Followers

Thursday, February 21, 2013

හෙට, පවුල කැඩුනත් මොකෝ අද ජොලි කරලා!



ඇය, සිය සිංහල තරුණ පෙම්වතාට දාව පිළිසිඳ ගත් දරුවාට  උපත දෙන්න සිය නීත්‍යනුකූල මහලු ජපන් සැමියාගෙන් අවසරය ඉල්ලනව. 

සැමිය කියනව,

 බෑ..... එය ගබ්සා කරන්න...... කියල.

  ඒ සම්මාන දිනූ නවකතාවේ අග හරියේ තිබෙන ඇඟේ හිරිගඩු පිපෙන මේ සමාජයේ තිබෙන්නට පුලුවන් ඉතා දුර්ලභ ගට්ටටනයක්. මනුශ්‍යත්වය, පුරුශත්වය, ස්ත්‍රීත්වය හරි හරියට කෙලින් මූණ ලා හැපෙන තැනක්. එය ඇත්තටම කිය විය යුතු නවකතාවක්.

තව දුරට හිතනකොට මට තේරුම් ගිය දෙයක් තමයි, සරත්චන්ද්‍ර විසින් 'මලගිය ඇත්තෝ' හා 'මලවුන්ගේ අවුරුදු දා'  කෘතීන් දෙක හරහා අප මනසේ විසිතුරු කොට තනන විසිතුරු සිහිනය කඩා දමන ගතියක්, 
 සිහිනය පුපුරුවා තාත්වික තත්වයකට අපව ගෙන යන ස්වභාවයක් මට හැඟුනා.
දෙවොන්දරා සං... සුමිකෝ සං  ...

(එමෙන්ම  සෙවන් නයිට්ස් ඉන් ජැපෑන් ...seven nights in Japan චිත්‍රපටය)


මේ කතාව අස්සෙ එන කතාවෙ එන මගේ මිත්‍රය මේ තරම් ගිනි කන්දක් සිය නෝනට දෙන්න නෑ 
ම හිතේ.

සුමිත්‍රා රාහුබද්ධගෙ සම්මාන දිනූ 'කන්දක් සේ මා' කියවන්න සෑහෙන කාලයක් බලන් ඉඳල කොහොම හරි මේ ලඟදී කියෙව්ව. ප්‍රධාන චරිතය-සිංහල යුවතිය, මහලු ජපන් පිරිමියෙක්  හා නීතියෙන් විවාහ වූ   කාන්තාවක්.  ඇය,   විවාහයෙන් සෑහෙන කාලෙකට පස්සෙ  කෙසේ හෝ ඔහු ලව්වා දරුවෙක් හදාගන්නව. 
ඒත් ජීවිතවලට කිසිම සතුටක් නෑ. මහත්තය එයාගෙ ලෝකෙ, නෝන තනිවෙනව.

මේ ලඟකදී වෙච්ච් සිද්ධියකුත් මගේ හිතට ආවා. බැලුවහම 'කන්දක් සේ මා' හි දකින කතාවලට සමාන කතා සැබෑ ජීවිතයේදීද අසන්නට ලැබෙනවා.

දුරබණනය නාද විය, මම එයට උත්තර දුන්නෙමි. 



මගේ මිත්‍රයා කතාවක් පටන් ගන්නේ කාට හෝ දෝස් මුර කතාවක් පෙරට දමමිනි.

මේ එදා මාත් සමග කතාව පටන් ගත්ත හැටියි.

 'බලපං බං අපේ ගෑණි කොරපු වැඩේ, මුංට පී එච් ඩී PhD කවුරු දුන්නද මන්දන්නෑ.'

'මොකද්ද උනේ අදත් මාට්ටු උනාද අතටම?, ' මා අසන්නේ  අපේ මිත්‍රයාගේ හැටි දන්න නිසාවෙනි.

අපේ මිත්‍ර සුමනෙ විවාහ වූයේ විවාහ වූයේ  දේවිකා සමගයි.  ඇය විශ්ව විද්‍යාලයක ඉහල තනතුරක් දැරුවාය. අපේ මිත්‍රයාට සාමාන්ය උපාධියක් වත් තිබුනේ නෑ. මා එය අඩු පාඩුවක් සේ දක්වනවා නොවේ. අර කතාවේ එන යුවතිය හා වියපත් පිරිමියත් අතර ඇතිවූ සම්බන්ධයට යම් සමානත්වයක් ඇතිබව හිතෙනව.

ඉතින් සුමනෙ නාහෙට අහන පුද්ගලයෙක් නොවේ.
තම හිතට එන්නේ මොනවාද එය කියයි.
 නැතිනම් කරයි.

 මා දන්නා පසුගිය අවුරුදු දහය ඇතුලත දේවිකා කවදාවත් පිලිවෙලට පිරිසිදු අලුත් ඇඳුමක් ඇඳ සිටිනවා මා දැක නැත. අර මහචාර්‍ය සරත් විජේසූරිය වරක් කීව වගේ හුචක්කු වගේ ඇඳුම් තමයි ඇඳ ගෙන ඉන්නේ. ගෙදර කැලෑවක් වගේ.

 සුමනේ ප්ලේ බෝයි, ඕනෑවට වඩා බීමට බරයි, වෙන ගෑනු පස්සෙ යනවා. පිට රට සංචාරවල යනවා.
අද දෙමල කෙල්ලෙක්, හෙට බර්ගර් කෙල්ලක්, තව සුමානෙකින් සිංහල කෙනක්, පින්තූරත් පෙන්වනවා. වෙලාවකට සුමනගෙ හෑන්ඩ් ෆෝන් එක ආන්සර් කරන්නෙ අර කියන කෙල්ලො.  ගෙවල් ලඟ ඉඳල ඇවිදින දුරින්  තිබුනු රස්සාවෙන් දුර පලාතකට මාරුවක් අරගෙන වෙනම කාමරයක් කුලියට අරගෙන තමයි ජීවත් වෙන්නේ. නිතරම පිට රට නිසා බීම් අල්මාරිය රට බීම වලින් පිරිලා. ගෙදර පිලිවෙලකට තිබෙන එකම තැන එතැනයි කියා මා සිතු අවස්තා මතකය. ඒක දැක්කම මගේ පෙරේත ඛේඨ ග්‍රන්ථි වලින් ඛේටය එලියට පනිනවාය. ඇත්තටම අනෙක් පිරිමින්ට ඉරිසියා හිතෙන වැඩය මේ සුමනය කරන්නේ. බාගෙට දන්න අය කියන්නෙ සුමනය හරි ලක් කාරය නැත්නම් හැපි ගෝ ලකී මෑන් Happy Go Lucky Man කියල

අහගෙන අහගෙන යනකොට,
මොකද්ද මේ වෙලා තියෙන්නෙ.
ඇයි මේ අඳෝනාව,,, පැමිණිල්ල.?

වයිෆ් සුමනයට කියන්නෙ නැතුව ඌ අරන්  ඉන්න කාමරේට ඇවිල්ල. උගෙ නරක වෙලාවට ඔක්කොම අතේ  මාට්ටු. අලුත්ම යෙහෙලිය සංචාරයකට ආ ජපන් යෙහෙලියක්.


මං කිව්ව,

 ඇත්ත නේන්නම් ඉගෙන ගත්ත කෙනක් උනහම කියල එන්න එපායෑ.
(අනේ තොගෙ .....?&$#)
---------------------------------

ප.ලි;
දයල් බතී ජපන් ගෙයිශාවන් මෙන් යහලුවන්ගේ රහස් රකී. මෙය මගේ යහලුවෙකුට වෙච්ච් දෙයක් වගේ ලිව්වේ රසවත් බවක් ඇති කරන්නයි. හැබැයි මෙය සත්‍ය කතාවකි.

23 comments:

  1. සුමනෙගේ චරිත ඕනෑ තරම් අද සමාජයේ ඇත.

    ReplyDelete
    Replies
    1. 'අර බල සේනාවේ' සිල් පද කඩන අය සෙවීමේ දෙපාර්තමේන්තුවට වැඩ වැඩි වෙනව?

      Delete
  2. මිනිසාගේ ඇත්ත ස්වාභාවය එයයි, ඒක කන්ට්‍රොල් කර ගන්න පුළුවන් නම් ඒක තමයි දස්සකම. කාමේසු මිඡ්චාඡාරා කියන්නේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා. දෙන්නෙක් කැමැත්තෙන් එක්වෙනවා නම් එතන වරදක් තියෙනවද කියලා අහන්න අද බුදු හාමුදුරුවෝ නෑ. ඓඓළඟ එක්කෙනාගෙන හරි අහන්න ඕන. මොකෝ මට නිවන් දකිනවට වඩා, ජීවත් වන එක ආතල් නිසා..

    ReplyDelete
    Replies
    1. මාතලන් හා සොඳුරු සිත

      ම'හිතන්නෙ මාතලන් කිව්වෙ මේ ටික

      කාමේසුමිච්ඡාචාරයයි, සී ජේ ගෙ ( අගවිනිසුරුගේ) නීතියයි ගැටෙන තැනයි මෙතැන.

      එකතුවෙන දෙන්නගෙ කැමත්තක් ඇති තැන
      තමුන්ගෙ නීත්‍යනුකූල ස්වාමියා හෝ භාර්‍යාව අකමැති තැන

      එකල දියුණු වෙමින් පැවති සමාජයේ ශිෂ්ඨ බවක් ඇති කරන්නටයි මේ නීති / සම්මත ඇති උනේ.

      අපි දන්නව කාර් එකේ යතුරු කැරලි ටික උඩ දාල
      භාර්‍යාවන් මාරු කරගන්න සංස්කෘතිය...
      එතකොට..

      බැලුවහම මේ ඔක්කොම සාපෙක්ශයි.
      තමුන් තීරණය කරන්න ඕනෙ තමුන්ට අවශ්‍ය පිලිවෙල, ධනපතියෙක් වගේ තමුන්ට ජීවත් වෙන්න පුලුවන්ද, බිරිඳට දරුවන්ට යන කලදසාව ආදිය....

      Delete
    2. මම දන්නා තරමින් කවුරුන් හෝ කෙනෙකු විසින් ආරක්ෂා නොකරන කතක් හා එක් වීමේ වරදක් නෑ
      පියා විසින් තම දියණියන් ආරක්ෂා කරයි, සැමියා විසින් තම බිරිඳ ආරක්ෂා කරයි, එමෙන්ම පවුලේ සෙසු සාමාජිකයන් මව, සහෝදරවරු, සහෝදරියන්, මිත්තනිය. මේ කිසිදු ආකාරයකින් රක්ෂා නොවන්නේ ඔපාපතික අම්බපාලි වැනි ය බව පැහැදිලියි. එවැනි අයෙක් සමග කාමයෙන් එකතු වීම කාමය වරදවා හැසිරීමක් නොවේ.

      Delete
    3. මේ නීතිය නම් ඇහුවෙ අද තමයි!

      Delete
  3. //දයල් බතී ජපන් ගෙයිශාවන් මෙන් යහලුවන්ගේ රහස් රකී. මෙය මගේ යහලුවෙකුට වෙච්ච් දෙයක් වගේ ලිව්වේ රසවත් බවක් ඇති කරන්නයි. හැබැයි මෙය සත්‍ය කතාවකි//

    යාළුවෙකුට උණාවගේ ලිව්වේ ඔයාට වෙච්ච දෙයක්ද? :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුන්දතී ආවාට!
      තාම මෙහෙම දෙයක් මට සිදුවී නැත.:D

      Delete
  4. ගණන් ගන්න එපා. ලංකාවෙ ගෑනුනෙ .පී.එච්.ඩී තිබුණා නැතා ඒ ඇත්තියෝ ඔහොම තමයි. එතකොට ලංකාවෙ පිරිමි? උන් සුද්දෝ වෙන්න යන්නේ බයෙන් සැකෙන් හිතේ දෙගිඩියාවෙන් කාමය වරදවා හැසිරීමෙන්. එතකොට අපේ මචං මාතලං වගේ හිත රවට්ටගෙන හිතනවා නෑ අරයගෙත් කැමැත්තෙන්නේ උනේ ඒ නිසා කාමෙසුමිච්චාචාරා නෙවෙයි වෙන්න ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රීන් ගැන, ඉංග්‍රීසි ටියුශන් දීපු ලොකු බංඩාර සර් කියනව නිතරම ඔය කතාව.

      නිවහල්ව සිතීම සුද්දන්ගේ පමනක් අයිතියක් නොවේ නේද?

      අවංකව හිතට එන දේ කීම හිත රවටා ගැනීමක්ද ?

      නොදනිමි!

      Delete
    2. මිස්ට රතූ. අපි හිත රවට්ටගෙන නෑ. අපි ඇත්ත කතා කරනවා. උඹලා වගේ හැංගි මුත්තන් කරන්නෙ නෑ. මම රට ගියපු එකෙක්. අනෙක මම කාලයක් සංචාරක ව්‍යාපාරයේ හිටපු කෙනෙක්. මට කියන්න තියෙන්නේ එච්චරයි.. මම ජීවිතේ විඳින කෙනෙක්...

      Delete
    3. තව මොනවද එහෙනම් ?

      Delete
  5. සුමනෙ අතේ මාට්ටු වගේ ...

    ජය වේවා. මේ මගේ පලමු ඒමයි..

    ReplyDelete
    Replies
    1. සෑම්ගේ පලමු ආගමනයට..ඉමහත් සතුට.
      පුලුවන් හැකිවෙලාවෙම ඇවිත්
      වචනයක් දෙකක්වත් ලීවොත්
      අපව ධෛර්‍යමත් වේවි.

      Delete
  6. අන්න දැක්කද කාටත් පුද්ගලිකත්වයක් තියෙනවා. ඒ අයිතිය බිරිද වුනත් රැකිය යුතුයි. සමනෙත් කිතුලට නැග්ග මිනිහා වගේ. කියන්න දෙයක් තිබුනා.

    ReplyDelete

  7. ඇත්තටම මෑන්ට කියන්න තිබුන 'පාර වැරදිලා මහ රෑ ගෙදරට තට්ටු කරා. ඉතින් එහෙම අසරනවෙලා ආපු ගෑනියෙක්ව ආයි යවන්න පුලුවන්ද' කියල වගේ එකක්

    ReplyDelete
  8. seven nights in Japan එකේ ලස්සන සින්දුවක් තියෙනව.

    තමන්ගේ බාර්යාවත් එහෙම යතුරු උඩ දාල අනෙක් අයත් එක්ක යනවාට කොයි මිනිහද කැමති. මොනදේ බෙදා ගෙන කෑවත් ආදරේ බෙදා ගන්න ගෑනු කැමති නෑ.

    ReplyDelete
  9. ඒ සින්දුව නිසාමයි ඒ චිත්‍රපටයට මං ආස.

    ඒක තමයි,
    අර කොහෙද සිවුරක් දමාගත් පුද්ගලයෙක් ගෑනු ළමෙකුට කිව්ව වගේ 'ජීවිතේ විඳින්න අවශ්‍යයි, විඳවන්න නොවෙයි, ජීවිතේ තියෙන්නෙ,' කියල පොඩි බ්‍රේන් වොශ් පාරක්වත් දාල බලන්න ඕනේ.

    ReplyDelete
  10. මමත් දැකලා තියෙන ගොඩක් පිරිමි ඔහොම තමයි බතී.
    ඔතොකොට පොඩි පරහක් එනවා, ඒ පිරිමි වරදේ බැඳෙන්නේ
    කා සමගද ? තවත් කාගේ හරි බිරිඳක් , පෙම්වතියක් එක්කම
    තමයි..

    කොහොම හරි මන් දන්නේ මෙච්චරයි , අනියම් සම්බන්දතා නම්
    හරිම සිත් රිදවන සුළුයි..

    ReplyDelete
    Replies
    1. අනියම් සම්බන්දයක් යනු මිනි වලවල් තුනක් හෑරීමක් කියලනෙ කියවෙන්නෙ

      Delete
  11. දෙදෙනකු කැමතිනම් ආයේ වෙන මොනවද? නමුත් ඒ දෙදෙනාගේ කැමත්ත තව පිරිසකගේ අකමැත්ත ද විය හැකිය. ඒ පිරිස් මේ සබදතා නොදන්නා තාත් කිසිදු වරදක්ද නැත.

    ReplyDelete
  12. Naleen Dilruksha
    මේ ලඟදී බොරැල්ලෙ ත්‍රී වීල් ඩ්‍රයිවර මහතෙකු සිය දියනියව මරා ඇලකට විසිකරලා ඒ දුව තමුන්ට දාව නොවෙයි ඉපදුනේ කියල සිය බිරිඳ කීවම.
    ඒ හැඟීම් එතරම් දරුණුයි.
    අනියම් සම්බන්දයක් යනු මිනි වලවල් තුනක් හෑරීමක් කියලනෙ කියවෙන්නෙ.
    බැලුවම ගාන ඊට වැඩියෙ වැඩිවෙන්නත් පුලුවන්.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්