Followers

Saturday, December 29, 2012

සෙක්ස් වැඩියෙන්ම ඉල්ලන ජනයා ඉන්න රට, sex, sex


ගුගල් දෙයියන්ගෙන් සෙක්ස්  වැඩියෙන්ම ඉල්ලන ජනයා ඉන්න රට, (පසුගියදා පත්තරවල පලවී තිබුන පුවතක්)

වතුරවලට වඩා මධ්‍යපාන ගන්න අය ඉන්න රට,

ජීවත්වීම වෙනුවට මරනය තෝරගන්න අය ඉන්න රට,

වැඩියෙන්ම රේප් සිදුවනරටවල් අතර ප්‍රදාන තැනක්,

වැඩියෙන්ම ගෘහ සේවිකාවන් සපයන රට.

දේශපාලනය නොදන්න බබාලා වැඩියෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න රට,

දීර්ගම ලිඛිත ඉතිහාසයක් ඇති රට,

වැඩියෙන්ම නිදන් හාරන රට

වැඩියෙන්ම අලි මරන රට


වැඩියෙන්ම කේන්දර බලන රට

අග විනිසුරුටත් හූ කියන රට

ජාති වශයෙන් පක්ශ වලට නම් දීමට ඉඩ දී ඇති රට

තම භාශාවෙන් කතා කිරීමට වඩා ඉන්ග්‍රීසි බසින් කතා කිරීමට ලැදි ජාතිය ඉන්නා රට


ගැහැනියෙකුට නයෙක් තියාගෙන ඉන්න බැරි රට

විභාග ප්‍රශ්න පත්තර වැඩියෙන්ම පිටවෙන රට

වැඩියෙන්ම සිල් ගන්න රට

සිරකරුවෝත් මනුෂ්‍යයෝ බැවින් ඔවුන්ව හොඳට රකින රට


භික්ශූන් පාර්ලිමේන්තුවේ ඉන්න රට

ආචාර්‍ය උපාධි ලාබම රට

පැරණිම ට්‍රොට්ස්කිවාදී පක්ශය තිබෙන රට

අකමැති වූවත් ඒකාධිපති සන්ශෝධන වෙනුවෙන් අත් උස්සන ඇමතිවරු වරු ඉන්නා රට

කොයි පක්ශෙ බලයට ආවත් ඇමතිකම් ලැබෙන මිනිස්සු ඉන්නා රට

දිගම වට මේස සාකච්ඡාව ඇති රට

පලමු කාන්තා අගමැතිණිය බිහිවු රට


වැඩියෙන්ම පිරිත් අහන රට,

වැඩියෙනම දානෙ දෙන රට,


6%ක් එපා, පඩි වැඩි කිරීම් එපා කියන,  (ගුප්ත )විද්‍යා මහචාර්‍යවරු ඉන්නා රට

දෙවිවරු වැඩිම ඉන්න රට

මලගියවුන් ගෙන්වන රට

කොටි නායකයන් නිදහස් කොට කොටින් සමග යුද වැදුනවුන් හිරේ යවන රට

ශොපින් යන්න බලාගෙන-( මං කේන්තියට කියන එකකි) පස් දින ටෙස්ට් ක්‍රිකට් මැච් දවස් දෙකහමාරකින් ඉවර කරන අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්නා  රට,

එක ලණුවක් කා පාඩමක් ඉගෙන නොගන්නා ජාතියක් ඉන්නා රට (දෙමළ ප්‍රශ්නය,, දැන් තව එකක් ...හලාල්)


ලෝකෙන් ලස්සනම රට.


2012 අමාරුවෙන් තල්ලු කරගත්තා.
2013නේවත් හඳක් පායයිද?

---------------------------------
12/1/13
මැදපෙරදිගට ගෘහ සේවිකාවන් යැවීම නවත්වන්න
දිල්හාන් විමල්ක


මැදපෙරදිග රටවල් සඳහා මෙරටේ ගෘහ සේවිකාවන් පිටත්කර යැවීම වහා නතර කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි.


විදේශ විනිමය ගෙන්වා ගැනීම වෙනුවෙන් මෙරටින් මැදපෙරදිග රටවලට ගිය ගෘහ සේවිකාවන් විශාල වශයෙන් හිංසාකාරී බලපෑම්වලට ලක්වූ බවත්, එහි ආසන්නතම සිදුවීම වශයෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සෞදි අරාබියේදී රිසානා නෆීක් තරුණියට සිදුවූවා යැයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා "මව්බිම"ට පැවැසීය.


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා රජය ඇයට නිදහස ලබාදෙන ලෙස විවිධ අන්තර්ජාතික සංවිධාන, මානව හිමිකම් සංවිධාන හරහා දිගින් දිගටම ඉල්ලීම් කරමින් විශාල උත්සාහයක් ගත් බව පැවැසූ වර්ණසිංහ මහතා පැවැසුවේ සෞදි අරාබි රජයේ අනම්‍ය නීති හේතුවෙන් ඒ සියලු උත්සාහයන්වලින් පලක් නොවූ බවයි.

මැදපෙරදිග බොහෝමයක් රටවල මූලධර්මවාදී නීති රාමුවක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ලෝකයේ පිළිගත් මානුෂික නීති රීති, මූලික මිනිස් අයිතිවාසිකම්, සිවිල් අයිතිය සම්බන්ධයෙන් එම රටවල පිළිගැනීමක් නොමැති බවද ඔහු කීය.


එම තත්ත්වය හේතුවෙන් ඒ රටවල ගෘහ සේවය සඳහා කාන්තා ශ්‍රමිකයන් පිටත්කර යැවීම ඉන්දියාව, වියට්නාමය, බංග්ලාදේශය වැනි ආසියාතික රටවල රජයන් නතර කර ඇති බවද වර්ණසිංහ මහතා පෙන්වා දුන්නේය.

දිගින් දිගටම මෙරටේ ගෘහ සේවිකාවන් තවදුරටත් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්කර හැරියොත් තව තවත් මෙරටේ කාන්තාවන්ගේ ගෞරවය කෙලෙසීමට ලක්වන බවත්, එයින් රටේ කීර්තිනාමය හා ගෞරවය නැතිවී යන බවද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.
2013-01-12 03:05:00 Hits: (60) Comments (0)
-----------------------------------------------
http://www.lankadeepa.lk/index.php/articles/94370


---------------------------------
http://groundviews.org/2013/09/26/sri-lankan-men-and-rape-what-the-sri-lankan-media-missed/

Sri Lankan men and rape: What the Sri Lankan media missed



I read with great interest this article in the Guardian about nearly quarter of men in Asia-Pacific admitting to committing rape according to a new UN study. As Sri Lanka was one of the countries that were a part of the study I looked around a little more and came across a few articles in the local media that had run with the title “14% of Sri Lankan men admit to rape”. It seemed that most mainstream print media, including Daily Mirror and Ceylon Todayhad taken the article straight from the BBC and to my surprise not followed up with this horrific statistic.
If they had bothered to follow up with this study they would have unearthed far richer information and I cannot imagine why there has been no follow up given how troubling the rest of the findings in this study are. When mainstream media puts us through interviews about the healthy diet of well known perpetrators of different forms of violence, it would be nice if it was balanced with other equally important information.
There exists an exclusive Sri Lankan report on this study that looks at the findings in Sri Lanka in depth. When reading the Sri Lanka report, a glaring error in the UN regional study is evident. The UN survey was conducted in nine countries and in some countries it was only conducted in specific areas. The UN report states “Most of the findings presented in the report refer to the nine research sites, except where the sample was national” and “The samples are representative of the selected sites, although in most sites are not nationally representative and not designed to represent the whole Asia-Pacific region”. What this means is that in some countries it was only conducted in certain areas and therefore the findings can only be applied to that area and not the whole country.
The Sri Lanka findings in the UN report are presented as ‘National’ – which means the findings are applicable to the whole of Sri Lanka. So when they say 14.5% of Sri Lankan men admit to rape that is correct. However, this is where the problem lies – the Sri Lanka study was conducted only in four districts (Colombo, Hambantota, Batticaloa and Nuwara Eliya) and the Sri Lanka report specifically states “Under this sampling design, the findings of the survey can be generalised to it’s sample population: men and women between the ages of 18 and 49 years living in the four study districts. Even though the survey provides valuable insight into the knowledge, attitudes and practices of men and women on issues of gender, masculinity and gender based violence, these specific findings cannot be generalised to the total Sri Lankan population”. Emphasis mine.
It may look like I am finding fault with a minor error but it is not – it is a grave error to present data that cannot be applied to the whole of Sri Lanka as national data. If the study was conducted in all 25 districts the figure 14.5% could easily be far higher or far lower – and this is the danger.
What was unfortunately lost with the uproar of the 14.5% rape figure were the significant findings that accompanied the data. The Sri Lanka report makes a disturbing and yet at the same time a useful reading because it reveals attitudes and mind sets of both men and women that have long been ignored in GBV and gender related programmes.
The findings highlighted below are mainly in relation to perpetrator history, intimate partner violence and women’s attitudes – and are just a few of many vital findings that should be discussed and incorporated into any planning around GBV and Gender related policy/programming/activity.
A few of the significant findings from Sri Lanka include –
  • 17% of males who participated in the study reported ever perpetrating sexual violence (including rape) against women or girls including partners and non-partners. 60.5% of these men were between the ages of 20-29 years when they first committed sexual violence. 28% were in the 15-19 age category.
  • One in five (20%) ever partnered men between ages of 18-49 years reported perpetration of sexual violence against intimate partners.
  • One in three in ever partnered men (36%) reported that they had committed physical and/ or sexual violence against an intimate partner in their lifetime.
  • The most common form of sexual violence was physically forcing a partner to have sexual relations against her will.
  • Men’s motivation for sexual violence? 66.5% said it was their sexual entitlement, 19.6% said it was for fun or because they were bored and 13.4% said it was out of anger or a form of punishment.
  • Men who experienced emotional, sexual or physical abuse during childhood were 1.7 to 2 times more likely to use violence against a female intimate partner than men who did not experience abuse.
  • Under reporting of intimate partner violence – just 13% of women who experienced IPV and 8% of women who experienced non- partner sexual violence reported this violence to the police.
  • Two thirds of the female sample (67%), as opposed to 55% of men also affirmed that ‘in any rape case, one would have to question whether the victim is promiscuous or has a bad reputation.’
  • Women’s attitudes reflect a deeper acceptance than men of social and cultural attitudes that discriminate against women. For example, 58% of women, compared to 41% of men, believed that a woman should tolerate violence in order keep the family together.
While these figures do not represent all men and women of Sri Lanka, the data is still extremely useful to get an idea of where we are with regard to Gender Based Violence and the attitudes that allow it to continue and grow the way it does. Like data driven journalism, data driven programming is also extremely necessary and often ignored by organisations working on GBV issues. This data is an excellent starting point in addressing some crucial interventions needed – from working on both men and women’s attitudes towards GBV, gender and identity, working with youth especially to combat GBV and attitudes towards women, the importance of recognising abuse of any form, whether emotional, physical or sexual and enabling educationists from the school level to a) recognise b) intervene and direct students towards support.
The percentage of men who admit to rape is not the most important highlight of this study and in fact it is information if collected through an opinion poll should not be presented as hard data. What is important and needs to be highlighted are the findings that accompany the perpetrators – their history, their reasons for doing so, what ages they are most vulnerable to this kind of behaviour and start our interventions from there, for if this study was conducted all island, I fear the 14.5% figure may be FAR higher.








Wednesday, December 12, 2012




'ස' ඔබ දන්නව, ඒ විකටර් ගෙ 'ස ', කොල්ලො අරියධම්මගෙ 'බ' කිව්ව කාලයක් තිබුන. ඒ කොල්ලො දැන් වයසට ගිහිල්ල.  'බ' කිව්වෙ පානදුරේ, ඒ කියන්නෙ මිගෙට්ටුවත්තේ ගුණානන්ද, පානදුරා වාදය, රන්කොත් වෙහෙර, දියෙස්ල, කොස් මාමල බිහිකරපු පානදුරේ,  අරියධම්ම හාමුදුරුවන්ගේ බණ වලට. අරියධම්ම, සෝම හාමුදුරුවන්ගේ ඔරිජිනල් එක කීවොත් වරදක් නෑ. අරියධම්ම හාමුදුරුවො ප්‍රසිද්ධ උනේ බෝධි පූජා කවි වලට, ඒ වගේමයි මව් ගුණ.. අහන් ඉන්නකොට ඇඬෙනව,
උපාසකම්මල දාස් ගණනින් බස් අරගෙන යන යන තැන ගියා, අවාසනාවකට ලංකාවේ ජනප්‍රිය පුද්ගලයින්ට අත්වන ඉරණම අරියධම්ම හාමුදුරුවන්ටත් අයිති උනා.

අකල් මරණය...


'ම' වලට කැමති ඔබගේත් මගේත් වීරයන්ගෙ නම් පටන් ගන්නෙ 'ම' වලින් නිසා.
මැන්ඩෙලා, මුරලි, මහේල, මාලිංග, මැතිව්,....ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඔස්ට්‍රේලියාවේ, ඔවුන් මේ වසරේද ක්‍රිකට් ක්‍රීඩාවේ නව වාර්තා තබනු ඇත.

මැන්ඩෙලාට වයස අවුරුදු 94යි. ඔහුගේ ශ්‍රේෂ්ඨ ආත්මය සෞඛ්‍ය පිරිහෙමින්, මතක පිරිහෙමින් සොබා දහමට අනුව වියැකී යමින් තිබෙනවා. ම යන්නෙන් නම පටන් ගන්න ඔබේත් මගේත් ජීවිතවල චූටි හෝ කොටසක් අයිති මැන්ඩෙලා කායිකව පිරිහී යමින් සිටින අවධියක ලොව එලිය කරන්නට දෙව්ලොවින් ආ පුන්චි තාරකාවියක් ඈතින් දිස්වේ. ඒ තාරකාවිය මං කලින් ලීව සූර්‍යග්‍රහණ කවිය වගේ. සිය මතය වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් අභීතව පෙනී සිටිය.


ඇයගේ නමත් පටන්ගන්නේ 'ම'යන්නෙන්. පාසල් ගොස් එමින් සිටියදී  තලේබාන් අසික්කිත කාලකන්නි මිනිමරුවන් විසින් තැබූ කෲර වෙඩි පහරින් ඔලුව කුඩු පට්ටම් වී ගියත් ,..
ලෙඩ ඇඳේ ඉඳගෙන් ඇය අපට ලියනව මෙහෙම

''මටත්, මා පෙනී සිටින උත්තරීතර අධ්යාපනය වෙනුවෙනුත් සහයෝගය දීම පිලිබඳව මාගේ දේශයටත් මුලු ලෝකයේම ජනතාවටත් ප්‍රණාමය පුදකරමි.
එමෙන්ම දිනෙන් දින මගේ සෞඛ්‍ය තත්වය දියුණු කරන  බර්මින්හැම් හි කුයීන් එලිසබත් රෝහලේ දොස්තරවරුන්ටත් හෙදහෙදියනටත් ස්තූතිය පුද කරමි.
පාකිස්ථානයේ ජනතාවත් මුලු ලෝකයේ ජනතාවත් එක්වී දෙවියනට යඥා කලා. දෙවියන් මට ජීවිතය දෙවැනි වරටත් ප්‍රධානය කලා.

මගේ හීනය මුලු ලෝකයේ සියලුම දරුවන් විශේශයෙන් ගැහැනු දරුවන් ඉගෙනීමට පාසල් යාම දැකීමයි. මගෙ හීනය අන් මත ඉවසන, අන් මත දරන අයට ඉඩක් තිබෙන සාමකාමී මනුශ්‍යයන්ගෙන් පිරි ලෝකයක් දැකීමයි. සියලුම පුරුශයන්ටත් සියලුම ස්ත්‍රීනටත් සමානත්වයෙන් සලකන  හා සාධාරණත්වය ඉටුවන සමාජයක් දැකීමයි.

මා මගේ සිහින විජිතයට පා නගමින් සිටිමි. කම් නෑ මා වැටුනත්, නැවත නැගිට වඩා අධිෂ්ටානශීලීව සටන් කරමි.


“I am thankful to my nation in Pakistan and the whole world for supporting me and the grand cause of education that I stand for.
“I am thankful also to all the nurses and doctors at the Queen Elizabeth Hospital Birmingham for their outstanding care that helps me get better day by day.
“People from Pakistan and all over the world prayed to God for my life and God gifted me a second life.
“My dream is to see all children, especially girls, going to school to be educated. I dream of a peaceful world where all human beings are accommodating and tolerant. I wish to see equality and justice for all men and women.
“I am on a journey to see my dreamland. It does not matter if I fall down; I will stand again, walk and struggle hard.

මේ කවුද?

ඉස්ලාම් භක්තික පකිස්තානය, මිනිමරු තලේබාන්.. ඇත්තටම මෙය ඇදහිය හැකිද?

මේ ලදැරියට කොහෙන්ද මේ සවිය ආවේ?

-------------
http://www.guardian.co.uk/world/2012/oct/09/taliban-pakistan-shoot-girl-malala-yousafzai

http://www.thenewstribe.com/2012/12/10/malala-yousafzai-symbol-of-peace-and-moderate-pakistan-zardari/

http://video.msnbc.msn.com/mitchell-reports/50148498#50148498

Saturday, December 8, 2012

සිවුරේ බරින් සංඝයාවහන්සේලාව නිදහස් කලෙමි.



මේ ළඟකදී මා දන්න බෞද්ධ හිමි නමක් සිය තත්වය ගැන සඳහන් කරද්දී උන්වහන්සේ තමන් ගැන හඳුන්වාගත්තේ වෘත්තිකයෙක් වශයෙනි. අවංකත්වය, නිර්ව්‍යාජත්වය ගැන උන්වහන්සේට පින් දෙමින්  මා තුල කැකෑරෙමින් තිබූ දිගු කාලීන අවුල විසඳා ගත්තෙන් සෝවාන් වූ කලෙක මෙන් වචනයෙන් නොකිව හැකි සැහැල්ලුවක් මට දැනුනි. ඒ කෝණයෙන් බැලූ විට ඇත්තටම බොහෝ දෙනා පන්සල හා සංඝයා වහන්සේලා සමග කරන ගනුදෙනුවේ සැබෑ තත්වය අවබෝධ වේ.

1934 පමණ වල්පොල රාහුල හිමියන් විසින් රචිත සත්‍යෝදය පොතේද සඳහන් පරිදි අපි පන්සලට යන්නේ හාමුදුරුවරුන් විසින් රැස් කර ඇති පින් රැගෙන එන්නට නම් අපට වරදින්නේ එතැනය.  ගිහියන් වන අපට ඒවායේ යෙදෙන්න වේලාවක් සිතේ නිශ්චල බවක් නැති නිසා අප විසින් සලාක දානමානාදියෙන් නඩත්තු කරන පන්සල අප වෙනුවෙන් ඒ රාජකාරිය කල යුතුය යන අදහස අපේ සිත තුල කොහේ හරි තිබේ. හාමුදුරුවරු සිල්වත් විය යුතුයි. පින්වත් විය යුතුයි ආදී වශයෙනි අප සාසනය ගැන සිතන්නේ...

අපට වැරදී තිබුනි.....

වෘත්තිකයෙක් අපගේ ගැටලුව හඳුනාගෙන සිය සේවාව වෘත්තීය මට්ටමන් සලසයි. අපේ තොරතුරු රහස්‍යව තබා ගනී. අප වෘත්තිකයාට ඔහු නියම කරන ගාස්තුවක් ගෙවිය යුතුය. සිය නියමිත ඇඳුම පිලිවෙලට අඳී. උදාහරණයක් වශයෙන් නීතිඥයෙක්  ඔහු ඔහු විසින් ඇඳිය යුතු ඇඳුම පිලිවෙලට ඇඳීම අප ඔහුගෙන් බලාපොරොත්තු වන ප්‍රධාන දෙයකි. පිරිසිදුකම කතා බහ කරන වචන තෝරාගන්නා විදිය මේ සියල්ලම වෘත්තිකයාට ගෙවන මුදලට ගැලපෙන පරිදි විය යුතුයි. වෛද්‍යවරයෙකුට ඔබ වෙනුවෙන් බෙහෙත් බොන්නට බැරිය. බෙහෙත් බීම සෞඛ‍ය සම්පන්නව කෑමෙන් බීමෙන් නෑමෙන් පරිස්සම් වීම  ආදිය අප වෙනුවෙන් වෛද්‍යවරයාට කරන්නට නොහැකිය. කළ හැක්කේ කල යුතු මාර්ගය පෙන්වා දීම පමනකි. ඒ එසේ වුවත් හෑම වෛද්‍යවරයෙක්ම සෞඛ්‍ය සම්පන්න පිලිවෙත් තමනුත් අනුගමනය කරනවාද ? හෑම නීතිඥයෙකුම නීති ගරුකව හැසිරෙනවාද? වෘත්තීය මට්ටමේ නලුවෙක් නිලියක් ගැන හිතන්න. ඒ අය ඉතාම කරුණාබර අවංක දයාබර චරිත රඟපානවා. සැබෑ ජීවිතයේ ඔවුන් හැම දෙනාම තුල ඒ අප රිදී තිරයෙන් දුටු ගුණ තිබෙනවාද? 
බුදුන් වහන්සේ අනුදැන වදාල සිවුර සාදාගන්න ක්‍රමය එනම් මලමිනි ඔතා විසිකල රෙදි වෙනුවට ආසා හිතෙන බැබලෙන සිල්ක් සිවුරු අඳින බණ දේශනාවක් සඳහා දහසින් බැඳි පියල්ලෙන් අය කරන ස්වාමීන් වහන්සේලාත්  ගිනි කණ නීතිඥයෙනුත් අතර වෘත්තික සමානත්වය දැකීම නිසා මා තුල විශාල සැහැල්ලුවක් ඉපදින.

අප පන්සලෙන් නොමිලේ බලාපොරොත්තුවන වෘත්තීය සේවා මොනවාද ?
කරුනාකර හිස්තැන් පුරවන්න. 

1.
2.
3.
4

එමෙන්ම වෘත්තීය බැතිමතුන් ලෙස අපෙන්ද ස්වාමීන් වහන්සේලාගේ වෘත්තීය ගෞරවය රැකෙන පරිදි පන්සලට ඉටුවිය යුතුකම්, කලයුතු වත් පිලිවෙත්, හැසිරෙන පිලිවෙල ආදියද වෙයි.

සෞඛ්ය සම්පන්න බව හෝ නීතිගරුක බව තිබෙන්නේ රොහලේ හෝ උසාවියේ හෝ පොලිසියේ හෝ නොවේ. එසේම නිවන තිබෙන්නේද පන්සලේ නොවේ, පන්සලට කළ හැක්කේ නිවුනු පරිසරයක් සාදා දීම පමනය. හැම භික්ෂුවක්ම සීලවන්ත වීම අපේක්ශා කරමින් බලාපොරොත්තු අහස උසට නංවා ගත යුතු නැත.

පිරිසිදු, 
ශාන්ත, 
නිස්කලංක පරිසරය, 
සිත නිවෙන වචන, ක්‍රියාකාරකම්,....

 සිත ඇත්තේ අප ළඟය. 
සිත නිවා ගත යුත්තේ අප විසින්මය.


වැඩවසම් බැමි වලින් මුදවා ධනවාදයට පාස් කර මුදා හැරීම පිලිබඳව ඒ හිමි නමට ස්තූති කරමින් ලිපිය අවසන් කරමි.

Wednesday, December 5, 2012

මගේ අයිය ජනාධිපති නම්




ඇත්තටම මගේ අයිය ජනාධිපති නම් මං මොනවද එයාගෙන් ඉල්ලන්නෙ.
ඉක්මනටම ඔය මලදානෙන් අස්වෙලා ගමට  වරෙන් කියල කියනවද නැත්නම්...
ඇත්තටම ඕනම වරයක් ඉල්ලුවෑකි අර සුරංගනා කතාවල වගේ..

මාව හඳට යවපංකො අයියෙ
මාව නගර සභාවට යවපන්කො
මාව පලාත් සභාවට යවපන්කො
මාව පාර්ලිමේන්තුවට යවපංකො
මට උපදේශක කමක් දියන්කෝ

මොනවද කරන්න බැරි..

මට චෑන්ස් එකක් ආවොත් මට නම් මේ මගුල් මොනවත් එපා, මං දන ගහල හරි ඉල්ලන්නෙ මෙන්න මේකයි

මේ සංවාදය සූට්ටක් කියවල බලන්න, මට ඕන දේ මොකද්ද කියල ඔබට වැටහෙයිද  කියල
------------------------------


තන අග පිනි, මචං උඹට හිතෙන්නෙ මොකද්ද මේ ගැන

උඹ කිව්වෙ තන අග පිනි ගැනද නැත්නම් තණ අග පිනිද ?

කොහෙ තිබුනම මොකෝ මං කියන්නෙ පිනි ගැන

එහෙම වරෙංකෝ, ඉතිං

මේ බලහං මං කියන්නෙ කොහෙ තිබුනම මොකෝ, තිබෙන තැන අනුව පින්නෙ හැටි වෙනස් වෙනවද ? තණ අග තිබුන කියල පැත්තක් පිනි කැට උල් වෙනවද, අනෙක් තැන තිබුන කියල පැත්තක් ෆ්ලැට් වෙනවද ? ඇයි කැන්ද කොලේට වැටුනු පිනි කියන්න බැරි, තිබෙන තැන අනුව පින්නෙ ස්වභාවය වෙනස් වෙන්නෙ නෑනෙ...


හරි කෙටියෙන් කියහං ඩ්‍රින්ක් එකක් දාගත්තොත් මල වදේ, මට තියෙනව බං ඊට වැඩියෙ ප්‍රශ්න, කුවේට් ගිය නංගිගෙන් විස්තරයක් නෑ දැන් මාස දෙකකින්, තාත්තට දැන් ඇවිදගන්න බෑ. හැලපය..

මාත් එක්ක ඩ්‍රින්ක් දාන්න ආවොත් තමයි උඹට ප්‍රශ්න, අරුන් එක්ක එලිවෙනකම්...

හරි හරි ඉතින් කියපං බලන්න උඹගෙ පිනි කතාව පින්න මල් පිපී පින්නේ ලන්ඳ ලස්සනයි, පින්න මුතු වගේ නටන හැටි ලස්සනයි, උඹ කියපු කතාවෙ පොඩි වැරද්දක් තියෙනව


මොකද්ද

කොහෙ තිබුනත් පින්න පින්න මයි කියන එක. මොකද උඹ එන්න හදන්නෙ ජීවිතය හා සසඳන්න නම් තන ගන්න වෙන්නෙ නෑ. ඒකට තණ තමයි ගන්නෝන

මට තියෙන අනෙක් ප්‍රශ්නෙ තමයි තන අග පිනි කියල කියන්න ඕන වේලාවට කොහොමද ඒක උච්චාරණය කරන්නේ


ඒක හරි අතාත්විකයිනේ බං, රෑ එලිවෙනකම් ඕක එලිය දාගෙන ඉන්න එපායෑ ඒකට.

පිස්සු ඔරිජිනල් .., ඉස්සර ගෑනු උඩට ඇන්ඳෙ නෑනේ, ඒ කාලේ ගෑනු තමන්ගෙ පෙම්වතාට තුරුලු වෙලා නිදාගන්න ඇති හඳ එලියේ තරු එලියේ එතකොට පිනි වැටෙන්න බැරිද

ඒක තමයි මං ගල් බොන්නේ නැත්තෙ, හරි දාර්ශනික අදහස් එනව. උඹට නං ප්‍රශ්නයක් නෑ. රස්සාවට හොඳයි. කතෘ කාරයා කියයි හරි නිර්මාණාත්මක සෙක්සි අදහස්නෙ තමුසෙට තියෙන්නෙ, කියල. ලියනගේ අමරකීර්තිගෙ රතුවන් රත්නවල්ලි කතාවෙ එනව වගේ 'ජාතික සෙක්සි' මේ කාලෙ විකුණගන්න පුලුවන් සංකල්පයක්.

එහෙමනං උඹටත් පුලුවන්නෙ උඹගෙ ප්‍රශ්න දිහා දාර්ශනිකව බලන්න, ඒ කියන්නේ  මේ වගේ. කුවේට් ගිය නංගි, ඇයි කුවේට් ගියේ, බීගෙන ගෙදර එන මිනිහගෙන් ගැලවෙන්න, නැද්ද මං අහන්නෙ, ඒකි දැන් ඒ කරදරෙන් බේරිලානෙ. අනෙක රට වෙනුවෙන් විදේශ විනිමය උපයන්නයි ඒ කෙල්ලෙ ගියේ. අපි ආදරේට කියන නම අන්කල් කාරය ඒ කියන්නෙ උඹේ තාත්තට ඕක උනේ රටේ නීතිය හා සාමය රකින්න ගිහිල්ල. අනෙක මෙහෙ හිටිය කියලත් විශේෂ ආරකශාවක් නෑනේ. බලපං කහවත්තෙ වෙන වැඩ..අපේ ආරක්ශාව නීතිය රකින ලොකුම ගෑනිටත් හූ කියනව..

මට භය උඹ කිව්ව වගේ පෙට්ටියකින් ආවොත් ජීවිතය තණ අග පිණි වගේ කියල සැනසෙන්න වෙයිද කියල, දැන් වෙන දේවල් වල හැටියට, ඊයෙ පත්තරේ තිබුන ගෘහ සේවිකාවක් සෞදිවල තට්ටු ගෙයකින බිමට පැනල කියල. ...බේගල්


භයවෙන්න එපා, මං ලොක්කට කියන්නම් පොඩ්ඩක් හොයල බලන්න කියල.

--------
ඇත්තටම ඔබට එහෙම චෑන්ස් එකක් ලැබුනොත් මොනවද ඉල්ලන්නෙ?