Followers

Sunday, September 30, 2012

ජරා වැඩ කරන උන්දැල පුරුද්දක් විදියට බ්ලූ බලන කස්ටියද?




පිට රට ඉගෙන ගන්න යන ලාංකික හා වෙනත් රටවලින් යන  බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මුදලකට රැකියාවක නිරත වීමට  නීත්‍යනුකූලව ඉඩ ලැබෙන පැය ගනනට වඩා වැඩ කරන්නම වෙනව ඉඳුම් හිටුම් පාඨමාලා ගාස්තුවලින් කොටසක් හෝ උපයාගන්න.

ඉතින් ලැබෙන ඕනම ශිෂ්ට රැකියාවක් කරන්න පෙලඹෙනව මුල් කාලෙදි, පසුව තෝරා ගැනීමට කාලයක් එනකම්.
මා ශිෂ්‍යයෙකු වශයෙන් පිට රටක නොසිටියත් ජීවිතේ අමාරු කාලවලදී අමාරු රැකියාවල යෙදිල තිබෙනව. ඒ එකක් තමයි පිරිසිදු කරන්නෙකු වශයෙන් සේවය කිරීම. අමාරු කාලෙ නම් තවම ගෙවිල ඉවර නෑ. ඒක කවද වේවිද දන්නෙ දෙයියො විතරයි. ජීවිතේ අමාරු කර ගන්නේ අපි විසින්මද කියලත් හිතෙනව,

ඒක වෙන පර්යේශණයක් ...
ඒ පිලිබඳව  ලිපියකට ඉඩ තබල අද කියන්න ආපු කාරනාවට එකට එමු.

ඉතින් මා අර වඩා අමාරු කාලය ගත කරමින් පිරිසිදු කරන්නෙකු විදියට වැඩ කරන කාලෙ අපිත් එක්ක වැඩ කලා වයස 65 පැනපු සේවකයෙක්, ඒ පුද්ගලය එතැන එයාගෙ ජීවිතෙන් භාගයකට වැඩිය ගත කර තිබෙනව පිරිසිදු කරන්නෙකු වශයෙන්. මේ මිත්‍රය ක්‍රොයේශියාව වගේ පැත්තකින් ආපු කෙනෙක්.

How are you කියල ඇහුවොත් කියන උත්තරය පුරුද්දක් විදියට  .....   200%  two  hundred percent            ඒ කියන්නේ ඕනවට වටත් වැඩියෙ ජොලියෙන් ඉන්නවයි කියන එකනේ.


මේ මිත්‍රය තව මරු වැඩක් කරනව වැඩ පටන් ගන්න පෙර හැමදාම පුරුද්දක් විදියට.

ඒ තමයි ලොකර් එකේ හංගලා තියාගෙන ඉන්න බ්ලූ පින්තූර පොත් පෙරලල බලන එක.
වයසටද මේකගෙ වැඩ මං හිතින් හිනාවෙනව.


ඔහොම ඔහොම කාලයක් ගෙවුන මාත් ඒ රැකියාවෙන් අයින් වෙලා සෑහෙන කාලයක් ගත උනා අපේ මිත්‍රය පෙන්ශන් ගියා කියල ආරංචි උනා.


ඊයෙ පෙරේද දිනෙක ලිපියක් කියවන්න ලැබුනා අලුත් සොයා ගැනීමක් ගැන. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්යාලයේ

,  

 තමයි මේ සොයා ගැනීම කරල තියෙන්නෙ.




ඒ තමයි ලිංගික හැඟීම් ඇවිස්සීම මගින් අපිරිසිදු වැඩ කරන්න පොලඹොවාගන්න පුලුවන් කියල. ඒ පර්යේශණය තව අංශවලට දිගු කරන්න පුලුවන් වෙයි.

http://theconversation.edu.au/dirty-but-not-down-how-sexual-arousal-can-dampen-disgust-9557#comments

ඉතින් අර මගේ ක්‍රොයේශියන් මිත්‍රය ස්වේඡාවෙන්ම පිරිසිදු කිරීමේ වැඩට තමන්ව පොලඹවගත්තද කියල මට දැන් හිතෙනව.

මාතෘකාවෙ මා යෙදූ ජරා වැඩ යනුවෙන් මා අදහස් කලේ පිරිසිදු කිරීම නොවන වග කියවන ඔබ දන්නව.

හික්ස්

මොනවද මේ ජරා වැඩ ?








Wednesday, September 26, 2012

ඉතාම කෙටි කලකදී තහනම් වීමට නියමිත ජනප්‍රිය ගීතය- සිංහලෙන් කියනව නම් ඩිවෝස් කේස් එකක්


දැන් ඉතින් පැදුරු පාටි හැම තැනම. අපේ සංස්කෘතියට එකතු වූ නවතම සංගීතාංගය පැදුරු සාජ්ජය.  අපේ සංසකෘතිය අගාදෙන් අගාදෙට නොයනව කියන එකට මෙය හොඳ උදාහරණයක්. මාකට් එකත් එක්ක හොඳට ගැලපීගෙන යනව. අලුත් පාට පාට සරොම් සංස්කෘතියක්  ඇති වී තිබෙනව. ඒ සරොම් නිශ්පාදනය බෙදාහරින අයට රැකියා ලැබෙනව. මේක ටිකක් පරණ ටොපික්ස් එකක් වුනත් ....ටිකක් ලෙට් උනාට මොකෝ.

 ඒ වගේ මයි මගේ බ්‍රේක් වෙච්ච කටට ඉතින් බ්‍රේක්ස් නෑනේ. මං මේ පොඩි ටෝක්ස් එකකට කිව්වෙ සන්ස්කෘතිය ඉතාම සාධාරන ගනන් මිමි හරහා දියුණුවට යන්න ෆුල් ෆයිට්. බොස්ල කට්ටියක් 10% ක් ටෙන්ඩර් වලින්  ඉල්ලුව කාලෙකට ඉස්සෙල්ල දැන් අය ඉල්ලනෙ 6% යි. සාධාරන නැද්ද මං අහන්නෙ.

ඉතින් මේ ලඟදී ටිකක් ඈතට වෙන්න පුන්චි එකෙකුගෙ පලමු අවුරුද්දේ උපන්දිනය නිමිති කොට ගෙන පැවැත්වුනු පැදුරු සාදයකට සහභාගී වෙන්න චෑන්ස් එකක් ලැබුන. පාටි කොච්ච්චර තිබුනත් එපා වෙන්නේ නෑනේ. සෙක්සි විදියට පපුවෙ කලුපාට(කළ ) මවිල් ටිකක් පෙන විදියට තද කහ පාට කමිසෙ ඉස්සරහ බොත්තම නොපියවා,  (කලු කළ ) කොණ්ඩය ජෙල් ටිකක් ගාලා මාරයා වගේ පීරලා, ලොකු ගාන්චුව තියෙන බෙල්ට් එකක් දාලා අන්ඩර් වෙයාර් එක පේන්න පොඩ්ඩක් විතර පහලට වෙන්න රතු කලිසම කිටි කිටියෙ බස්සල ගත්තම, කහ පාට පොයින්ටඩ් සපත්තු දාලා, ලොකු දම් වැලක් වගේ රත්තරන් මාලෙ කරවට දාල, සීකෝ රත්තරන් පාට ඔර්ලෝසුවට් උඩින් තඹ පාට බ්‍රේස්ලට් එක දාලා ගත්තම කොල්ලගෙ වයස පේන්නෙ නෑ.
23ක් දාල දෙන්නම් කිව්වැහැකි.

ගෝල්ඩ් ලීෆ් සිගරට් එකක් පත්තු කර ගත්තම මාරම කික් එකක් තමයි හිත් පොජ්ජට මන්දෝ වෙන්නෙ. ඉතින් ආයෙ ගොබිලත් එක්ක ඔට්ටු වෙන්න එකෙක් ඒ පලාතෙ නෑ.

හැබයි ගැට්ට තියෙන්නෙ මෙතන කොල්ල වගේ හිටියට මොකද අහුවෙන්නෙ සිංදු කියන්න ගියාම. අලුත් පරපුරේ සිංදු දන්නෙ නෑනෙ. මාර කේස් එක.


මොකක් හරි මරිසියක් දාල ශේප් උනා කියමුකෝ. කොල්ලොත් එක්ක හරි හරියට සින්දු වතුරෙන් සප්පායම් වෙලා අමාරුවෙන් කට පාඩම් කර ගත්ත මගේ හද බැඳි ගීතය කියන්න ලෑස්ති උනා.

නා න නා    නා න නා

ලෝකෙ ජීවත් වන්නට ලස්සන ඔනෑ වේ...
ලෝකෙ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ ....

කිව්ව විතරයි පුරුශ රත්නයක් අඬා ගන්න තියා ගත්ත මහ හඬින්, අනේ වෙන සින්දුවක් කියමු මචං ඕක ඔනෙ නෑ. කියල අඬනව.

මම කට පාඩම් කර ගෙන ගියේ ඔච්චරයි.
මටත් ඇඬුනා. ඒත් මක්ක කරන්නද?


පස්සෙ හෙමීට පොඩි ඩ්‍රින්ක්ස් එකක් දාන ගමන් පොඩි ටෝක්ස් දීල බැලුව අර ජෙන්ටට.

අනේ බැලින්නම් ලඟදී බිරින්දගෙන් වෙන්වෙලා. සිංහලෙන් කියනව නම් ඩිවෝස් වෙලා.
ලෝකෙ ලස්සන වෙන්නට දෙදෙනෙකු අවශ්‍යමද, මට මීටර් උනේ එතකොට!

ඇත්තටම මේ කේස් එක සංස්කෘතිය සුරැකීමේ මන්ඩලයට මහජන සම්බන්ධතා අමාත්‍යාංශයට දාල අර සින්දුවෙන් වෙන සිත් පෑරීම අවම කිරීම අසාධාරනය තුරන් කිරීම සඳහා කටයුතු කිරීමට බලධරයින්ගේ සිත් යොමුවේවා.




Tuesday, September 25, 2012

අහිංසක එස් බීට බයිල සිංදුවක් බෑ යි කියල බෑයි කියල බෑ, ...රැප් කරන්න



බෑයි කියල බෑයි කියල බෑ


ලංකාවෙ පැවතුනු, පවතින අසමානකම්

මකා දමන්න තරමකටවත්උදව් උනේ, වන්නේ අධ්‍යාපනය

ලංකාව ආශ්චර්‍යක් කරන්න උවමනා නම්

කල යුත්තේ පලමුව

අධ්‍යාපනයට ආයෝජනය කිරීමයි


නෑයි කියල බෑයි කියල දෙයක් නෑ .....


77 ආණ්ඩුව කළ දෙයක් තමයි

මහචාර්‍ය සරත්චන්ද්‍ර වැන්නවුන්ට පහර දී

නිදහස් අදහස් ඇති උන් නිශ්ශබ්ද කිරීම

ඉන්පසු වූ දේවල් ඔබ සැවොම දනී


නෑයි කියල බෑයි කියල දෙයක් නෑ .......


ඉල්ලලා ගත්ත උද්ධය වෙනුවෙන්

විනාශය සඳහාජාතික අදායමෙන් විශාල ප්‍රමාණයක්

(6%ට වැඩියි ) වැය කලා නම්

ජාතියක් ගොඩ නැගීම සඳහා

6%ක් වැය කිරීමට බැරි ඇයි


නෑයි කියල බෑයි කියල දෙයක් නෑ ......


ගොනා බල්ලා බූරුවා කීවටා කම් නෑ

උස්සන් ගිහිල්ල මරන්නෙ නැතිව

අපේම කට්ටියනේ

සුද්දාගෙන් නිදහස ගත්තේ ඕකටනේ


බෑයි කියල බෑයි කියල බෑ

කෝඳුරු තෙල් නෑයි කියල බෑයි කියල බෑ


කෝටි 4, 5 වටින කාර් එලවන පුතුන් ඉන්න

ඇමතිලා ඉන්න රටේ


හායි ,,,හායි,,,,

ලංකාව මධ්‍යම ආදායම් රටකි

දුප්පත් රටක් නොවේ


නෑයි කියල බෑයි කියල බෑ

නෑයි කියල බෑයි කියල දෙයක් නෑ

Sunday, September 23, 2012

පොත් කියවීම හා වැඩි පුර කියවීම නිසා ඇණ ගැනීම





කාලෙකට පසුව සොඳුරු සිත,   rear gate,  w3lanka,  කියවන්න චෑන්ස් එකක් ලැබුනා.  මාරයගෙ විස්ල් පාරත් ටිකක් ඇහුව, සමනලය පියාසලන එක නවතල විරාමයක් අරගෙන. කතන්දරත් පස්ස ගහල..


සාහිත්‍ය මාසෙ ගතවෙනව. මාත් කැමතිම දෙයක් තමයි පොත් ප්‍රදර්ශනවලින් පොත් ගන්න එක. මට මතකයි විජිත යාපා පොත් ව්‍යාපාරය කරලියට ආපු කාලේ ඒ අයගෙ කුටිය බොහෝම අගේට ගින්දර ටිකට සකස් කරනව. අලුත් අලුත් ඉන්ගිරිස් පොත් වලින් පිරිල. අනෙක් පොත් කුටිවලින් ගුණසේන, ගොඩගේ, සරසවි, දයාවංශ ආදියෙන්  කැපිල පෙනුන. එකල ඒ පොත් කියවීමට මට ප්‍රමානවත් ඉංග්‍රීසි භාශා දැනුමක් නොතිබීම ගැන මා තුල දුකක් තිබුන. විශ්ව විද්‍යාලයේදී මා ක්ලාස් ගැනීම පසෙක ලා ඉංග්‍රීසි භාශාවෙන් උත්තර ලිවීමට පෙලඹවූයේ එයයි.
මම පොඩි කාලෙ ඉඳලම කියවීමට බොහෝම කැමති කෙනෙක්. වැඩි පුර පොත් කියවීම පිස්සු හැදීමට කාරනාවක් වෙනව කියල පිලිගැනීමකුත් අප අතර නැතුව නොවෙයි. ඒකට හේතු වන දේ නම් මං හිතන්නෙ කියවන්නා යතාර්තයෙන් ඈත්වීම වෙන්නත් ඇති.

ඇත්තෙන්ම ලියන්නාගේ කර්තව්‍යත් සාමාන්‍ය පිලිගැනීමේ හැටියට පාඨකයාව සතුටු කිරීමයි. ඉතින් ලියන්නෝ බොහෝවිට කරන්නේ ඕකයි. අපව සිහින ලෝකයේ වීරයින්, හොඳ මිනිසුන්, අවංකයින්, එඩිතරයින් ආදී සුදු චරිත අතරට ගෙනියනව.
 අපි ඇන ගන්නේ ඔතන තමයි.

ඉතින් බර කාලෙකට පෙර මා ලිව්ව පොඩි ගද්‍ය-පද්‍යයක් , මගේ කියවීමේ ආනිසංශ ඔක්කොම කැටි කරල.



හමුවන හැම දිය කඩිත්තේම
මාලුන් දැකීමට තුටු වුවත්
දුටුවේ නෑ මාලුන් හැම දිය කඩිත්තේම
පුංචි අප එකල

ඉස් ගෙඩියන්ටත් රැවටුනා මාලුන්  කියා
එදවස

හමු වූයේද සාමලා, අමරලා,  හේන මාමලා,
හෝඩි පොතේ උන්
ගිය හැම තැන

කරුනාසේන ජයලත්ගේ පොත්වල හිටිය චරිත මං තාම හොයනව. කෝ සුදත්...(බාර්වල සූර්වෙන්න බිබී ඉන්න අය අතර ගිහිල්ල හොයාගනින් කියල මට කියන්න එපා)
 කෝ විරාගයේ අරවින්ද
 කෝ පාට පාට හීනයක් කතාවේ සුමේද 
කෝ තුන් මං හන්දියෙ මාමා. 
කෝ සුදෝ සුදු හි අදිරි වගේ මිනිස්සු ?

Friday, September 14, 2012

පොඩි සරල ගණිත ප්‍රශ්නයක්




ලිංගික කතාවක් නොවේ. සැබෑ ගණිත ප්‍රශ්නයකි.
ලොකු ගනන් කාරයින්ට නොවේ. අපි වගේ ගණන් බැරි අයටය.

දයාල් රුපියල් පනහක් ණයට ගත්ත අම්මගෙන්, 

දයාල් තව රුපියල් පනහක් ණයට ගත්ත තාත්තගෙන්.

එකතුව 100.

දායාල් කමිසයක් ගත්ත රුපියල් 97 කට,

ඉතිරිය, රුපියල් තුනෙන් එකක් අම්මටද එකක් තාත්තටද දී  එකක් දයාල් තියා ගත්ත.

දැන් මම අම්මට ණයයි 49ක් 
තාත්තට ණයයි 49ක් 
මා ළඟ  එකයි

එකතුව 99යි 

එතකොට අනෙක් රුපියලට මක්කද උනේ ?

Tuesday, September 4, 2012

ජයලලිතා ශ්‍රී ලාංකික පාපන්දු කණ්ඩායම දෙමලනාඩුවෙන් පිට කරයි

Sri Lankan pilgrims, who curtailed their journey following protests, arrive at the Tiruchi airport on Tuesday. Photo: Special Arrangement
http://www.thehindu.com/news/states/tamil-nadu/article3859554.ece

ගජබා නිරිඳුනි
ලක්වැසියන්ට අනතුරක්
ද්‍රවිඪ දේශයට යන්න වෙනව නැවතත්

කුමක්ද බතියෙනි වසර දෙදහකට  පසුව...

කාශ්‍යප, නුඹගෙ ලොක්කගෙ මල්ලි මුගලන් නැවතත් අයියත් කේස් එකක් දාගෙනද ?
චන්ද ගුන්ඩුවක්වත්ද ?

නැත නිරිඳුනි මේක වෙන කේස් එකකි!

හා එහෙනම් කියමු බලන්න...අපට මැරිලවත් සැනසිල්ලෙ ඉන්න ඉඩක් නෑ..

නිරිඳුනි වන්දනාවේ ගිය හෙල ක්‍රිස්තියානි බැතිමතුන්ට ද්‍රවිඪ  දේශයේදී පහරදීල,
මොකක් කිව්ව 'ක්‍රිස්තියානි'
ඔව් රජතුමනි අලුත් ආගමක්

හෙල පාපන්දු කන්ඩායමක් හරවල එවල,


මේකත් පොර පොල් වගේ එකක්ද බතියනි

නැත නිරිඳුනු මෙය පාදයෙන් පහර දෙන ගේමකි


හෙල පාබල හමුදාවේ භටයන්ව හරවල එවල,

ඒක නම් මට අවුලක් නෑ තේරුම් ගන්න

කෙසේ වුවත් කමින් කලර්ස් හොඳ නැත
වහාම කොම්ඤ්ඤවීදියට මරදානට මාලිගාවත්තට ගොස් 83 ජූලි හමුදාව රැස් කරනු!
අප සමග සිටින ජූනියස්, මැතිව්, ප්‍රේම්, ගාමිනි, ලලිත් ආදීගෙනුත් මං උපදෙස් ගන්නම්
සුදු පාට වාහන කීපයක්ද නොම්මර තහඩු ඉවත් කර ගෙනෙනු.


තවද දයල් බතියෙනි
දිග් විජය කල කඩුවද
යගදාවද ගජබා ඉපැරණි සන්නසද සූජානම් කරනු
මාලිගාවත්තේ නිවසක කොහු ගුදිරියක බහා පරිස්සමට තබා ඇත

ඉන්දීය තානාපති කාර්‍යාලය ඉදිරිපස යක් නැටුමක් සංවිදානය සඳහා සුදුසු ඉත්තෙක් ගැනද සොයා  බලනු
ඡන්දයක් යන නිසා මෙයින් වාසි ගන්නට මාන බලන උන් වලකනු
චැනල් 4 ට පනිවුඩයක් යවනු
මට්න් හා බීෆ් බිලිපූජා වලට එරෙහි තුමාගේ පාස් පෝර්ට් එක අවලංගු කරනු එතුමා බැරි වෙලාවත් එහෙ ගියොත් එයාගෙ හමුදාව එක්ක... ජයලලිතා පණ එපා කියා දුවනු ඇත. මා හට ඇයව ජීව ග්‍රහයෙන් ගැනීමට නොහැකිවනු ඇත.


හොඳයි බලමු මේ පාර

එදවස

        රාවනා- රාමා සීතා

අද

         ගජබා, කරුනානිධි- ජයා


--------------------

TN should not dictate policy on Sri Lanka: Swamy


http://www.thehindu.com/news/national/article3865767.ece
Janata Party president Subramanian Swamy. File Photo

Saturday, September 1, 2012

77 ආණ්ඩුවේ පුනර්භවය ද ?



ප්‍රවෘත්තියක්? 
බැතිබර හරසර මැද කපිල වස්‌තු ශ්‍රී සර්වඥ ධාතු
ශ්‍රී ලංකාවට වැඩම කෙරෙති.


 මෙය කලින් සිදු වෙලා තියෙන්නෙ 1978.
අවු 37ට පසුවයි නැවතත් පොදු බොදු මහ ජනයාට මේ අවස්තාව උදා වී තිබෙන්නේ.
අපේ සිත පැහැදෙන මේ දේ කොහොමත් හොඳයි. 

ඒත්..


බැලුවම  ටිකක් අතීතයට ගිහිල්ල..



අද,

උදාගම් නෑ, 
මහපොල නෑ, 
'සමෘද්ධිය' නෑ. ආදී සංකල්ප ඇත්තෙම නෑ වගේ.
20-20, ක්‍රිකට් බලන්න සාමාන්‍ය ජනයා එන්නේ නෑ
12/12/12 ලෝක විනාශ මුසාව තව දුරටත් වලංගු නෑ
පොදු රාජ්‍ය මණ්ඩලේ ක්‍රීඩා තරඟ පැවත්වීමේ අවස්තාව උදාවූයේ නෑ.
ආයි යුද්ධ නෑ.
චන්දයක් කට ළඟ.

සර්වඥ ධාතු වඩම්මවලත් බලමු.......

ඉතින්
මගෙ පුංචි මොලේට මෙහෙම හිතෙනව, 77 ආණ්ඩුව වර්ගයේ එකක් නැවතත් චක්‍රයේ මුලට ඇවිල්ලද?

මහ වර්ජන පරාජයක්, (1980 මට අපේ එලියට වැටිච්ච ගුරු දෙවි වරුන් මතක් වෙනව අතුල, ජයසේකර, ඒ වගේම ලිප්ටන් එකේ සේන අයියා)


ජූලි කලබොලයක්/මහ විනාශයක්.



    නෑ එහෙම වෙන්න විදියක් නෑ. මට අනෙක් පැත්තට හිතෙනව.

හේතුව, 78 තිබුන විනාශ වෙච්ච විපක්ශය නොවෙයි අද තිබෙන්නේ.

    ආයිත් මට සැකයක් ඇතිවෙනව;
 නෑ එහෙමත්ම  හොඳ තත්වයක් නෑ. එක් විපක්ශ නායකයෙකුගෙ ප්‍රජා අයිතිය එදා සිරිමා මැතිණියගෙ වගේම අහෝසි වෙලා, වාමාංශය දුර්වලයි, ඔනෑ වෙලාවක උසි ගන්නවන් පුලුවන් ජාතිවාදී මූලධර්මවාදී බලවේග 77ට වඩා ශක්තියෙන් වැඩියි කිව්වත් වරදක් නෑ. මුස්ලිම් ජනයා සමගත් ආරවුල් හැදිල....ආර්ථිකේ දුර්වලයි. හොඳ රැකියා මවන පැහැදිලි වැඩ පිලිවෙලක් නෑ. ගුප්ත විශ්වාසවල මිනිස්සු එල්ලිලා, ජීවිතේ එතරම්ම අස්තාවරයි! මොකක් හෝ ප්‍රෝඩා වැඩකින් දවස ගෙවාගන්න එක තමයි ප්‍රතිපත්තිය කියල තමයි මේවායින් පෙනෙන්නේ.


සර්වඥ ධාතු වන්දනා කිරීමට ලැබීම මෙන්ම විශේසඥයනට අනුව ලංකාවේ ජනතාවගේ නිශ්පාදනයට දායක විය   හැකි වයස මට්ටමේ තරුන ජන අනුපාතය ප්‍රශස්ත මට්ටමේ ඇති අවස්තාවත් අප ලංකාවට ලැබී ඇති  සවර්ණමය අවස්තාවක්. එය ප්‍රයෝජනයට ගෙන රට මීලඟ සංවර්දන අවධියට ගෙන යාම බලවතුන් කල යුතු දෙයක්.

ඉහල පින්තූර  80 ජූලි වර්ජකයින් මේ ලඟදී කල විරෝධයක්, මෙය මෙහෙය වූ සමහර නායකයින් පාර්ලිමේන්තුවේ වාඩි වී සිටිද්දී එදා පාරට වැටී කරවල විකුනමින් ජීවිතය ගැට ගසා ගත් වර්ජකයින් තවම මහ පාරේ. ඛෙදනීය ලජ්ජා සහගත දර්ශනයක්