Followers

Monday, December 30, 2013

අවුරුද්දම කැටි කළ නදීසගෙ අස්ප ටෝක් එක- බ්ලොග් ලෝකයේ සැමට ශුභ 2014ක් පතමි.



නදීසගෙ සමහර කතා බෝම බරසාරයි
අර....... ගනිකාවන් නැතිඋනොත්
 ලංකාවෙ පිරිමින්ට පිස්සු හැදෙයි කියන එක වගේ ඒව
ඒ උනත් මේ ලඟකදී දීල තිබෙන ටෝක්ස් එක
 ඒ උසස් මට්ටමට දාන්න කොහෙත්ම බෑ.
සජිත්වයි තලතවයි උස්සල මූදට දාන්න ඕනයි කියන කතාව
අම්මපල්ල සිහිබුද්ධියෙන් කිව්ව වෙන්න බෑ
දේශපාලනයේදී අඩුම තරමින් ජ්‍යෙෂ්ඨත්වයට
යම් ගරුත්වයක් තිබිය යුතුයි කියල මට හිතෙනව

මේ දිනවල ප්‍රධාන පක්ෂ තරඟෙට නිලියො ගායකයො ක්‍රීඩකයො සොයනවලු,
 මොකද දේශපාලකයො එනම් ජනයා පිලිගන්න දේශපාලකයො ඇත්තෙම නෑ වගේ.
යූ එන් පිය ප්‍රතිපත්ති සම්පාදනය පැත්තක දමා නිළියන් ක්‍රීඩකයින් නඩුකාරවරියන් සොයමින් යන ගමන????? ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් බිලිබාගන්නට අර අඳිමින් ඇත.????
උතුරත් නැගෙනහිරත් පිස්සු කෙළමින් ඇත.
කොළඹ දේසපානඥයන් නැති කල උතුර නැගෙනහිර පිස්සු කෙලින එක අහන්නත් දෙයක්ද?

 අනේ මන්ද අපිට දෙය්යෝ පිහිටවෙයල්ලා.................

ඒ අතින් තවම දේශපාලකයො ඉන්න පක්ෂයක් ලෙස
 ජේ වී පිය  ගැන නව අවුරුද්දට බලාපොරොත්තුවක් තබා ගත හැකිය.

නදීසගෙ ලස්සන
ඔබගෙ කතාවෙත් තිබුනොත් හරිම අගෙයි නංගියෙ..

ගීතගෙ කතා නම් ඔන්න ඔය අමතකකරල දාමු!


Monday, December 16, 2013

හිමි නම රහත් වෙලා කියා උන්වහන්සේම දෙසනවා නම් අපිටත් සර්ටිෆිකෙට් එකක් ගත්තෑකි නෙව



හොරු හොරු ලෙස නොදකින
දූශකයින් දූශකයින් ලෙස නොදකින
හරකුන් මරණවාට අඬන
මිනිසුන් මරනවාට නාඬන
ඇත්ත ඇති හැටියට නොදකින
දේශයේ
මෙතරම් නොපනත් කම් සිදුවෙද්දී

ඇස් පියාගෙන ඉඳ
රහත් විය හැකි පුද්ගලයෙකු
ගැන මට නම් කිව හැක්කේ
කුමන මතයක් හෝ පදනම්ව
පාරට බැස කෑ ගහන
ගලබොඩ ඥානසාර හිමියන්
මෙයට වඩා දහස්ගුණයක් වටිනා බවය.

මුලු රටම අඳුරට යද්දී
මට විතරක් ලයිට් එකක් දාගෙන ඇති පලේ කිම?

කෙසේ වෙතත් බුදුහාමුදුරුවනේ
ඔබගේ වදන්වල  නිර්වචනයන්,
අර්ථකතනයන් පිළිබඳවයි මේ ආරවුල?


Wednesday, December 4, 2013

ආනේ මේ අර බිංදු කොලුවනේ, සමන්ට ගහල තියෙන්නෙ

ආනේ මේ අර බිංදු කොලුවනේ, 
සමන්ට ගහල තියෙන්නෙ






බස්නාහිර පලාත් සභාවේ 
කොළඹ පලමුවෙනි තැනට 
ෆයිට් එක දැන්ම ආරම්ඹ කරල වගේ. 
මේක හොඳටම මදි මල්ලී, 
තව  දෙන්නෙක් තුන්දෙනෙක් බාවල
දූශණ දෙක තුනක් කරල බලන්න.

ඒත් ඇති වෙයිද ශුවර් නෑ.

අලුත්ම අලුත් ශේප් කල්චර් එක,
ගුටි කනව අතට අත දෙනව, 
ශෝක්?

Sunday, November 10, 2013

Why Mahinda and Ranil are called best Nano Technologists නැනෝ තාක්ෂණය, මධ්‍යපාන පිළිබඳ කථාවක්ම නොවේ. Why I hate Johny Walker Black



මේ ලඟදී ලංකාවේ නැනෝ තාක්ෂන මධ්‍යස්තානයක් විවෘත උනා. ඒ පිලිබඳව කැපවූ ශ්‍රේෂ්ට විද්‍යාඥයින්ට හා ඒ පිළිබඳ උන්නදු වන රජයේ පිරිස්වලට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය. ඒ ගැන ලියවී තිබුනු ලිපියක් කියවීමෙන් පසුවයි මට නැනෝ ගැන යම් අදහසක් ලැබුනේ.

නැනෝ තාක්ෂනය ගැන තරමක් ගැඹුරට මට අවබෝධ උනේ මම මටම උපහාස කරගන්නා වාක්‍යයක් දෙකක් ගැන සිතා බැලීමෙනුයි. තරහ අවසර මං මෙය මද්‍යසාර ඇසුරින් අවබෝධ වූ දෙයක්. මා කලින් ලියා තිබෙනව ගුඩ් බායි චිවාස් රීගල් මහත්මයානනි කියල පෝස්ටුවක්, කරුණාකර මේ ලිපිය එය හා කලවම් කර ගන්න එපා.

ඔය පිටරටවල වැඩට ගිහිල්ල ඉන්නකොට ලංකාවෙ මධ්‍යපාන මිලදී ගන්න ලැබෙන්නෙ නෑනේ. පොඩි සින්ඩියක් දාල එහෙම ලංකාවේ (ඉස්සර ) තත්වෙ හැටියට ලොකු නං තියෙන ඒව තමයි පොඩියක් පාවිච්චි කරන්නෙ. විවාස් රීගල්, ජොනී රෙඩ්, බ්ලැක්, බැලන්ටයින්...

''බ්ලැක්'' ගත්තම මට අනෙක් අයට බනින්න හිතෙනව කියල තමයි මම මටම විහිලු කර ගන්නෙ. 
රසායනිකව ගත්තම මේ හැම එකකම අඩංගු වෙන්නෙ මධ්‍යසාර 28%. 33% 43% ආදී වශයෙන්.
ඇයි එහෙනම් මේ වෙනස. මං හිතන්නෙ, මේ මධ්‍යපාන සැකසීමට භාවිතා කරන අමුද්‍රව්‍ය හා ක්‍රමය නිසා මේ මධ්‍යසාරවලට එකතුවන සුලු සුලු ද්‍රව්‍ය.. එය තමයි නැනෝ තාක්ෂණය කියන්නේ..දැනුවත්ව ඒ ශාස්ත්‍රය ඉගෙනීමයි විද්‍යාවේ නැනෝ තාක්ශනය.

ලංකාවේ නැනෝ විද්‍යාඥ ජනපති මහින්දගේ නැනෝ තාක්ෂණය ගැන ඔබට හිතා ගන්නට ඉඩ හරිමින්, රනිල් නැනෝ තාක්ෂණය භාවිතා කරන හැටි කියමින් නවතිමි.
යූ එන් පිය නැමැති දැවැන්ත මැසිම පණ ගන්වන්නට බාහු වැන්නෙක් ලං කර ගැනීම. කොහොම උනත් දැන් එය ටිකක් වැඩ කරන්න පටන් අරගෙන.


Friday, November 8, 2013

පට්ටම් වලට මුං කෙල ගනී අපෙ තට්ටම් ගෙවේලූ



හූණ කිව්වහේ කිව්වා මතක් කර ගනිල්ලා
බෑණ රුවනුත් දැන් මන්ඩලේට ඇවිල්ලා
හෙමින් හෙමින් ගියා ඇති බොලල්ලා
ගියර් මාරු කර දැන් හයියෙන් යමල්ලා

දයල් කිව්ව තලතල රෝසිල උඩට ගනිල්ලා
ඒකද මන්ද තලත නමත් මන්ඩලේට ඇවිල්ලා
 ගොනා හැරෙන්නේ  පොල් පැලේටය දනී සජිත්ලා
ලාහෙන් තලත සජිත් පනී අපට දෙයියෝ බලල්ලා

තලතගෙ චාන්ස් එක රෝසිට දෙන්නේලූ
සජියගෙ චාන්ස් එක ස්වාමිට දෙන්නේලු
රවීට පක්සෙ නියෝජ්ය නායක කම ඕනාලු
පට්ටම් වලට මුං කෙල ගනී අපෙ තට්ටම් ගෙවේලූ


------------------------
added later
නායකත්ව මණ්‌ඩලයක්‌ දැම්මාට දිනන්නේ නෑ
- එජාපය කලතා ගිය කතාව තලතා කියයි

ප්‍රශ්නය(- ඔබ පක්‍ෂය දිනන මාවතකට ගෙන ඒම සඳහා පිහිටුවනු ලැබූ නායකත්ව මණ්‌ඩලය නියෝජනය කරන සාමාජිකාවක්‌. නමුත් එහි කිසිදු කාර්යභාරයකට සම්බන්ධ නොවීම ඉන් ඉවත් වූයේ ඇයි?

පිළිතුර(- ඉස්‌සෙල්ලාම කියන්න ඕනේ මම එය භාරගත්තේ නැහැ. මොකද මගේ නම මේ සඳහා යෝජනා කරන්නත් එපා කියලා නම යෝජනා වුණු වෙලාවෙම මම කිව්වා, මෙය භාරගන්න සූදානම් නැහැ කියලා. මම නායකතුමා එක්‌කත් මේ ගැන සාකච්ඡා කළා. පක්‍ෂයට නායකත්ව මණ්‌ඩල වැඩක්‌ නැහැ. පක්‍ෂය දිනවන්න පුළුවන් වෙන්නේ ඔබතුමායි, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමයි එකතු වුණොත් විතරයි. ඒ නිසා ඔබ දෙපළ එකතුවෙලා කරු ජයසූරිය මහතාවත් සම්බන්ධ කරගෙන කළ යුතු දෙයක්‌ කියලා. ඒ වෙලාවේ නායකතුමා කිව්වා ස්‌වාමීන් වහන්සේලාගේ උපදෙස්‌ පරිදි මේ කමිටුව පත්කරනවා කියලා. මම කිව්වේ එහෙම යෝජනා වෙන්න පුළුවන් එය වටිනා දෙයක්‌á හැබැයි ඉතින් මම දකින විදිහට නම් නායකත්ව මණ්‌ඩලය වෙන්න ඕනේ ඔබ තුන්දෙනා පමණයි කියලා.

පසුව මගේ නම යෝජනා වුණු වෙලාවේ මම ඒ ගැන දීර්ඝ වශයෙන් කරුණු දක්‌වලා කිව්වා මෙම මණ්‌ඩලය පක්‍ෂ ව්‍යවස්‌ථාවෙන්ම ආ යුතුයි කියලා. කොහොම වුණත් මට මෙය භාරගන්න බැහැ. මේක සජිත් නැතුව යන්න පුළුවන් ගමනක්‌ නොවෙයි කියලා. මම එච්චරයි එදා කිව්වේ. එතනින් ටිකක්‌ ඉදිරියට ඇවිල්ලා අද කියන්න තියෙන්නේ මම මගේ දේශපාලනය තනතුරුවලට සීමාකරන්න සූදානම් නැහැ කියලයි. එක්‌සත් ජාතික පක්‍ෂය නිසා දේශපාලනය කරනවා මිසක්‌ මම දේශපාලනය කරන්න ඕන නිසා එක්‌සත් ජාතික පක්‍ෂය හෝ එහි තනතුරු යොදා ගත්තේ නෑ. හැබැයි මේ නායකත්ව මණ්‌ඩලය පත් කළා කියලා අපි දිනන්නේ නෑ.

ප්‍රශ්නය(- එහෙත් මෙම නායකත්ව මණ්‌ඩලය දෙස ඔබට සුබවාදීව බලන්න තිබුණා නේද? මොකද රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කියා තිබෙනවා නායකත්ව මණ්‌ඩලය ගන්න ඕනෑම තීන්දුවකට එකඟ වෙනවා කියලා.

පිළිතුර(- ඔව්. එතුමා එහෙම කිව්වා. මා සමඟත් පෞද්ගලිකවම ඒ ගැන කිව්වා. මම දැන් අඩියක්‌ පිටිපස්‌සට අරගෙන ඉන්නේ ඒ නිසා. බලය මේ මණ්‌ඩලයට පවරනවා කියලා කිව්වා. මම බොහොම පැහැදිලිව බැලුවා මේකෙන් වෙන්න යන දේ ගැන. ඒ ගැන මට පේනවා. තේරෙනවා. අපිට මේ තුන් දෙනෙක්‌ව එකතු කරන්න බැරිව කොහොමද නව දෙනෙක්‌ව එකතු කරන්නේ.

ප්‍රශ්නය(- නායකත්ව මණ්‌ඩලය සම්බන්ධව ඔබ කියන, ඔබට පෙනෙන, බොරුව හෝ අසාධාරණය මොකක්‌ද?

පිළිතුර(- නෑ. මූලිකවම මම නායකත්ව මණ්‌ඩලයට කැමැති නැහැ. ප්‍රතිපත්තියක්‌ හැටියට මට ඒ ගැන විශ්වාසයක්‌ නෑ. මොකද මීට පෙර පක්‍ෂයට උපදේශක මණ්‌ඩලයක්‌ කියලා එකක්‌ තිබුණා. එහි සංයුතිය ගැන කතා කරන්න ගිහින්නේ අපි 2010 මහ මැතිවරණයෙන් පස්‌සේ අලුත් ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර ගත්තේ. ඇත්තටම මට ඒ වෙලාවේ දැනුණු සංතෝෂය නිසා තමයි මම රනිල්ගෙයි සජිත්ගෙයි අත් අල්ලා ගත්තේ. ඒත් ඊට පස්‌සේ 2011 දී ඔය ව්‍යවස්‌ථාව හදනකොට ඔය උපදේශක මණ්‌ඩලය තිබුණා. ඒ උපදේශක මණ්‌ඩලයට ජාතික සංවිධායක පත් කරන්න ගිහින්නේ ආපසු ඒ දෙදරීම ඇති වුණේ. ඒකට සම්පූර්ණයෙන්ම වගකීම මම නායකතුමාට දානවා.

මේ මණ්‌ඩලයේ ඒකේ නම මොකක්‌ වුණත් අවසානේදී මණ්‌ඩලයේ සංයුතිය සහ වැඩි බර කාටද කියලා තමයි බලලා තියෙන්නේ. මේ සංයුතිය කොහොමද පත්වුණේ කියලා මම දන්නේ නැහැ. ඒත් පසුගිය ඉරිදා මේ ගැන ස්‌වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කරන්න, මටත් කුරුණෑගල එන්න කියලා තිබුණා. ඒත් මට යන්න බැරිවුණා. හැබැයි එදා යෝජනා වෙලා තිබෙනවා සංයුතිය කොහොමද වෙන්න ඕනේ කියලා. එහෙම ලියවිල්ලකට සජිත්, කරු දෙන්නා එකඟ වෙනවා කියලා අත්සන් කරලාත් තිබෙනවා. රනිල්ගෙන් තුනයි සජිත් සහ කරු ඇතුළුව ඒ දෙදෙනාගෙන් දෙදෙනකුත් වශයෙන්. හැබැයි ඒක වුණෙත් නැහැ. එහෙම බැලුවහම උපදේශක මණ්‌ඩලයට වුණු දේමයි මේ වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය(- ඔබ කියන ආකාරයෙන් නායකත්ව මණ්‌ඩලයේ සංයුතිය පත්වුණා නම් ඔබ ඊට එකඟ වෙනවාද?

පිළිතුර(- ඇත්තටම එහෙම වුණානම් සලකා බලන්න තිබුණා. මොකද එහෙම නම් ගැටලුවක්‌ වෙන්නේ නැහැ. මම නායකත්ව මණ්‌ඩලයට එකඟ නැති වුණත් පක්‍ෂයේ තීරණය ඒකනම් සහ සංයුතිය එලෙස සිදුවුණා නම් එකඟ වෙන්න තිබුණා.

ප්‍රශ්නය(- ඔබ පවතින නායකත්වයට කැමැත්තක්‌ නැහැ. පත්වූ නායකත්ව මණ්‌ඩලයට කැමතිත් නෑ. ඔබගේ කැමැත්ත අවශතාව සජිත් පක්‍ෂ නායකත්වයට ගෙන ඒම පමණද...?

පිළිතුර(- නෑ... නෑ... මම එහෙම කියන්නේ නෑ. කරු ජයසූරිය මහතා වැඩිහිටියෙක්‌ ලෙසට ඔහුට සියලු දෙනා එකතු කර ගත හැකියි. ඔහු දැන් හැමෝටම ආරාධනා කරලා තිබෙනවා ගිය අයට නැවත එන්න කියලත්. හැබැයි ඔහුට තවම නොහැකි වෙලා තිබෙනවා උපදේශක මණ්‌ඩලයේ ප්‍රශ්නය ඇතිවුණු වෙලාවේ එළියට දාපු ඉමිතියාස්‌ බාකිර් මාකර් සහ චන්ද්‍රd ගන්කන්දව නැවත ගෙන එන්න. ඔවුන් පක්‍ෂයට අවාසි වන දේවල් කියලා නැහැ. පක්‍ෂය හැර ගිහිල්ලත් නැහැ. ඒ වගේම අසාධාරණයට ලක්‌වූ තවත් විශාල පිරිසක්‌ ඉන්නවා. ඒ අයත් පක්‍ෂයට එකතු කරගන්න ඕනෑ. එහෙම කළොත් නායකත්ව මණ්‌ඩලය සාර්ථක වේවි.

ප්‍රශ්නය(- නායකත්ව මණ්‌ඩලයක්‌ පත්වෙන බව ප්‍රකාශ වෙන කොට ඉමිතියාස්‌ බාකිර් මාකර් මහතා වගේම රුක්‌මන් සේනානායක මහත්වරුන්ගේ නම් පවා ඒ සඳහා යෝජනා වුණා.

පිළිතුර(- ඔව්. මම දන්නේ නැහැ. ඒකට සාමාජිකයන් නම් වුණේ කොහොමද කියලා. බලන්න රුක්‌මන් සේනානායකට වුණු දේ. ඔහු පක්‍ෂයේ සභාපති, උප ලේකම් වුණා. අන්තිමේදී ආසනයක්‌වත් නැහැ. මගේ අයියා ගැන බලන්න. ඔහු මහන්සිවෙලා වැඩ කරලා පක්‍ෂයේ මහලේකම් හැටියට පත්වුණා. ඒත් අයින් කරන්න ඕන වුණාහම අයියාට උප නායක කමක්‌ දීලා අයින් කරලා තිබ්බා. මේ පක්‍ෂයේ ඔළුගෙඩි, තනතුරු මාරු කළා කියලා විසඳුමක්‌ නැහැ. අයියා මහලේකම් වෙලා බලවත් වෙන කොට උපනායක කරලා අයින් කළා. රුක්‌මන් සේනානායකටත් එහෙමයි. ඔහුටත් අසාධාරණයක්‌ වුණා. මේක සේනානායකලාව අමතක කරන්න පුළුවන් පක්‍ෂයක්‌ද ප්‍රශ්නයක්‌ එනකොට ඒක මග අරින්න උත්සාහ කරනවා නම් ඒක නොවෙයි සුදුසු වන්නේ.

ප්‍රශ්නය(- ඔබලාගේ පක්‍ෂයේ ඔය කියන ආරවුල් තියාගෙන ආණ්‌ඩුවට බලපෑමක්‌ කරන්නේ කොහොමාද?

පිළිතුර(- පක්‍ෂයේ ආරවුල් නෑනේ. පසුගිය මැතිවරණවලදීත් අපි උපරිම මහන්සියෙන් වැඩ කළානේ. මම කොච්චර මහන්සියෙන් මහනුවර හේවාහැට ආසනයේ වැඩ කළාද?

ප්‍රශ්නය(- කෝ ඒ වුණාට ජයග්‍රහණයක්‌ නෑනේ.

පිළිතුර(- මේ වගේ වෙලාවක පළාත් සභාවක ජයක්‌ ගන්න බෑනේ. දැන් මේ ආණ්‌ඩුව හැම දෙයක්‌ම දේශපාලනීකරණය කරලානේ. ඒ තුළ අපට ජයක්‌ ලබන්න අමාරුයි තමයි. හැබැයි අපි වෙලාව එනකොට දිනනවා. ඊට පෙර අපි පක්‍ෂයේ ප්‍රශ්නය විස¹ගත යුතුයි. අපිට ජාතික මැතිවරණයක්‌ දිනන්න පුළුවන්.

ප්‍රශ්නය(- ඔය කියන අපහසුතා අසාධාරණ මධ්‍යයේ අවසානයේදී හිටගන්නේ ආණ්‌ඩුවේද?

පිළිතුර(- (සිනාසෙමින්) ඇයි මගෙන් මෙහෙම අහන්නේ. මම ඉපදෙන කොටම අපිට වතු අක්‌කර දහස්‌ ගණනක්‌ තිබුණා. මුදල් ඕනෑ තරම් තිබුණා. මම පාසල් කිහිපයකටම ගියා. එක පාසලක්‌ හොඳ නැත්නම් අනෙක්‌ පාසලට ගියා. මම නීති විද්‍යාලයට ගියේ මගේම වාහනයක්‌ පදවාගෙනයි. ආණ්‌ඩුවට කවුරුත් යන්නේ තනතුරක්‌ හෝ මුදල් බලාගෙනනේ. මගේ ඒ දෙකම ගැන බලාපොරොත්තුවක්‌ නෑ. ඒ නිසා මට එය අදාළ නැහැ. මගෙන් ඒ ගැන අහලා වැඩකුත් නැහැ.

ප්‍රශ්නය(- හොඳයි 2014 දී ජාතික මැතිවරණයක්‌ ලබාගෙන එජාප රජයක්‌ පිහිටුවනවා කියලා ඔබගේ නායකතුමා ප්‍රකාශ කරනවා.

පිළිතුර(- ඒ ගැන එතුමා තමයි දන්නේ. මම පොඩි මන්ත්‍රීවරියක්‌ නේ. කිසිම තනතුරක්‌ නොදරන මම කොහොමද එතුමා කියන දෙයක්‌ ගැන දන්නේ.

* සාකච්ඡා කළේ - අකිත පෙරේරා
 

Wednesday, October 23, 2013

පරසුද්දගෙ කැසිනෝ අපිට එපෝ, කැසිනෝ ඇවිත් අපිව කසනෝ, සේ නෝ ටු කැසිනෝ, සූදුව ඉස්ලාම් ආගමේ හරාම් දෙයකි, ඒ නිසා අපි කැමතිය. ඩුබායි වල මෙන් කැසිනෝ හලාල් කරමු....සටන් පාඨ කීපයක්



ලොක්කගෙන් ඔබ ඇසුවොත් ගොහිල්ලා මේ දැන්
කියාවි මාත් විරුද්ධයි ඕවා පරසුද්දගෙ සෙල්ලන්
පෙලපාලියකුත් යනු ඇත කරමින් වීදි සටන්
දෙසතියකින් පනත පාස් වෙයි පාර්ලිමේන්තුවෙන්

තරහ අවසර ඔබ හැමටම ආයිබෝන්
ලක් ජන මන වැඩ කරනා හැටිය බලන්
පලමුව තද බල විරෝදය පල කලයුතුවෙන්
දෙවනුව හෙමිහිට විරෝදය අකුලා ගන්

කැසිනෝවලට නෝ කිව්වත් යන එවුන් යනෝ
බ්‍රොතෙල් වලට වල් කිව්වත් යන එවුන් යනෝ
සුද්දො චීන්නු ඉන්දියාවෙන් වටෙන් ම එනෝ
යුද්ද නැති හෙල බොදු බලය පුපුරන්නට යනෝ

හැම දේම අවුල් සුද්දා ගියදා ඉඳලා
රුපියල සිය ගුණයකින් බාල්දු වීලා
අපි දිවි ගෙවනුයෙ ස්ත්‍රී ඇඟ මස් විකුණාලා
සුද්දගෙ කැසිනෝ නරකය  කෝමද කියල්ලා
----------------



වසර දෙකක්‌ තිස්‌සේ අතපය
පුච්චලා මට දස වද දුන්නා

- ඩුබායි ගිහින් හිස්‌ අතින් ගෙදර ආ මනෝහාරි 'දිවයින'ට කියයි

රඹුක්‌කන - නිහාල් පුෂ්පකුමාර



අතරමඟ නතර වූ නිවස අසල මනෝහාරි හා දරුවා සහ මනෝහාරිගේ කකුල් දෙක පිළිස්‌සී තිබූ අයුරු.



ගේ හදාගන්න කියලයි රට ගියේ. නමුත් අවුරුදු දෙකකටත් වැඩි කාලයක්‌ දස වද විඳින්න වුණා. අතපය පිච්චුවා. වේවැල් පහර කොච්චර නම් කෑවාද කියලා මතක නෑ. මේ ඔක්‌කොම දුක්‌ විඳගෙන අවුරුදු දෙක ඉවර වෙනකල් ඉඳලා යන්න ඕනෑ කීවාම කාමරයකට දාලා දොර වහලා වේවැලෙන් ගැහුවා. කොහොම හරි අන්තිමට එන්න ටිකට්‌ එක දුන්නා. ඒත් මාස 7 ක පඩි දුන්නේ නෑ,

අන්තිමට මට එන්න වුණේ එදා යනකොට ගෙදරින් ඇඳගෙන ගිය ඇඳිවත පමණක්‌ උරුම කරගෙනයි. අඩු තරමින් සෙරෙප්පු දෙකක්‌වත් නැතිවයි, මම ගෙදර ආවේ. සමහරු එනකොට අතින් කටින් එල්ලගෙන විතරක්‌ නෙමෙයි නැවෙත් බඩු පෙට්‌ටි එවනවා. ඒත් මම ''සිලි සිලි'' බෑග් එකක්‌වත් නැතිව අත් දෙක වන වනා ගෙදර ආවා යෑයි ඩුබායි රටේ වසර 2 කට අධික කාලයක්‌ ගෘහ සේවිකාවක ලෙස සේවය කර හිස්‌ අතින් නිවසට පැමිණි රඹුක්‌කන, මුවපිටියේ කපුරුකඩේ හන්දියේ පදිංචි එම්. ජී. සුභාෂිණී මනෝහාරි ජයතිලක (අවු. 23) මහත්මිය "දිවයින" හමුවේ පැවසුවාය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ඇයගේ ස්‌වාමි පුරුෂයා වන එස්‌. සී. සංජීව උපුල් කුමාර මහතා

බිරිඳ රට ගියේ අපිට ගෙයක්‌ හදාගන්න ඕනෑ කියලයි. ඇය රට යන විට දුවට අවුරුදු එකහමාරයි. එදා ඉඳලා මම දරුවා බලාගෙන ගෙදර හිටියා. මට කීයක්‌ හරි හොයා ගන්න විදිහකුත් නෑ, බිරිඳ ඒ රටේ දුක්‌ විඳිනවා කියලා මම කුරුණෑගල ඇය රට යෑවූ ඒජන්සියට කීවා. නමුත් ඔවුන් ගණන් ගත්තේ නෑ, විදේශ රැකියා නියුක්‌ති කාර්යංශයට කීවා. ඒත් කිසි වැඩක්‌ වුණේ නෑ, අන්තිමට මාස 7 ක පඩියකුත් දීලා නෑ. ඒ මදිවාට බිරිඳගේ අතපය පුච්චලා වේවැල් පහර දීලා දුප්පත් අපි මේවා කාට කියන්නද? එක අතකට හිතෙනවා, පණ බේරගෙන එන්ඩ ලැබීමත් ඇති කියලා. මම බලධාරීන්ගෙන් ඉල්ලනවා අපිට වෙච්ච මේ අසාධාරණයට පිහිට වෙන්න කියලා.

Thursday, October 17, 2013

වැද්දනි තොපි වැද්දො විදියට ඉඳපියව්, එනව මෙතන ක්‍රිකටුත් ගහන්න, සංස්කුරුර්තික ඇමතිතුමා කියවන්නෙ මඤ්ඤංද?

ආදිවාසීන් ක්‍රිකට්‌ ගසනවාට ඇමැතිගේ විරෝධය

නෝමන් පලිහවඩන

ආදිවාසි තරුණයෝ ක්‍රිකට්‌ ගැසීමට හුරුවීම පිළිබඳව තමා බලවත් විරුද්ධත්වය පළකරන බව සංස්‌කෘතික ඇමැති ටී. බී. ඒකනායක මහතා "දිවයින"ට ඊයේ පැවැසීය.

ඔවුන් ආදිවාසි සංස්‌කෘතිය විනාශ කිරීමට උත්සාහ කරන බව පැවසූ ඇමැතිවරයා අනාගතයේදී ඔවුන් දුනු ඊතල පවා අමතක කර දමා කලිසම් කමිසවලට හුරුවිය හැකි බවද පැවසීය.

ආදිවාසි නායක වන්නිල ඇත්තෝ දැන් කැබ්රියක්‌ ඉල්ලනවා. මහියංගන ප්‍රාදේශීය ලේකම්තුමා මැදිහත්වී වන්නිල ඇත්තන්ට කැබ් රියක්‌ ලබාදී තිබෙනවා. ඔහු දැන් ඉල්ලා සිටින්නේ ඔහුටම ස්‌ථිර වශයෙන් කැබ් රියක්‌. ලෝකයේ කිසිම රටක ආදිවාසි නායකයකු කැබ්රථ හෝ කිසිම වාහනයක්‌ පාවිච්චි කරන්නේ නැහැ යෑයිද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.


--------------
දයල් බතීට හිතෙන දේවල් අතරෙ එලියට පැන්නෙ මේක..

''ඉස්සර සුද්දොත් කලු සුද්දොත් ඕව ලංකාවෙ අපිට කියන්න ඇති.''

--------------------
following was added later
 Sri Lanka Minister criticizes modernization of aboriginal people
Fri, Oct 18, 2013, 10:58 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

Oct 18, Colombo: Sri Lanka Minister of Culture and the Arts T B Ekanayake accused that the local aboriginal community, Veddah people are after consumerism and modern life styles which tarnish their image as indigenous people.
The Minister criticized a cricket team of the Veddah community playing cricket.
The Veddah cricket team, wearing their traditional attire equipped with machetes, plays exhibition cricket matches and tours the island. Veddah cricket matches have become a popular event in the country.
The Minister also criticized the Veddah chief Uruwarige Wanniyalaeto's demand for a double cab vehicle. He pointed out that the Divisional Secretary of the Mahiyanganaya area has provided the Veddah leader a double cab vehicle for official use but the tribal leader wants one for himself.
The Minister told Sinhala daily The Divaina that no indigenous leader in the world uses vehicles.

Veddah community in Sri Lanka has lost their traditional livelihood which is based on hunting due to modern forest and wildlife regulations. They mostly depend on income from tourists visiting their village in Dambana.

-----------------------

following is added on 28/10/13

ක්‍රිකට්‌ ගහන්න ගියොත්
වැදි සංස්‌කෘතිය නැතිවෙන්න පුළුවන්...

සංස්‌කෘතික ඇමැතිට
ඌරුවරිගෙලාගේ විමලරත්න පිළිතුරු දෙයි
බයිසිකල් හා අයිස්‌ක්‍රීම් සේ යනුවෙන් නොගැලපෙන දේ සඳහා නූතන වහරේ උපමාවක්‌ තිබේ. ඒ ලෙසම වැද්දොa හා ක්‍රිකට්‌ යන්නද ගත හැකි කාලයක්‌ තිබිණි. දැන් ඒ තත්ත්වය වෙනස්‌ වී ඇති වා මෙන්ම වැද්දොa හා ක්‍රිකට්‌ යන්න එස්‌. එම්. එස්‌a. හා ආදරය යන තරමටම බැඳී පවතී. වැද්දන් හා ක්‍රිකට්‌ පිළිබඳ මාතෘකාව යළිත් කතාබහට පැමිණ තිබෙන්නේ වැදි ජනතාව ක්‍රිකට්‌ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් සංස්‌කෘතික අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා විසින් නඟන ලද විවේචනාත්මක කතා බහ හේතුවෙනි. මේ පිළිබඳ සිය මතය ඇමැතිවරයා විසින්ම මුලින්ම හෙළි කරන ලද්දේ zදිවයිනZ පුවත්පතය.

මෙම ක්‍රිකට්‌ ගැහිල්ල නිසා වැදි ජනතාවගේ සංස්‌කෘතිය වැනසී යන අතර ඔවුන් කවදා හෝ කලිසම් කෝට්‌ එකට හුරු විය හැකි බවට ඒකනායක ඇමැතිවරයා කී අනාවැකියක්‌ එහිදී පළ කළේය.

වැදි නායක ඌරුවරිගේ වන්නිලාගේ ඇත්තන්ට කැබ් රියක්‌ අවශ්‍ය නැති බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වන්නිsලා ඇත්තන්ට ඔහුගේ ගමන් කටයුතු සඳහා දැනට කැබ් රියක්‌ ලබාදී තිබුණත් ආදිවාසී නායකයාගේ බලාපොරොත්තුව රජයෙන් ඔහුට ස්‌ථිර වශයෙන් කැබ් රියක්‌ ලබා ගැනීමට යෑයිද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම තත්ත්වය මත වැදි නායකයාගේ කැබ් සිහිනය මුළුමනින්ම බිඳ වැටී ඇත. තමා දන්නා තරමට ලෝකයේ කිසිම රටක ආදිවාසී නායකයෙක්‌ ඔහුගේ ගමන් කටයුතු සඳහා එම රටවල්වල රජයෙන් වාහන ලබාගෙන නැතැයි ද ඇමැතිවරයාගේ මතය වී තිබිණි. මෙම තත්ත්වය මත වැදි ජනතාව වෙනුවෙන් ආදිවාසී ජනඋරුම කේන්ද්‍රයේ පාරම්පරික දැනුම පිළිබඳව ක්‍රියා කරන දඹානේ ඌරුවරිගේලාගේ විමලරත්න විසින් සංස්‌කෘතික ඇමැති ඒකනායක මහතාගේ ප්‍රකාශය තදින්ම හෙළා දුටුවේය. මේ පිළිබඳව වැදි රැහේ ඇත්තෙකු වන විමලරත්න zදිවයිනZ ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවක නිරත විය.

ප්‍රශ්නය - සංස්‌කෘතික ඇමැතිතුමා ආදිවාසීන් ක්‍රිකට්‌ ගැසීම පිළිබඳව විරුද්ධත්වය පළ කර තිබෙනවා.?

පිළිතුර - ඇමැතිතුමා අපි ක්‍රිකට්‌ ගහන එක දැන ගෙන තියෙන්නේ අද ඊයේයි. ඇමැතිතුමාගේ කතාවට අපි විරුද්ධයි.

ප්‍රශ්නය - ඇයි විරුද්ධ වෙන්නේ

පිළිතුරු - ඉස්‌සර ඉඳලා අපි ක්‍රිකට්‌ ගහනවා. අපිට ක්‍රිකට්‌ පුරුදු කළේ අපේ ගුරුවරු අපි ක්‍රිකට්‌ ගැහුවේ කැලෑවේ. අපිට ක්‍රිකට්‌ තරගයකට ආරාධනාවක්‌ තිබූ හින්දා අපි නගරයට ඇවිල්ල ක්‍රිකට්‌ ක්‍රීඩාව කෙරුවා.

ආදිවාසී සංස්‌කෘතිය අපේ දැන් නැතිවේගෙන යන්නේ ක්‍රිකට්‌ හින්දා නෙවේ.

ප්‍රශ්නය - එහෙනම් කොහෙන්ද.

පිළිතුර - අපිට මීයක්‌ කඩන්න යන්නට දැන් නීතිදාලා. උදේ හයට කැලෑවට ගියොත් සවස හයට කලින් එළියට එන්න ඕනෑ. කැලෑවට ආයුධ ගෙනියන්න බැහැ. කොටින්ම කියතොත් ගිනි පෙට්‌ටියක්‌වත් ගෙනියන්න බැහැ. දැන් අපේ සංස්‌කෘතිය පිරිහිලා ගිහින්. ඒකට ක්‍රිකට්‌ ගැහිල්ල සම්බන්ධයක්‌ නැහැ. එදා ආදිවාසී දිනය නිමිත්තෙන් පැවැත්වූ උත්සවයේදීත් ජනාධිපතිතුමා අපේ ක්‍රිකට්‌ ක්‍රීඩාව පිළිබඳව වර්ණාවෙන් කතා කළා. එතකොට සංස්‌කෘතික ඇමැතිතුමා නිහඬ වී සිටියා. කාලයක්‌ ගියාට පස්‌සේ සංස්‌කෘතික ඇමැතිතුමා දැන් අපේ ක්‍රිකට්‌ ක්‍රීඩාව හෑල්ලුවට ලක්‌ කරනවා.

ප්‍රශ්නය - මොකක්‌ද මේ කැබ් කතාව.....?

පිළිතුර - අපිට කැබ් එකක්‌ දෙනවා කියලා මුලින්ම කිව්වේ ඔය සංස්‌කෘතික ඇමැතිතුමා. වන්නිලැ ඇත්තෝ කවුරුවත් කැබ් රියක්‌ ඉල්ලුවේ නැහැ. ආදිවාසී දින උත්සවයේදී අපිට කැබ් එකක්‌ දෙනවා කියලා ප්‍රසිද්ධ කරලා පස්‌සේ ඒක නොදී උන්නා. ආදිවාසී දින සැමරීමේ උත්සවයට අවශ්‍ය බුලත් තොග අපේ නායක වන්නිලැ ඇත්තන්ට ඔහුගේ හිතවතුන්ගෙන් නොමිලේ ලැබුණු ඒවා. ඒ බුලත්වලට ලක්‍ෂ ගණනක්‌ ගියා කියලා ඇමැතිතුමා ප්‍රසිද්ධ කරලා තිබුණා. මම හිතන්නේ ඔය බුලත් කතාව හින්දා ඇමැතිතුමා අපිත් එක්‌ක පුංචි අමනාපයක්‌ ඇති. ඒකට අපි මොනවා කරන්නද?

ප්‍රශ්නය - වැදි නායක වන්නිලාගේ ඇත්තෝ මෙම අර්බුදය ගැන ඇමැතිතුමා හමුවී කතා බස්‌ කරන්නට අදහස්‌ කරගෙන සිටිනවාද?

පිළිතුර - අපොයි නැහැ. වැදි නායකතුමා ස්‌ථිර ප්‍රතිපත්තියක්‌ තිබෙන කෙනෙක්‌. එයා කවදාවත් මේ ගැන කතාබහ කරන්න කොළඹ එන්නේ නැහැ. ඇමැතිතුමා විරුද්ධ වුණත් අපිට ප්‍රශ්නයක්‌ නැහැ. අපි වෙනදා වගේම කැලෑවේ ක්‍රිකට්‌ සෙල්ලම් කරනවා. හැබැයි කලිසම් සූට්‌ අඳින්නේ නැතිව අපේ ඇඳුම්වලින් සැරසිලා තමයි අපි, ක්‍රිකට්‌ ගහන්නේ. ඒක ඇමැතිතුමාට නතර කරන්න බැහැ. පුළුවන් නම් අපේ ආදිවාසී සංස්‌කෘතිය කැලෑ එළි කරලා නීති දාලා නැති කරන්න එපා. ඉස්‌සර අපි නිදහසේ කැලෑවට ගියා අද නීතිරීති ගොඩයි. ආදිවාසී සංස්‌කෘතිය නැතිවෙන්නේ ඒ ප්‍රශ්න උඩයි. ඇමැතිතුමා ඒ ගැන පොඩ්ඩක්‌ හිතා බැලුවොත් හොඳයි.

නෝමන් පලිහවඩන
 


Monday, October 14, 2013

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එකීය පුද්ගලයෙකුගේ මල මිනියකට ගෙවන වටිනාකම වැඩි වී ඇත. Conditions apply

ඉස්සර උතුර නැගෙනහිර යුද්ධෙට ගිහින් මැරෙන කෙනෙකුට ලංකාණ්ඩුවෙන් ගෙව්වෙ රු 75000. පුර හඳ කලුවර චිත්‍රපටියේ මහිතන්නෙ කියවෙන්නෙ ඒ වගේ ගානක්. එල් එල් ටී ටියෙන් කීයක් ගෙව්වද දෙයියො තමයි දන්නෙ. මේ ලඟදි කතන්දරත් අහල තිබුන මල මිනියක වටිනාකම ගැන.


  • රතුපස්වල විරෝධතාවලින් මැරෙනවානම් එක පුද්ගලයෙකුට ලක්ශ දෙකයි.

  • එක පවුලේ දෙදෙනෙකු මලොත් ගාන දෙගුන වෙනවාදැයි තවම දන්නේ නැත.

  • වෙලඳ කලාපයේ වෙඩි තැබීම්වලින් මලොත් ගාන ශුවර් නැත.

  • මැදපෙරදිග  ගොස් රජයේ උදහසට ලක්ව මරණීය දඬුවමකට ලක්ව මලොත් රණ විරුවන් විසින් ශක්තිමත්ව ගොඩ නැගූ ලක්ශ 5ක පමන වටිනා ගෙයක් ලැබේ.

  • මැද පෙරදිග හා වත්මන් ලෝකයේ පවතින නව වෙලඳ ඉසව් ගැන ශ්‍රී ලාංකික අපට ඇති දුරවබෝධය නිසා හෙජ් ඩීල් වලින් හා ග්‍රීසිය වැනි ආරක්ශිත වෙලඳපලවල වල ආයෝජනවලින් පරාදව අහිමිවනවාට වඩා හා නිදන් හෑරීමේ කර්මාන්තයෙන්  හා වටිනා කෞතුක වස්තු අපනයෙන් අහිමි වනවාට වඩා  ලාංකික ආර්ථික දේහයට විශාල විදේශ විනිමය ප්‍රමානයක් අහිමි වී යයි. එනම් ගෘහ සේවිකාව පිට රට යවන විට වකුගඩුවකට අක්මාවට ඇස්වලට තව හොඳ ඩීල් එකක් දාගෙනම යන්නේ නම් ගෘහ සේවිකාවකට( එනම් මරනකරු ) හෝ මල මිනියේ නීත්‍යනුකූල අයිතිකරුට විශාල නැතත් ඒ ඉන්ද්‍රියද  දන්දී නොමිලේ දස මහ දුකම විඳ එනවාට වඩා යම් ආර්ථිකමය සපලත්වයකට එළඹීම රටටද සුභ පල ගෙන දෙන මහර්ඝ ඵල මහානිසංස ලැබෙන පුණ්‍ය ක්‍රියාවක්ද වන්නේය. GDP ද ඒක පුද්ගල ආදායමද  ඉහල අගයකට යනු ඇත. තව තවත් ඇමති තනතුරු ඇති කොට ආශ්චර්‍යට වඩා ලංවිය හැකිය.

  • ගෘහ සේවයට මැදපෙරදිග ගොස් ජේසු තුමාට මෙන් ඇණ/වැදී ගසා ලංකාවට පණ පිටින් ආවොත් ආණ්ඩුවෙන් සතයක් වත් නොලැබේ. මන්ද  පැරණි 'කැලණි පිළිවෙත' අනුව ඇණ තමන් විසින්ම ගහගැනීමට ඉඩ ඇතැයි යන සැකයේ වාසිය මැද පෙරදිග ධාර්මික ගෙහිමියනට ලැබෙන බැවිනි.

  • නව ටෝනි ඇබට් පරිපාලනය යටතේ ඔස්ට්‍රේලියානු රජය චොගම් වලට පැන ගෙන එන නිසා කලින් ගෙවමින් සිටිය මුදල් තබා ඔස්ට්‍රේලියානු බිමටවත් නොගෙන මල මිනිය පමනක් එව්වත්  රජය මේ දිනවල අප්සට් එකක් නැතුවම බාර ගැනීමට ඉඩ තිබේ. රටට ජනතාවට ආදරයක් ඇති දුර දක්නා පක්ශයක් වන එජාපය මේ පිලිබඳ සිය ප්‍රතිපත්තිය රනිල් කරූ සජිත් ත්‍රිත්වය හෙට රැස්වෙන බැවින් එහිදී ප්‍රමුඛතාවය දී කතා බහ කර විසඳුමකට එනු ඇත.



පහත පල වන්නේ දෙරණ නිව්ස් එකකි.





සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට ලක් වූ රිසානා නෆීක්ගේ පවුලේ සාමාජිකයින්ට නව නිවසක් ඉදි කර දී තිබේ. 

මුතූර්, සාෆි නගර් ප්‍රදේශයේ ඉදි වූ මෙම නිවස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා විසින් අද පෙරවරුවේ රිසානාගේ පවුලේ සාමාජිකයින්ට පිරි නැමූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. 

යුද හමුදා සෙබළුන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදි කර ඇති මෙම නිවස සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ යුද හමුදා මූලස්ථානය මූල්‍යමය දායකත්වය ලබා දී ඇත. 

නව නිවාස සඳහා සියලු ගෘහ උපකරණ ද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සපයා දී තිබුණි. 

Thursday, October 10, 2013

යාල්පානම් නොගොස් මග (වවුනියාවේ) නවතින දකුණේ 'චේ' ලා, Why Southern Che-s stop short to Yaalpaanam, at Vauniya, their mobike rally should have proceeded to Kilinochchi where the ''wrong recipied Ex -North big Che- f'' is from


සමසමාජ කාරයන්ට බෝඩ් ලෑලි කාරයො, ත්‍රී වීල් පක්ශ කාරයො කියල කිචේ දැම්මට ඒ ඇත්තො ඒ පොදු ජනතාවගෙන් හා ජනතා සටනින් වියෝ වුයේ නෑ. හැම දාම පොදු ජනතාවගේ පැත්තේ ඉඳිමින් වැරදි ලෙස හෝ එක්සත් පෙරමුනු උපාය යොදමින් සිය ඡන්ද පදනම් සෝදා පාලු කරගනිමින් හෝ එල්ලී සිටියා. තවමත් සිටිනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. සුලු ජාතීනට ලැබෙන සුලු හෝ සහනයක් වෙනුවෙන් පෙනී සිටිනවා.

සමසමාජය ප්‍රමුඛව වම එදා සිට පෙනී සිට සුලුජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් කරගෙන ආ කර්තව්‍යයන්වල ආයෝජනයන්වල, මල් පල ගැන්මක් වශයෙන් පලාත් සභා ඡන්දයත් විග්නේශ්වරන්ගේ ජයග්‍රහනයත් ඔහු ජනපති ඉදිරියේ දිවුරුම් දීමට ගත් තීරණයත් සඳහන් කිරීමට කැමත්තෙමි.

පැරිසියෙන් විසිවුනු දයාන් ජයතිලක කියා තිබුනා දකුනේ පොඩි පොඩි පක්ශ තමයි මේ උතුරෙ අයව (දයල් බතීට හිතුනේ ඒ අය බබ්බුද  කියල) නරක් කරන්නේ, ඒ කියන්නෙ ඔවුන්ගේ ස්වයංතීරන අයිතිය වෙනුවෙන් සමහර පක්ශ පෙනී සිටින නිසා වෙන්න ඇති.

ඒ වගේම ගුණදාස අමරසේකර ලොක්කත් කියල තිබුන මේ වාසු බාහු දෙන්න තමයි උතුර නරක් කරන්නෙ කියල.

ඇත්තටම දෙතැනක හිටියත් ඒ දෙදෙනාම නියෝජනය කරන්නේ සමසමාජ මූල ධර්ම තම තම විශ්වාසයන්වල ප්‍රමාණ අනුව. මේ පක්ශවලට වෙන වෙනම ඡන්දෙ දෙන කස්ටිය ත්‍රී වීල් එකේ දාගෙන යන්න පුලුවන් උනාට, සමසමාජය, පසුගිය දසක හත අට ඇතුල  ශ්‍රී ලාංකික සමාජය තුල ආයෝජනය කල සම්පත්වල හා අදහස්වල ප්‍රතිපලය හා බලයයි. ඒක තමයි ඒ අයට මග නොනැවතී යාල්පානම් දක්වා යන්න ඇහැක් වෙලා තිබෙන්නෙ.

හොර හිත තියෙන අයට මග නවතින්න වෙනව.
ජනතාව කිලිනොච්චි යනව; දකුනෙ චේල ටික මග නවතිනව.

 චේ ගුවේරා කියන්නෙ ලෝකෙටම අයිති වස්තුවක්. හරි නම් ඔහුගේ මතකයන් අරගෙන යන්න ඕනෙ උතුරෙ කෙළවරටම. ප්‍රභාකරන්ගෙ ගමටම. (මං කලින් ලිපියක ලියල තිබෙනව, විජේවීරගෙත් ප්‍රභාකරන්ගෙත් ගම්වල හා පසුබිම්වල තිබෙන සමානකම්. ) එයා  තමයි රෙසිපිය වරද්ද ගත්ත ලොකුම Che-f.

 අපි හැමෝම මනුශ්‍යයයෝ වැරදි කරනව. ඉතිහාසය විසින් සමහර විට වැරදි තීරන ක්‍රියාමාර්ග ගන්නට අපිව පොළොඹවනවා. ඒ වැරදි හදාගන්න එක දේව ගතියක් කියල අපි අහල තිබෙනව.
එතකොටයි අපිට දේශපාලනේ කතාකරන්න පුලුවන්. 
ධනපති පංතියෙන් Best Deal එක ගන්න පුලුවන් වෙන්නෙ ඒ ප්‍රමාණයටයි. දෙමල පීඩිත ජනයාව, විග්නේශ්වරන් නියෝජනය කරන දෙමල පීඩකයන්ගෙන් බේරාගැනීමට ලැබෙන්නේත් ඒ ප්‍රමානයටයි.

අපිට දැන් විග්නේශ්වරන්ගෙන් ඉල්ලා ගත යුතු දේ ඇත.

වහාම යුද්දයේ අනාතයින් පදිංචි කරව්.
උතුර සංවර්ධන වැඩ පිලිවෙල එළියට දමව්.

අපිව, එනම් සිංහල යකාව පෙන්න පෙන්න දෙමල පීඩිතයාව ගොනාට ඇන්ඳු කාලය ඉතිහාසයට එක් කල යුතුව ඇත.

-------

10/10/13 දිවුරුම් දීමෙන් පසුව විග්නේශ්වරන් මහතා කල කතාව ඉන්ග්‍රීසි/සිංහල (සිංහල පරිවර්තනය- දයල් බතී)  බසින් පහත දැක්වේ.


---------------------------------------------------------------------

Wigneswaran, Chief Minister NPC, addresses Sri Lankans: “I Took Oaths A Little While Ago”

C. V. Wigneswaran
WI8GNESWARAN 11
මඳ වේලාවකට පෙර මා දිවුරුම් දුන්නා මගේ තනතුරේ වැඩ විශ්වාසදායිකව ක්‍රියාත්මක කරන බවට. මගේ තනතුර මගේ ජනතාව විසින්  දුන් තෑග්ගක් ලෙස මා සලකනවා. ඒ ජනතාව මට ජනවරම දී තිබෙනවා  කෙටි කාලීන හා දීර්ග කාලීන දැක්මන් හා උවමනා එපාකම් සලකා  කටයුතු කරන්න. පලමුවට සඳහන් කල කරුණේ අර්ථය නම් අපේ පෞද්ගලිකත්වය ස්ථිර කර ගැනීමේ අවශ්‍යතාවයයි. එසේ කර ගැනීමට නම් අපි පෙර අරගලවලින් ඉගෙන ගත් පාඩම්ද, පෙර තිබූ දේශපාලන ඉදිරිදැක්මන්ද පෙර අත්දැකීම්ද එකතු කොට ඉදිරියට යා යුතුව තිබෙනවා. මේ මොහොතේ කළ යුතුව ඇති දෙයක් නම් අනෙක් ජන කොටස් වල සිත්සතන්වලට රිංගා තිබෙන වැරදි අවබෝධ හා සැක සංකා දුරු කරලීමට කටයුතු කිරීමයි. ඒ අභ්‍යාසයේ එක් පියවරක් ලෙසයි රටේ ජනපති ඉදිරියේ දිව් රුම් දීමට අපි තීරණය කලේ. අපි විශ්වාස කරනවා අපේ තීරණය අපේ සහෝදරයනට අවශ්ය පණිවුඩය ගෙනයාවී එනම් අපි අපේ වෙනස්කම් එකීය ලංකාවක් තුල බේරාගන්නට අපේ ඇති කැමත්ත. අද අපේ ක්‍රියාව අප ඉදිරියේ වහම කලයුතුදෙයක් ලෙස තිබෙන යුද්ධයෙන් බැට කෑ මිනිසුන්ව මුදවාගැනීමට රුකුලක්වනු ඇත. මා විශ්වාස කරනවා සිංහල ජනයා සිය උපරිම උත්සහය යොදාවි කියල ඔවුනගෙ දේශපාලන නියෝජිතයින්ව හැකි හැම අයුරින්ම උනන්දු කරාවි කියල කරදරයට පත්වූ විසිරුනු දෙමල කතාකරන  ජනයා වෙසෙන පලාත්වලට එලියක් ලබාදෙන්න. මා බලපොරොත්තුවෙනවා, මගේ සිංහල සහෝදර සහෝදරියන් ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන්ගේ හිත් නම්මා ගනීවි කියල, අභ්‍යන්තර සවයං තීරන අයිතියෙන් වෙන්නේ රට එකතුව ඉදිරියට යනවා මිස කැඩීමක් නොවේ කියල. මා හදපතුලෙන්ම ඉල්ලනවා සිංහල ජනයාගෙන් ඔබ ඔබේ භාශාවට සම්ප්‍රදායනට කෙතරම් ගරු කරන්නේද ඒ තරම්ම දෙමල ජනයාත් ඔවුනගේ භාෂාවට හා සංස්කෘතියට ආදරය කරන බව වටහා ගන්න කියල. මේ තේරුම් ගැනීමෙන් ප්‍රචන්ඩතවයට ඇති ඉඩකඩ අහුරයි.  මේ තේරුම් ගැනීම, කාටවත් බලෙන් පැටවීමට  හැකි දෙයක් නොවේ. මෙය හදවතින්ම තේරුම් ගැනීමෙන් අපි සාම හා සහෝදරත්ව මාවතේ ගමන් කරනු ඇත. ඒ අනුව අපේ සරල හා සංකේතාත්මක මේ ක්‍රියාව අපේ දිවයිනේ ප්‍රජාවන් දෙකේ සමගියට මඟ ඇරේවා. දෙවියන්ගේ පිහිට ලැබේවා!
I took oaths a little while ago this morning undertaking to faithfully perform the functions of my office. My office is a gift from my people. They have mandated me to perform my duties on a long term as well as a short term perspective. The former behoves us to confirm our individuality. To do so we have to learn lessons from our struggles of the past, our previous political perspectives and our past experiences and then forge ahead. It is the need of the hour that we remove the misunderstandings and doubts that have crept into the minds of various communities. It is as a part of such an exercise that we decided that I take oaths before the President of this Country. We believe our decision would convey to our brethren our desire to settle our differences within a united Sri Lanka. Our action today buttresses our close–up perspectives too, in that we expect to bring immediate relief to our war affected people. I hope the Sinhala people would endeavour to prod on their political representatives in every manner whatsoever to bring sunshine into the lives of our disturbed and affected Tamil speaking people. 
I expect my Sinhala brothers and sisters to impress upon their political representatives that internal self determination does not divide the country but facilitate a journey on the path of unity. 
I sincerely ask the Sinhala people to realize that to the same extent the Sinhala people cherish and respect their language and culture so do the Tamil speaking people cherish and respect their own language and their traditions. There is no place for violence in this realization. 
None could force such realization. It is such sincere realization that would take us all on the path of peace and brotherhood. 
Therefore let my simple symbolic act today pave the way for the unity of the people of the two communities in our Island. May Divine blessings be with all of us!
Justice
Chief Minister, Northern
Provincial Council

Wednesday, October 9, 2013

අහෝ අල්ලා දෙවියනේ ඔබ තුමාටවත් මේවා නොපෙනේදෝ- Dear President Mahindha, Can You Say No to Saudi Arabia please? Is Sri Lanka exporting animals for Saudi's to Torture

ඇණ වලින් හිල් කරලා ‍ලේ ගන්නවා

යකඩ බට රහස් පෙදෙසට දාලා ලේ ගන්නවා
මිහිපිට අපායෙන් මෙරටට ආ අලගුමලී වින්ඳ දුක කියයි
2013 ඔක්තෝබර් 08 04:25 p.m
sau1වසර දෙකක් තිස්සේ සෞදි අරාබියේ අමානුෂික ද විඳි ශී‍්‍ර ලංකීය කාන්තාවක් ඉකුත් සිකුරාදා (04) ලංකාවට එවීමට කටයුතු කර තිබේ.   වසස අවුරුදු 37 ක්වූ විවාහක කාන්තාවක් වන අලගුමලී පාපාති තම්බදි නැමැත්තිය බළන්ගොඩ එග්ස්ලේන් වත්තේ පදිංචිකාරියකි. දරුවන් සිව්දෙනෙක් වන අතර එක් අයෙක් ගැහැණු දැරියකිසැමියා වූ සුබ‍්‍රමණියම් මාරිමුත්තු තේවත්තක රැකියාව කරයි.
sau3
සිහි නොමැති කාන්තාව මීගමු රෝහළේ මූළික ප‍්‍රතිකාර ගෙන 09 වැනිදා රාතී‍්‍ර 730 ට පමණ බළන්ගොඩ මුලික රෝහළට රැගෙන විත් තිබේශරීරය පුරා පිලිස්සුම් තුවාල හා තැන්තැන් වල ඇණ ගසා ඇතැයි සැළකෙන ස්ථානයන්හි තුවාළ සහිතව මේවන විට නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබයි. හිසෙහි හා අත්වල මෙසේ ඇණ ගසා ඇතැයි කියනු ලබන අතර වම් අතේ අත්ල කොටස එරට නිවසේ වූ ස්වාමියා පහරදී කැඩී ඇතැයිද ඇය පවසයි.
sau4
ඇය සමඟ ඇගේ සැමියාගේ සහෝදරයා ගේ බිරිඳ සාත්තුව පිණිස සිටිය අතර කාන්තාව ඉතා විඩාබර හා පිරිහුණු සෞඛ්‍ය තත්වයකින් පසුවූ අතර හඬ අවදි කළේද ඉතා අපහසුවෙනි. අලගුමලී බැලිමට මා සමඟ බළන්ගොඩ ශී‍්‍ර සුදර්ශන විහාරවාසී බළන්ගොඩ සමාජ සංවර්ධව පදනමේ අධ්‍යක්ෂ ඉඹුල්පේ විජිතවංශ හිමියෝද එක්වූහ. අලගුමලී අමාරුවෙන් වත්තන්ව අපට මෙසේ කීවාය. අවුරුදු දෙකක් වෙනවා රස්සාවක් කරන්න සෞදියට ගිහින්. අද වෙනකම් සතපහක්වත් දුන්නේ නෑ. පඩි නෑ.   කන්න දුන්නෙ නෑ.sau2
බත් දුන්නෙම නෑ. නිතරම ගහනවා. රත්කරපු තෙල් ඇඟට දාලා ඇඟ හැමතැනම පිච්චුවා. සමහර දවස්වල සපත්තු දාගෙන මාගේ බ ඩ පාගාගෙන ඉන්නවා. ගෙදර කට්ටියම ඇණ ගහලා බෝතල්වලට ලේ ගන්නවා. සමහර දවසට යකඩ බට රහස් ප‍්‍රදේශයන්ට ඇතුල් කරලා තුවාලකරලා ලේ අරගන්නවා. ඒ ලේ අරගෙන උදේට යනවා, කොහේ යනවාද දන්නේ නෑ.
sau5සිකුරාදා ලංකාවට ආවා .ප්ලේන් එකට නැග්ගට පස්සේ සිහිය නැතිවුනා. කටුනායකින් බහිද්දි ප්ලේන් එකේ ආපු අය එම්බසියට බාරදුන්නා. ඊට පස්සේ මීගමුවේ රෝහලකට ගෙනිහින් බෙහෙත් අරගෙන දිගටම බළන්ගොඩ ඉස්පිරිතාලෙට ආවා. මිසී කෙනෙකුත් ආවා. එම්බසි එකේ අය තමයි මෙහාට ගෙනාවෙ. මං හුඟාක් දුක්වින්දා. මං හිටපු ඒ ගෙදරට තව ලංකාවේ ළමයෙක් අර ගත්තා. දුප්පත් කමට රට ගියත් අන්තිමට එන්න වුනේ මෙහෙමයි.” යනුවෙනි.
බෙලිහුල්ඔය ලාලනී රත්නායක

Sunday, October 6, 2013

යූ ඇන් පී කාරයෝ තමන්ගෙ අයටම මෙහෙම සලකනව නම් බලය ලැබුනොත්?




මේ පින්තූර දැකීමෙන් මහිතේ ඇති වූ සිතුවිලි කීපයක්.

කවුද ජනතාවට හොඳටම තග දාන්න පුලුවන් පාර්ශවය.?
රනිල්ගෙද ? සජිත්ගේද ?

මෙන්න, මෙරට ජනතාවගේ හිත සුව පිණිස යූ එන් පියේ තවත් ප්‍රතිපත්තියක්
'පොල්ලට පොල්ල'

ඡන්ද දායකයිනි, භය වෙන්න එපා, ඔබේ ආරක්ශාව හා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් ලඟ එන පලාත් සභා ඡන්දයට පෙර හුරුවකි.

රනිල් මහත්මයෙකි, මෙය ඔහු දැනුවත්ව සිදු වූවක් නොවේ. හික්ස්

පලමුව එන්නේ කස කාරයෝය. හොඳ හොඳ සෙල්ලම් එන්නේ පසුවටය.

ලේ දැකීමේ පිපාසය ඇතිඋන්ට හොඳට නින්ද යන්න ඇති.

Tuesday, October 1, 2013

යූ එන් පිය දිනවීමට නම් ජෝඩු වෙන්න -රෝසි හා තලතා වැනි නායිකාවන් උඩට ගන්න.- යු එන් පියේ පරණ පව් හා රනිල් අර්බුධය



රනිල් සමග වචන කීපයක් හුවමාරු කරගන්නට මට අවස්තාවක් උදාවූයේ විදේශයක සිටියදී, මා එහි සේවය කළ  සේවාස්ථානයට එකල කර්මාන්ත ඇමතිව සිටි තරුන රනිල් පැමිණ සිටි අවස්තාවේදීය. අප සමග ඡායාරූපයකට පෙනී සිටින ලෙස කළ ආරාධනය සතුටින් පිළිගෙන, ගත් ඡායාරූපය මා ලඟ තවම ඇත. තවම මම  ආඩම්බරයෙන් මිතුරනට පෙන්වමි. ඒ ලජ්ජාවක් නැතුව එසේ තවම පෙන්විය හැකි බැවිනි.

රනිලුත් කොළඹ විශ්ව විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් බව දන්නා නිසා මාත් එහි විද්‍යා පීඨයේ ඉගෙන ගත් බව කී විට ඔහු කීවේ නීතියයි ඉගෙන ගන්න ඕන අයිසෙ කියල. මට නිකං චැහ් ගාල ගියා, අනෙක් අය ඉස්සරහ නිකන් කිච උනා නේද කියල. ඒ පාර මං එකල දේශපාලන තත්වය ගැන ' රැඩිකල්' ප්‍රශ්න කීපයක් ඇසුවා, රනිල් ඒවාට නොපැකිලව උත්තර දුන්නා. රනිල් සමග පුද්ගලික හමුවීම හා ගනුදෙනුව එපමනයි.

රනිල්ගේ නායකත්වය ගැන ප්‍රශ්න පැන නැගි පෙර අවස්තාවලදී මා රනිල්ව ආරක්ශා කරන තැනයි සිටියේ.

දේශපාලන පක්ශ, සිය මැතිවරන පරාජයන්වලට  පසුව නව නායකත්ව සොයන එක සාමාන්‍යය සිදුවීමකි. එවිට ඒ නායකයන් නව නායකත්වයන්ට ඉඩ දී  ඒ තනතුරුවලින් ඉවත් වී යෑමත් සාමාන්‍යය දෙයකි. ඒත් යූ එන් පියේ එය සිදුවන්නේ නැත. නැග එන තරුණ නායකත්වයන් පක්ශයට වාත්තු කරගන්නට ඔහුට හැකියාවකුත් නැත. විකල්ප ප්‍රතිපත්ති ගැන අවධාරණයකුත් නැත. ස්ත්‍රීන්ට තැනක් දෙන්නේත් නැත. ඒත් සිය පාසල් සගයෙකු වන මහරාජාට ඕන කිවූ ධූර දෙන්නට ඔහු සූදානම් නැත.

මේ සියලු කාරනා ඇත්ත වුවත් යූ එන් පියේ නායකත්වයට අභියෝග කිරීමට තරම්, පවතින ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විකල්පයක් සැපයිය හැකි  තරම් දෙවන පෙළ නායකත්වයක් යූ එන් පියේ පවතීද?

යූ එන් පියේ නොනවතින පරාජ රැල්ලේ පසුබිම මා දකින විදිය නම්, ගොනු පසු පස එන ගැල මෙන් යූ එන් පිය හඹා එන කර්ම ය.


  • සිය මාමණ්ඩිය විසින් ගෙන ආ විධායක ජනපති ක්‍රමය
  • කසිප්පු කාරයින්, අපරාධකාරයින්, ආරක්ශා කිරීම හා ඔවුන්ව පාර්ලිමේන්තුවට ගැනීම
  • 80 වර්ජනය පොඩි පට්ටම් කිරීම
  • අවුරුදු තිහක් ඇදුනු ලංකාවට මහා විනාශයක්  කළ යුද්ධයට පදනම වැටුනු 83 කලු ජූලිය
  • විරුද්ධ පාක්ශිකයින්ට පහර දීම ගෙවල් දොරවල් ගිනිබත් කිරීම සිංහල උගතුන්ට පහර දීම
  • 88-89 තරුණ ජන සංහාරය


යූ එන් පිය මේ අපලයෙන් ගැලවීමට කුමක් කල යුතුද?

රනිල් නියෝජනය කරන ලිබරල් ධනේශ්වර චින්තනය අස්සේ සෝමාරාමලා, සිරිල් මැතිව්ලා, බටලන්දේ කස්ටිය, ගෝන්වල සුනිල්ලා  සැඟවී සිටිනවා යයි ජනතාව බියය. රනිල් ඒ බිය ජනතාවගෙන් තුරන් කර නීතිය, සමාජ සාධාරණත්වය, ස්තාපිත කරන නිදහස් නිවහල් සමාජයක් ඇති කිරීම උදෙසා කැපවන බව ජනතාවට පෙන්විය යුතුය.

යූ එන් පියේ තිබෙන ගුඪ බව, ගුප්ත බව, පලවා හැර සිය සංහාරයන්ට ගොදුරු වූ තරුණ පරපුරෙන්, දෙමල ජනයාගෙන්, වැඩ කරන ජනයාගෙන් නැසීගිය මහචාර්ය සරත්චන්ද්‍ර ඇතුලු සිංහල උගතුන්ගෙන් ආදී සැමගෙන් පැරණි පක්ශය වෙනුවෙන් සමාව ඇයද සිටිය යුතුය.

 විකල්ප ප්‍රතිපත්තීන් සමුදායක් එලි දැක්විය යුතුය.

ගම් මට්ටමේ සිට ශාඛා සංවිධාන ගොඩ නැගිය යුතුය.

ගැහැනියට පක්ශයේ ඉහල තැනක් දෙමින් රනිල් - රෝසි, සජිත්- තලතා ජෝඩු කීපයක් ප්‍රධාන තලයට ගෙන ආ යුතුය.

සටන මහ පාරට ගෙන ආ යුතුය.

-----------
by දයල් බතී  political consultancy service
ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් වෙනුවෙනි.
--------
---------------
එජාප නායකත්වයේ සිටිය යුතු රනිල්මයි

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වය භාර ගැනීමට තවම සුදුස්‌සකු නොමැති බැවින් වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාම තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බව මාතර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවසීය.

සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය එදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආරක්‍ෂා කළාක්‌ මෙන් අද රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂය දෙකඩ වීමට නොදී ආරක්‍ෂා කරන බවත් අපට නොතේරෙන දැඩි ආදරයක්‌ පක්‍ෂය කෙරෙහි වික්‍රමසිංහ මහතාට ඇති බවත් හෙතෙම කීය.

පක්‍ෂයේ නායකත්වයට සුදුසු අය සිටී නම් ඒ අය මැතිවරණවලට ඉදිරිපත්ව ජයග්‍රහණය කොට පෙන්විය යුතු බවත් මංගල සමරවීර මහතා වත්මන් පක්‍ෂ නායකත්වය සමග ගැටෙමින් යම් කෙනෙකුට පක්‍ෂ නායකත්වය කරා යා නොහැකි බවත් සඳහන් කළේය.

රාජගිරියේ පිහිටි ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදී ඊයේ (02.දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
-------------------
added later on 8/11/13
Rosy and Swami to be proposed to Sri Lanka main opposition leadership council
Thu, Nov 7, 2013, 10:06 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

Nov 07, Colombo: Sri Lanka's main opposition United National Party (UNP) has mooted proposals to appoint parliamentarians Rosy Senanayake and D.M. Swaminathan to the leadership council established by the party seniors to lead the UNP, party sources said.
They are to be appointed to the positions vacated by Sajith Premadasa and Thalatha Atukorale.
The two MPs declined to assume the membership of the leadership council accusing that it was not a solution to the party crisis. They further accused that the party leader Ranil Wickremasinghe has retained power while Karu Jayasuriya betrayed the struggle for the leadership.
Karu Jayasuriya was appointed as the Chairman of the leadership council at the Working Committee meeting held on November 4.
The Working Committee appointed Karu Jayasuriya, Sajith Premadasa, Tissa Attanayake, Mangala Samaraweera, Kabir Hashim, Lakshman Kiriella, Ravi Karunanayaka, Ruwan Wijewardena and Thalatha Atukorale to the Council.
Premadasa said he decided to withdraw over several shortcomings on appointing members to the Council and the Working Committee did not follow the proposals from the Maha Sangha.
The crisis ridden party was forced to reconsider the leadership of Ranil Wickremasinghe following the party's dismal performance at the recently held provincial council elections.

Except for winning the Colombo Municipal Council elections, the UNP has not won any election at any level since 2004.

Wednesday, September 25, 2013

මුට්ටි සභා පැරදුණු දුකට, සාරි, සෙල්ෆෝන් ජිල්මාට් කවියක් කියමු, Dear Mr. Wigneswaran, say what you really mean! If you want Petrol ask for Petrol!

  

තුන්ලක්ශ ගාණක්, බොලේ චන්ද්‍රිකාගෙ ගානත් පාස් කරලා
බැලුවම රනිල් හරි(හික්ස්...), දැන් බෝලේ මේ පැත්තට දාලා
සාරි ගිනි පෙට්ටි බත් අරක්කු ෆෝන් බලේ පසු බැහැලා
අපතේ නොයවනු! ජෝතිගෙ  විජේගෙ තාලේ වයඹින් දිනලා

සඟ වෙද ගුරු ගොවි  බල මුලු ගන්වා පෙරට ගොසින්
බැටනය භාර දුනි වමට සිය යුතුකම් ඉටු කරන ලෙසින්
මුට්ටි සභා වුවද  වාසුලා එය රැගෙන ඉදිරියට ගොසින්
උතුරෙදි පටෝර් ගාලා වැදුණට මොටෝ දකුණ දිනුන්

ජවිපෙ පහලට ගිය එක ගැන දුක් වෙනව සමහරූ
88 ජවිපෙ තිබුන නම් අද මුට්ටි සභා ඡන්ද බොරූ
බලය බෙදනට නැමුනු ජවිපෙ, නව නැඹුරුවකි ගරූ
ගීතය අරක්කුව නොතකන ජෙනරල් ගත් ටිකත් මරූ

පලා බබා  වූදා සිට හීනය දියවන්නාව පීනන්නටය
ඡන්දය දුන් එවුන්ව නොපෙනී ඕනා හැංගෙන්නටය
පලාත් මන්ත්‍රීන් ඉන්නේ පලාත් ගැටලු විසඳන්නටය
 මේ අය හදන්නේ අපේ මුදලින් පෙං කෙලින්නටය

ඡන්දය දිනලා මහ ඇමතිට ගැලපෙන මනාප ලබලා
මොට්ටු හෝදලා රෙද්ද බැනියම සාටක ගලවලා
කලිසම් කමිස ඇඳලා කොළඹ එන්නට රථයට නැගිලා
පෙට්‍රොල්  වෙනුවට ශෙඩ් එකෙන්  විග්නෙට ඩීසල් ගහලා
---------
Petrol shed worker has pumped Diesal instead of Petrol ( or Viz) into Mr Wigneswaran's car on the way to Colombo after stunning winning the North PC elections
විග්නෙට ගන්න තියෙන පාඩම. Moral for Mr Wigneswaran
එකක් හිතේ තියාගෙන එකක් කියන්න එපා, ඉස්සරහට යන්න අමාරුවෙයි..
Dear Mr. Wigneswaran, say what you really mean!