් ඒ වගේ පෙන්නුවොත් කාට හරි බලවතෙකුට බ්ලොග් එක විකුණගන්න බැරිවේවිද?


Sunday, July 8, 2012

මොන මගුලක්වත් රහසක් ලෙස තියාගන්න විදියක් නෑ


           SMS

මොන මගුලක්වත් රහසක් ලෙස තියාගන්න විදියක් නෑ කිව්වේ මගේ හිතවතෙකුට උන සිද්දියක් නිසා. මගේ හිතවතාගෙ පියාණන්ට අසනීපයි කියල කෝල් එකක් ආවා දුර බැහැර නිවසෙන්. ඉතින් ඔහු, ඔක්කොම වැඩ නවත්තල ගෙදර යන්න ලෑස්ති උනා. මිනිහ ලෑස්තිවෙල මගට බහින කොට මෙන්න බොලේ වැල නොකැඩී එස් එම් එස් එනව; ඒවා බල බල ඉන්න වෙලාවක් නෑ. ලෑස්තිවෙලා දුවල දුවල පැනල සල්ලි ටිකකුත් හොයාගෙන, සුමානයක් නිවාඩු දාලා, චුටි පැටියට කිව්වෙ චුටි ගැනු ලමයට කියල එයාගෙන් සමු අරගෙන,  ඔහුගෙ හෘදය රෝගයට ඔසුහලෙන් වැඩිපුර බේත් වර්ග ටිකත් අරගෙන, 3-වීල් එකක් අරගෙන පිටකොටුවට ගිහිල්ල නැග්ග නුවර බස් එකේ.


තවත් එස් එම් එස් එනව සද්දෙට.. කික් කික්,

 ඒව බල බල ඉන්න වෙලාවක් නෑ.  මගෙ හිතවතාට කල්පනා කරන්න වෙනත් දේවල් ගොඩක් තිබුනා. අප්පච්චි ගැන, අසනීපෙන් හිටිය අම්ම ගැන. අප්පච්චිව කොළඹට අරන් එන්න වේවිද?, එතකොට අම්මව කවුද බලාගන්නේ. ඔහුගෙ එකම අයිය පදිංචිය කැලිෆෝනියාවල.
විශ්ව විද්‍යාලයේ උගන්වන මගෙ හිතවතා කල්පනා කරනව 'මට පේපරස් හදන්න තියෙනව ළඟ එන විභාගෙට, මේ සතිය ඇතුලත ඒව මං ඩීන් ට ලැබෙන්න සලස්වන්න පොරොන්දු උනා, කොහොමද ඒක කරගන්නේ..ඒ අස්සෙ කට්ටිය ස්ට්‍රයික් කරන්නත් ලෑස්තිවෙලා.

'මේ දවස්වල ඩෙංගු රෝගීන්ගෙන් ඉස්පිරිතාල පිරිල,  භාරගන්න බෑ කීවොත් ප්‍රයිවට් හොස්පිටල් එකකවත් නවත්තන්න කීවොත් මා ලඟ සල්ලි කෝ, එහෙම උනොත් අයියටවත් කියල බලනව'


ඒ අතර කෝල් එකක් ආවා, අතේ තිබුනු මෝබයිල් එකට.
'මචං මම රංග, නිව් යෝක් ඉඳල'


'හලෝ මචං කාලෙකට පස්සෙ, මං මේ ගෙදර යන ගමන් හදිස්සියකට'

'ඔව් මට ආරංචි උනා'

'මොකද්ද මචං ඒ?'

'තාත්ත නැති උන විත්තිය'

'මොනව! උඹ කොහොමද දන්නෙ?'

'ඇයි මචං උඹගේ ෆේස් බුක් එකේ කවුද දාල තියෙන්නෙ,දැක්කෙ නැද්ද?'

'අනේ මචං, තවම මංවත් දන්නේ නෑනෙ. මට ගෙදරින් කිව්වෙ තාත්තට හොඳටම අමාරුයි  ඉක්මනට එන්න කියල!'