Followers

Tuesday, January 15, 2013

Xක සේදීමෙන් පසු අත සේදීම විහිලුවට කාරනයකි



හදිසියේ වැස්සේම කොලඹට පිටත් කර යැවීම නිසා ම බිරිඳට හිත යටින් ස්තූති වන්ත වෙමින් ගොඩවූ, මීටරය සවිකල ත්‍රී රෝද රථයේ පිටු පස අලවා තිබූ මළ දැන්වීම මගේ අවධානයට ලක් විය.

' මල්ලි, කවුද මේ මඩවල? '

 'ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්'

'ආ හරි, හරි, අර කැලණියෙ කේස් එක නේද? දැන් මීටර් උනා '
(ටැක්සි මීටරයද තවම රුපියල් පනහ පසු කොට නැත.) කවුරුන්  හෝ විසින් 2013 වැඩ උත්සවාකාරයෙන් ආරම්ඹ කර ඇති සැටියෙකි.

සිය ප්‍රදේශයේ ජනයා කුපිත වී ඇති බවද මෙවර බලධාරියාට ලේසි නොවන බවද සිය හැඟුම් පිට කරමින් ඔහු කියන විට දින කීපයක් තිස්සේ ඇද හැලෙන වරුසාව විසින් අප අග නුවර 'මඩ වලක් ' කොට ජනයාව මැඩවීම හා සම පාත නොවන්නේද? යයි සිතුනි.

මල ගිය මනුස්සයාට  අගෞරව නොකරමින් යමක් කියනවා නම් ඔහුගෙ නම රටේ පොදු තත්වයට තව දුරටත් සමපාත වන යමක් සිදු වී තිබුනු බව දැක්කේ සවස ගෙදර ගිය පසු රූපවාහිනි ප්‍රවෘත්ති දැකීමෙන් පසුවය.

පල්වන,  ගැඹුරු, විවෘත කානුවලින් සශ්‍රීක, මදුරුවන් වගා කරන පුරයේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරයෙක් වන  මේ මඩවල ගැන කැලනිය විශ්ව විද්යාලය ඉදිරි පස තිබුනු බැනරයකින් කියවුනේ 'මහ මැරයාගේ මඩවල ඝාතනය කර ඇත' යනුවෙනි.

ඩෙංගු සෑදී මිය යන සංඛයාව වැඩිවෙමින් ඇති නිසා ඒ පවුල් වල අයත් අවි අතට ගනීවි දැයි මට අනියත බියක් ඇති විය.

ඔය කොටුවෙ ස්ටේශන් එක ලඟින් දාන්න මල්ලි...

රුපියල් දහයට ප්ලට්ෆෝම් ටිකට් එකක් මිලදී ගෙන පොඩියක් එහි ඇවිද බලා, චුරු චුරු වැස්සට තෙමෙමින්ම පසුම්බිය ට අත තබාගෙනම කොටුව දුම් රිය පොලෙන් බෝ ගහ පැත්තට පැන පැන එමින් සිටියෙමි.

මෙය නම් පුදුම අහම්බයකි.

ඈතින් ඝෝශාවක් එන හඬ ඇසී බලත්ම පෙනුනේ කලු කබා ටයි පැලඳි උස මහත මිනිසුන් එමෙන්ම ජැන්ඩියට ඇඳ  පැලඳ ගත්, දාගත් මේකප් වැස්සට සේදී යාමට නිර්ලෝභීව ඉඩ දෙමින් නෝනා වරුන් සටන් පාට හඬ නගමින් පාර පුරවා ගෙන එන හඬය,     ඔවුන්ගේ එකම හඬ,

ගනිව් ගනිව්
දෝශාභියෝගය
අකුල ගනිව්

ඉන් පසුව සෙනග පිරිවරා ගෙන සටන් පාට හඬ නගමින් එන පිරිස අතර කොන්ඩෙ බොකුටු උස් තරුනයෙකු කැපී පෙනුනි. ඒ නවක ජේ වී පී මන්ත්‍රීවරයෙක්.

ඉන්පසුව සෙනග පිරිවරාගෙන සටන් පාට හඬ නගමින් ගමන් කරන්නේ බාහුය.
කවුද කවුද බොරු කීවේ,
මහින්ද තමයි බොරු කීවේ

බිරිඳ භාර දුන් පාර්සලය නුවර සිට කොලඹ පැමින හදිසියේම යන අප ඥාතියෙකුට භාර නොදුනහොත් ගෙදර දෝශාබියෝගයෙන් ගැලවෙනු නම් උගහටය. ඒ නිසාවෙන් පෙළපාලිය පසු පස යාමට සිතුනත් ඒ චෛතසිකයන් මර්ධනය කරගෙන පාර පැන මා ගරු කරන පැරනි හෝටලයට ගියේ මී විතකින් උනුසුම් වීමට සුදුසු මෙවන් තත්වයක් තවත් නැති බව හදවත කී නිසාය.

හාත් පස වසා ගත් තෙත බරිත මන්දාරම් ගතිය
චුරු චුරු වැස්ස හා මඩ
 මගේ ප්‍රියතම දේශපාලකයා තවමත් සිය සටන් කාමී ජීව ගුනය අත් හැර නැති වීම
කාලය මගෙ පැත්තට ඉඳීම
(පාර්සලය බාරදීමට තව පැයක් පමන බලා සිටින්නට සිදු වීම )

පඩි පෙල නැග උඩු මහලට ගිය මා කෙලින්ම ගියේ දරුනු ශරීර කෘත්‍ය උවමනාවෙන් නිදහස් වන්නටය. අවුරුදු සියයකට වඩා පැරනි ඒ හෝටලයේ වල් වැසිකිලියට (එය එලියේ මඩවලට හපන්ය ) හිරිකිතයෙන් ගොස් වැඩේ කොට අවසානව අත සෝදා ගන්නට බැලූ කොට සබන් නැත. මා එලියට ගොස් බිල් ලියන ලිපිකරු මහතාගෙන් විමසුයෙමි. ඒ මහතා කීවේ බාර් එකෙන් අහන ලෙසය. බාර් එකෙන් අහන විට කීවේ පොඩියක් සිටින ලෙසය. පසුව කුස්සියට කතා කොට සැපයු පොඩි සබන් කැබැල්ල පාවිච්චි කර අත සෝදාගෙන එලියට එන විට ලිපිකරු හා වේටර් කෙනෙකු එක්ව මා දෙස බලා ඔච්චමට සිනාවෙනු පෙනින.

පත්තර කොල කැබල්ලකින් අත පිස දාගෙන මී විතක් සටස් ගා ගිල දමා බඩ ගින්නට යමක් කෑමට අල්ලපු කඩේ වන කෝපි කඩේට ගොඩ වී ශෝට් ඊට් සමග රෝස් කල කුකුල් කකුලක් ගෙන්වාගෙන බුදිමින් සිටියෙමි.
ප්ලාස්ටික් වලින් තැනුවාක් බඳු රුපියල් සීයේ කකුල සපමින් අපහසුවට පත්වෙමින් සිටියෙමි.

අර ඝෝශාව,.. දෝශාභියෝගය අකුල ගනිව් සටන් නැවතත් ලඟ ලඟම ඇසෙයි.

කෝපි කඩේ මිනිසුන් හාවක් හූවක් නැත. සිය පාඩුවේ ආ කාර්ය කර ගනී.
 ඝෝශාව දැන් දැඩිය, කඩේ ඉදිරි පිටමය, කීප දෙනෙක් හැරී බැලුවා මිස ඒ පිලිබඳ වචනයක් වත් නැත.

උඩට ගියාට වඩා එන විට සෙනග පෙලපාලියට එකතු වී ඇති සෙයකි. වැඩිවේලාවක් කඩය ඉදිරිපිටින් ගමන් කලේ දෝශාභියෝගයට එරෙහි සටන් පාට වලින් පිටෝටුව දෙවනත් කරමිනි. තෙත බරිත මන්දාරමට උනුසුමක් ගෙන දෙමිනි.

කොච්චර සැපුවත් හප නොවන ඒ කුකුල් කකුල් හපය බුලත් හපය මෙන් කොලයකට එකතු කොට පැත්තකින් තබා උලුඳු වඩයක් රෝල් එකක් කා ප්ලේන් ටී එකක් බීවෙමි,

අපරාදෙ රුපියල් සීයෙ කුකුල් කකුල..

මඳ වේලාවකට පෙර මා පිටවුනු සුද්දා විසින් අවුරුදු එකසිය විසිපහකට පෙර ගොඩ නගන ලද ඒ උදාරම් කොටුවේ දුම් රිය පල අපේ පාන්ඩු විසින් හප කර විසි කල  කුකුල් කකුලක් හා සම නොවේදැයි සිතුනි.

(රටම) මඩ වල(ක්),
(මුං අපිව )මඩ වල

හොඳ බබා වගේ ගෙදර ගිය මා ප්‍රවෘත්තිවලට කන් දුන්නේ ජාතික චින්තනයෙන් දේශප්‍රෙමීත්වයෙන් සිත පිනවාගැනීමට අවස්තාවක් ලැබේවායි ප්‍රාර්තනය කරමිනි.

මගේ ප්‍රාර්තනාව නාථ දෙවියන්ට කල කන්නලව්වක් සේ ඉශ්ඨ සිද්ධ විය.

'දෝශාභියෝගෙට අභියෝග කල නීතිඥයින්ට පිටකොටුවේදී මැර ප්‍රහාරයක් එල්ල වෙයි.' එක් සිරස් තලයකින් කියැවින.

28 comments:

  1. මඩවලත් රෙද්ද ගැලවෙන්නට හොදටෝම
    ඉඩ තිබේ..මන්ද මඩවලද රෙද්දෙන් වැසූ
    මඩවලින් තැනු යමක් ඇර අන් යමක් නැත .

    ReplyDelete
    Replies
    1. ඇම කාගෙන හිඳින
      අනෙක් මඩ කරියන්ද
      පාඩමක් ඉගෙන ගන්නේ නම්
      මඩවලට කරන ලොකුම ගෞරවයයි

      Delete
  2. උලුඳු වඩයක්...කුකුළ් අණ්ඩක්, නිසි මිළ ගෙවා රස විඳිනවාට වඩා දෙයක් මේ කිසිදු අරගලයක නොමැති වීමේ අරුමය...!!??

    ReplyDelete
    Replies
    1. අනේ එසේ නොකියනු මැන
      පසුගිය දින කීපයේම
      ගිනි කෑවේ නැත
      වර්ජනයේ යෙදී සිටියා නොවෙද?

      Delete
  3. අනේ...උද්ඝෝෂණය කෙසේ වෙතත් කුකුල් කකුලවත් රසවත් උනානං.....

    ReplyDelete
    Replies
    1. අහෝ ඛේදයකි,
      සත පහේ හාල් පාරුවන්ගෙනුත්
      ගුටි කන තත්වයට පත්වී ඇති
      කලු කෝට් කාරයෝ

      Delete
  4. සියේ කොළ තුනක් අරන් එන්න අයියේ අපිත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. මල්ලිලා නරක් වෙනවට අකමැති අයියෙක් නේ මං?

      Delete
  5. බාහුට ද කඩේ යනවාට වඩා නෝනාට කඩේ යන එක හොඳයි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. එතකොට අලුත් සී ජේ C J කරන්නේ .....?

      Delete
  6. රටම මඩවලක්... අර ගමක් තියෙනවා නරාවල කියලා... ඒක රටේ නම කරානම් හොඳයි මයෙ හිතේ.....

    ReplyDelete
    Replies
    1. සී ජේ හිතුවෙ 18ට ඕ කේ එක දීල
      මඩ හෝදල නාවල ගන්න පුලුවන් කියල

      බැලින්නම් මඩ නොව නරා වලක්
      කොස් වී වැව්වොත් වී කපා ගන්න ඕනෙ

      dayal

      Delete
    2. correction
      සී ජේ හිතුවෙ 18ට ඕ කේ එක දීල
      මඩ හෝදල නාවල ගන්න පුලුවන් කියල

      බැලින්නම් මඩ නොව නරා වලක්
      වී වැව්වොත් වී කපා ගන්න ඕනෙ
      dayal

      Delete
  7. අපරාදෙ රුපියල් සීය....

    ReplyDelete
    Replies
    1. අඩුම තරමින් සුද්දා හැදූ රේල්ලුව හප කර ඇති බව පෙනවන analogy එකක් හොයා ගන්න උදව් උන නිසා සීය දාහක් වටිනව

      dayal

      Delete
  8. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යසිරු ආවාට!
      dayal

      Delete
  9. අරගල ඇති විමට හේතුව කුමක්ද?අන්න එතනටයි බෙහෙත් කළ යුත්තේ.මේ ජිවිතය ඔබටවත් මටවත් අයිති නැත.තාවකාලික ලැඟුම් කරුවනි ඇයි මෙතරම් නුඹ හිත් අපිරිසිදු?ස්වභාවධර්මයේ අනුවේදනීයම අපූරු නිර්මාණයක් මිනිසා නම් වේ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයානි මෙහි ආවාට
      dayal

      Delete
  10. දයල්.... ඔබේ නිර්මාණයක් රාවයේ පලවී තිබෙනවා....

    ReplyDelete
    Replies
    1. link eka danna mathale...
      mage ara lipi tikath yawannada onna ohe...?

      Delete
    2. නිශ්ශබ්ද සහන් කියන්න වගේ
      ලින්ක් එක හෝ කවදා පත්තරයේදැයි ලියන්නේ නම් තවත් ස්තූති වන්ත වෙමි
      කෙසේ වුවත් සතුටට කාරනයකි.

      Delete
    3. Brother Maathalan,
      I found it, 20th Sunday-last Sundays Raavaya paper! Dayal-bathee has a greater responsibility now to write responsibly....I don't know how it went to raavaya.
      But this is a bit of a motivation..
      මාතලන් සහෝදරය, මට එය හමුවිය, 20වැනි ඉරිදා රාවය.
      දැන් දයල් බතීට කලින්ට වඩා වගකීමකින් ලියන්නට සිදුවනු ඇත.
      රාවයට කෙසේ ගියා දැයි නොදනිමි.
      කෙසේ වුවත් දිරි ගැන්වීමකි

      ස්තූතියි.

      Thanks
      dayal

      Delete
    4. eth link eka dala nahane...
      kata kiyannada...

      Delete
  11. //(රටම) මඩ වල(ක්),
    (මුං අපිව )මඩ වල//

    හික්...එක නම් ඇත්ත.....

    අපරාදේ රුපියල100......

    ReplyDelete
    Replies
    1. ඇත්තම එය අපරාදයක් නොවේ දඬුවමකි!
      dayal

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්